Posts

Showing posts with the label සමන් මල් විප්ලවය

අදට අවශ්‍ය පක්ෂ සංදර්ශන ද? පොදු උද්ඝෝෂණ ද?

Image
(2011 මාර්තු 01,  W3Lanka )  ඉහළ යන බඩු මිල අඩු කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ අද (01 දා) සවස කොළඹදී පෙළපාලියක් පවත්වයි. බොරැල්ල කැම්බල් පිටියෙන් අද සවස 3.00ට අරඹන මෙම විරෝධතා පෙළපාලිය ලිප්ටන් වටරවුම තෙක්‌ පැමිණෙනන්නට නියමිත ය.  ජවිපෙ මෙම පෙළපාලිය කැඳවන මොහොත වනාහි බිම් මට්ට‍මට කිට්ටු මැතිවරණයක් ආසන්නයේ ඇති අවස්ථාවකි. එහෙත්, ඇත්තෙන් ම ගත් කල, සමාජයේ මෙම මැතිවරණය පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති බවක් නො පෙනේ.  ඉහළ නඟින ජීවන වියදම යනු ඊට වඩා දුප්පත් මිනිසුන්‍ට සංවේදී කාරණාවකි. විරුද්ධ පක්ෂ සිතන්නේ ජීවන වියදම ඉහළ යාමට එරෙහි මහජන විරෝධය ඉදිරි මැතිවරණයේදී ඡන්දයෙන් ප්‍රකාශ වනු ඇති බවයි. මෙයට වඩා තවත් මුළාවක් නැත.  මෙම මැතිවරණ ක්‍රමය එහෙම පිටින් ම ප්‍රෝඩාවකි. එහිදී සිදු වන්නේ වංචාවෙන්, දූෂණයෙන් හා රැවටීමෙන් මහජන මතය මංකොල්ල කෑමයි. ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ රාජ්‍ය බලය හා දේපල භාවිතා කරමින් මුළුමනින් ම අවනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්දමිනි. එවැන්නකින් මහජන මතය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එසේ ම එවැන්නකින් පාලන‍ය වෙනස් කරන්නට ද බැරි ය.  ස...

සමන් මල් විප්ලවය හා අපි

Image
(2011 පෙබරවාරි 28,  W3Lanka )  පහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් නිර්නාමිකව දක්වන ලද වැදගත් අදහසකි. ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැඟීමට අපි කැමැත්තෙමු.  මෙහිදී අවධානය යොමු වන කරුණු වන්නේ අප්‍රිකාවේ, අරාබියේ දූෂිත ඒකාධිපතියන්ට එරෙහිව මතු වී තිබෙන මහජන උද්ඝෝෂණ රැළි ලංකාවට බල පාන්නේ කෙසේ ද යන්න සහ ඒ උද්ඝෝෂණ සඳහා මහජනතාව  සංවිධානය කෙරුණු නව ආකාරයන් පිළිබඳවයි.    භීෂණයෙන්, බලහත්කාරයෙන්, නොමග යැවීමෙන් හා දූෂණයෙන් කොල්ල කා ගත් මහජන කැමැත්ත මත පාලනය පවත්වාගෙන යන රටවල මහජනයාගේ බිය නැති කර, ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම සඳහා අරගලයට ඔවුන් යොමු කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ ඔබේ අදහස් හා ඔබ දන්නා තොරතුරු මෙහි සටහන් කරන්න.  ඔබේ අදහස් විද්‍යුත් තැපෑලෙන් එවනවා නම් w3lanka@gmail.com වෙත එවන්න. අද අරාබියේ සිදු වෙන විප්ලවය ලොව පුරා පැතිර යනවා නියතයි. මෙවැනි විප්ලවයන්ට color revolutions කියා පත්තර කාරයෝ නම් කරනවා. ඒ අනුව අද සිදු වේගෙන යන විප්ලවයන්ට jasmine නොහොත් සමන් මල් විප්ලවය කියාත් සමහරු කියනවා. මට මේවා පෙනෙන්නේ texting revolution කියායි. Face Book, ...