එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අවශ්‍ය මහින්දට ආදේශකයක් නොව විකල්පයකි

(2011 මාර්තු 23, W3Lankaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා විවෘතව නාම යෝජනා ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස ඊයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී අසමත් විය. 


ජනමාධ්‍යවලට කුමන අන්දමේ කයිවාරු ගැසුවත්, පක්ෂ නායකත්වය වෙනස් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුව ගත යුතුව තිබුණු මූලික පියවර වූයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී ඡන්දයකට මුහුණ දීමයි. 


කෘත්‍යාධිකාරී කමිටුවේ වැඩි බලයක් රනිල් වික්‍රමසිංහට තිබුණු බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙම තත්වය හමුවේ ඡන්දයකට නො ගොස් සම්මුතිකට එළඹීමට අවසාන මොහොතේ සජිත් පාර්ශ්වය තීරණය කළ බවක් ද පෙනෙන්නට තිබේ. 


ආණ්ඩුව විසින් පුම්බන ලද සජිත්ගේ හුළං ආණ්ඩුව විසින් ම දැන් අරිමින් සිටින අන්දම රජයේ මාධ්‍ය හරහා දැකිය හැකි ය. 


සජිත් වනාහි මහින්දට විකල්පයක් නොව ආදේශයක් පමණි. මහින්දට ආදේශක ඕනෑ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් සොයා ගත හැකි ය. ඒ සඳහා විපක්ෂයක් අවශ්‍ය නැත. 


අනෙක් පැත්තෙන් සජිත් යනු සරත් ෆොන්සේකා තරමට හෝ මහින්දට අභියෝගයක් විය නො හැකි 'ගේමක් නැති' ආදේශකයකි. තවමත් ලංකාවේ දේශපාලනයේ යට තලයේ වැදගත් සාධක වන කුලය ද සජිත්ට බලපාන්නේ අවාසි සහගත ලෙසයි. එසේ ම, ඔහු විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රේමදාස යුගයක් නැවත ඇති කිරීම වනාහි කොටින්ට ආයුධ දීම, 1989 තරුණ සංහාරය වැනි අවාසි සහගත කාරණා සමග බැඳී ඇති දෙයකි. 


සජිත්ව එක්සත් ජාතික පක්ෂය දුබල කිරීම සඳහා ඇති තරම් කඩේ යවා ගැනීමෙන් පසු ආණ්ඩුව දැන් ඔහු අතහැර දමා තිබේ. ආණ්ඩුවට ඔහු බේරා දීමට අවශ්‍ය වූවා නම්, තංගල්ල නගර සභාව හෝ දිනා ගැනීමට ඔහුට උදව් කරන්නට තිබිණි. රනිල් ප්‍රබල අභියෝගයක් බවට පත් වුවහොත් පමණක් ආණ්ඩුවට නැවත සජිත් ප්‍රේමදාස අවශ්‍ය වනු ඇත. 


එහෙත්, කොටි නැති, ජවිපෙ දුර්වල වූ වර්තමාන සංදර්භය තුළ ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් බාහිර සතුරකු අවශ්‍ය වී තිබේ. එහෙම එකක් නැති වුවහොත්, රාජපක්ෂ පවුලට සිය පවුල් ආධිපත්‍යය පවත්වා ගැනීම දුෂ්කර විය හැකි ය. 


අවශ්‍ය වන්නේ මහින්දට විකල්පයක් නම්, රනිල් සජිත්ට වඩා ඉදිරියෙනි. ඔහු මතවාදී වශයෙන් ද, දේශපාලන පෞරුෂයෙන් ද, පංතිමය වශයෙන් ද මහින්දට විකල්පයකි. 


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තිබෙන අභියෝග මධ්‍යයේ රනිල්ගේ ස්ථිරසාර පැවැත්ම ම ඔහුගේ දේශපාලන පෞරුෂයේ ප්‍රකාශනයකි. ඔහු අලෙවි කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට බැරි වී තිබෙන්නේ ඇයි ද යන්න වෙන ම කාරණයකි. 


එක්සත් ජාතික පක්ෂයට රනිල් මාකට් කිරීමට බැරි වී තිබෙන්නේ එය උත්සාහ කරන්නේ රනිල් මහින්දට ආදේශකයක් ලෙස පෙන්නීමට උත්සාහ කිරීම නිසා ය. මහින්දගේ සිංහල බෞද්ධ ජාතිකවාදයට, ඒකාධිපතිවාදයට, ගැමිකමට, පිරිමිකමට ආදේශකයක් වීමට රනිල්ට තබා චම්පික රණවකටවත් කවදාවත් බැරි ය. 


එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළ යුත්තේ රනිල්ගේ උගත්කම, බුද්ධිමත්කම, ලිබරල් මතවාදය, පංතිමය සංස්කෘතිය වැනි මහින්දට විකල්ප වන පැතිකඩ සම්බන්ධයෙන් ‍නව වෙළඳපොලක් හැදීමටයි. 


කොටින් ම කියනවා නම්, ලංකාවේ ව්‍යාජ මනෝ පුරවැසියාගේ නායකයා වී සිටින මහින්ද රාජපක්ෂට එදිරිව ශාරීරික යථාර්ථවාදී මිනිසාගේ නායක ප්‍රතිරූපය ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමයි. 


මෙය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම්, ලංකාවේ ව්‍යාජ මනෝ පුරවැසියා බටහිර විරෝධියෙකි. එහෙත්, සත්‍ය යථාර්ථවාදී ශාරීරික මිනිසා වනාහි ග්‍රීන් කාඩ් එකෙන් හෝ දේශපාලන රැකවරණයෙන් හෝ බටහිරට ගොස් එහි 'සෙට්ල්' වීමට සිහින දකින බටහිර වන්දනා කරන්නෙකි. රනිල්ට තිබෙන්නේ, අර ව්‍යාජ පුරවැසියා මහින්දට ම භාර දී, යථාර්ථවාදී මිනිසා වෙනුවෙන් විවෘතව පෙනී සිටීමයි. 


සටනක් නිර්මානය කළ හැක්කේ එතැනයි. එතැන පමණයි. 


රනිල් නියම නායකයකු බවට පරිවර්තනය වීමට කැමැත්තක් දක්වන්නේ නම්, දැන් ඔහු කළ යුතුව තිබෙන්නේ තමන්ට කැපූ එවුන් ටික තොග වශයෙන් ආණ්ඩුවට භාර දී චක් ගෝලයන් පිරිසක් වට කරගෙන ජෝගි නැටීම නො ව, ඔහුට අභියෝගයක් වූ සජිත් ප්‍රේමදාස පක්ෂ නියෝජ්‍ය නායකත්වයේ රඳවාගෙන තරගකාරී පරිසරය පක්ෂය තුළ දිගට ම පවත්වාගෙන යාමයි.  සජිත් ප්‍රේමදාස පක්ෂය තුළ රැඳීම පක්ෂයේ බහුවිධ ස්වරූපය පුළුල් කරන හේතුවකි. එසේ ම, ඔහු වැනි ප්‍රබල අභියෝගයක් පැවතීම නායකත්වය පරීක්ෂා වීම සඳහා යහපත් කරුණකි. 


රාජ්‍ය නායකත්වය අපේක්ෂා කිරීමට පෙර සජිත් ප්‍රේමදාස තව බොහෝ පරිණත විය යුතු ය. අංක එක වන්නේ ශූර, කපටි නායකයකු වූ මහින්ද රාජපක්ෂගේ ගැටවලට අසු වූ කඩේ යන්නකු වී එක්සත් ජාතික පක්ෂය දිය කර හරින්නකු ලෙස ඔහු කරන වත්මන් භූමිකාව ඔහු අත්හැරිය යුතු ය. නැතිනම්, දැන් ම ආණ්ඩුවට බැඳී නාමල් රාජපක්ෂ යටතේ රස්සාවක් සොයාගෙන ඔය ආණ්ඩුවට කරණම් ගැසූ මහින්ද සමරසිංහලා සේ දෙන දෙයක් කා පාඩුවේ ජීවත් විය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. you have read the situation correctly. Sgith is still not ready

    ReplyDelete
  2. අවංකම කතාව ඔබතුමා ලිපියෙ ලියල තියනව , මේ අය තෙරුම් නොගන්න ප්‍රධානම දේ තමයි මහින්ද ක්‍රමය අනික් කාටත් වඩා හොඳට කරන්න මහින්ද මහත්තයට පුලුවන් ය කියන එක . එජාපය ඇතුලෙ තවත් මහින්ද කෙනෙක් හදන්නෙ නැතුව රනිල් මහත්තය ගේ මතවාදය ජනතාවට සමීපකරන එකයි කෙරෙන්න ඔනි . එතකොට මහින්ද ක්‍රමය එපා උන දවසකට මිනිස්සු ඒ විකල්පය තෝරගනියි . ඒත් මට තියන ප්‍රශ්නෙ රනිල් මහත්තයවත් ඒකට සූදානම් ද කියන එකයි

    ReplyDelete
  3. April venakota balaya gannava gannava kiyala punapuna kivva me manussaya kruthyadikaree mandalaya thula thama namavath, idiripath karannata tharam shakthiyak thibunada, thavama nemey kavama datavath mohu lankavenayakathvayata sudusu naha ,meyay meyage ammay rata kapu hati apata thavamath amathaka naha, sadde dammata vada naha ,adu kale selave kiyanne okatay,

    ReplyDelete
  4. ධනවාදය විවේචනය කරමින් නව සමාජවාදයක් සඳහා වූ ලෝක සංවාදය හා සමග සම්බන්ධ වන්නට උත්සාහ කරන්නේ යැයි කියන, දේශපාලන පරමාදර්ශයක් ලෙස සමාජවාදය අලුතින් අර්ථකථනය කරන්නට උත්සාහ දරන්නේ යැයි කියන W3, නියම නායකයකු බවට පරිවර්තනය වීම සඳහා රනිල්ටද, රාජ්‍ය නායකත්වය අපේක්ෂා කිරීමට පෙර පරිනත විය යුතු අන්දම ගැන සජිත් ප්‍රේමදාසට ද මහඟු අවවාද ගොන්නක් සපයයි!!!!!

    -Dimithry

    ReplyDelete
  5. පැරා හා එකග වෙමි. මේ සංවාදය තවදුරටත් ගෙන යෑමට පහත යොමුවෙන් මගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න.

    ශාන් - බුමුතුරුණු

    http://bumuthurunu.wordpress.com/

    ReplyDelete
  6. kadima lipyak W3. mama oba samaga ekagayi.

    ReplyDelete
  7. ගොඩක් කාලෙකින් හොද පෝස්ට් එකක් කියෙව්වා.

    ReplyDelete
  8. එළමකිරි talks ටික ..සහතික ඇත්ත..බොක්කටම වදිනවා

    ReplyDelete
  9. UNP has lots of things on its back...especially the corrupt system they created during 1977-94 by destroying the democratic practices which this country enjoyed since the 1930s

    Unless they do a self criticism, apologizing for their role in creating the Autocratic System and finally paving the way for the 'family regime' which we have to live with today the UNP cannot sell Ranil or any other leader in the UNP

    ReplyDelete
  10. සමාන ප්‍රතිචාරයක් ශාන්ගේ බුමුතුරුනු අඩවියේද පල කලෙමි.අජිත් පැරකුම් එජාපයේ නායකයන්ට උපදෙස් දීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?ශ්‍රීලනිපය හා එජාපය යනුවෙන් ධනපති පංතියේ පක්ෂ දෙකක් පවත්වා ගැනීමේ අදහස ධනේශ්වර ක්‍රමය අවුලක් නැතිව පවත්වා ගැනීමයි.ක්‍රමය සුසර කොට තිබෙන්නේ එක් පක්ෂයක් අත ආන්ඩු බලය රැදවීම හා අනෙත් පක්ෂය විපක්ෂයේ තැබීම මත,ආන්ඩු බලයේ සිටින පක්ෂය අප්‍රසාදයට ලක්වන විට ස්වයංක්‍රීයව අනෙත් ධනපති පක්ෂය බලයට එන පරිදිය.රාජපක්ෂගේ පවුල්වාදී රෙජිමය විසින් එසේ සුසර කොට තිබූ ධනේශ්වර ක්‍රමයේ දේශපාලනය පෙරමුන එක්තරා දුරකට අවුල් කොට තිබේ.(පංතිමය අවශ්‍යතාවන්ට ඉහලින් පවුල්මය අවශ්‍යතා තැබීම හරහා)මේ නිසා ලංකාවේ ධනපති පංතියේ සාම්ප්‍රදායිකව බලය හෙබවූ දක්ෂිනාංශික කොටස් සහ මහින්දගේ පවුල්වාදී නව ප්‍රභූ කොටස් අතර ප්‍රතිවිරෝධයක් හටගෙන ඇත.මේ ප්‍රතිවිරෝධය ආධිපත්‍යය සම්බන්ධයෙන් ප්‍රභූ දෙපිරිසක් අතර හටගෙන තිබෙන ආරෝවකි.මේ ආරෝවේදී වාමාංශිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද?එක් කන්ඩායමක් පලවා හැර ජයගන්නා අන්දම ගැන අනිත් කන්ඩායමට ටියුෂන් ලබා දීමද?එජාපය ජයගත්තත් කිරීමට නියමිත ධනේශ්වර සංවර්ධන වැඩ ඉතා අගනා ලෙස මේ වනවිටත් උතුරු නැගෙනහිර ඉඩම් කුනුකොල්ලෙට විකුනා දමමින්,ධීවරයන්ගේ ජීවිත මත සී ප්ලේන් බස්සමින් සිදුවෙමින් තිබේ.පීඩිතයාගේ පාර්ශවයේ සිට බලනවිට එජාපය නැගිට්ටාය කියා ඇතිවන යහපත කුමක්ද?

    ReplyDelete
  11. එමෙන්ම රනිල් දැන්වත් සිය අසාමාන්‍ය ලිංගික චර්යා නැවැත්විය යුතුය. සාමාන්‍ය ලිංගික හැසිරීම් පෙන්විය යුතුය. මෙය නිදසුනකින් පැහැදිලි කරන්නේනම් තරුණයන් වෙනුවට තරුණියන්ට ලොල් විය යුතුය.

    ReplyDelete
  12. තොපිට කියන සිංහල තේරෙන්නැත්නම් අපිට කරන්න දෙයක් නෑ...තොපිට හැම දාම විපක්ෂෙ ඉන්න ඕන්නම් අපිට ප්‍රශ්නයක් නෑ...ඒත් ඉතින් සන්ධනෙ උන්ගෙන් හැමදාම *කේ ඇරගෙන තමයි ඉන්න වෙන්නේ අපිට! පො*න රනිලව එලෝල අපිට සජිත් මහත්තයව ඕනා.....

    ReplyDelete
  13. mahindatath agata nodani banala thiyanawa ..... niyamai....

    ReplyDelete
  14. මේ බ්ලොග් එකේ මම දැකපු හොඳම ලිපි වලින් එකක්. එත් ප්‍රශ්නේ කියන්නේ ඔබතුමාට තියන මේ මොලේ UNP එකේ ඉන්න උන්ට නැතිකමනේ. රනිල් වගේ නායකයෙක් තියාගෙන මහින්දට ආදේශකයක් හොයනව? UNP එකේ උන්ටත් ඕනේ ගමේ නියරේ ඇවිදලා , සින්දුවක් කියල ,මගේ රට කියල පපුවට ගහගන්න කාඩ්බෝඩ් වීරයෙක්.

    ReplyDelete
  15. හරියට හරි රාමචන්ද්‍ර.. මේ කල්ලීන් අතර ඇති අර්බුද හරහා ප්‍රකාශ වන ඇඟවුම් තේරුම් ගැනීම සහ විශ්ලේශනය කිරීම ඉතාම වැදගත් බව කිව යුතුයි. ඒ හැර ඒවා සමනය වීම තුල අපට අත්වන සෙතක් නැති බව ඉතා පැහැදිලියි.

    කෙසේ වුවත්, මෙම පෝස්ට් එක හුදීජන පාවෙන චන්ද වලට නම් ආශ්වාදයක් ගෙන දී ඇති බව පෙනෙන්නට ඇත. W3 ලියන්නෙ ඒ අය වෙනුවෙන්ද?

    - Dimithry

    ReplyDelete
  16. as a writer said, UNP have not been able to market Ranil. That is why jokers like Sajith have a chance to clown himself- free thinker

    ReplyDelete
  17. "ලංකාවේ ව්‍යාජ මනෝ පුරවැසියා බටහිර විරෝධියෙකි. එහෙත්, සත්‍ය යථාර්ථවාදී ශාරීරික මිනිසා වනාහි ග්‍රීන් කාඩ් එකෙන් හෝ දේශපාලන රැකවරණයෙන් හෝ බටහිරට ගොස් එහි 'සෙට්ල්' වීමට සිහින දකින බටහිර වන්දනා කරන්නෙකි"

    very true..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා