අදට අවශ්‍ය පක්ෂ සංදර්ශන ද? පොදු උද්ඝෝෂණ ද?

(2011 මාර්තු 01, W3Lankaඉහළ යන බඩු මිල අඩු කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ අද (01 දා) සවස කොළඹදී පෙළපාලියක් පවත්වයි.


බොරැල්ල කැම්බල් පිටියෙන් අද සවස 3.00ට අරඹන මෙම විරෝධතා පෙළපාලිය ලිප්ටන් වටරවුම තෙක්‌ පැමිණෙනන්නට නියමිත ය. 


ජවිපෙ මෙම පෙළපාලිය කැඳවන මොහොත වනාහි බිම් මට්ට‍මට කිට්ටු මැතිවරණයක් ආසන්නයේ ඇති අවස්ථාවකි. එහෙත්, ඇත්තෙන් ම ගත් කල, සමාජයේ මෙම මැතිවරණය පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති බවක් නො පෙනේ. 


ඉහළ නඟින ජීවන වියදම යනු ඊට වඩා දුප්පත් මිනිසුන්‍ට සංවේදී කාරණාවකි. විරුද්ධ පක්ෂ සිතන්නේ ජීවන වියදම ඉහළ යාමට එරෙහි මහජන විරෝධය ඉදිරි මැතිවරණයේදී ඡන්දයෙන් ප්‍රකාශ වනු ඇති බවයි. මෙයට වඩා තවත් මුළාවක් නැත. 


මෙම මැතිවරණ ක්‍රමය එහෙම පිටින් ම ප්‍රෝඩාවකි. එහිදී සිදු වන්නේ වංචාවෙන්, දූෂණයෙන් හා රැවටීමෙන් මහජන මතය මංකොල්ල කෑමයි. ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ රාජ්‍ය බලය හා දේපල භාවිතා කරමින් මුළුමනින් ම අවනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්දමිනි. එවැන්නකින් මහජන මතය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එසේ ම එවැන්නකින් පාලන‍ය වෙනස් කරන්නට ද බැරි ය. 


සමාජය මෙම දූෂිත පාලන ක්‍රමය අනුමත නො කරන බවට ඕනෑ තරම් සාක්කි තිබේ. ජනතාවට තිබෙන ප්‍රශ්නය විකල්පයක් නොමැතිකමයි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ති‍බෙන අපේක්ෂකයන් දෙස බැලූ කල ඒ බව මොනවට පැහැදිලි වේ. 


එජාපය විසින් ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුවේ මේ මට්ටමේ සිටින ජනතා නියෝජිතයන් වැනි ම වූ දූෂිත පිරිසකි. ඔවුන්ගේ දූෂිතභාවයේ සීමාව ලකුණු වී ඇත්තේ  ආණ්ඩු බලය නැතිකමින් මිස අන් කාරණාවකින් නො වේ. ජවිපෙ බිම් පළාත් පාලන අපේක්ෂකයෝ වනාහි පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන් පිරිසක් මිස සමාජයේ බිම් මට්ටමේ නායකයෝ නො වෙති. 


තත්වය මෙසේ හෙයින් විකල්පය තමන් පමණකැයි කීමට මේ විරුද්ධ පක්ෂ කෙතරම් උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැත. 


ජවිපෙ අද පවත්වන පෙළපාලිය පක්ෂයේ ක්‍රියාකාරිකයන් කොළඹට ‍ගෙන්වා කරන මැනැවින් සංවිධානය කරන ලද එකක් බවට කිසිදු සැකයක් නැත. එය සංදර්ශනාත්මකව සාර්ථක වන්නට හා මැතිවරණය ඉදිරියේ ජවිපෙට අවධානය  යොමු වන්නට හේතු වනු ඇත. 


එහෙත්, අදට අවශ්‍ය වන්නේ පීඩනයට පත්, වෙනසක් ඇවසි මහජනයා‍ගේ පොදු උද්ඝෝෂණ මිස පක්ෂ විසින් පවත්වනු ලබන සංදර්ශන නො වේ. 


මහජනයා අපේක්ෂා කරන වෙනස ද කිසිදු පක්ෂයක් විසින් යෝජනා කරනු ලබන්නක් නො ව, මහජන උද්ඝෝෂණ හරහා පරිණාමය වන්නකි.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබ හරි. එජාපෙ දුෂිතයි . ජවිපෙ ගිය ඡුන්දෙන් පස්සෙ මේ තමා උද්ඝෝෂණයක් තියන පළමු වතාව. ඒකත් හරි. එතකොට මැතිවරන ක‍්‍රමය තන්කරම වංචා සහගත ප්‍රෝඩා කාරී එකක්. ඒකත් හරි. ඒ හින්දා මුන් මැතිවරන වලට නොගිහින් හිටියොත් බලයේ ඉන්න එකාලා වෙනත් අතුරු ස්වාධීන පක්‍ෂ දාගෙන හරි දිනනවා. එහෙම නැත්නම් ක්‍න්දෙට නොඑන පක්‍ෂ තහනම් කරන්න ඉඩ තියෙනවා. ඒ ගැන මුකුත්ම ලියන්න දෙයක් නැද්ද?

    http://gon-haraka.blogspot.com/

    ReplyDelete
  2. Cost of Living is "one" of the burning issues for the people...that is good to mobilize them to topple a government at elections (if it is free and fair)...but it won't address the core issue in governance in Sri Lanka...that is the constitutional system that produces "Autocratic family rule," backed by a coalition formed by different elites and personalities which control the bureaucracy, the military,the police, the business, the media, the academia, the religious establishment and the underworld. These groups have now formed a strong coalition thus there is no place for so called "democracy"...As you say very correctly say that the present opposition is associated with the same elite groups...only thing is today they are in opposition...Tomorrow they will put the same shoes and continue...

    ReplyDelete
  3. ඡනතාවට විකල්පයක් නොමැතිනම් ඡනතාව කල යුත්තේ කුමක්ද?
    ඡන්දය භාවිතයෙන් වැලකී සිටීමද? නැතිනම් වෙනත් විකල්ප තිබේද? ඒ මොනවාද?

    කලක‍ට පසුව දු‍ටු ‍හොද මාධ්‍ය භාවිතයකි. ලේකඛයාට සුභ පැතුම් !!!

    ReplyDelete
  4. අද මේ අන්ඩුවට විරුද්දව සන්දර්ශනයක්වත් කරන්න පුලුවන් වෙන පක්ෂයක් තව තියෙනවාද?

    ReplyDelete
  5. JVP has some identity and some foresight and a genuine necessisity to make this country a place where everyone has the equel rights or at least everyone can live happily.But unfortunately the JVP is & has always the choosen the wrong slogen at the wrong time.In 1971 they wanted to topple Sirima's coalition & they were too early to do that,In 89-90 they wanted to topple RP & they underestimated Ranjan Wijeratne. The JVP was not armed at all at that time for a armed revolution and lot of youths , about 60,000 had to pay the price. After all these today JVP 's main slogan is 'Rising of the essential items".The present JVP should understand one thing,ther is no starvation in Sri lanka,when compared to our neighbours like India,and Pakistan our people still lead a normal life.The time has come to change the slogans & the slogans shouls be to abolish executive presidency,abolish neopatism,and abolish emergency law, abolish political punishments etc.Then the people will rally. The JVP and the UNP are now playing cheap politics.

    ReplyDelete
  6. අද ජවිපෙ පෙලපාලිය නැරඹූයෙමි.අරක්කු බෝතලයට බත් පැකට් එකට මොනවා හරි කියමින් කෑ ගහන්න එන උදවිය වෙනුවට ඉතාම සංවිධානාත්මක ඉතාම විනයානුකූල ආකාරයක පෙලපාලියක් පැවැත්වූ අතර රජයේ අන්තෝමතිකත්වයට එරෙහිව භූමියේ සටනේ සිටින එකම පක්ෂය ජවිපෙ බව එය දකින විට මට සිතුණි.හාන්සි පුටුවලට වෙලා බ්ලොග් ලියන පැරකුම්ලාට මේවා නිකම් නිකම් සංදර්ශනය.අඩුම තරමින් මහා විප්ලවවාදී/පෙරලිකාරී/රැඩිකල් පැරකුම්ලා එවැනි සංදර්ශනයක්වත් මහ පොලොවේ කරමින් තිබේද යන්න අපට මතුවෙන ප්‍රශ්නයයි.පෑන අතට ගැනීමේදී කුහකකම පැත්තකින් තබා ලියනු මැනවි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා