කෝ මේ බ්ලොග් අවකාශයේ ධනපති පංතිය?

(2011 ජනවාරි 14, W3Lanka )අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ සමාජ සේවයක් ලෙස නො වේ 


අප කරන්නේ යහපත් ජීවිතයක්, සමාජයක්, ලෝකය් වෙනුවෙන් වූ සමාජ අරගලයක අපේ වගකීම ඉෂ්ඨ කිරීමයි. 


සිංහල බ්ලොග් අවකාශයේ වැඩිපුර ඉන්නේ අප වැනි හුදී ජනයා නො වේ. ධනපති ම ධනපති පංතියේ අයයි. ඔවුන් බ්ලොග් කරන්නේ ඇති තරම් කන්නට, බොන්නට හා වෙනත් සැප සම්පත් ඇති නිසා වැස්සාට කමක් නැතැයි කියන ධනිය ගෝපාලලා මෙනි. 


ඇත්ත ම කිව්වොත්, මේ බ්ලොග්කරුවන් වැඩි දෙනෙක් තමන් අයත් වන පංතිය නො දන්නා පිරිසකි. සේවා ආර්ථිකයේ හෝ රජයේ සේවයේ තරමක් හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් හා සැබෑ ධනවතුන් විඳින සැප සම්පත්වලින් අංශු මාත්‍රයක් හෙවත් උන් කා විසි කරන ඉඳුලක් අහුලා ගෙන කන්නට ලැබී ඇති නිසා මේ බ්ලොග් ධනපති ඉන්නේ මාර චූන් එකකිනි. අහෝ දුකකි! 


ඇත්ත ම කීවොත්, මේ බ්ලොග් ධනපතින්ට ඇති ලොකු ම ධනය අන්තර්ජාල පහසුකමයි. ෆේස්බුක් යන්නට  හා වැල බලන්නට අන්තර්ජාලය දුන් නිසා මේ ඊනියා බ්ලොග් ධනපතීහු ධනවාදයට වඳිති; පුදති; එයට එරෙහිව සටන් කරන්නන් බ්ලොග් ත්‍රස්තවාදයෙන් මර්දනය කරන්නට උත්සාහ කරති. මහ පොළවේ කිසිවක් කරන්නට නො දන්නා නිසා අන්තර්ජාලයෙන් සුදු වෑන් එවන්නට ක්‍රම සොයති. 


අම්බානකට වහියි. ගංවතුර ය. කෙත් වතු පාළු වී ඇත. මිනිස්සු අනාථයෝ ය. වැහි ඉවර වූ පසු නියඟය එනු ඇත. මේ ධනවාදයේ සියවස් දෙකක සංවර්ධනයේ පාරිසරික ප්‍රතිඵලයි. මිනිසාට සුරක්ෂිත ජීවිතයක් සැපයීමට ධනවාදය සමත් වී ඇද්ද? නැත.


දැනටත් ආහාර මිළ අහසට උස ය. අප්‍රේල් වන විට තත්වය බිහිසුණු වනු ඇති බව පාලකයන් කියන කතාවලින් පෙනේ. ලෝකයේ බහුතරයක් මිනිසුන්ගේ සාගින්දර නිවන්න ධනවාදය සමත් වී තිබේ ද? නැත.


කුසට ආහාර දෙන්නට තියා බඩගින්නේ හෝ නිදහසේ මිය යන්නට ජීවිතයක් දෙන්නට අසමත් ක්‍රමයකට ආවඩන සිංහල බ්ලොග් අවකාශයේ ධනේශ්වර මහත්වරුනි, ඔබ කොහි ද? 


මල් වවනවා ද? මුද්දර එකතු කරනවා ද? 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. well said..
    ඇත්තටම මුන් මාර ආතල් එකේ ඉන්නේ.
    දිය සැළිය නටන තෙක් කකුළුවා දිය කෙළියේ වගේ තමයි

    ReplyDelete
  2. "ඇත්ත ම කිව්වොත්, මේ බ්ලොග්කරුවන් වැඩි දෙනෙක් තමන් අයත් වන පංතිය නො දන්නා පිරිසකි. සේවා ආර්ථිකයේ හෝ රජයේ සේවයේ තරමක් හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් හා සැබෑ ධනවතුන් විඳින සැප සම්පත්වලින් අංශු මාත්‍රයක් හෙවත් උන් කා විසි කරන ඉඳුලක් අහුලා ගෙන කන්නට ලැබී ඇති නිසා මේ බ්ලොග් ධනපති ඉන්නේ මාර චූන් එකකිනි. අහෝ දුකකි!"
    ඔව් මෙයාලා හිතන් ඉන්නේ අපි තමයි ධනපති පන්තිය කියල.ඉතින් අපි ඉන්නේ ආතල් එකේ(හිතන් ඉන්නේ) මේ ක්‍රමය සිරා කියල තමයි හිතන් ඉන්නේ.

    ReplyDelete
  3. W3Lanka descriptions of “capitalism” = six blind men who presented descriptions of an elephant. Each was presentation only a part of the elephant, one sense the tail, another trunk, another legs, etc., and their diverse metaphors of “an elephant” revealed their limited examination.
    Paradoxically, the blind w3lanka criticisms of “capitalism” are not only a part of an elephant ironically these problems created by socialism in sri lanka, not by capitalism.

    ReplyDelete
  4. කිසිදු දෙයක් පරිපූර්ණ නැත .අනෙක් අතට වෙනස් වන සුලුය ... ධනවාදය තුලින් ගැටලු පැන නැගෙන විට එතුලින්ම විසඳුම් සොයාගෙන ඇත ඉදිරියටත් සොයා ගනු ඇත එය සිහින ලෝකවල පමණක් ඇති සමාජවාදයට වඩා යහපත්ය.ගනන් ප්‍රශ්න පත්තරය අමාරු නම් ගොඩ යා හැක්කේ වඩාත් හොඳින් ගනන් හැදීමෙන් හෝ අලුත් ක්‍රමයකට ගනන් හැදීමෙන් මිස ගනන් ප්‍රශ්න පත්‍රය විසිකර සිංහල ප්‍රශ්න පත්‍රය තෝරා ගැනීමෙන් නොවේ

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. @ buwa

    //ධනවාදය තුලින් ගැටලු පැන නැගෙන විට එතුලින්ම විසඳුම් සොයාගෙන ඇත//

    ධනවාදය තුල තියෙන මූලිකම ගැටලුව‍ මොකක්ද දන්නවද?නිෂ්පාදනය සමාජයීයව කරාට නිෂ්පාදනය මාධ්‍ය වල අයිතිය පුද්ගලිකයි.මේ නිසා නිෂ්පාදනය හරහා උත්පාදනය වෙන අති මහත් ධනය කිහිප දෙනෙක් ( නිෂ්පාදන මාධ්‍ය හිමි පංතිය) අතේ සංකේන්ද්‍රනය වෙනවා.නිෂ්පාදන මාධ්‍ය අහිමි බහුතරයක් දෙනා සමාජයේ මාර නිෂ්පාදනයක් සහ ධනයක් උත්පාදනය වෙලා තියෙන සන්දර්භයක වුනත් බඩගින්නේ ඉන්නව.එකිනෙකා මරාගන්නවා.උන්ට සංස්කෘතියක් නැහැ.උන් දහජරා ජීවිත ගතකරනවා.දේපල හිමිකමේ තියෙන මේ අවුල හින්ද තමයි ඇති නැති පරතරය,දරිද්‍රතාවය හා ඒ එක්ක බැදුන නහුතයක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.මේකට ධනවාදය දුන්න "උත්තරය" මොකක්ද?ධනවාදයට මේකට උත්තරයක් දෙන්න බැහැ.මොකද ධනවාදය කියන්නෙ නිෂ්පාදන මාධ්‍ය වල පුද්ගලික හිමිකම උඩ සංවිධානය වුන ක්‍රමයක්.එහෙම ක්‍රමයක් ඇතුලෙ ධනය එක තැනක හිරවෙන එක නතර කරන්න බැහැ.
    මෙහෙම එකකුත් තියෙනව.අර ඉහල සංකේන්ද්‍රනය වූ ධනයේ යම් කොටසක් පල්ලෙහට කාන්දු වෙනව.මධ්‍යම පංතිය කියන්නෙ එහෙම කාන්දු වෙන ටික ලෙවකාලා ජීවත් වෙන පිරිසක්.මේ අයගෙ පටු මනසට ඒ තරම් සැපක් වෙන කොහෙවත් නැහැ.ධනවාදයේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනව (අඩුපාඩු හද හද ඉන්න ධනවාදය කියනනෙ චූටි බබෙක් නෙමෙයි) වගේ නෝංජල් ටෝක් දෙන්නෙ තමන් කන ඉදුල් වනාහි ෆ්‍රයිඩ් රයිස් කියල හිතාගෙන ඉන්න බුවාල සෙට් එක තමයි.

    ReplyDelete
  7. අපි ධනපති උනාම ඔයාට අවුල්ද?? නිකන් දෙන්නෙ නැතිව ඉන්න මෙයා, ඔයාගේ ජෙප්පො මේ දවස් වල මොකද කරන්නේ?? උන් ගැන කතාවක්නෑනේ. පවු ජෙප්පො හින්ද අමාරුවේ වැටුණු අර සිකුරිටි බුවා වූ වැලිකඩට වෙලා තනියම කූරු ගණන් කරනවා. පැරාවත් දාන්න තියෙන්න බුවා ඉන්න කූඩුවට ආතල් එකක්වත් ගන්න බැරියයි දෙන්නට.

    ReplyDelete
  8. පරා, ඔබ හා කිසිසේත් එකඟ විය නොහැක, බ්ලොග් ලියන්නෝ එසේ කරනුයේ විවිධ අරමුණු සහ පරමාර්ථ වෙනුවෙනි,සැම දෙන ඔබ කියනා පරිදි එකම අරමුණක් වෙනුවෙන් කැපවියයුතු යයි බලාපොරොත්තු වීම යනු කිසිදා සැබෑ විය නොහැකි සහ සැබෑ නොවන සිහිනයකි,

    ReplyDelete
  9. @Ravi
    ඔව්,ඔබ හරි. අප ද එසේ සිතන්නේ නැහැ. එහෙත්, අප මේ කතා කරන්නේ බ්ලොග්කරණයේ අපේ අරමුණට පහර දීමට ඉදිරිපත් වූ බ්ලොග්කරුවන් ගැන පමණයි. ඒ ද ඔවුන් සමග අමනාපයෙන් නො වෙයි. සංව‍ාදයකට හෝ විවාදයකට අප කැමති නිසායි.

    ReplyDelete
  10. Sorry to say , you sounds like a typical user who wear red cap and protest near colombo railway station, grow up world has change you never see those old school communist anymore. its pointless the drag on this topic wake up and come to real world :)

    ReplyDelete
  11. @Slim

    We are not old school communists. We are new socialists.

    ReplyDelete
  12. මේ කතාව මට අදාළ ද නැද්ද යන්න ගැටලුවක්. මා ධනවාදියෙක් නොවේ. මා කිසිම වාදයක් ලොකුවට අනුගමනය කරන්නේ නැහැ. ලෝකයේ පවතින ක්‍රමය ලෙස ධනවාදය දැම්මේ මා වත් මගේ කවුරුවක්වත් නොවේ.

    ඔබේ සමාජවාදී මතයට ගහන කෙනෙක් හැටියට ගත්තොත් මෙය මට අදාලයි.

    හැබැයි මා සමාජවාදය දකින්නේ විහිළුවක් හා කළ නොහැක්කක් ලෙසට. සමාජවාදයේ යහ ගුණ තියෙනවා. ඒත් තනිකර සමාජවාදය යොදා ගෙන මේ ටික වත් ලබා ගත නො හැකියි. කට්ටිය බර ගානක් ට්‍රයි කරලා හොඳටම අනා ගත්තා.

    මා හිතන්නේ මේ ක්‍රම වල සම්මිශ්‍රණයක් මිස තනි එකක් අල්ලාගෙන ගොඩ යන්න බැහැ. මිනිසුන් මේවා ගැන ආගමික ව නොසිතා බුද්ධියෙන් විමසුවොත් එය පහසුවෙන් සිදු වේවි. මෙන්න මෙතන මා සටහනක් දැම්මා විස්තර සහිත ව.

    මා ආසයි දැනගන්න මේ වගේ ප්‍රශ්න සමාජවාදයෙන් විසඳන හැටි ගැන. ඒ වගේම ඒවා මේ වනවිට කරලා තියෙන රටවල් ගැන.

    ඔබේ ප්‍රශ්නය සාධාරණයි. විසඳුම ගොන් කතාවක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා