හදිසි නීතිය රිචුවල් එකක් හෙවත් අභිචාරයක් වීම

(2011 ජනවාරි 24, W3Lanka) සාමාන්‍ය නීතිය අභිභවා යන හදිසි නීති තත්වයක් රටකට අවශ්‍ය වන්නේ යුද්ධයක්, මහජන කැළඹීමක්, ආපදාවක් වැනි තත්වයකදී ය. එවැනි අවස්ථාවකදී මතු වන අවශ්‍යතාවන් අනුව රජයට සාමාන්‍ය නීතිය යටත් නො ලැබෙන සීමිත බලතල ප්‍රමාණයක් තාවකාලිකව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී රටක හදිසි නීතියෙන් බලාපොරොත්තු වේ.


නිදසුනක් ලෙස, 2004 සුනාමිය වැනි ආපදාවකදී විශාල මළ මිනී සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්ෂණිකව කටයුතු කිරීම පිණිස මරණ පරීක්ෂණයකින් තොරව මළ මිනී වැළලීමේ බලය රජයට කෙටි කාලයකට අවශ්‍ය විය හැකි ය. එහෙත්, එවැනි බලතල රජයට හැමදාමත් අවශ්‍ය වන්නේ නැත. එසේ ම, යම් දේශපාලන ව්‍යාපාරයක් මැඬලීම පිණිස රජය එවැනි බලතල පාවිච්චි කරන්නට යනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී, යුක්ති සහගත පියවරක් වන්නේ දැ නැත.


ලංකාවේ හදිසි නීතිය වනාහි 1983 ජුලි මාසයේ සිට වසර 28කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන්නකි. අප දන්නා තරමින් මෙම කාල සීමාව තුළ හදිසි නීතිය ක්‍රියාත්මක නො වුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපති යටතේ 1989 වසරේ මාස කීපයක කාලය සඳහා පමණි.


හදිසි නීතිය දීර්ඝ කරන්නේ මාසයෙන් මාසයටයි. ඒ වෙනුවෙන් විවාදයක් හා ඡන්ද විමසීමක් ද සිදු වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී නො වන ක්‍රියාවක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අනුගමනය කරනු ලබන ව්‍යාජ පියවරක් වන මේ හදිසි නීති විවාදය වෙනුවෙන් ද වැය වන්නේ මහජන මුදල් ය. පසුගිය වසර විසි හතක පමණ කාලය තුළ හදිසි නීතිය දීර්ඝ කිරීම පිණිස විවාද 300කට වඩා පවත්වන්නට ඇත.


දැන් මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ක්‍රියාව ලංකාවේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදයේ අභිචාරයක් බවට පත් වී තිබේ.


ඉතිහාසයේ ප්‍රථම වරට විවාදයකින් තොරව පසුගිය 21දා හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 118 කින් සම්මත විය. හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පක්‌ෂව ඡන්ද 123 ක්‌ද, විරුද්ධව ඡන්ද 05 ක්‌ද ලැබිණි.


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය හා ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන 08 වැනිදාය. එහෙත්, දැන් රටින් බැහැරව සිටින ජනාධිපතිවරයා හදිසි නීතියට අදාළ ගැසට්‌ නිවේදනයට පසුගිය 18 වැනිදා අත්සන් ගබා ඇති හෙයින් දින දහයක්‌ ඉක්‌ම යැමට පෙර එනම් මෙම 28 වැනිදාට පෙර එය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු නිසා හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පමණක්‌ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායකයෝ එකඟ වූ හ. ඊට අදාළ විවාදය ලබන 08 දා සිදු කිරීමටද පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය විය.


හදිසි නීතිය පිළිබඳව දෙවරක් හදිසි නීතිය යටතේ මර්දනයට ලක් වූ, එහෙත් තවමත් හදිසි නීතියට විරුද්ධව ඡන්දය නො දෙන සමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීති අභිචාරයට අනුගත වන අන්දම හෙළිදරව් කරන පුවත්පත් වාර්තාවකි.


"හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අගමැති දි. මු. ජයරත්න මහතා ඉදිරිපත් කළේය. නීතිමය බාධාවක්‌ නිසා හදිසි නීතියට අදාළ ඡන්ද විමසීම පමණක්‌ පැවැත්වීමට පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟ වූ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ 08 වැනිදා හදිසි තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදයත්, පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟ වූ පරිදි ලබාදෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟ වූ පරිදි ලබන 08 දා විවාදය පවත්වන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සම්බන්ධ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී බෙදීමක්‌ අවශ්‍ය බවද අනුර කුමාර දිසානායක මහතා කීය. ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාද කෙරිණි.ඡන්ද විමසීමේදී එක්‌සත් ජාතික පක්‌ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන්හ."


කොහොමද? හරි ෂෝක් නේද? හරි ම ප්‍රජාතන්ත්‍රවාදීයි. එකසිය විස්සට දෙසීය විස්සක් ආවඩා අයිබෝ හදිසි නීතියට! සකල දේශවාසී නිර්ධනයිනි, එක්වව්!

Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

Comments

  1. හි හි, අපි යන්නෙ ආශ්චර්යටනෙ මචෝ,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා