දි(රච්ච) මු(ල්)ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම

(2011 මාර්තු 14, W3Lankaඑජාපය දි(රච්ච) මු(ල්)ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සැරසෙන බව වාර්තා වේ. 


දි(රච්ච) මු(ල්)ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ ඔහු පිළිබඳ මෙතෙක් කල් විශ්වාසයෙන් කටයුතු කළ නිසා වෙන්නට ඇත. එසේ නම් වරද ඇත්තේ දි(රච්ච) මු(ල්) අත නො ව, විපක්ෂය අතේ ය. 


දි(රච්ච) මු(ල්)ට මගඇතිකම දුන්නේ ඔය ලියා දෙන දෙයක් කියා ආණ්ඩුව ගානේ උණුවතුර ටිකක් නා බුදුසරණ පත්තරේ බලාගෙන නහින දෙහින කාලය ගත කරන්නටයි. 


එසේ ම, සිරිසේනලා, සිරිපාලලා වැනි මගඇතිකමට කෙළ හළමින් සිටින එවුන්ට කෙළ අජීර්ණයක් ඇති වී කෙළ වෙනකල්‍ කෙළ ම හළ හළා  ඉන්නට සලස්වන්නට ද, පොඩි මල්ලී කපාගෙන ‍ලොකු පුතා උඩට එනකල් කල් අල්ලන්නට ද දි(රච්ච) මු(ල්)ට මගඇතිකම දෙන ලදී. 


මේ පුටුවේ වාඩි වන අය කියන කියුම් සීරියස් ගන්නවා නම් දැන් සුද්දෝ පස්ස පැත්ත ටොයිලට් පේපර්වලින් පිස දැමීම නවත්වා සීතල වතුරෙන් සෝදාගෙන අතන වැටුණු හිරිය ඇර ගන්නට හොරණ ඇවිත් ඉන්නවා විය යුතු ය. 


දි(රච්ච) මු(ල්)ගේ කියුම් ඉන්දියාව පයේ මාපටැඟිල්ලේ නියපොත්තෙන් උඩට ගන්නට නැත. 


සමහර විට එජාපයට මේ දවස්වල වෙන වැඩක් නැතුවා විය හැකි ය. අපටත් අද ලියන්නට දෙයක් හමු වුණේ නැත.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Sri Lanka donate $10M to aid japan tsunami disaster recovery (Lankadeepa). You may find this interesting to write an article about. :D

    ReplyDelete
  2. Para,
    May be beyond frame had been hacked too. please check.

    ReplyDelete
  3. මේවා විපක්ෂ-බටහිර-කොටි හවුලේ වැඩ නොව දේශප්‍රේමයෙන් ඔද වඩුන අය කරන වැඩය.

    http://www.youtube.com/watch?v=kxEK2rVOVqA

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා