කෙරවළපිටියෙන් කෙළවර නො වන චම්පික - ශ්‍රීලනිප ගැටුම

(2011 මාර්තු 29, W3Lankaආණ්ඩුව ඇතුළේ ජාතික හෙළ උරුමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මහා සංග්‍රාමයක් ඇවිළී තිබේ. මේ ගින්න ඇවිළෙන්නේ තෙල් හා විදුලිය උපයෝගී  කරගෙනයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ප්‍රධාන ලේකම් හා ජ්‍යේෂ්ඨ ශ්‍රිලනිප නායක සුසිල් ප්‍රේම ජයන්තත් ජාතික හෙළ උරුමයේ සැබෑ නායක පාඨලී චම්පික රණවකත් අතරයි.


මෙම ගැටුමට හේතුව චම්පික රණවක කැබිනට් සාමූහික වගකීම අමතක කර, තමන් වැඩකාරයා බව තනියෙන් පෙන්නමින් සෙස්සන් කපාගෙන යන්නට උත්සාහ කිරීමයි.


ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමන් වනාහි පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු බව පෙන්වමින් අනාගත රාජ්‍ය නායකත්වය සඳහා සිය යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමයි. මෙය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකිනි.


තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල පාඩු වෙනත් අමාත්‍යංශ යටතේ ඇති ආයතන වෙත පවරා ලාභ පෙන්වීම චම්පිකගේ විශ්වකර්ම න්‍යායයි. අප මෙම ගැටුමේ මුල් අවධිය සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක නම් ලිපියෙන් විස්තර කළෙමු.


දැන් එහි දෙවන අදියර කෙළවරපිටිය යුගදනවි බලාගාරය ආශ්‍රිතව රඟ දැක්වේ. මෙගාවොට්‌ තුන්සියයකින් සමන්විත කෙරවළපිටිය "යුගදනවි" විදුලි බලාගාරය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවෙන් ලබාගත් රුපියල් මිලියන 3800 ක්‌ වටිනා ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු මුදල නොගෙවීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවෙන් යුගදනවි බලාගාරයට දැවිතෙල් ලබාදීම නතර කර තිබේ. මේ හේතුව නිසා බලාගාරයේ කටයුතු නතර කර ඇත.


යුගදනවි බලාගාරයේ විදුලිය නිපදවනුයේ දැවි තෙල් මගින් ය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදෙස් වෙළෙඳපොළට දැවි තෙල් විකිණීමෙන් පසුගිය ජනවාරි මාසය තුළ ඇමරිකානු ඩොලර් කෝටි 162 ක ලාභයක් උපයා ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිලි ප්‍රේමජයන්ත් මහතා අද දිනමිණට පවසා තිබේ. යුගදනවි බලාගාරයේ අර්බුදය පිළිබඳ අද දිනමිණ වෙබ් අඩවියේ කිසිවක් දක්නට නැත. මේ කියන්නේ යුගදනවියට ණයට තෙල් දෙනවා වෙනුවට අපනයනයෙන් ඛනිජ තෙල් සංස්ථාවට ලාභ ලැබිය හැකි බව හා සංස්ථාව පාඩු ලබන්නේ විදුලිය නිෂ්පාදනය හා සම්බන්ධ ආයතනවලට ණයට තෙල් දීම‍ට සිදු වී තිබෙන නිසා බව නො වේ ද?


ඇමති චම්පික රණවකගේ කපාගෙන යාම සුසිල් ප්‍රේම ජයන්ත‍ගෙන් අවසන් වී නැත. එය විශේෂයෙන් ම ජනාධිපති සහෝදර හා මීළඟ රාජ්‍ය නායකයා වීමට ඉඩ ඇති බැසිල් රාජපක්ෂ හා ජනාධිපතිවරයා දක්වා ද විහිදෙයි.


විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අලුත් ම නිවේදනයේ සදහන් වන පරිදි යුගදනවි බලාගාරයේ හිමිකාරිත්වය දරන කොටස්‌කරුවන් වන්නේ ජනාධිපතිතුමන් යටතේ ඇති මහා භාණ්‌ඩාගාරය, සේවක අර්ථ සාධක අරමුදල සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම සහ වෙස්‌ට් කෝස්‌ට් සමාගමයි. මේ අතරින් ලංකා විදුලි පෞද්ගලික සමාගම ඍජුව ම විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයට අයත් වේ. වෙස්‌ට් කෝස්‌ට් සමාගම රජයේ එකක් ද පෞද්ගලික එකක් ද යන්න පැහැදිලි නැති මුත් ලංකා විදුලි පෞද්ගලික සමාගම එහි කොටස්කරුවකු බව නම් Daily News පුවත්පතේ 2008 මාර්තු 27දා ‍පළ වී ඇති මෙම සඳහනෙන් පැහැදිලිව පෙනේ.


West Coast Power (Private) Limited, an independent power producer in the country was given the support from several sponsors including the government of Sri Lanka, Lakdhanavi Limited, Lanka Electricity Company Limited and the Employees Provident Trust Fund.


මේ අනුව බලන කල පෙනෙන දෙයක් නමි ලංකා විදුලි බල මණ්ඩලය යුගදනවි බලාගාරයේ පාලනයට ඍජුව ම සම්බන්ධ බවයි. එහෙත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සිය නිවේදනයේ මෙසේ සඳහන් කරයි. "කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්‌ඩලය යුගදනවි ආයතනයේ පරිපාලනයට සෘජු සම්බන්ධයක්‌ නැතත් එම ආයතනයෙන් අඩු මුදලට විදුලිය ලබා ගැනීමට ලං.වි.ම.ට ඇති හැකියාව හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට පියවිය යුතු මුදල් ලංකා විදුලිබල මණ්‌ඩලයේ මැදිහත්වීමෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විදුලිබල හා බලශක්‌ති අමාත්‍යවරයා විසින් මේ වනවිටත් ලං.වි.ම.ට උපදෙස්‌ ලබාදී එය ක්‍රියාත්මක කර ඇත."


මේ රවටන්න හදන්නේ කාව ද?


ඇමති චම්පික රණවකට මේ නිවේදනය නිකුත් කරන්නේ තම පක්ෂයෙන් ද නැතිනම් අමාත්‍යංශයෙන් ද යන්න පවා අමතක වී තිබේ. නිවේදනයේ රස ම කෑල්ල එහි අවසන් ඡේදයයි. ඒ මෙසේ ය:


"එහිදී ලංකා විදුලිබල මණ්‌ඩලය සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්ව වෙනුවෙන් සමස්‌ත මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඕනෑම යහපත් ඉදිරි පියවරක්‌ තැබීමට ලංකා විදුලිබල මණ්‌ඩලය පසුබට නොවන බවද අවධාරණය කර සිටියි."


බලාගෙන යන විට විදුලි බල මණ්ඩලයත් ජාතික හෙළ උරුමය වැනි වීරෝදාර, දේශප්‍රේමී වර්ගයේ එකකි.


ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මාධ්‍ය සංදර්ශන ඔස්සේ ප්‍රතිරූප ගොඩනඟා ගැනීමෙහි ලා චම්පික රණවක තරම් දක්ෂයකු නො වේ. ඔහු උත්සාහ කරන්නේ ඇමති චම්පික රණවකගේ බොල් ප්‍රතිරූපය බිද දමන්නටයි. ඒ සඳහා ශ්‍රීලනිප ප්‍රබලයන්ගෙන් ඔහුට ශක්තිය ලැබෙමින් තිබෙන බව පෙනේ.


මේ ආයතන සියල්ල ආණ්ඩුව නම් එක ම ශරීරයක කෑලි ය. මේ ගැටුම් වනාහි අත, කකුල හා තරහ වීම, ඇඟිල්ල තමන්ගේ කොටසක් නො වේ යයි අත කීම වැනි ගොන් පාට් ය. 


මෙම තේ කෝප්පයේ කුණාටුව දක්ෂයන්, අදක්ෂයන් අතර ගැටුමක් ලෙස හුවා දැක්වීමට ඇමති චම්පික රණවක පාර්ශ්වය විසින් උත්සාහ කරනු දක්නට ලැබේ. මේ විගඩම් දකින මහජනතාව වන අපට කීමට ඇත්තේ 'ඇමතිතුමනි, ඔය පෙනෙන්නේ ඔබතුමන්ලාගේ අදක්ෂකම ම තමා ය' කියා ය.


මේ කුලල් කා ගැනීමේ සංදර්ශනය පැවැත්වෙන්නේ මහජන මුදලින් ගොඩනැඟූ දේපල තලා දමමින් බව කැබිනට් සාමූහික වගකීමේ නාමයෙන් අපි ඔබට මතක් කරන්නෙමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ඉහළම පරිපාලකයෙකුට අයත්, අධික මිල ගණන් යටතේ ලංකා විදුලිබල මණ්‌ඩලයට විදුලිය සපයන පෞද්ගලික තාප විදුලි බලාගාර 03 ක්‌ වෙනුවෙන් මෙලෙසින්ම නීති ක්‍රියාත්මක නොවීම ගැන W3 ට අමතක උනාද නැතිනම් හිතමතා අමතක කලාදෝ යි කියා පොඩි ප්‍රශ්නයක් පැන නගිනවා.

    මොනා උනත් කට හැකර නීතිඥයන් අරක් ගත් වැඩකට නැති ලාOකාවේ දේශපාලනයට,ඔවුන් වෙනුවට මොලේ ඇති ( සමහර විට කටද ඇති) ඉOජිනේරුවන් පත් වීම නම් හොද දේයකි.

    ReplyDelete
  2. මයියාත් සමඟ එකඟයි.

    ReplyDelete
  3. //එහිදී ලංකා විදුලිබල මණ්‌ඩලය සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්ව වෙනුවෙන් සමස්‌ත මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඕනෑම යහපත් ඉදිරි පියවරක්‌ තැබීමට.....//

    හී.. හී... මරු.. මරු..

    ReplyDelete
  4. විදුලි බල මණ්ඩලය දේශප්‍රේමී වන අතර ඛණිජතෙල් අමාත්‍යංශය දේශ ද්‍රෝහී පටු අරමුණු උදෙසා ක්‍රියාත්මක වන බව පෙනේ.මේ පිටුපස බන් කී මූන් සහ බටහිර පරගැති දේශද්‍රෝහී කුමන්ත්‍රණ කරුවන් සිටින බව නිසැකය.මේ සියල්ල මෙහෙයවන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් බව නිසැකය.විදුලි බල මණ්ඩලයත් ඛණිජතෙල් අමාත්‍යංශයත් එකම අමාත්‍යවරයකුට නොදී වෙන් කිරීම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ සිදුවූ බැවින් මහ රජ්ජුරුවන්ට දැං කොරන්න දෙයක් නැත.තව පැත්තකින් බලන කල විදුලිය නැතිවීම හොඳය.පරිසර දූෂනයත් නවතී.දේශීය ඉටිපන්දම් ගොවියාට ඉහළ සහතික මිලක් ලැබෙනු ඇත.

    ReplyDelete
  5. W3 lanka පක්ශග්‍රාහීයි.මයියා කිව්වත් වගේ ලංවිම අධික මුදලට විදුලිය මිලදී ගන්නා පුද්ගලික සමාගම් ගැන මෙතන කිසිම සදහනක් නෑනේ.අමාත්‍ය චම්පික ගැන තියෙන වෛරයක් විතරයි මෙතනින් පෙන්නන්නේ.

    ReplyDelete
  6. බබාට කොකා පෙන්නා 2020 වන විට මෙයා රජ වේ. [මරා නොදැම්මොත්..] ඉන් පසු මේ රටට 330Million කට්ටියගෙම පිහිටයි, ආරස්සාවයි.............
    Sithumini

    ReplyDelete
  7. Chamapaka is a boaster. He showed his colors when he was controlling "Environment Ministry' by failing to utilize the environment tax money collected from the cell-tell users. He posed him self as a profit maker at the En Ministry covering his failure in the under utilization of Millions of Rupees collected as environment tax. still we are paying this for nothing...

    ReplyDelete
  8. හෙල උරුම හීනමානය හා සන්දාන අදිමානය අතර සටනක්.

    ච්ම්පික ඔච්චර දක්සයානම් ආසියාවේ වෑඩිම බිල ල0කාවෙ තියේන්නේ කොහොමේයි?

    චම්පිකත් කරන්නේ මේ ක්‍රමය ඈතුලේ තමන්ගේ පෑවෑත්ම රෑකගන්න ලොකු බොරුවක්.
    ඵයා ලෑජ්ජ නෑතුව ගිය අයවෑයෙනුත් අපිට කෙලලා දෑන් පුරාජේරු ගහන්න ඵනවනේ.

    ReplyDelete
  9. හෙල උරුමේ හීනමානය නිසා ආන්ඩුවේ අනිත් ඈමතිලව කපාගේන බොරුවට රගනවා.
    මාද්යකාරයො කීපදෙනේක් අල්ලගෙන තමා මේ වෑඩේ කරන්නේ.

    ඈත්තටම වෑඩකරනවානම් කවුරුත් කෑමෑතීයි.
    ඵ්ත් බොරු සන්දර්ශන වලින් වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙනඵක විතරයි.

    ReplyDelete
  10. බිල පහල දාල ලාභ ලැබුවනම් වැඩකාරයා..ඒත් බිල වැඩි කරල ලාභ ලැබුවම කවුද පාඩු ලැබුෙව කියලත් ටිකක් හිතන්න ෙවනවා.පාටයි තමනුයි ගැන හිතන්ෙන් නැතිව මිනිෙහක් විදියට හිතුෙවාත් හැෙමා්ටම ෙහාද නරක ෙත් ෙර්වි ඒවිදියට හිතන්න ඒ ෙගාල්ලන්ට පුලුවන් ෙවිවිද.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා