කැහි ගෑනි දී හොටු ගෑනි ගන්න යන එජාපය

(2011 ජනවාරි 19, W3Lankaඅනේ මේ දුප්පත්, අසරණ එක්සත් ජාතික පක්ෂයට හරි අපූරු නායකයෙක් ලැබෙන්න යයි.


උන්නැහේ අ‍පි නො දන්න ආර්.ප්‍රේමදාසගේ පුත්‍ර රත්නයයි. 


උන්නැහේගේ වැඩ කෙසේ වෙතත් කට නම් ෂෝක් ය. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේදී මේ කට ඇරුණේ කැන්ටිමෙන් කන්න පමණ ය. 


පස්සේ රනිල්ට කෙළවන්න ආණ්ඩුව සජිත්ට ජනමාධ්‍ය විවර කර දුන්නේ ය. එවිට උන්නැහේ කළේ ඔය හම්බන්තොට පැත්තේ පැල් කොටයක් ඇතුළේ කැමරාව අටවාගෙන වහල උඩ යන තරමින් ගිරිය පුප්පා කතා පැවැත්වීමයි. මේ මාධ්‍ය කණ්ඩායම් කිසිදා සෙනග පැත්තට කැමරාව අල්ලා නො පෙන්නන්නට පරිස්සම් වූ හ. 


ලබන අප්‍රේල් 12 වෙනිදාට පෙර පක්ෂ නායකත්වය භාර ගන්නා සජිත් ප්‍රේමදාස දැන් වහසි බස් දොඩවයි. පක්ෂය තුළ කොතරම් ප්‍රශ්න තිබුණත් තමාට පක්ෂ නායකත්වය ‍ලබා දෙන්න බොහෝ දෙනා සූදානම් බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.


ඔහුගේ කතා තුළ ඇති ස්වරය වන්නේ තමන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පක්ෂයේ නායකත්වය සියතට ගන්නා බවයි. ඒ එජාපය  ඔහුගේ අප්පාගේ බූදලය නිසා වන්නට පුළුවන.


හරි හමන් නායකයකු නම් කළ යුතුව තිබෙන්නේ තමන්ට නායකත්වය ලැබෙන තෙක් නො සිට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය දිනවීම සඳහා කටයුතු කිරීමයි. අඩු තරමේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ටික හෝ දිනවා දීමට සජිත් ප්‍රේමදාස සමත් විය යුතු ය. 


රනිල් වික්‍රමසිංහ යනු ලංකාවට ගැලපෙන නායකයකු නො වන බව ප්‍රත්‍යක්ෂ ය. එහෙත් මේ එන්න යන කෙනා ද අනාගතයට ඔබින නායකයකු ද යන්න සැක සහිත ය. 


ඔහුගේ මේ බ්‍රේක් නැති කටට ප්‍රතිචාරයක් එජාප ලේකම් තිස්ස අත්තනායක දැක්වූයේ මෙසේ ය. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු සම්බන්ධව විවිධ අයට විවිධ බලාපොරොත්තු තිබුණත්, කුමන අදහස්‌ පළ කළත් ඒ තනතුරුවලට පුද්ගලයන් පත් කරනු ලබන්නේ මාර්තු 12 සහ අප්‍රේල් 12 අතර කාලසීමාව තුළදී බව ද පක්‍ෂයේ තනතුරු පත් කිරීම සම්බන්ධව කටයුතු කිරීම පළාත් පාලන ඡන්දය අවසන්වීමෙන් පසුව සිදු කළ යුතු බවට පසුගිය දා රැස්‌වූ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ගත් සාමුහික තීරණයේ කිසිදු වෙනසක්‌ වී නැති බව හෙතෙම කීය.


එජාපයේ තිබුණේ අභ්‍යන්තර ඒකාධිකාරයක් පිළිබඳ ප්‍රශ්නයක් නම්, දැන් මේ පත් කරන්නට යන නායකයා පවත්වන කතාවලින් පෙනෙන්නේ ඔහුගෙන් ඒ ප්‍රශ්නයට විසඳුම් නො ලැබෙන බවයි.  


එක්සත් ජාතික පාක්ෂිකයන් මේ සැරසෙන්නේ කැහි ගෑනි දී හොටු ගෑනි ගැනීමටයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Something is Better than Nothing...

    ReplyDelete
  2. මෙන්න සජිත් පාර්ලිමේන්තුවේදී අහන ප්‍රශ්න,
    හම්බන්තොට සූරියවැව ගමේ සිරියාවතීගේ වත්තට හරකෙක් පැනල මිරිස් පැල හතරක් කාල.කවුද දැන් මේකට වග කියන්නේ?
    ටික දවසකට කලින් වැදගත්ම දේශපාලන මාතෘකාව වෙච්චි 18 සංශෝධනය ගැන පත්තරෙන් ඇහුවම දෙන උත්තරේ මෙන්න.
    ඕකට වඩා කොච්චර දේවල් කතා කරන්න තියනවද,බඩු මිල,පොහොර සහනාධාරය...........
    ඉතින් මේ සජිත්ට පුළුවන් වෙයිද බලයෙන් මොලය අන්ද වෙච්චි රජාගෙන් ගේම ඉල්ලන්න?

    ReplyDelete
  3. සජිත් යනු කලාතුරකින් මුණ ගැහෙන දුර්ලභ ඝනයේ පල් මෝඩයෙක්.

    ReplyDelete
  4. Lankawe yamthak durata ho wadegath desapalanayak karapu awasaana dedena lesata Chandrika saha Ranil ithihasa gathe wenawa

    Sampath

    (To Pera; If u can pls write above my idea by sinhala font, since I can't do it)

    ReplyDelete
  5. lankave inna jahamanayata meyath nayakayek thamay.hedena gaha depeththen dene, kivvalu. sajith hedena heti thaththage kale hodata pennuva.Mahindagena janathavata monatharam prasna thibunath ,sajith vage desapalana adabalayekta puluvanda ethuma ekka herenna vath,nayakathvayata ena pudgalayaku sathuva nayakathva lakshana thiyenna oni,vachalayek vage berihandeema,ballek maskatuvak passeyanava vage thanathuru lobayen andava hesireema,atheethaye thamanta thama pavulata viruddava ena chodana valin sangeema, nayakathvayata sudusu laksana neve.thama vate thaman vagema vachalayo tikak ekkasu unahama thama kavuda yana vaga amathaka vee nonavathva udubirileema nayakayaku sathu lakshanayakda,hoday me manussaya berivela hari ava kiyamu monavada rata novikuna, janathava baduvalin kolla noka rate adayama vedikalayuthu yojana,mukuth ne neda ,manushika danavadaya ,lassana vachanayak,namuth danavadaye kothanakavath manushika gunayak nomathi bavath eththe surakema pamanak bavath danno sajith nodannavata danithi. desapalakayan hemadama karana kole vasa geseema me sajithge manushika danavadayath e vage bava danno danithi.UNP eke gelariye saddayata choon vee dagala pakshayath ratath vinasha nokara,anunge nul valata neteema nathara kara sebe janatha puthrayek vanna thava godak kalayak yai hedenavanam, namuth Ranilvath sajith vat nayakakamata sudusu ayanam nove.

    ReplyDelete
  6. @Saman

    Something = Ranil, Nothing = Sajith

    Ranil is something (something different) compared with MR, but Sajith is Nothing Other than MR (or less than MR).

    may be Sajith is a hope of "Sinhala Bhudist" UNP supporters to get the benefits under UNP government while maintaining the same Pro-Sinhala works of MR.

    ReplyDelete
  7. UNP එක නම් හොටු ගෑනී නෙවේ මොක තියෙන ගෑනියෙක් ගත්තත් නම් අපට කමක් නැහැ.එකට කෙළ්වෙන තරමටම හොඳයි.ප්‍රශ්නේ තියෙන්නෙ මේකා ඊලඟට රටේ නායකත්වයටත් එන්න පුලුවන් එකයි.
    රටටත් වෙන්නෙ අන්තිමට කැහි ගෑනී දීලා හොටු ගෑනි ගත්තා වගේ තමයි එහෙම උනොත් ඉතින්.

    ReplyDelete
  8. I'm totally with you on this , too bad we got no good or bad opposition in this country, and UNP is only running after the power , they never talk about development or concepts where they can contribute with changers , simply running after power, all this people are killing our tax and wasting our days in life.

    ReplyDelete
  9. thattata kaala iwara karana beri una tika puthata kawanna UNP kaarainta puduma unak thiyenne

    ReplyDelete
  10. මෙතන comment කරපු බොහෝ දෙනෙක් ආණ්ඩුවටත්, සජිත්ටත් දෙන්නටම බැනලා රනිල්ගේ හොඳ කියන්න හේතුවක් තියනව.
    ඒක තමයි ඔවුන් සියල්ල ජේ.වී.පී ප්‍රධාන ත්‍රීවීල් පක්ෂවලට කඩේ යන්නන් වීම.

    රනිල් කියන පොන්න රාජයා ඉන්නකම් UNP එකේ මිනිස්සු වත් UණNP එකට ජන්දේ දෙන්නේ නෑ. ඒ නිසා ජේ.වී.පී එකට පුළුවන් විපක්ෂයේ කාර්ය තමන් කරන්නේ කියල රටට පෙන්නන්න.
    මිනිස්සු ගොඩක් සජිත්ට කැමතියි. එහෙම වුනොත් ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල නොවුනත් ජන්ද වැඩිපුර ගන්නවට ජේ.වී.පී එක ඊරිසියයි

    ReplyDelete
  11. @Anonymous

    ඔබගේ අදහස මමත් එකහෙලාම පිළිගනිමි. මක්නිසාදයත්, රනිල් නැමති හාල්පාරු දේශපාලක මෝඩ හරකා ඉන්නකන් UNP එකට කවදාවත් දිනන්න බැරි නිසාය. ඊට අමතරව, මෙම බ්ලොග් එකේ අම්බනෙක Comment කර තිබෙන්නේ JVP ගැන්සිය බවත් පැහැදිලිය...

    ReplyDelete
  12. @Anonymous

    මිනිස්සු ගොඩක් සජිත්ට කැමතියි: Yes that may be true, but Sajit is not an alternative to MR. But may be good for UNP supporters to get benefits under him.

    That is why lots of UNP supporters like him. (that is why UNP මිනිස්සු ගොඩක් සජිත්ට කැමති).

    ReplyDelete
  13. AGREED

    THIS NATIONALIST PARROT COULD BE WORSE THAN MR IF HE EVER BECOMES OUR PRESIDENT.
    I hope all Sri Lankans would identify Sajith for what he is.

    ReplyDelete
  14. sajithta kamathe aya godak ennawa keyala sirasa tv eka thamai pannanne.un kohomath indian row eka ta kade yana oththukarayone???

    eta amatharawa UNP eka enna bathkana harak dennek thundanek kamathe athi.
    lankawe jatheka arbudaya,tsunami eka,satan werama gewesuma wage jatheka prashna walade oya sajith keyana weraya kohada heteya???
    hambanthotata wela budeyagena nada heteya.

    ReplyDelete
  15. sajith keyanne anagath mahinda.

    ReplyDelete
  16. Sajith is always best. if we look at Mr.Mahindha only the best thing he has done , finished the bloody war. after that ???? Sajith has a good vision. all the best Sajith. we all are with you. !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා