ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!

(2011 පෙබරවාරි 14, W3Lanka) අද ආදරවන්තයන්ගේ දිනයයි. මෙම දිනයට යොදා ඇති නම හිමි වැලන්ටයින් නම් ශාන්තුවරයා පිළිබඳ ඇති කතා ද ආදරය සේ ම ‍ඓතිහාසික මූලාශ්‍රවලින් විද්‍යාත්මකව ඔප්පු නො කරන ලද, අතාර්කික ඒවා ය.

අපි ඒ ඉතිහාසය සොයන්නට නො වෙහෙසෙමු. වැලන්ටයින් ගැන ඇති එක් කතාවක් අපේ සිත් ගනියි. ඔහු එක් යුද සමයකදී පිරිමින් යුද්ධයට යැවීම පිණිස රජු විසින් විවාහය තහනම් කර තිබූ කාලයක තරුණ, තරුණියන් විවා පත් කළ පූජකවරයෙකි. ඒ වෙනුවෙන් ම දිවි පිදූවෙකි. වැලන්ටයින් යුද විරෝධියකු ලෙස සැලකීමට අප කැමති ය.


ලංකාවේ පාලකයන් විසින් තඹ දොයිතුවකට මායිම් නො කරනු ලබන මානව හිමිකම් සැමරීමට පවා දිනයක් වෙන් කර තිබියදී ආදරය සැමරීමට ජනතාව දිනයක් වෙන් කර ගත්තාට කාටවත් ඇති අමාරුව කුමක් ද? එදාට ආදරවන්තයාට, ආදරවන්තියට රෝස මලක් තෑගි දුන්නා ම, හාද්දක් දුන්නා ම රටේ සංස්කෘතියට සිදු වන හානියක් නැත.


වැලන්ටයින් දිනය බටහිරින් ආ සංස්කෘතික ලක්ෂණයක් බව සැබෑ ය. එය ප්‍රවර්ධනය කිරීම පිටුපස වෙළඳ අරමුණු ඇති බව ද සත්‍යයකි.


වැලන්ටයින් විරෝධීන් නො දන්නා කාරණයක් වන්නේ වර්තමානයේ වෙසක් පොහොය හා සම්බන්ධව ඇති ආමිස පූජා බොහොමයක් ම හෙන්රි ස්ටීල් ඕල්කට් නම් බටහිරයා විසින් 19වන සියවස අග හා 20වන සියවස මුල දියත් කරන ලද පරම විඥානාර්ථ සමාජය විසින් දියත් කරන ලද බෞද්ධ සමාජය ක්‍රිස්තියානි බාහිර ස්වරූපයෙන් නැවත හැඩගැසීමේ ව්‍යාපාරයේ හඳුන්වා දීම් බවයි. වෙසක් පත් යැවීම, භක්ති ගී ගැයීම ආදිය අමු අමුවේ ම නත්තල කොපි කිරීමේ අවස්ථා ය.


වෙසක් සැමරීම බටහිරකරණය වූවා ය කියා හෝ ඒ පිටුපස දැවැන්ත වෙළඳපොළක් ක්‍රියාත්මක වනවා ය කියා අප වෙසක් විරෝධීන් වන්නේ නැත. එසේ නම් ආදරවන්තයින් පෙබරවාරි 14දා ආදරය සැමරුවා ය කියා අප වෛර කළ යුත්තේ ඇයි?


ලංකා‍වේ තරුණ තරුණියන්ට ආදරවන්තයන්ගේ දිනය සමරන්නට සිදු වී තිබෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදී, උම්මත්තක, තලේබාන්ලාගේ වෛරය මැද බියෙනි.


වැලන්ටයින් දිනය කෙසේ වෙතත්, ආදරය කිරීම පිළිබඳව ලංකාවට වෙන ම පාඩමක් අවශ්‍ය ය. ප්‍රජනනය අරමුණු කරගෙන මෙලෝ රහක් නැතිව කරන ලිංගික එක්වීම් හෙවත් 'තියලා තල්ලු කිරීම්' හා ස්ත්‍රී දුෂණ වෙනුවට, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ආදරයෙන් අර්ථකථනය වීම රෝගී ලාංකීය සමාජය සුවපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ය.


සැබෑ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය යනු ජාතිවාදයට, ස්වෝත්තමවාදයට පමණක් නො ව අප ගැඹුරු යයි සිතන බොහෝ වාදයන්ට වඩා ගැඹුරු එකකි.


ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේක ඇවිල්ලා 20/20 ආගම් යුගය. ආගමක තිබිය යුතුම සංවරය කරුණු සලකා බැලීම, විමර්ශනය විචාරයට වඩා ආගම දණහිසෙන් අදහන කාලේ. ඉතින් ඉම්පල්ස් රියක්ෂන්.

    වැලා ගේ පාස්පෝට් හොයන එකාලා කාලි අම්මා පිරිසිඳු බෞද්ධ කියලා ගාමිණි ආනන්ද කියන තක්කඩි මැරයා කියූ ප්‍රසිද්ධ කතාවට මීක්‌ කියල සද්දයක් දැම්මද? මිනි ඔලුව හෑන්ඩ්බෑග් එක වගේ අරන් යන ඒ යෝදි මේ මනුස්සයට වඩා හොඳ වෙන්නේ කොහොමද?

    කුරානේ වගේ මිනිස්සුන්ගේ හැම රෙද්දටම ඇඟිලි ගහන බෞද්ධ දර්ශනයක් හදා ගත්තේ මෑත කාලේ ජනප්‍රිය හාමුදුරු සෙට් එක. ඊට කලින් හිටිය ගොඩේ හාමුදුරුවන්ට බුදු දහම ජිවිතයට ගාවා ගන්නේ කොහොමද කියන එක ගැන මිට වඩා අදහසක් තිබ්බ.

    ඇත්තටම මේ අලුත් කට්ටියත් ඕක දන්නවා. එත ලඟදි ඉඳං බුද්ධාගමත් දුවන්නේ මනාප චන්ද ක්‍රමයට නේ. එකයි ඉතින් අවුල.

    වැලන්ටයින් දවසේ සළු වෙන කෙල්ලන්ට නම් නැති කර ගත්ත දේ විතරයි. ඕක බේරා ගන්න හැටි උන් දන්නවා. ඒත් ඊට නුගත් පන්තියේ කෙල්ලන් ඔය ටික කර ගන්නේ බඩට දරුවෙකුත් දාගෙන. හැමදාම සිද්ද වෙන මේ ක්‍රීඩාවෙන් වෙන සමාජ ප්‍රශ්න වැලාගෙ බිලට වඩා වැඩියි. කෙල්ලන් ගැන ඇත්ත කැක්කුමක් ඇත්නම්, මුලින් කතා කල යුත්තේ ඒ අය ගැන නොවේද?

    හොඳ සටහනක් පැරා.

    ReplyDelete
  2. වැලන්ටයින්February 14, 2011 at 11:38 PM

    " ස්ත්‍රී පුරුෂ ප්‍රේමය"

    ආදරයේ ප්‍රශ්නය මෙතනම...
    කෝ ස්ත්‍රී ස්ත්‍රී ප්‍රේමය..
    කෝ පුරූෂ පුරූෂ ප්‍රේමය..

    ආදරනීය පැරකුම්,
    ආදරයට විරූද්ධ වෙන එක වගේම ආදරයට පක්ෂ වෙන එකත් හුඟක් අමාරූ වැඩක්......

    ReplyDelete
  3. ..
    වැලන්ටයින් ...

    පැණි හැලෙන රිවි කිරණ
    අරුණ සමගින් පැමිණ
    වැඩ මුරය නිමාවෙන්
    නික්ම යන සඳවතිට
    ආල පෑ හැටි දුටිමි...

    වීසි දැල මත නිදා
    විසිපතව තටු විදා
    ආකාස අරක් ගත්
    පිළිහුඩුවි ඇස ගැටුණු
    මින් රැළක නාම්බෙක්
    මුසපත්ව ප්රේමයෙන්
    ප්රීතියෙන් සිවුරුහන්
    හා ආල ඇසි පියන්
    ගැසී රැඩිකල් සිතින්...

    අතින් ගත් කෑනයක්
    කුණු වැකුණු වතින් උව
    ලයිමෙ වැසිකිළිය ළඟ
    නිදිමතින් කබ කඩන
    සීතලෙන් හෙමබත්ව
    "සඳවතී" දිටු "විමලෙ"
    හංගගත් "තෝඩු දෙක"
    ඈ අතම රන්දවා
    සිනාසී දුර ඇදෙයි
    දුම්බටය බොනු පිණිස
    හීල් බත එපා වී...

    ~සුකී..(Sha)~~

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා