ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම හා සිංහල ජාතිවාදය | Hacking Taboo subjects and Sinhala nationalism

(2011 මාර්තු 10, W3Lankaඅප අද ලියන්නේ අප විසින් පසුගිය සමයේ තහනම් විෂයක් බවට ස්වයංව පත් කරගෙන තිබූ ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබඳවයි.


ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කර බ්ලොගය මකා දැමීම පිළිබඳව අප මුලින් ම සිතුවේ ටැබූ සබ්ජෙක්ට්ස් කරන්නේ කවුරුද යන්න අනාවරණය වීමක් සමග සිය බ්ලොග් අතීතයෙන් පෞද්ගලික වර්තමානය බේරා ගැනීම පිණිස මෙම නිර්නාමික බ්ලොග්කරුවා/කාරිය/කරුවෝ/කාරියෝ තමන් ම එය මකා දමන්නට ඇති බවයි.


මහින්ද අබේසුන්දර පිළිබඳ තැබූ සටහනක වැනි තැනත මෙම බ්ලොගය කරන්නන්ගේ අනන්‍යතාව හඳුනා ගත හැකි යයි සිතිය හැකි යම් කරුණු තිබිණි.


ටැබූ සබ්ජෙක්ට්ස් කළ අය සිය අදහස් ප්‍රකාශනයෙන් ඇති කළ හරවත් සංවාදවලට අමතරව පුංචි කාලයේ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමෙන් හා අවුරුදු උත්සවවල කරන සැඟවුණු අමුත්තා සෙවීම වැනි ක්‍රීඩාවකින් ලබන වින්දනය වැනි මානසික සතුටක් ද ලැබූ බව පෙනේ. මන්ද, සෙසු නිර්නාමික බ්ලොග්කරුවන්ට වඩා මේ අය සිය නිර්නාමිකභාවය පිළිබඳව කතා කළ බැවිනි.


නිර්නාමිකභාවය, ආරූඪ නම්වලින් පෙනී සිටීම හා ඇත්ත නම සමග ක්‍රීඩා කිරීම එක්තරා කුහුල දනවන මනෝභාවයකි. ලේඛකයාට මෙවැනි අය රාශියක් වමේ ක්‍රියාකාරිකයන් අතර හමු වී තිබේ. ඔහු දන්නා එක් වාම කණ්ඩායම් නායකයෙක් විවිධ අවස්ථාවලදී විවිධ නම් 25ක් පමණ භාවිතා කර ඇති බව ඔහු නිරීක්ෂණය කර ඇත. ඒ අතර විශේෂත්වය වන්නේ ඒ නම් සියල්ලම පාහේ සිංහල ගොවිගම පෙනුමක් ඇති පිරිමි නම් වීමයි. අන්වර්ථ නම්වලින් පෙනී සිටින ගමන් හේ හැම විට ම සිය කණ්ඩායම තුළ ඒ නම තමන්ගේ ය යන අනන්‍යතාව ද ලකුණු කරයි.


අපට වැටහෙන අන්දමට නම් නිර්නාමිකභාවය තුළ නමින් පෙනී සිටිනවාටත් වඩා අනන්‍යතාව පිළිබඳ සංකීර්ණ ගැටලුවක් තිබේ.


ටැබූ සබ්ජෙක්ට්ස් මේ අනන්‍යතා ගැටලුව ප්‍රදර්ශනය කළ නිදර්ශකයකි. W3Lanka සංස්කාරක ලියූ ශාස්තෲ නවකතාව විෂය කර ගත්තේ මෙවැනි මනෝභාවයන් සමග කිට්ටුවෙන් යන ෂිසොෆ්‍රීනියා මානසික තත්වයයි. ඒ නිසාදෝ, තමන්ගේ සතුරු පාර්ශ්වයක් වන වම පතුරු ගසන්නට යොදා ගත හැකිව තිබුණු ශාස්තෲ කතාව එක රැයින් කියවා නිම කර ඔහු පසුදා ම සටහනක් තබමින් පොත නො කියවන ලෙස නිර්දේශ කළේ ය. ඔහු නො දන්නා කරුණක් වන්නේ මේ නවකතාව සම්බන්ධයෙන් ගතානුගතික  වාමාංශිකයන්ගේ ප්‍රතිචාරය ද එය ම වීමයි.


ධනවාදය ප්‍රවර්ධනය කිරීම භාර ගත් ධනපතීන් ‍නො වන මධ්‍යම පංතිකයන්ගේ ගණයට අයත් ලේඛකයන්ට පහසුවෙන් ගොදුරු කර ගත නො හැකි ගතානුගතික නො වන නව වාම ධාරාවක් වෙනුවෙන් පෙනී සිටි අප සමග ඇති වූ සංවාදවලින් සිදු වූ එක් දෙයක් නම් ටැබූ සබ්ජෙක්ට්ස් මනසේ අප අනෙකෙකු ලෙස සටහන් වීමයි. ලියූ බොහෝ දේවල්වලදී මැක්කාගේ කතාවේ මෙන් අප පටලා ගත් ටැබූ සබ්ජෙක්ට්ස් සම්බන්ධයෙන් අප ඉන් පසු තල්ලු වූයේ එය අපේ අනෙකෙකු බවට පත් කර නො ගැනීමේ උත්සාහයටයි. ටැබූ සබ්ජෙක්ට්ස් ඉලංදාරියාට පිහිට වුණේ ද ධනවාදයට විරුද්ධ වෙමින් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අයට බැන බැනයි.


ධනේශ්වර වෙළඳපොලකරණයෙහි මේ වන විට ප්‍රධාන ඉලක්ක අතරින් එකක් වන්නේ සෞඛ්‍ය අංශයයි. සිය මතවාදය අනුව, නිදහස් සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින ටැබූ සබ්ජෙක්ට්ස් ඉලංදාරියාගේ ප්‍රශ්නයේදී කළ මැදිහත්වීම පිළිබඳ සටහනක් තබන්නට අවශ්‍ය වූ මුත් අපි එය නො කළේ එයින් ඒ ව්‍යාපාරයට අවැඩක් වනු ඇතැයි සිතූ හෙයිනි. අපට ලියන්නට අවශ්‍ය වුණේ මෙයයි. සියල්ල වෙළඳපොළකරණය කර, වෙළඳපොළ ප්‍රවේශය අහිමි වීම නිසා අසරණ වී සිටින්නන් ලක්ෂ ගණනක් අතරින් තෝරා ගත් අයට සත්කාර කිරීමේ ධනේශ්වර ෆිලැන්ත්‍රොෆි යනු තවත් ප්‍රෝඩාවක් බවයි.


ටැබූ සබ්ජෙක්ට්ස් ධනේශ්වර ෆිලැන්ත්‍රොෆිවලට මධ්‍යම පංතික ප්‍රචණ්ඩත්වය ද එක් කළේ ය. ඉලංදාරියගේ ගිනුමට මුදල් බැර කළ කතන්දරකාරයාට ඒ බව ටැබූගේ බ්ලොගයේ ලියා තබන්නට සිදු වන්නේ එසේ නො කළහොත් ටැබූ යම් දිනෙක ආඩාපාලි කියනු ඇතැයි කතන්දරකාරයා බිය වූ නිසා වන්නට ඇත.


අප මේ කරුණු ටික ලියුවේ, ටැබූ සබ්ජෙක්ට්ස් සම්බන්ධයෙන් අපේ ස්ථාවරය කුමක්ද යන්න කීමටයි. එහෙත්, හැක් කිරීමේ සිද්ධියෙන් පසු ටැබූ විසින් දක්වන අදහස් අනුව ටැබූ විසින් ම සිය බ්ලොගය මකා දමන්නට ඇතැයි කියා අපි තවදුරටත් නො සිතන්නෙමු.


ඔහුගේ මුරපදය සොරකම් කර ගත් කිසිවෙක් මෙම බ්ලොගය මකා දමන්නට ඇතැයි සිතිය හැකි ය. එසේ කළ අය දැන් වහසි බස් දොඩන සිංහල ජාතිවාදීන් වේ නම් ඇත්තට ම ජාතිවාදය විසින් සිංහල ජාතියට කරන හානිය පිළිබඳ මෙම සිද්ධිය හොඳ ම නිදසුනකි.   


ඔවුන් විනාශ කර දමා තිබෙන්නේ සිංහල ඊ අන්තර්ගතයන් අතර තිබූ සාහිත්‍යමය හා සමාජමය වශයෙන් වැදගත්, හරවත් ලිපි මාලාවක් හා ඒ ඔස්සේ මතු වූ වටිනා සංවාද පෙළකි. ඒ සංවාද මතු කිරීම සඳහා ටැබූ නම් ගණනාවකින් පෙනී සිටිමින් මැදිහත් වූයේ ය. ටැබූ සබ්ජෙක්ට්ස් කළ අය විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටිමින් බ්ලොග් අවකාශයට විශාල බලපෑමක් කළේ ය. 


සිංහල ඊ අන්තර්ගතයන් අතරට කුණුහරුප ගොන්නක් හැර හරවත් කිසිදු දෙයක් එකතු කර නැති මේ ඊනියා සිංහල ජාතිවාදීන් කිසියම් ආකාරයකින් අභයගිරිය ගිනි තැබූ මහා විහාරික පාර්ශ්වයේ අමනයන්ට සමාන වේ. මහා විහාරික පාර්ශ්වයේ මුග්ධයන් විසින් සතුරු පාර්ශ්වයේ ඒ වටිනා දැනුම් සම්භාරය විනාශ නො කර ඉතිරි කළා නම් සිංහල බස කතා කරන මෙවන් ජාතිවාදී මෝඩ රැළක් කිතු වසින් දෙවන සහශ්‍රකයේදී ලංකාවේ බලවත් නො වන්නට බෙහෙවින් ඉඩ තිබිණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. oba samaga mama ekaga vemi boho avastha valadee taboo ha ekagaviya nohaki vuvath ohu me web avakashaye redee sitina hboho hal paruvanta vada sanvadasheelee sitiya uthuma prapanchayaki.

    ReplyDelete
  2. /*
    ඉලංදාරියගේ ගිනුමට මුදල් බැර කළ කතන්දරකාරයාට ඒ බව ටැබූගේ බ්ලොගයේ ලියා තබන්නට සිදු වන්නේ එසේ නො කළහොත් ටැබූ යම් දිනෙක ආඩාපාලි කියනු ඇතැයි කතන්දරකාරයා බිය වූ නිසා වන්නට ඇත.
    */

    පැරා, මා එසේ කලේ, අන් අයව උනන්දු කරන්නයි.
    දුකා ගේ අඩවියේත් සටහනක් දැම්මා මතකයි.

    ReplyDelete
  3. /*
    ශාස්තෲ කතාව එක රැයින් කියවා නිම කර ඔහු පසුදා ම සටහනක් තබමින් පොත නො කියවන ලෙස නිර්දේශ කළේ ය. ඔහු නො දන්නා කරුණක් වන්නේ මේ නවකතාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ ප්‍රතිචාරය ද එය ම ....
    */

    වාමාංශිකයින් සම්බන්ධයෙන මගේ නිරීක්‍ෂණය නම් ඔවුන් ගේ ප්‍රධාන හතුරා වන්නේ පොදු හතුරා නොව තමාට තරමක් හෝ සමාන වූ මතයක් දරන නමුත් වෙනත් කණ්ඩායම සිටින අනෙක් වාමාංශිකයින් වීමයි.
    ගම්ලත් මෙහි මහැදුරා යි.

    ReplyDelete
  4. W3Lanka ටොකු ඇනලා ඔලුවත් අතගානවා !!

    සංවේදී , බුධිමත් පුද්ගලයින්ට බොක්කටම වදින්න ලියපු බ්ලොග් එකක් තමයි (Taboo subjects) අද අපිට මේ විදිහට අමනයින්ගේ වැඩ නිසා අහිමි වෙලා තියෙන්නේ. ( i will rate Kolu , W3lanka , BF next in the line).මතවාදීව පහරදී පරාජය කරනු වෙනුවට මරා දැමීමේ ප්‍රභාකරන්ගේ ක්‍රමවේදය අනුගමනය කරමින් "සිoහලයින් "ය කියා කියා ගන්නා අමනයින් පිරිසක් Taboo බ්ලොග් අඩවිය hack කොට එයින් නතර නොවී වටිනා ලිපි පෙළ ( අතලොස්සක් ඇරෙන්න) මකා දමා ඇත.දැන් ඉතින් උදෙන්ම ඇවිත් කාර්යාලයේ පරිගණකය දාපු ගමන්ම අසාවෙන් කියවන්න දෙයක් නැත.

    මොනවා උනත් "මතවාදීව" ටැබුගේ විරුද්ධවාදීන් (ගොත්‍රවාදීන් නොවේ)මේ වෙලාවේ කෝන්තර අමතක කරලා දාල ටැබුට උන අසාධාරණය වෙනුවෙන් කතා කරන එක පැසසිය යුතුමයි.. එහෙම නැතුව ඉතින් අන්‍ය මත ගරහමින් විවාදයන්හිදී ටැබූ කල පහරදීම් වලට එකට එක කරන්න මේ වෙලාවේ W3Lanka, BF, කතන්තර " ඕකට හොදම වැඩේ" කියල කට පියාගෙන හිටියනම් මේ ඊනියා සිංහල ජාතිවාදීන් සිදු කල අපරාදයට තවත් උඩ ගෙඩි දීමක් වෙනවා.. අපි හැමෝම අනෙකාගේ මතය ප්‍රකාශකිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙලාවක් මේක. හැබැයි ටැබුත් ඉතින් තමන්ම විතරක් පොර කියන සංකල්පයෙන් ඈත් වෙන්න මේක පාඩම් කර ගනීවි කියල හිතනවා !!

    ගඩාපි

    ReplyDelete
  5. 1. ටැබූ ගැන කිඹුල් කඳුලු හෙලන බ්ලොග් අවකාශයේ නවකයන්ට ටැබූ ගේ කියුම් කෙරුම් දැන ගැන්මට නැවත “පන්හිඳ සමග” විවෘත කරමි. නමුත් ඒ ටික කලකට පමණි. දේශපාලන බ්ලොග් ලිවීමට මට කිසිදු කැමැත්තක් නැත. මේ යොමුවෙන් ටැබූ සබ්ජෙක්ට්ස් සම්බන්ධ ලිපි බලා ගත හැකිය.

    2. ජාතික චින්තන ප්‍රවාහය හා පුලස්ති විසින් මගේ අනන්‍යතාව හෙළි කර ඡායා රූප පවා පළ කල මොහොතේ දී ටැබූ සබ්ජෙක්ට්ස් සිටියේ මල බද්ධය සෑදුනු අයෙකු වැසිකිළියට වැදුණ කලෙක් මෙනි. එයම ඔහු වෙත පාරා වළල්ලක් වී කැරකී විත් තිබෙනු දුටු විට මට ඇති වන්නේ කාලකන්ණි සතුටකි.

    3. ටැබූ සබ්ජෙක්ට්ස් hack වීම ගැන මගේ කිසිම සහයෝගයක් නැත. නමුත් ටැබූ සබ්ජෙක්ට්ස් ට සුදු හුණු ගාන එහෙයියන් නඩය, ටැබූ සබ්ජෙක්ට්ස් යනු ද එලෙසම අදහස් පැවසීමේ නිදහස සීමා කළ අයෙක් බව දත යුතු ය.

    ReplyDelete
  6. Taboo CID ekata bayen blog eka makala thiyenne. wena hethuwak newei. Taboo ta kade yanna epa miniho.

    ReplyDelete
  7. මතවාදීව විරුද්ධ අයෙකු වෙනුවෙන් ඔබගේ මේ පෙනිසීටීම සැබැවින්ම අගය කල යුත්තකි , මහින්ද අබේසුන්දර ටැබුගේ තමන් ගැන ලිපිය කියෙව්වා නම් , ඔහුට අදාල සිද්ධිය මතක නම් , ටැබුගේ නිර්ණාමිකත්වය එතනින් අවසන්ය .ටැබූට නැවතත් ලියන්නට ආරාධනා තිබුනත් ඔහු එයට සූදානම් බවක් පේන්නට නැත , එනිසා හැක් කිරීමට එහා ගිය යමක් මෙහි තිබිය හැක

    ReplyDelete
  8. මිගාර;

    ඔබේ මෙය දැකිය යුතුමයි. කොපි කලේ ප්‍රේමේ ගේ අඩවියේ කොමෙන්ටුවකින්.
    --------------------------
    අනිවාර්යයෙන්ම බැලිය යුතු ලිපියක්. කමෙන්ට්සුත් එක්කම බලන්න.

    Dr. Ranga Migara Weerakkody, the most patriotic blogger requests to ban 10 anti-Sinhalese Buddhist blogs

    http://jathikachinthana.blogspot.com/2009/09/dr-ranga-migara-weerakkody-most.html
    -------------------------

    මේ සඳහා මගේ පිළිතුර:

    බූන්දියේ මාධ්‍ය භාවිතාව ගැන වැඩියෙන් ම කෑ ගහන කෙනෙක් මම. එහෙත් තහනම් කලයුතුයි කියා නම හිතන්නේ නැහැ. හැබැයි බුන්දිය තුල කොටි වාදය පතුරන්නන් ඉන්න බවයි මගේ අදහස.

    එතකොට කොටි වැඩේට විරුද්ධ ව ලියපු ටැබූ තහනම් කරලා බුන්දිය තවම පවත්වා ගෙන යන්නේ කොහොමද? ඔය කිව්වා දහයෙන් ටැබූ විතරනේ නැත්තේ?

    එ නිසා ඔබේ සබැඳිය මට විශ්වාස නැහැ. මේක මිගාරයාටම ගහපු මඩක් ද දන්නෙත් නැහැ.

    ReplyDelete
  9. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අතිශය වැදගත්ය. අද මෙම බ්ලොගයට වූ දේ ඔබගේ බ්ලොගයටද සිදුවිය හැක. එයට එරෙහි විය යුත්තේ එබැවිනි.

    ReplyDelete
  10. මොන පිස්සුද ඹ්කුන් එකෙක්ගෙවත් සයිටි හැක් කරල නැහැ ඒ වගේමයි

    එකෙකගෙවත් ඊමේල් හැක් කරලත් නැහැ.

    උදාහරණයක් කියනවනම් ටැබූ බ්ලොග් එක ගනිමුකෝ ඒක හැක් කරලලු.! ඒ වගේම එයාලගෙ ඊමේල් එකත් හැක් කරලලු.!

    ඒ දෙකම බොරු.....!

    දැනගත්ත විදිය කියන්නද?

    ඕනනම් බලන්න, ටැබූගෙ ඊමේල් එක Gmail එකක්.හරිද.ජීමේල් වල ලොගින් එකට ගිහින් Can't access your account? යන්න.ගිහිං ටැබූගෙ ඊමේල් එක වන swimfanlk@gmail.com දීල Continue යන්න.ඊළගට කැප්චා එකක් එනවා ඒක Fill කරල Continue යන්න දැන් බලාගන්නකො ටැබූගේ එකවුන්ට් එක රිකවර් කරන්න දීපු Option ටික.

    ඉතිං ටැබූගෙ ඊමේල් එක වන swimfanlk@gmail.com වක රිකවර් කරන්න දීල තියෙන්නෙ swimfanlk@yahoo.co.uk කියන Account ඉතිං ටැබූට පුළුවන් ඇත්තටම ජීමේල් හැක් ඔතනින් රිකවර් කරන්න.(මොකද හැක් කලා නම් ඒ ඌරට මේවා වෙනස් කරන්න අමතක වෙලා) එහෙම නැත්තම් ඩයලොග් වන (මම අංකෙ නොදා ඉන්නම්කො) ටැබූගෙ මොබයිල් එකට password reset code එක ගෙන්න ගන්න පුළුවන්.

    අනිත් දේ ගැන නොකිය ඉන්නම්.මොකද නැත්තම් ඒක වැරදයට පාවිච්චි කරයි.

    ඒ ටැබූගෙ ජීමේල් හැක් කරලනම් නේ.මොන බොරුද ඒක හොදට ටැබූ පාවිච්චි කරනවා.අනුනුගේ පුද්ගලික දේවල් මොනාටද ඒ නිසා මම මේල් 60 කට වඩා කියෙව්වෙ නැහැ. :P අප්පා මගේ ඔලුව කැක්කුමත් හැදුනා ඒවා බලල.දැන් හිතයි මම ඒක හැක් කලා කියල.නැහැ අනේ මම එහෙම වැඩ කරන්නේ නැහැ මම කලේ මේ වේදිකා නාට්‍යයේ තිරය පිටුපස පැත්ත ටිකක් බලපු එක විතරයි.මොකුත් වෙනස් කලේ ගත්තෙ නෑ ඒවා එහෙම්ම තියෙද්ද මම ආවා.මට මක්කටෙයි ඕවා.

    ++ ටැබූ මෙක බලනවනම් ++ ඔයාට කියන්නේ ඹයාගෙ යාහු එකවුන්ට් එක රිකවරි කරන්න දීල තියෙන බර්ත්ඩේ එක විශේෂ දවසක් නේ. :P අනේ අනේ :D ටැබූ ඒක වෙනස් කරන්න නැත්තම් ජීමේල් කෙසේ වෙතත් යාහුටනම් බබා හම්බුවෙයි.එහෙම වුනොත් මල කෙලියක් තමා මොකද ඒකෙ තියෙන කොටු දාන ඒවා ලීක් වුනොත් :P අනික තමා ටැබූ ඔයා මේ දවස් වලයි කලිනුයි එක්කෙනෙක්ට අම්බානට මඩ ගහනවා, බනිනවා සහ හෙන සීන් නේ.ඒත් මොකද එයත් එක්ක අර විදියට ඊමේල් හුවමාරු කරගන්නේ? :P ඔයා දන්නවනේ මොන විදියටද කියල.

    ඒ වගේමයි අර කණිෂ්කද මොකාද කියන එකා මහ බොරුකාරයෙක් ඌ කරපු අටමගලයක් නැහැ.දැන් හිතයි මම කණිෂ්ක කියල..! :( නැහැ නැහැ මම ඌ වගේ චාටර් කෙනෙක් සහ චාටර් බ්ලොග්කරුවෙක් නෙමෙයි.මම මගේ පාඩුවෙ 100% ක්ම එක්තරා විශයක් ගැන විතරක් බ්ලොග් ලියන කෙනෙක්.ඒත් මේ ජෝක් දැකල මටම හිනා.ඒකයි මම මෙහෙම Comment එකක් දැම්මෙ.

    තවත් එකක් අර සූස්ති ගුණේ කියන එකයි මොහොමඩ්ගේ බ්ලොග් එකයි 90% අප්ඩේට් වෙලා තියෙන්නේ එකම IP එකකින් (Static තමා ඒත් ඒ ඔක්කොම එකම DATA Account එකකට ලැබුන ඒවා).ඒ වගේමයි ඒ IP සහ Taboo Subject බ්ලොග් අඩව්යේ ටැබූ ලෙස ලිපි පළ කිරීම් සහ Comment කිරීම් සිදු කරන ලද IP ද ඉහත ඒවා සමග 100% ගැලපෙනවා.ඒ කියන්නේ සූස්ති ගුණේ, මොහොමඩ් සහ ටැබූ යන බ්ලොග් අඩවි එකම පරිගණකයකින් පාලනයවූවා.!

    ඒ වගේමයි මොහොමඩ් බ්ලොග් එකේ පලවූ ලිපි සහ Comment සියල්ල Draft එකේ තියෙනවා.ඒ වගේමයි මොහොමඩ් බ්ලොග් එකේ බැකප් XML පිටපත් පෙර සදහන් කර පරිගණකය සහ තවත් පරිගණකයක් විසින් නිතර නිතර ලබාගෙනත් තිබෙනවා.

    ආ තවත් එකක් ටැබූගෙ බ්ලොග් එක මකලම දාල තියෙන්නේ.!
    සමහරු කියනවා වගේ Privet කරල නෙමෙයි.

    Wordpress බ්ලොග් එකක් Privet කලාම එන්නේ >> “The blog http://taboosubject.wordpress.com was marked private by its owner. You need to be invited to view this blog. For more information about blog privacy settings, please visit our support site.“ වගේ error එකක්.

    ඒත් ටැබූගෙ මකපුම නිසා එන්නේ >> taboosubject.wordpress.com is no longer available.The authors have deleted this blog.“ කියන error එක.

    ඒත් මකන්න කලින් ඒ බ්ලොග් එකේ XML එක Download කරගෙන තියෙනවා.ඒකත් පෙර සදහන් කල පරිගණකයටම තමයි.ඒ කියන්නේ බ්ලොග් එක කරපු, අප්ඩේට් කරපු සහ කමෙන්ට් දාපු පරිගණකය භාවිතයෙන්ම තමා බ්ලොග් එක Delete කරලත් තියෙන්නේ.

    < මෙතනදි අනිත් පැත්ත ගැන හිතල පොඩි එකෙක් වගේ තමයි Tech විස්තර සටහන් කලේ හොදද.දැන් කට්ටියටම එකක් කියන්න ඕනා මම කවුද කියල ඔයාල දන්නෙ නැහැනේ ඉතිං ඒ නිසා කාටවත් මම කියල හිතාගෙන වැරදියට බනින්න හරි මුකුත් කියන්න හරි යන්න එපා මම ඔයාල කවුරුත් දන්න කෙනෙක් නෙමෙයි.ඒත් ඔයාල අතරෙම ඉන්න කෙනෙක් >

    දැන් ඉතිං රෙදි ගැලවිච්ච අය සහ වයර්මාරුවෙච්ච ටෙක්නොලජි කාරයෙ මෙකට දාහක් දේවල් කියයි.
    හිට් ඕනනම් මේ Comment එක Post එකක් විදියට දැම්මත් කාරි නැ.

    **** හැක් කරන්න පොඩි Tric එකක් ඕනද? මෙහෙම හිතන්නකො.ප්ලේන්ටියක් බීල කලුපාට කොටුවයි ජෙට් එකයි පාවිච්චි කරන කෙනෙක්ට ඕන එකක් හැක් කරන්න පුළුවන්.

    ReplyDelete
  11. me sanwada me lipi hondai wikaren inna ayata.thaman hondai thamange lipi hondai kiyala thamanma kiyaganna unu dahadura sanskruthiya wathayak neweida?tikak serious hithala me rogee manasika awakasaya wenas karaganna hithamu.

    ReplyDelete
  12. I don't think even for a second, it was hacked. If it had been hacked, the hacker will not just delete the content of such a well-known blog, rather manipulate in way to gain something out of it or even to discredit the original author.

    Therefore, the reason for this is not clear (so far), But the most logical answer is, that the author him (more likely) or her self removed it for an unknown reason.

    ReplyDelete
  13. මේක හැක් කරලා නම් එකෙ වැරද්ද පොර ටොක් දිදි තමන්ගේ පාස්වඩ් එක පරිස්සන් නොකරගත් එකනේ...
    ලොකේ පෙරලිලා වගේ ඇයි දගලන්නේ

    ReplyDelete
  14. හොඳ උත්සාහයක්. ඒත් මෙයින්ම යම් යම් දේ පැහැදිළියි. මේ සම්බන්ධව කීමට ඇත්තේ මෙපමණෙකි.

    1. ටැබූ කලින්ද ප්‍රකාශ කළ පරිදි Taboo Subjects හා swimfanlk අනන්‍යතාව සඳහන් සියළු දේ සඳහා භාවිතා කරන ලද්දේ එකම මුරපදයකි. Yahoo සඳහාද භාවිතා කරන්ට ඇත්තේ එය විය හැකිය. (හරියටම මතක නැත.) කෙසේ වෙතත් ඒ මුරපදය තව දුරටත් Yahoo ගිණුම වෙනුවෙන් වැඩ නොකරයි. එය වෙනස් කිරීම හෝ (වීමට වඩාත් ඉඩ ඇති පරිදි) ගිණුම දීර්ඝ කාලයක් (වසර දෙකකට වැඩි කාලයක්) භාවිතා නොකිරීම නිසා විය හැකිය.

    2. අග ඉලක්කම් පෙන්වන දුරකථන අංකය මේ බ්ලොග් අඩවිය හා සම්බන්ධ පුද්ගලයකුගේ පැරැණි අංකයයි. (ඇත්තටම මේ ඔප්ෂන් එක සලකා බැලීමක් වත් සිදු නොකරන ලදී. හේතුව පහත දැක්වේ.)

    3. අනෙක් අතට මේ ගිණුම් දෙකම නැවත ලබා ගැනීම සඳහා ටැබූට කිසිම වෙහෙසක් දරන්ට අවශ්‍ය නොවීය. මේවායේ තිබුණේ පෞද්ගලික තොරතුරු නොව මේ බ්ලොග් අවවියටම සම්බන්ධ පාඨක ලිපිත් spam mail ගොඩකුත් පමණෙකි. මේ සිද්ධියෙන් පසු නැවත බ්ලොග් අඩවිය පටන් ගැනීමට කිසිසේත් නොසිතූ හෙයින් මේ ලිපින නැවත ලබා ගැනීම අවශ්‍ය නොවීය. ඒ සඳහා කිසිම උත්සාහයක් නොදැරෙණු ඇත.

    4. ඊ-මේල් ගිණුම් තුළ ඇති දේවලුත් බ්ලොග් අවඩි තුළ ඇති දේවලුත් කිව හැක්කේ හැක් කර ඒවා ඇතුළට ගිය කෙනෙකුට පමණකි. එසේ නම් මේ කමෙන්ටුවේ රචකයාද බ්ලොග් එක හැක් කළ පුද්ගලයාම විය හැකිය. — සීරියස්ලි අපි එසේ නොසිතමු. මේ මනඃ කල්පිත යාං හෑල්ලකි.

    5. ටැබූ, සූස්ති ගුණේ හා මොහොමඩ් එක් අයෙකුය කීමෙන් මේ බොරුව සම්පූර්ණයෙන්ම හෙළිවේ. කොට්ටෝරුවා කෙහෙල් ගසට ඇණ ඇත. මොහොමඩ් ගැන මම නොදනිමි. එහෙත් සූස්ති ගුණේ අපේ අඩවියෙහි කමෙන්ට් කළ නිසා දනිමි. ඔහුට තුබුණේ විදේශීය රටක IP address එකකි. (මෙය සූස්ති ගුණේ කමෙන්ට් කළ අනෙක් අඩවි වල බ්ලොග් කරුවන්ටද පරීක්ෂා කර බැලිය හැකිය.)

    6. මේ සිද්ධියෙන් පසු තමන් මුහුණ දෙන පෞද්ගලික අවදානම ගැන තක්සේරුවක් කළ ටැබූ බ්ලොග් එක කිරීමෙන් ලබන මානසික තෘප්තිය ඒ අවදානම සාධාරණීකරණය නොකරන බව වටහා ගත්තේය. බ්ලොග් එක තව දුරටත් නොපවත්වාගෙන යාම තුළ නැතිවූ කිසිවක් යළි ලබා ගැනීම පිණිස උත්සාහ නොදරණ ලදී. ඉදිරියේදී උත්සාහ නොදැරෙණු ඇත.

    වර්ගවාදීන් මේ බොරුව තව දුරටත් ගෙන යන්නේ මන්ද?

    - Taboo

    ReplyDelete
  15. හිරු මල්ලි : ගොංපාර්ට් එපා. අපිත් IT තමා කරන්නෙ. ඕව ගිහින් කියපන් කලු කොට කැත චීනුන්ට.

    ඒක නෙමේ, උඹ කොහෙන්ද "ඔය විදියට" හැක් කරන්න පුරුදු උනේ? ඔය වගේ බූරු කතා කියන / උගන්නන එකම එකයි මම ලංකාවටම දන්නේ.

    ReplyDelete
  16. ටැබූගේ එහෙයියන්(වඳුරු) රැල තනිවෙලා නෑ! මෙන්න ටැබූගෙ අලුත් බ්ලොග් එක!
    http://eyugaya.blogspot.com/2011/03/blog-post_12.html

    ReplyDelete
  17. ටැබූ;

    මා කී ලෙසම හිරු මල්ලි හරි හෝ වැරදි කියා කීම නොවේ මගේ අවශ්‍යතාවය. ඔහු කල් ඉකුත් වූ පොස්ටයක ලියා ගිය කතාව දැක ගැනීම හා ඊට ඔබේ මතය එක් කිරීමට ඉඩක් දීම සාධාරණ කියා සිතුවා.

    හිරු මල්ලි ඔබ ගැන කෙළක් නැතිව විස්තර කිව්වට ඔබ කවුරුන්දැයි නොදන්නා අපට ඒවා සාධක නොවේ. එමෙන්ම හිරු මල්ලි මේ කරුණු දැන ගත්තේ ඔහු කියන ලෙසට සේවා දායකයා තුලින් [මට තේරෙන හැටියට] ඇවිදින් ද, නැත්නම් ඔබේ පාස්වර්ඩ් හොරකම් කල හැකර් ඔහු ම වීමෙන් ද කියා අපට වෙන් කර ගත නොහේ. විචල්‍ය අතිරික්තය හා පිළිතුරු මැට්‍රික්ස් එකේ කතාව තවමත් එහෙමමයි. එහෙම්ම තිබ්බදෙන්. ඒක පැත්තකින්වත් කිසිවක් විශ්වාස කිරීම මගේ ස්වභාවය නොවේ.

    ඔබට තාවකාලික සමු දීමක්. නැවත හමුවෙමු.

    ReplyDelete
  18. ෆේස් බුක් වලින් ඔහුගේ අගට 86 ඇති ෆොන් නොම්බරය අයින් කලේ ඇයි?

    ReplyDelete
  19. http://www.youtube.com/watch?v=03tVUfYyqXo&feature=related

    ReplyDelete
  20. 1. ආයි පාරක් බ්ලොග් එක පටන් ගන්න බැරි හේතුව විදියට Taboo කිව්වේ මුල ඉඳන්ම, ඊමේල් ගිණුමේ ඉඳන්ම පටන් ගන්න වෙනවා, සින්ඩි නැතුව ප්‍රචාරය කරන්න වෙනවා වගේ කතා. ("ඊ-මේල් ගිණුමෙහි සිට අප පටන් ගත යුතුය. එසේම පැරණි, කාටත් මතක තිබුණු ලිපිනය වෙනුවට නව ලිපිනයක් තෝරා එය සින්ඩි වලින් ලබන අනුග්‍රහයක් නැතිව ජනප්‍රිය කරවිය යුතුය"). ඊට අමතරව bakup බ්ලොග් එකකුත් තියන බව කනිෂ්ක පෙන්නුවා. ඊ නිසා recovery එක හරිම ලේසිය්!

    ඊ නිසා, Taboo ගේ කලින් excuse එක බොරුවක් බව දැන් වත් Taboo පිලි ගන්නවද? අවශ්‍ය නං ලේසියෙන්ම පරණ ඊමේල් ගිනුමත්, බ්ලොග් එකත් recover කර ගන්න පුළුවන්.

    එක වහන්න දැන් Taboo කියන්නේ හැක් වෙච්ච නිසා ආයිත් බ්ලොග් නොකරන්න හිතා ගත්ත කියලා. එහෙම වුනා නං ඔය "මුල ඉඳන් අලුතෙන් ඊමේල්, සයිට් හදහන එක අමාරු නිසා, වැඩේ ඇත හැරලා දැම්මා" කියල ඉස්සරවෙලා කියන්න හේතුවක් නැහැ නේ.

    2. Taboo ගේ ඊමේල් එකයි බ්ලොග් එකයි හැක් කරපු කට්ටිය දැන් වත් Taboo දාපු recovery emai /phone no වෙනස් කරන්නේ නැහැ. Taboo ට ඕන වෙලාවක recover කරන්න ඉඩ දීල තියෙන්නේ එයාල. බලන්න හරි කරුණා වන්ත හැකර් ලා. :-) :-) Taboo ට ඕන නං ආයි පාරක් බ්ලොග් එකයි, ඊ මේල් එකයි recover කර ගන්න ඉඩ දීල ඉන්න හකෙර් ලා. ටබෝඕ ට ඔච්චර ආදරේ හැකර් Taboo ම නිසා නේද?

    ReplyDelete
  21. Anonymous (March 12, 2011 6:07 PM),


    "ෆේස් බුක් වලින් ඔහුගේ අගට 86 ඇති ෆොන් නොම්බරය අයින් කලේ ඇයි?"

    What do you mean? Can you explain? Who had listed a ***86 number on facebook?

    ReplyDelete
  22. pOSTED BY pukkusathi in the PERAMUNE RALA BLOG

    Taboo තමාවම හැක් කරගෙන මේ පණපොවමින් සිටින්නේ ටෙලි චරිතයකට බව මේවන විට සැකයක් තිබිය නොහැක. එවන් සැකයක් කාට හෝ තවමත් ඇත්නම් ඒ Tabooගේ රංගනයට ආලෝකකරණයෙන් (හෙවත් පහන ඇල්ලීමෙන්) දායක වූවකුටම විය යුතුය. Tabooගේ රංගනය ප්රබලය. එහෙත් ඔහුගේ අවාසනාවකට මෙන් තිර රචනය දුර්වලය. ඒ ඇතැම්විට පිටපතද ඔහුගේම නිසා විය හැක (මහින්ද අබේසුන්දර වුවද මීට සාර්ථක තිර රචනයක යෙදෙනු නොඅනුමානය). තිර රචකයා ටෙලිය අධ්යක්ෂණය කරමින් එහි ප්රධාන චරිතයද රඟපෑමට ගිය විට මෙවන් අකරතැබ්බයන්ට ලක්වීම ස්වාභාවිකය.

    කෙසේ වෙතත් මේ ‘කෙටි’ සන්නයේ අරමුණ තවදුරටත් Tabooව විග්රහ කර ගැනීම නම් නොවේ (සරත් ෆොන්සේකා නම් දක්ෂ යුධ හමුදා නිළදාරියා ඔහුටු දැමුණු හුරේ අසා අවාසනාවන්ත ලෙස දේශපාලඥයකු වන්නට තීරණය කරන්නේ යම් සේද, Taboo නම් දක්ෂ කුණුහරප රචකයා ඔහුට දැමුණු හුරේ අසා තමාට සමාජ විශ්ලේෂකයකු විය හැකියැයි සිතනුයේද එසේමය. සරළ ට්රැජි-කොමඩියක් වන මෙහි අමුතුවෙන් විග්රහ කිරීමට යමක් නැත). Tabooගෙ රඟපෑම පසෙක තිබියේවා, මේ සන්නයේ අරමුණ මේ ටෙලිය අතර මග විකාෂය වුණු ‘ටියුශන් ක්ලාස් ඇඩ්ස්’ කිහිපයක කියැවුණු ටියුශන් මාස්ටර්ලා දෙදෙනෙකු ගැන අවධානය යොමුකිරීමයි.

    සිතුමිණි රත්නමලල පුක්කුසාතී හඳුනයි. ඒ ලඟින්ම නොවේ. නමුත් එපමණ දුරින්ද නොවේ. ශ්යාමන් හේමකොඩිවද පුක්කුසාතී හඳුනයි. ඒ දුරින් නොවේ. නමුත් සිතුමිණි තරම් ලඟින් නම් නොවේ. මින් සිතුමිණිගේ නම ඉතාමත් සැක කටයුතු ලෙස මේ නාටකයට ඈඳුවේ Taboo විසින්මය. ශ්යාමන්ගේ නම කෙසේ කොතැනකදී ඈඳුනාදැයි පුක්කුසාතීට නම් නිච්චියක් නැත. මේ වන විට විවිධ පුද්ගලයන් (රාළද ඇතුළුව) මේ චරිත දෙක Tabooට අන්දවාගෙන නොයෙක් ප්රවාද ගොතනු දැකිය හැක. කිසිවක් නිෂ්චිත නොවන මේ මොහොතේ එහි වරදක් කිව නොහැක. නමුත් පුක්කුසාතීගේ නම් අදහස Taboo සිතුමිණිවත් ශ්යාමන්වත් නොවන බවය. එපමණක් නොව කොහේවත් සිටි සිතුමිණිගේ ඇඩ් එකක් මේ ටෙලිය අතර තුර හීන් නූලෙන් විකාෂය කිරීම Tabooගේ තවත් කුපාඩිකමක් විය හැකි බවද ඔහුගේ විශ්වාසයයිි. Tabooගේ ස්වයං හැක්වීම කෙසේ වතුදු ඔහුගේ නිර්නාමිකත්වයට යම් තර්ජනයක් තිබූ බවට සැකයක් නැත. Taboo සිතුමිණිව ගෑවීම හරහා මේ ගසනුයේ red herring වර්ගයේ ගැටයක් බව පුක්කුසාතිගේ අනුමානයයි.

    අවාසනාවකට මෙන් සිතුමිණිට Tabooගේ ගැටය තේරුම් ගනීමට තරම් විචක්ෂණබවක් නැත. Taboo වැනි වෘත්තීය ටෙලි නලුවකුගේ අභිනයන් තේරුම් ගැනීමට තරම් විවේකී බුද්ධියක්ද සිතුමිණිට නැත. ලෙනින් වර්ගයේ තොප්පි පැළඳ දිගු හිම කබා ඇඳ බෙල්ල වටා සීතළට අඳින සාටක ඔතාගෙන ලෙනින්ට ඇඳ මුහුණුපොතේ පිංතූර දමා දේශපාලනයේ හය හතර නොදන්නා නංගිලා (සහ වේලි වේලි සිටිනා අක්කලා) ඉදිරියේ සිඟිති වාමාංශික ආතල් දීමට වළිකන සිතුමිණිට වඩා Taboo යනු සංකීර්ණ තෙම්පරාදු චරිතයකි. ඒ කිසිත් නොදන්නා සිතුමිණි තව තවත් w3lanka වැනි බ්ලොග් වලින් තම status updates පුරවමින් තමුන්ට නොතේරෙන දේශපාලනයක් ආරූඩ කර ගැනීමට ගොස් එම උගුලේම පැටලෙයි. Tabooට නොදෙවෙනිව තමුන්ටද තර්ජන ඇතැයි පෙන්වීමටදෝ හෙතෙමේද ‘මනෝරාජික සිංහල ගෝත්රවාදීන් රොත්තකට’ පලු යන්න නෙළයි. Taboo තමුන්ගේ ගිණුම් හැක් කර ඇතැයි කියන විට සිතුමිණිද තමුන්ව හැක් කිරීමට උත්සාහා ගෙන ඇතයි ආඩම්බරයෙන් පවසයි.

    ශ්යාමන් ගැන මෙපමණක්වත් කීමට දෙයක් නැත. සරළ සමීකරණයකින් කියන්නේ නම් ශ්යාමන් මේ වනවිට සපුරමින් සිටින්නේ සිතුමිණි විසින් Tabooට කරන සේවයයි. සිතුමිණි කඩේ යන්නේ Tabooට නම් ශ්යාමන් කඩේ යන්නේ සිතුමිණිටයි. වෙනසකට ඇත්තේ තම සේවා දායකයා (එනම් සිතුමිණි) වෙනුවෙන් කුණුහරුප කීමට වුව ශ්යාමන් නොපැකිළීම පමණි (එම කුණුහරුප ශ්යාමන් හෝ සිතුමිණි විසින් පසුව ඉවත් කරන ලද බවත්, කුණුහරප ලියා ශ්යාමන් නෝන්ඩි වූ බව වහා තේරුම් ගත් සිතුමිණි ඒවා ශ්යාමන් ලියූ ඒවා නොවන බව හැඟවීමට ශ්යාමන්ගේ ගිණුමද හැක් කර ඇතයි කියා නැවත වටයකින් ‘සිංහල ගෝත්රවාදීන්ට නෙළූ බවත් වෙනම කරුණකි).

    දැං මෙය කියවා ‘සිංහල ගෝත්රවාදීන්’ තමුන්ගෙ friends list එකටද රිංගා ගෙන ඇතැයිද තමුන්ගේ ජීවිතවලටද තර්ජනයක් ඇතැයිද යනුවෙන් පාරම්බෑමට උවමානවක් නැත. මෙයින් සිතුමිණි සහ ශ්යාමන් උගත යුතු වැදගත්ම පාඩම නම් (මෙය කියවන්නේ නම්) තමුන් පොරවල් නොවන බවය. ඔබලාට කාගෙන්වත් තර්ජනයක් තිබිය නොහැක. යමෙක් ඔබලාට තර්ජනාත්මකව හැසිරෙන්නේ නම් ඒ ඔබලා බයිට් කිරීමට මිසක ඔබලා සීරියස් පොරවල් නොවන බැවිනි. ‘සිංහල ගෝත්රවාදීන්’ වුවද සරළ ෆන් වලට ආසය. ඒ ඔවුන්ගේ හැටිය. ඒවා දැක අනවශ්ය ලෙස පාරම්බෑමට ගොස් Tabooගේ උගුල්වලට හසුවීම නම් කණගාටුදායකය.

    ReplyDelete
  23. Taboo is not anyone you think he is.
    To uncover taboo think you should read Dr Jekyll and Mr Hyde :)
    Why is that ?
    Well because Taboo had successfully fooled all of us
    Taboo- If you are reading this - I know who you are . Sleep well. Cos I'm not gonna tell any one

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා