'උගතුන්' බිහි වීමේ වධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බාහිර උපාධි ලියාපදිංචිය අත්හිටුවීම
(2011 පෙබරවාරි 09, W3Lanka) සාමාන්‍ය රටකට නම් උගතුන් ආශිර්වාදයකි. එහෙත් ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ රජයට නම් උගත්තුතු මළ වධයකි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව දැන් සියලු විශ්ව විද්‍යාලවල බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අත්හිටුවා තිබේ.
ඒ වගත් මෙසේ ය: ලංකාවේ විශ්ව විද්‍යාල විසින් බඳවා ගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් තුනෙන් පංගුවකටත් අඩු සුළු පිරිසකි. බලාපොරොත්තු සුන් වූ සෙසු පිරිසගෙන් කොටසක් බාහිර උපාධි සඳහා ලියාපදිංචි වෙති. වැඩි දෙනෙකු හදාරන්නේ කලා විෂය ධාරාවයි. විද්‍යා, වානිජ්‍ය විෂය ධාරාවන්ගෙන් බාහිර උපාධි ලබා ගැනීම ඉතා අඩු මට්ටමක පවතී.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන බාහිර කලා උපාධි කඩවල කරන්නේ සටහන් දීමයි. ඒ සටහන් කට පාඩම් කරගෙන විභාගවලදී උත්තර ලිවීමෙන් බාහිර උපාධියක් ලබා ගත හැකි ය. උපාධිය බාහිර වුණා ය කියා එහි සහතිකයේ මුහුණ වටිනාකම අඩුවක් නැත. උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන විට බාහිර උපාධිධාරීන්ට ද ඒවා හිමි වේ.
අභ්‍යන්තර කලා උපාධිධාරීන් ද කරන්නේ සටහන් කට පාඩම් කරගෙන උත්තර ලියා උපාධිය ලබා ගැනීමට වැඩි දෙයක් නො වේ. අභ්‍යන්තර කලා උපාධීධාරීන් බාහිර කලා උපාධිධාරීන්ට වඩා ගුණාත්මක යයි කියන්නට පුළුවන් ද යන්න සැක සහිත ය.
ලංකාවේ සිටින ශාස්ත්‍රවේදීන්ගෙන් ශාස්ත්‍රෝන්නතියට ඇති වැඩක් නැතත් ඔවුන්ගෙන් ඇති විශේෂ කරදරයක් ද නැත. රජයේ ගුරු වෘත්තිය, ලිපිකාර සේවය වැනි කාර්යයන්ට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අයෝග්‍ය නැත. එහෙත්, එම සේවාවන්ගේ ඵලදායිතාව නැංවීමට නම් මෙම වෘත්තිකයන්ගේ අධ්‍යාපන තත්වය ද නැංවිය යුතු ය.
එහෙත්, ආණ්ඩුවට ඔවුන් බරක් වී තිබෙන්නේ ඔවුන් රජයේ රැකියා ඉල්ලන නිසා ය.අභ්‍යන්තර බාහිර භේදයකින් තොරව කලා උපාධිධාරීන්ට කළ හැකි වෙනත් දෙයක් නැති නිසා ඔවුහු වැඩ අඩු, පඩි වැඩි රජයේ රැකියා ම පතති. ඒ වෙනුවෙන් මාරාන්තික උපවාස පවා කරති. අභ්‍යන්තර කලා උපාධිධාරීන්ගේ මළ වධයට බාහිර උපාධිධාරීන් ද එකතු වූ විට එය මළ ම වධයක් බවට පත් වෙයි. බාහිර උපාධියට වැට බඳින්නට රජයට උවමනා වී තිබෙන්නේ ඒ නිසා ය.
රටේ ජනතාව ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දීමේදී විශ්ව විද්‍යාලවල හෝ ඒ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විසින් ම මඩුවල පවත්වාගෙන යන උපාධි කඩවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට රජයට බල කිරීම අත්‍යවශ්‍ය ය.
කලා උපාධිකාරයන් වෙනුවට සැබෑ ශාස්ත්‍රවේදීන් නිර්මානය කරන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් ජනතාව සටන් කළ යුතු ය. එහෙම නොමැතිව, රජයේ රස්සා සඳහා උපාධි පැට්ටේරි පවත්වාගෙන යාමේ ටියුෂන් මුදලාලිලාගේ නිදහස වෙනුවෙන් සටන් කිරීම තේරුමක් නැත.

"ලංකාවේ සිටින ශාස්ත්‍රවේදීන්ගෙන් ශාස්ත්‍රෝන්නතියට ඇති වැඩක් නැතත් ඔවුන්ගෙන් ඇති විශේෂ කරදරයක් ද නැත."
ReplyDeleteකරදරේ පටං ගන්නේ උන් ජෙප්පෝ එක්ක නිදි වදින්න ගත්තම
ආටෝ ගාන අඩු කරලා උන්ට වෙනත් දෙයක් ඉගෙන ගන්න සලස්වනවා නම් හොඳයි. බොක්ක වේලෙන ලංකාවේ ශාස්තරවේදීන් මේ හැටි ගොඩක් අහවල් දෙය කොරන්නද?
ReplyDeleteBIT ehemath nathi karalada :O hafoi deyyane
ReplyDeleteපවා අසමත් අය බාහිර උපදියන් හදාරනවනම් එක පිළිගත යුතු වදයක් කියල පිළිගන්නවා.. එක සාදාරණ කතාවක් කියලත් කියන්න පුලුවන් ඒත් අපොස උසස් පෙල සමත් පිරිසක් ලන්කාවේ තව දුරටත් ඉගෙන ගන්න බලන් ඉන්නවා.. මේ ප්‍රතිපත්තී එයාලට අසදරණයි කියලා කියන්න පුලුවන්.. අපොස උසස් පෙළ විභාගය භාහිරෙන් හෑදෑරීමයි උපාදිය බාහිරෙන් හෑදෑරීමයි අතර වෙනසක් දකින්නත් පුලුවන්ද එහෙම නිතියක් ක්‍රියත්මක කරනවනම් ඒ විභගත් පිටින් ගැනීම තහනම් කළ යුතුයි..නැත්තම් මේ ක්‍රමේ ප්‍රායෝගිකද...??? රජය මෙහෙම කරන එක සදාරණද..???
ReplyDelete@ Ama අ.පො.ස (උ/පෙ) කියන්නේ උපාධියක් නෙමෙයිනේ...ඒකයි!
ReplyDelete