සමන් මල් විප්ලවය හා අපි

(2011 පෙබරවාරි 28, W3Lankaපහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් නිර්නාමිකව දක්වන ලද වැදගත් අදහසකි. ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැඟීමට අපි කැමැත්තෙමු. 


මෙහිදී අවධානය යොමු වන කරුණු වන්නේ අප්‍රිකාවේ, අරාබියේ දූෂිත ඒකාධිපතියන්ට එරෙහිව මතු වී තිබෙන මහජන උද්ඝෝෂණ රැළි ලංකාවට බල පාන්නේ කෙසේ ද යන්න සහ ඒ උද්ඝෝෂණ සඳහා මහජනතාව  සංවිධානය කෙරුණු නව ආකාරයන් පිළිබඳවයි.   


භීෂණයෙන්, බලහත්කාරයෙන්, නොමග යැවීමෙන් හා දූෂණයෙන් කොල්ල කා ගත් මහජන කැමැත්ත මත පාලනය පවත්වාගෙන යන රටවල මහජනයාගේ බිය නැති කර, ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම සඳහා අරගලයට ඔවුන් යොමු කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ ඔබේ අදහස් හා ඔබ දන්නා තොරතුරු මෙහි සටහන් කරන්න. 


ඔබේ අදහස් විද්‍යුත් තැපෑලෙන් එවනවා නම් w3lanka@gmail.com වෙත එවන්න.


අද අරාබියේ සිදු වෙන විප්ලවය ලොව පුරා පැතිර යනවා නියතයි. මෙවැනි විප්ලවයන්ට color revolutions කියා පත්තර කාරයෝ නම් කරනවා. ඒ අනුව අද සිදු වේගෙන යන විප්ලවයන්ට jasmine නොහොත් සමන් මල් විප්ලවය කියාත් සමහරු කියනවා.


මට මේවා පෙනෙන්නේ texting revolution කියායි. Face Book, Twitter ආදී ලෝ පරිගණක වැලේ තැන්වලින් උසිගන්වා ඉන්පසු මහජනයා අතර text (SMS) පණිවිඩ මාර්ගයෙන් සංවිධාන වී සාමකාමීව රැස්වී තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම මෙවායේ ලකුණකි. මුල්ම texting රැස්වීම පැවැත්වුණේ ඔබාමා ඡන්දය දිනූ දිනයේයි. එදා ධවල මන්දිරය ඉදිරිපිට පිටියට ළඟ විශ්වවිද්‍යාලවල සිසුන් රැස්වී කල කලබලය පොලිසියවත් පත්තරකාරයෝවත් කලින් දැන හිටියේ නෑ.


අද ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහේම පෙලපාලි යනවා. ඒවාට ආදර්ශය ලැබුණේ ඊජිප්තුවෙනුයි. මේ හැම තැනම අය කියන එක දෙයක් තමා "මගේ තිබුණු බය නැතිවෙලා කවදාවත් නොදැනුණු නිදහසක් අද මට දැනෙනවා" කියායි. අද ලංකාවේ කාටත් අර ධීවරයාගේ බිරිඳ ලැබූ අවමානය නිතිපතා බලවතුන්ගෙන් ලැබෙනවා. මෙම අවඥාවන්වලට මුල් හේතුව රටේ බලය තමන් අතේ නැතිව ගොස් ඇති නිසා ය කියා ජනයා තේරුම් ගත් විටයි ඔවුහු නැගී සිටින්නේ. ඒ දිනය ලංකාවට ළඟ වග කාටත් හිතෙනවා ඇති.


ලිස්ට් ක්‍රමයෙන් දාමරිකයන් බලයට පැමිණීම නිසා සංස්කෘතියක් නැති පාදඩයන් රට සූරා කන වග රටේ මධ්‍යම පංතියට පෙනී ගිය දිනට කොළඹ කාක්කන්ගේ ඉරණම  තීන්දු වෙනවා ඇත.


ළඟදීම හදිසියේම දකියි බෝගම්බර පිටියේ මහජනයා එක් රැස් වෙනවා. ඒ විටම කොළඹ තුරඟ තරඟ පිටියේ තව එකක් දකියි. ඔය විදිහට හතු පිපෙනවා වගේ හැම තැනම පිරිස් රැස් වෙයි. එදා තමන්ගේ වාසියට හදාගෙන ඉංග්‍රීසියෙන් ලියාගත් ව්‍යවස්ථාවක මුවාවෙන් පාලනය ගෙනියන දේශපාලකයන්ගේ හුළං හදිසියේ ම බැහැලා යාවි. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වෙනත් තැනක ලිව්ව ටිකක් ඒ බසින් ම මෙතන අලවන්නම්.

    --------------
    Facebook et al are mere devices used. What mattered was the movement underneath.

    Key reason [in my view] was the public urge for a change. The success was mainly due to organizers who read what public wanted.

    Above two facts remain valid for SL as well.
    1. Do ppl need a change?
    2. Can so called revolutionists understand what ppl need?

    What i see is the impulse reaction from local revolutionists whom blame SL public in frustration. That gives the answers NO for above two Qs. Do not blame ppl for not realizing "YOUR" personal revolutionary needs. That is Egypt totally from opposite direction.

    Some seem to think that creating facebook groups can automatically cause a revolution in SL too [Jest but maybe true, they may even be waiting for 6th of April :)] Such is the level of understanding in local revolutionist circles.

    ReplyDelete
  2. What has happened in the middle east & happening is a revolution of the learned people.The youth have realised the need for change & have used the most modern communication equipment ro rally the masses & to educate them.If we look at the Sri Lankan politics,just like in the middle east the oppositins were weak timid and hiding the truth from the people.The people there have realised that both the governments and the oppositions are only sucking the blood from the people and the exploiting the resources for their own benifit.The same thing has been happening in our country since indipendance,but our people have not understood this critical phenomena.The thing is the masses are kept i the dark by both the government and the opposition.Once the people realise this they will rally and chase the rulers.It's only a matter of time.We need a good leadership to initiate the move then the people will rally round them

    ReplyDelete
  3. Don't worry. Jasmin Revolution won't happen here in Sri Lanka...We have a powerful, united and vibrant political opposition...In Tunisia, Egypt or Libya they did not have such an opposition..so people rose themselves...

    ours is different...we have opposition parties which keep people waiting... because they say that they would come to power soon and bring them a paradise...so people wait, wait, wait...in silent...in side their closed doors...dreaming

    ReplyDelete
  4. විමල් වීරවංශටත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතිලා තියනවා. ඒ නිසා අද එයාගේ වෙබ් අඩවියේ "ගඩාෆිගේ බටහිර විරෝධය සහ අපේ අනාගතය" කියලා ලිපියක මෙහෙම ලියාගන තියනවා " අප කළ යුත්තේ ආර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ කිසිදු වැදගැම්මක් නැති හුඳු බටහිර පාරිභෝගිකයෝ පිරිසක් බවට පත් කරමින් ගම් දනව් සිසාරා ඊනියා පරිගනක අධ්‍යාපනය ලබා දී, ඔවුන් හරහා ෆේස්බුක් මඟින් ලංකාව පෙරළා දැමීම සඳහා ඇමෙරිකාවට අපගේ තරුණ පරපුර සුදානම් කර තැබීමද..?"

    ReplyDelete
  5. Colour Revolutions were basically not the revolutions like the things happening today. They were essentially 'pro-Western', aided by the West and happened in Georgia, Ukraine etc. The Western media tried to dub the Tunisian revolution as "Jasmine Revolution" but it was not so successful. In Tunisia, a usual colour revolution did not happen.... It was something unforeseen, something phenomenal. The Western media has also been unable to find colours for various revolutions....

    Only in Libya we see an 'anti-West' leader in trouble. Everywhere else, 'pro-Western' leaders are tottering. However, this is not anti or pro Western. This is for democracy.

    Now the media is using a term, 'Arabian uprising'... This gives the idea that what is happening is an Arabian issue. So, the rest of the world is just watching, not knowing that they can also express their views like this.

    Creating facebook groups and clamoring for revolutions will take the agitators nowhere if people do not desire a change. If people need a change, no one will be able to stop it whether we like it or not...

    ReplyDelete
  6. @Saman

    වීමල් වීරවංශ බඩ වියත රැක ගන්නේ බටහිරට බැනල (සිංහලෙන්) කියල ඔයා දන්නේ නැද්ද? ඔය කියන විදිහට හෙට අනිද්දට ෆේස්බුක් තහනම් කරන්න කියල ඇමරිකානු තානාපති කාර්‍යාලය ඉස්සරහ දවස් 2ක මාරාන්තික උපවාසයක් කරයිද දන්නේ නෑ.

    ගඩාෆි කියන්නේ බටහිර විරොධියෙකු කියමුකො ඒත් බෙන් අලීල, හොස්නි මුබාරක්ල කියන්නේ බටහිර සුරතලුන්.

    ඔය තියෙන්නේ දශක ගණනාවක් යටපත් කරගෙන හිටපු කායික,මානසික,සමාජයීය,ආර්ථික,දේශපාලන පීඩනය සාමන්‍යය ජනතාව විසින් මුදාහරින අති බිහිසුණු අවස්ථාවක් විතරයි.

    ReplyDelete
  7. Saman,
    Oba hari, ape rate mehema deya kireemata tharam nirbeetah pudgalayo nethida.
    Api maha ojaruwata pamporri gehuwata api nikam ponnayoda. Nikan katin witarada.
    Ape adambaraya nikan puhu adambarayakda?
    aPE LOKKO maha lokuwata mehe gelariyata talk demmata sudda dekkama dekata nemelia ............denawa. Mehe evilla suddhata dhunna etti helenna kiyanawa.

    ReplyDelete
  8. අළුත්ම අළුත් දෙයක් සිද්ධ වුනු දාට පරණ පොත් වලින් ඒවාට තේරුම් සොයා ගන්න බැරිවෙනවා. අද කෙරී ගෙන යන ලෝක විප්ලවය ගැන ඉගෙන ගත හැක්කේ එය දෙස සෝදිසියෙන් බලා පමණි.

    බිය පැරදූ විප්ලවය:
    http://www.aljazeera.com/mm/video/video.php?op=showvideo&vidid=1595

    ඇමරිකාවේ Wisconsin ප්‍රාන්තයෙන් පටන් ගත් කම්කරු / සේවක සංගම් විසින් ගෙනයන විරෝධතා රැස්වීම් මැදපෙරදිග ඒවාටත් වඩා විශාල වේ. අද විස්කොන්සින් ප්‍රාන්තයේ මන්ත්‍රණ සභාව අරක්ගෙන කරන කලබලය කෙලින්ම ඊජිප්තුවෙන් ඉගෙනගෙන කරන එකක් බව 'We are going Egypt' යන පාඨ වලින් පෙනී යයි. Ohio ප්‍රාන්තයටත් දැන් එය පැමිණිලා.

    Republican පක්‍ෂය අමෙරිකාවේ දක්‍ෂිණාංශික පක්‍ෂය වේ. ඕබමාගේ Democratic පක්‍ෂය වමට බර පක්‍ෂය වේ. 2010 මහ ඡන්න්දයෙන් වැඩි ගණනක් නියෝජිතයන් පත්වී මධ්‍යම රජයේ පහළ මන්ත්‍රන සභාවේ පාලන පක්‍ෂය බවට රිපබ්ලිකන් පක්‍ෂය පත් වුනි. සෙනෙට් සභාවේ බලය ඩෙමොක්‌රැටික් පක්‍ෂයේය. ජනාධිපති ඩෙමොක්‌රැටික් පක්‍ෂයේය. ඒ අතරම ප්‍රාන්ත රාජ්‍යයන්ගේ වැඩි ගණනක බලය රිපබ්ලිකන් පක්‍ෂයට ලැබුණි.

    රජයේ නාස්තිය අඩුකරීම, මධ්‍යම ආණ්ඩුවේ බලය අඩු කර ප්‍රාන්ත රාජ්‍යයන්ට වැඩි බලය ලබා දීම ආදී පොරොන්දු පිටයි රිපබ්ලිකන් වරු බලයට ආවේ. නමුත් විස්කොන්සින් හා ඔහයියො ප්‍රාන්ත වල අළුත් අධිපාවරු (Governors) පනත් ඉදිරිපත් කළා සේවක (කම්කරු) සංගම් වල බලයයන් අල්පය කරන්න. අද සති තුනක් මේ ප්‍රාන්ත දෙකේ ගුරු, ගිණි නිවන, පොලිස් ආදී නොයෙක් වෘත්තීන් වල සේවකයන් විසින් රැස්වී කරන කලබල මැද-පෙරදිග ඒවාට වඩා ජන ගණනින් වැඩි ය.

    මේ විප්ලවය දැනුම හා පුවත් සැනෙන් විහිදුවා යවන ඉන්ටර්නෙට් එක නිසා හා නවීන ටෙලිෆෝන් යන්ත්‍රවලට තියෙන එකිනෙකට පණිවිඩ යැවීමේ හා සේයාරූ ඉන්ටර්නෙට් එකට යැවීමට ඇති හැකියාව නිසා ඇතිවූ අලුත් වාතාවරණයේ හේතුවෙන් ඇති වූවකි.

    අද බොරු කීම පාලකයන්හට ඉතා අසීරු කාලයකි. ඒ වගේම රට තුල විද්‍යුත් සංනිවේදන නවතන්නත් අපහසු වේ. විශෙෂයෙන් ඉන්ටර්නෙට් (ලෝක පරිගණක වැල) අක්‍රිය කිරීමත් කළ නොහැක. ඊට ප්‍රධාන හේතුව බැංකු අතර ආලපන ඉහත කාල වල කෙරූ ටෙලිටයිප් යන්ත්‍ර දැන් නැති නිසා, ඒවායෙන් කළ ගනුදෙනු අද කෙරෙන්නේ ලෝක පරගණක වැල හරහා නිසාය.

    අද වෙබ් අඩවි වෙනස් වෙන IP අංක අනුව සැඟවිය හැකි ය. Aljzeera පුවත් විකාශන වලට කොයි තරම් හරස් කැපුවත් Proxy DNS සේවා යන්ත්‍ර මගින් ඒ වෙබ් අඩවිය සොයා ගත හැක.

    Puppy Linux යන සීඩී එකක / USB ඩ්‍රයිව් එකක තමන්ගේ පරිගණක අන්ව (program) ලේඛන ආදිය තබාගෙන කාගේ හෝ ලෝක පරිගණක වැලට සම්බන්ධ කර ඇති පරිගණකයක් එය මගින් ක්‍රියාත්මක කර ඔබේම ජංගම පරිගණකය ලෙස පාවිච්චි කළ හැක. මම එවැන්නක් සදා මේ ලියන්නේ එය මගිනි.
    http://puppylinux.com/

    බිය නසන නිදහස ලොව පුරා යයිද? චීනයෙත්, ඉරානයෙත් එය දකියිද? ලංකාවේ නායකයන් ජන ආධිපත්‍යයට ගරු කරාවිද?

    ReplyDelete
  9. මා නිර්නාමිකව ලියන්නේ w3lanka@gmail.com යන ලිපිනයට ලිපි එවන්න කියා කිව්වත් boxbe එක නිසා ඒවා ලැබුන වගවත් කියා මට පිළිතුරු නොලැබෙන නිසා ‌ය.

    පරිගණක පරිහරණය හා පාලකයන් විසින් හදිසියේ සංනිවේදන ක්‍රම අඩාල කළොත් එවැනි අවස්තාවකට ජනයා සැරසී සිටිය යුතුය යන්න මගේ මතය වේ. ඒ සඳහා අවශ්‍ය දැනුම කාටත් ලබා දීම මහත්වූ සේවයකි. ඒ නිසා “අහේනි කාලයකදී ජංගම පරිගණක සහාය” වැනි සිරසක් යටතේ බ්ලොග් පිටුවක් කිරීමට කැමැත්තෙමි. එම පිටුවෙන් පෙන්වන්න බලාපොරොත්තු වන්නේ, 1. CD තැටියක හෝ USB ඩ්‍රයිව් එකක Linux පරිගණකයකට ඇවැසි සියල්ල හා තමන්ගේ අන්ව (programs) හා ලිපිද තබාගෙන පරණ නිසා අතහැරිය පරිගණකයක් එයින් පණ නංවන්නේ කෙසේද? 2. පරිගණක වැලේ පැකට් යන්නේ එන්නේ කෙසේද යන දෙකයි.
    naenaguru@gmail.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා