Posts

Showing posts with the label සජිත් ප්‍රේමදාස

කොම්ප්‍රදෝරු ධනපති එජාපයේ බැරිබැරියාවේ රෝග ලක්ෂණ දෙකක් වන රනිල් හා සජිත්

Image
එක්සත් ජාතික පක්ෂයේ නායකයා හා අනාගත ජනාධිපති වන්නට පෙරුම් පුරමින් සිටින සජිත් ප්‍රේමදාස මේ දිනවල භූමිතෙල් ගෑවුණු ගැරඬියකු සේ දඟලමින් රටට ම විහිළු සපයමින් සිටියි. මංගල සමරවීර වැනි රනිල් හිතවාදීන් විසින් සජිත්ගේ නියම නිලයක් අල්ලා තිබේ. ඒ වනාහි ඔය කියන තරම් ජනප්‍රිය නම් දකුණු පළාත් සභාවට තරග කර ඒ ජනප්‍රියත්වය පෙන්වන්න ය කියා ය. 2010 මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප 147,566ක් ලබා ගනිද්දී සජිත් ප්‍රේමදාස ලබා ගත්තේ මනාප 74,467කි. සජිත්ගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වුණේ ඡන්ද 83027ක් පමණි. දිනා ගත්තේ ආසන දෙකක් පමණි. පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආණ්ඩුවට එක් වූ දයාසිරි ජයසේකර නම් අභියෝග රැසක් මධ්‍යයේ සිය ජනප්‍රියත්වය ප්‍රදර්ශනය කළේ ය. සජිත් වෙත මේ අභියෝගය එල්ල වූ කල ඔහු නපුංසකයා, අවජාතකයා වැනි අශිෂ්ට වචනවලින් පවා රනිල් පිලට බනින්නට පටන් ගෙන ඇත. ඔහු වැරදි නැත. දකුණු පළාත් සභාවේ මහ ඇමතිකමට තරග කළොත් සජිත්ගේ සායම යන බව නියත ය. ඒකෙන් සිදු වන්නේ ජනාධිපතිවරණයට ඉල්ලා කිච වන්නට තිබෙන අවස්ථාවත් අහිමි වන එක ය. එක්සත් ජාතික පක්ෂයේ...

රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානය

Image
ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ලංකාවේ විපක්ෂය මේ වන විට අතිශය දුර්වල ය. එසේ වී තිබෙන්නේ විපක්ෂයේ දුර්වලකම නිසා ම නො වේ. විපක්ෂය දුර්වල කිරීම ගොඩනැගෙන ඒකාධිපතිත්වයක ප්‍රධාන ලක්ෂණයකි.  ඒකාධිපතීන් විසින් දේශපාලනයේදී ප්‍රවර්ධනය කරනු ලබන්නේ විනය හෝ ප්‍රතිපත්ති ගරුකත්වය හෝ නො වේ. ඔවුන් විසින් දිරි ගන්වනු ලබන්නේ දූෂණය, පාවා දීම, දීනකම වැනි දේ ය. දේශපාලනයට පිවිසෙන පසුගාමී ධනේශ්වර කොටස් අල්ලස් හා වරදාන ඔස්සේ තමන් වෙත ආකර්ශනය කර ගැනීමෙන් ඒකාධිපති පවුල විසින් විපක්ෂය සම්පූර්ණයෙන් ම දුර්වල කර දමන ලදී. ඒ සමග ම සමස්ත දේශපාලන ප්‍රජාව ම මහා දූෂිත මානසිකත්වයකින් හා අපේක්ෂා භංගත්වයකින් වෙළා දමන ලදී. ප්‍රතිපත්ති නො තකන, උපයෝගිතාව ම එක ම ප්‍රතිපත්තිය වූ නායකත්වය විසින් ඔවුන්ට ම ගැලපෙන දේශපාලන ප්‍රජාවක් ද නිර්මානය කරගෙන තිබේ.  මේ වන විට ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව වාමාංශික මුහුණුවරක් ඇති ජනතා විමුක්ති පෙරමුණ තුළ පවා සිටින්නේ අපේක්ෂා භංගත්වය මූලික ලක්ෂණය වූ අසහනකාරීන් පිරිසකි.   ලංකාවේ ක්ෂුද්‍ර බුර්ෂුවා පංතියේ අවශ්‍යතා යම් දුරකට නියෝජනය කරන...

එජාප අර්බුදය හැඳින්වීම සඳහා සුදුසු ම වචනය කාලකන්නිකමයි

Image
සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් රනිල් වික්‍රමසිංහ එළවීම සඳහා ඊයේ දියත් කරන ලද දැවැන්ත උද්ඝෝෂණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නායකත්වයේ වෙනසක් ඇති වන තීන්දුවක් ගැනීමට බල පෑ බවක් වාර්තා නො වේ.  කැරලිකාර පිලේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර හා රංජිත් මදුදුම බංඩාර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ මුත්, රෝසි සේනානායක, සුජීව සේනසිංහ ඇතුළු සිය පිළේ ක්‍රියාකාරිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුවට එරෙහිව හෝ ප්‍රබල මැදිහත්වීමක් කර නැති බව වාර්තා වේ.  සජිත් ප්‍රේමදාස මෙම රැස්වීමේදී බිසි බිල්ලකු සේ කිසිත් නො දොඩා සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තා කරන අතර, තවත් මාධ්‍ය පවසන්නේ ඔහු සිය දුක්ගැනවිලි කියා, 2011 මාර්තු 23 එකඟ වූ පරිදි සහයෝගයෙන් වැඩ කිරීමට කැමැත්ත පළ කළ බවයි. කැරලි ගසා එළියේ ජවුසන් නටන මෙම එජාප නායකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සර් ඉදිරියේ ඇඹරෙන බව පක්ෂ සාමාජිකයෝ කියති. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස් වී නායකත්වය කරු ජයසූරියට භාර දෙන ලෙස කියන්නට කිසිවකුට 'ගට' නො තිබුණු බව ද වාර්තා වේ.  කෙසේ වෙතත් එකක් ...

සජිත් දිනුම්! රනිල් පරාදයි!

Image
බලාගෙන යනකොට මේ රටේ යූඇන්පීකාරයෝ තවමත් පණ පිටින් ඉන්නවා ය. එහෙම දහ පහළොස්දාහක් අන්න විපක්ෂ නායක කාර්යාලය ළඟ රනිල් එළවන්නට යකා නටනවා ය.   එජාපයට තිබෙන ලොකු ම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ බව පෙනේ.  ආණ්ඩුව අපේ බඩට ගහනකොට, අපේ හත් මුතු පරම්පරාවට ම කෙළවෙන අන්දමින් මාටියා ගහනකොට, උන්ගේ හත් මුතු පරම්පරාවකට ම ඇති වෙන්නට හම්බ කරනකොට  මුන් හිටියේ කොහේ ද? උන් කටත්, පුකත් පියාගෙන හිටියේ රනිල් නිසා නම් ඉතින් එයා එළවා දමා හෝ මෙහෙම නැගිටිනවා නම් හොඳ ය.  අපි මෙච්චර කල් රනිල්ට පොඩි සපෝට් එකක් දුන්නෙමු. හේතුව, මිනිහා ධනපති පංතියට අයිති වුණත්, ලිංගික, ආගමික ආදී කාරණාවලින් පීඩිත ප්‍රජාවන්ට අයිති වන අයෙකු නිසා ය. ඒත් ඉතින් බැරි නම් මක් කොරන්න ද? ලංකාවේ ලිබරල් ධනපති පංතියත් මේ අලුත් රාජ්‍ය මූලික ධනවාදය හමුවේ අසරණ වෙලා ය. ඒත්, දැන් නම් මිහිහාට ආණ්ඩුව ෆුල් සපෝට් බව පෙනේ. සජිත්ට සිරිකොත වටලන්නට දුන්නා නම් මග නැගුමේ ගල් රෝල් දාගෙන සිරිකොත ඉදිරිපිට පාර වසා ගන්නවාට වඩා නම්බුකාර ය.  සජිත් ප්‍රේමදාස සටන්කාමී ලෙස ඉදිරියට එන එක ආණ්ඩුවට නම් අහිතකර ය. ‍එක පැත්තකින් රටේ මින...

ආණ්ඩුවේ කොළඹ දිනීමේ සටනේ නියමුවා සජිත් ප්‍රේමදාස

Image
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට හිටිහැටියේ කරු ජයසූරියව ද ඉස්සරහට දමාගෙන රනිල් වික්‍රමසිංහ කොහොම හරි එළවන ගායක් ඇති වී තිබෙන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. ඔක්තෝබරයේ දිවයිනේ ප්‍රධාන පෙළේ පළාත් පාලන ආයතන 23ක ඡන්ද පැවැත්වේ. ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොනවා කළත් දිනන්නට අසීරු ම පළාත් පාලන ආයනයක් වන්නේ කොළඹ මහ නගර සභාවයි. තමන් සංවිධානය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට කිසිදු තරගයක් දෙන්නට අසමත් සජිත් ප්‍රේමදාස දැන් සැරසෙන්නේ කරුවත් අල්ලාගෙන කොළඹ දිනවා වැඩකාරයා වන්නට ය. මේ වනාහි රූපවාහිනියෙන් කෑම හදන මල්ලිකා ජෝසප් පන්නයේ වැඩකි. මල්ලිකා ජෝසප් කෑම හදද්දී ලෝකේ තිබෙන සියලු ම රසවත් දේ එයට එකතු කරයි. ඒ ජාති එකතු කර නීරස කෑමක් හැදීම අතිශය අමාරු කාර්යයකි. එක්සත් ජාතික පක්ෂය කොළඹ දිනීම ද එවැනි ය. ව්‍යවස්ථාවට එරෙහිව පවා යමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාස මරාගෙන මැරෙන සටනක් කරන්නේ කොළඹ දිනීමේ සටන මෙහෙයවීමට ය. මේ පිටුපස පැහැදිලිව ම ආණ්ඩුව ඇත. සජිත් සටනින් දිනුවත්, පැරදුණත් ආණ්ඩුව දිනුම් ය. මෙයින් අනිවාර්යයෙන් ම එජාපය දෙකඩ වනු ඇත. එය සිදු වන්නේ කොළඹ මහ නගර...

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අවශ්‍ය මහින්දට ආදේශකයක් නොව විකල්පයකි

Image
(2011 මාර්තු 23,   W3Lanka )  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා විවෘතව නාම යෝජනා ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස ඊයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී අසමත් විය.  ජනමාධ්‍යවලට කුමන අන්දමේ කයිවාරු ගැසුවත්, පක්ෂ නායකත්වය වෙනස් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුව ගත යුතුව තිබුණු මූලික පියවර වූයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී ඡන්දයකට මුහුණ දීමයි.  කෘත්‍යාධිකාරී කමිටුවේ වැඩි බලයක් රනිල් වික්‍රමසිංහට තිබුණු බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙම තත්වය හමුවේ ඡන්දයකට නො ගොස් සම්මුතිකට එළඹීමට අවසාන මොහොතේ සජිත් පාර්ශ්වය තීරණය කළ බවක් ද පෙනෙන්නට තිබේ.  ආණ්ඩුව විසින් පුම්බන ලද සජිත්ගේ හුළං ආණ්ඩුව විසින් ම දැන් අරිමින් සිටින අන්දම රජයේ මාධ්‍ය හරහා දැකිය හැකි ය.  සජිත් වනාහි මහින්දට විකල්පයක් නොව ආදේශයක් පමණි. මහින්දට ආදේශක ඕනෑ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් සොයා ගත හැකි ය. ඒ සඳහා විපක්ෂයක් අවශ්‍ය නැත.  අනෙක් පැත්තෙන් සජිත් යනු සරත් ෆොන්සේකා තරමට හෝ මහින්දට අභියෝගයක් විය නො හැකි 'ගේමක් නැති' ආදේශකයකි. තවමත් ලංකාවේ දේශපාලනයේ යට තලයේ වැදගත් සාධක වන කුලය ද සජිත්ට බලපාන්නේ අවාස...

කෝඳුරු තෙල් හත් පට්ටෙකිනුත් බැරි සජිත්ගේ වෙදකම

(2011 පෙබරවාරි 01,  W3Lanka ) නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ‍ටිකක් ඕනෑ යයි කියමනක් තිබේ. කෝඳුරු තෙල් හත් පට්ටය සොයා ගත්තත් බැරි අර ඉතිරි ටික සොයා ගන්නටයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය විපක්‍ෂ නායක ධුරය සහ නාමයෝජනා මණ්‌ඩලයේ සභාපතිත්වය යන සියල්ල තමා වෙත ලබාදෙන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා පක්‍ෂය ජයග්‍රහණය කරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස උන්නැෙහ් පවසයි. උන්නැහේ නම් දෙයියම්පල්ලා විශ්වකර්මයෙකි. බලන්නකෝ මේ සැරේ උන්නැහේගේ බල ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වන දෙය. එහේ ඔක්කොම පළාත් පාලන ආයතන ටික එක්සත් ජාතික පක්ෂය දිනනවා. රාජපක්ෂලාට හුප්පෙ තමයි.

කැහි ගෑනි දී හොටු ගෑනි ගන්න යන එජාපය

Image
( 2011 ජනවාරි 19,  W3Lanka )  අනේ මේ දුප්පත්, අසරණ එක්සත් ජාතික පක්ෂයට හරි අපූරු නායකයෙක් ලැබෙන්න යයි. උන්නැහේ අ‍පි නො දන්න ආර්.ප්‍රේමදාසගේ පුත්‍ර රත්නයයි.  උන්නැහේගේ වැඩ කෙසේ වෙතත් කට නම් ෂෝක් ය. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේදී මේ කට ඇරුණේ කැන්ටිමෙන් කන්න පමණ ය.  පස්සේ රනිල්ට කෙළවන්න ආණ්ඩුව සජිත්ට ජනමාධ්‍ය විවර කර දුන්නේ ය. එවිට උන්නැහේ කළේ ඔය හම්බන්තොට පැත්තේ පැල් කොටයක් ඇතුළේ කැමරාව අටවාගෙන වහල උඩ යන තරමින් ගිරිය පුප්පා කතා පැවැත්වීමයි. මේ මාධ්‍ය කණ්ඩායම් කිසිදා සෙනග පැත්තට කැමරාව අල්ලා නො පෙන්නන්නට පරිස්සම් වූ හ.  ලබන අප්‍රේල් 12 වෙනිදාට පෙර පක්ෂ නායකත්වය භාර ගන්නා සජිත් ප්‍රේමදාස දැන් වහසි බස් දොඩවයි. පක්ෂය තුළ කොතරම් ප්‍රශ්න තිබුණත් තමාට පක්ෂ නායකත්වය ‍ලබා දෙන්න බොහෝ දෙනා සූදානම් බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි. ඔහුගේ කතා තුළ ඇති ස්වරය වන්නේ තමන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පක්ෂයේ නායකත්වය සියතට ගන්නා බවයි. ඒ එජාපය  ඔහුගේ අප්පාගේ බූදලය නිසා වන්නට පුළුවන. හරි හමන් නායකයකු නම් කළ යුතුව තිබෙන්නේ තමන්ට නායකත්වය ලැබෙන තෙක් නො ස...

ජනාධිපතිතුමා සජිත්ට බය වෙලාවත් ද?

Image
මාව බය කරන්න එපා කොල්ලො! ( 2011 ජනවාරි 12,  W3Lanka )  මේ රටේ හිටපු ඇතැම් නායකයන් කොටින්ට ලබාදුන් ගිනි අවිවලින් අපේ සොල්දාදුවන් වෙඩි වැදී මිය යැමට හා ආබාධ වීමට සිදුවූ යුගය ඇතැමුන්ට අමතක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. දිවයින පුවත්පතට අනුව, හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (10 වැනිදා) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් සහ ධර්මායතන ආරක්‍ෂක සභාවේ සහයෙන් බත්තරමුල්ල, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ලක්‌විරු සෙවන" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි. වහෙන් ඔරෝ නො කියා කෙළින් කියනවා නම් මේ කියන නායකයා අන් කවරෙකුවත් නො ව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සමීප ව සිටි අයෙකි. කොතරම් සමීප ද යත්, ‍ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ආදාහනය අවස්ථාවේ අවමංගල්‍ය පෙරහරේ ගමන් ගත් පිරිස් ගුණවංශ හිමියන්ගේ බෞද්ධාලෝක මාවතේ ආරාමයට ද ගල් ගැසූ හ. හේ දැනුත්‍ ප්‍රේමදාස පවුලට හිතවත් ය.  උන්නාන්සේවත් ළඟින් තබාගෙන ජනාධිපතිතුමා මේ කණේ පාර ගහන්නේ එතුමන්ගේ කණ්...

රනිල් හැමදා ම එජාප නායකයා වන්නේ එහි ඉන්න සෙසු නායකයන් ගොන් නාම්බන් නිසා ය| Ranil is eternal UNP leader since he has no challenger

Image
  (2010 මැයි 19 -  W3Lanka )  එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනාවලියක් එජාප කමිටුවක් විසින් සකසා තිබේ. මෙම යෝජනාවලිය අද එජාප නායකයාට ඉදිරිපත් කෙරෙන අතර සිකුරාදා පැවැත්වෙන එජාප මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ හමුවකදී මෙම යෝජනාවලිය එළිදැක්වෙනු ඇත.  එදින ම පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර මෙම යෝජනාවලිය ඇතැම් මන්ත්‍රීන් අතට ගිය පසු පුවත්පත් සාකච්ඡා පවත්වන්නට දෙයක් නැති තත්වයක් උදා වේ.  එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීන්ට ඇති ලොකු ම ප්‍රශ්නය සිය පක්ෂ නායකත්වය නොවේ. ආණ්ඩුවේ නායකත්වයයි. එනම්, පක්ෂයෙන් පැන එන අයට එළව එළවා ඇමතිකම් පිදීමේ බැසිලියානු ප්‍රතිපත්තිය ආණ්ඩුව වෙනස් කර තිබීමයි.  මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දූල් කාදර්ට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකමක් ලබා ගැනීමට රනිල්ට බනින්නට සිදු වී තිබෙන තරමින් තත්වයේ බරපතලකම පෙනේ.  එජාප නායකත්වය පතන සජිත් ප්‍රේමදාස වැනි  අය තුළ ඇති ප්‍රධාන දුර්වලකම වන්නේ ජාතික නායකයකු ලෙස ඉස්මතු වීමට තමන්ට පාර්ලිමේන්තුව හා ජනමාධ්‍ය වැනි අවකාශයන් ඔස්සේ ලැබී තිබෙන අවස්ථාව ...