Posts

Showing posts with the label පරිසරය

උමා ඔය, පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති නවත්තමු ද?

Image
උමා ඔය හා පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති කේන්ද්‍ර කරගෙන නැවත වතාවක් සංවර්ධනය හා පරිසරය පිළිබඳ සංවාදය මතු වී තිබේ. මෙම ව්‍යාපෘතිවලට අදාළ පාරිසරික ප්‍රතිඵල පිළිබඳ වාර්තා නිවැරදි ද, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා අනුව කටයුතු කරන්නේ ද යන ගැටලුව ජනතාවට මතු වී තිබේ. උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වන විට ගම්මාන කීපයක ස්වාභාවික උල්පත් හා ළිං සිඳී ගොසිනි. ඇතැම් ගම්මානවල නිවෙස් ඉරිතලා, කඩා වැටී තිබේ. එසේම, උමා ඔය ව්‍යාපෘතියේ උමග තුළින් දැවැන්ත ජල කාන්දුවක් ද සිදු වේ.  උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පාරිසරික වශයෙන් අතිශය සංවේදී ප්‍රදේශයක ය. එයින් සිදු වන විනාශය එයින් ඇති ඵල ප්‍රයෝජනවලට වඩා වැඩි නම්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම බරපතල ප්‍රශ්නයකි. උමා ඔය ව්‍යාපෘතියට ජනතාව විරෝධය පළ කරන්නේ දිගු කලක සිට ය. පෝට් සිටි සම්බන්ධයෙන් ද ඇති විරෝධයට හේතුව වන්නේ මුහුද ගොඩ කිරීම සඳහා රට අභ්‍යන්තරයේ දැවැන්ත පාරිසරික සංහාරයක් කරන බවයි. ජනතා විරෝධය මැද මෙවැනි සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමට ද? සංවර්ධනය සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස සංවර්ධනය වෙනුවෙන් නො වේ. ඒ නිසා ස...

රතුපස්වල සිද්ධිය, ධනවාදයේ ගැටලුව හා සමාජවාදී ජීවිතයක අවශ්‍යතාව

Image
රතුපස්වල සිද්ධිය ගැන විවිධ අදහස් පළ වෙමින් තිබේ.  එහිදී ජනතාව සටන් කළේ ප්‍රාථමික ම මිනිස් අයිතිවාසිකමක් වන පානීය ජලය වෙනුවෙනි.  හමුදාව ඔවුන්ට අමානුෂික පහර දී මිනිසකු මරා දැම්මේ  විරෝධතාකරුවන් මාර්ගය අවහිර කළ නිසා යයි කියනු ලැබේ. ජනතාව අතරින් සමහරු ම පාර අවහිර කළාට උන්ට හොඳ වැඩේ යයි කියති. ලංකාවේ ජනතාව එහෙම ය. ඒ වතුර තමන් බොන වතුර නො වන නිසා ඔවුන්ට ප්‍රශ්නයක් නැත.  මෙම දිනයේ ම මම කොළඹ සිට පුත්තලම බලා‍ ගොස් ආපසු පැමිණි‍යෙමි. යද්දී මෙන් ම එද්දීත්, වෙන්නප්පුවෙන් ඔබ්බට දිගට ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රථ පෙළපාලි නිසා මාර්ගය ඇහිරී තිබිණි. නීති විරෝධී අන්දමින් අනතුරු ආලෝක සංඥා දල්වාගෙන, ශබ්ද විකාශන සවි කරගෙන, පාර අවහිර කරගෙන, වාහන 50, 100 වැල් වශයෙන් සෙමින් ධාවනය වනු දුටුවෙමි. ආපසු එමින් ගමනේදී වෙන්නප්පුව නගරය පසු කිරීමට පැයකට අධික කාලයක් ගත විණි. ඒ අවහිර වීම නිසා මිනිසුන්ට වූ කරදරයත් කරදරයකි. ඒ පිළිබඳ කවුරුවත් ක්‍රියා කළ බවක් නො දනිමි.  මෙම සිද්ධිය පසුපස ජවිපෙ ඇති බව ජවිපෙ කරට පය තබා දේශපාලන හිනිපෙතට ගොඩ වූ ඩලස් අලහප්පෙරුම කියයි. අපට අසන්නට තිබෙන්නේ ජ...

සිංහරාජය මැදින් කපන කෙටි පාර / A short cut across World Heritage Sinharaja

Image
සිංහරාජ වනාන්තරය ලංකාවේ අපේ පමණක් නොව මුළු ලෝකයේ ම වැදගත් උරුමයකි.  එය මහා ලොකු වනාන්තරයක් නො ව, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 21ක් හා උතුරේ සිට දකුණට කිලෝමීටර් හතක් පමණක් වන පුංචි කැළෑ කුට්ටියකි. එහෙත් එය ජෛව විවිධත්වය අතින් විශිෂ්ට ස්ථානයකි.  එහෙව් සිංහරාජය මැදින් මේ ආණ්ඩුව පාරක් කපමින් සිටියි. ඒ කලවාන ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා ය. පොතුපිටිය, ඉළුඹකන්ද ගම් ඒ 17 රක්වාන දෙනියාය මහා මාර්ගයට යා කිරීම මෙම මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි.  සැප්තැම්බර් 09දා මුළා කරන ලද 300ක පමණ ජන රාශියක් යොදවා කිලෝමීටර් තුනක වනාන්තරය එළි පෙහෙළි කර තිබේ.  ඒ කෙටි පාරක් හදන්නට ය. ලෝකයේ කොහේවත් හරි හමන් ආණ්ඩු හා පුරවැසියෝ නම් මෙවැනි කෙටි පාරවල් නො සොයති.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අද සිට තවත් අලුත් නීති; කෝ දැන් පරණ නීති?

(2011 ජුලි 01,   W3Lanka )   ලේඛකයා දිනක් සිය නිවස අසල කඩයකින් සුළු අවශ්‍යතාවක් සඳහා සිමෙන්ති කිලෝ පහක් මිළ දී ගත්තේ ය. ගම්වල සිල්ලර කඩවල සාමාන්‍යයෙන් අල්පෙනෙත්තේ සිට පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේ විකිණෙන අතර ගිනි පොලියට ණය දීම ද මේ මුදලාලිලා කරති. මෙම කඩවල ආහාර මෙන් ම කෘෂි රසායනික ද, පෙට්‍රල් ද විකිණීමට තිබෙන අවස්ථා ඇත. සිමෙන්ති මිටිය ද හාල්, සීනි, පිටි ආදියට තරමක් කිට්ටු තැනක තබා තිබුණු අතර මුදලාලි සිමෙන්ති ගැනීමට දැම්මේ හාල් ගෝනියකින් ගත් කෝප්පයකි. එය ආපසු හාල් ගෝනියට ම යන්නට ඇත. මේ මුදලාලිලා පෙට්‍රල්, ලාම්පුතෙල් අත ගෑ අතින් ම බනිස් ද විකුණති. ඒවා බොහෝ විට එතෙන්නේ ළමයින් ඉතා අපවිත්‍ර ලෙස පාවිච්චි කර පසුව ඉවත දමන කොපි පොත්වල කොළ පල්මානික්කම් යෙදූ පාන් පිටි පාප්පවලින් අලවා ගනු ලබන කවර තුළ බහා ය. මෙවැනි නො දියුණු මට්ටමක ඇති ලංකාවේ සිල්ලර වෙළඳාමට බල පාන නව නීතියක් අද සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, ආහාර නොවන නිෂ්පාදිතයක් සඳහා භාවිත කර ඇති ලෙස අදහස් කරන යම් ඇසුරුම් ද්‍රව්‍ය, දවටන, බහාලුම් හෝ භාජන කිසිවක් ආහාර සකස් කිරීමට, ඇසිරීමට, ගබඩා කිරීමට, බෙදාහැරීමට හා අලෙවියට ඉදිරිපත...

පැළ එකොළොස් ලක්ෂයේ ප්‍රෝඩාවෙන් සංකේතවත් වන්නේ ජනාධිපතිගේ අනාගතය ද? රටේ අනාගතය ද?

Image
(2011 පෙබරවාරි 02,  W3Lanka ) මේ අද දිවයින පුවත්පතේ 'පැළ සිටුවීමේ වැඩසටහන අසාර්ථකයි' මැෙයන් කරුණාරත්න පල්ලේගම බණ්‌ඩාරවෙල සිට කරන ලද වාර්තා කිරීමකි. පැළ එකොළොස්‌ ලක්‍ෂයක්‌ සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන සහ රක්‍ෂිත ආශ්‍රිත ප්‍රදේශවල පැළ සිටුවීමට කටයුතු කළ ද එA පිළිබඳ නිසි පසු විපමරක්‌ නොමැතිවීම නිසා සිටුවන ලද පැළ බොහෝමයක්‌ මේ වන විටත් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙසේ සිටුවන ලද පැළ වර්ග බොහෝමයක්‌ ඉහළ නිලධාරීන්ගේ උපදෙස්‌ අනුව සිටුවීම සිදු කළ ද එම පැළ නිසි ප්‍රතිමියකට අනුව සිටුවා නැතැයි ද එම නිසාම එම පැළ සිටුවා සති කීපයකින්ම විනාශ වී ඇතැයි ද ජනතාව කියති. මෙසේ පැළ සිටුවීමට කටයුතු කිරීම ඉතාම හොඳ ආදර්ශයක්‌ වුවද කිසිදු පසු විපමරක්‌ හෝ ප්‍රමිතියකින් තොරව පැළ සිටුවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. මේ පැළවලට වැය කළ විශාල මුදලක්‌ අපතේ ගොස්‌ ඇති බවත් පවසන ප්‍රදේශවාසී ජනතාව දැනට ඉතිරිවී තිබෙන පැළ ටික හෝ රැකගැනීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් ...

කෝ මේ බ්ලොග් අවකාශයේ ධනපති පංතිය?

Image
( 2011 ජනවාරි 14,  W3Lanka   ) අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ සමාජ සේවයක් ලෙස නො වේ  අප කරන්නේ යහපත් ජීවිතයක්, සමාජයක්, ලෝකය් වෙනුවෙන් වූ සමාජ අරගලයක අපේ වගකීම ඉෂ්ඨ කිරීමයි.  සිංහල බ්ලොග් අවකාශයේ වැඩිපුර ඉන්නේ අප වැනි හුදී ජනයා නො වේ. ධනපති ම ධනපති පංතියේ අයයි. ඔවුන් බ්ලොග් කරන්නේ ඇති තරම් කන්නට, බොන්නට හා වෙනත් සැප සම්පත් ඇති නිසා වැස්සාට කමක් නැතැයි කියන ධනිය ගෝපාලලා මෙනි.  ඇත්ත ම කිව්වොත්, මේ බ්ලොග්කරුවන් වැඩි දෙනෙක් තමන් අයත් වන පංතිය නො දන්නා පිරිසකි. සේවා ආර්ථිකයේ හෝ රජයේ සේවයේ තරමක් හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් හා සැබෑ ධනවතුන් විඳින සැප සම්පත්වලින් අංශු මාත්‍රයක් හෙවත් උන් කා විසි කරන ඉඳුලක් අහුලා ගෙන කන්නට ලැබී ඇති නිසා මේ බ්ලොග් ධනපති ඉන්නේ මාර චූන් එකකිනි. අහෝ දුකකි!  ඇත්ත ම කීවොත්, මේ බ්ලොග් ධනපතින්ට ඇති ලොකු ම ධනය අන්තර්ජාල පහසුකමයි. ෆේස්බුක් යන්නට  හා වැල බලන්නට අන්තර්ජාලය දුන් නිසා මේ ඊනියා බ්ලොග් ධනපතීහු ධනවාදයට වඳිති; පුදති; එයට එරෙහිව සටන් කරන්නන් බ්ලොග් ත්‍රස්තවාදයෙන් මර්දනය කරන්නට උත්සාහ කරති. මහ පොළවේ කිසිවක් කරන්නට නො දන්නා නිස...

ඩෙංගුවලින් බේරී වකුගඩුව කුණු කර ගත හැකි පොලිතින් ගින්න | Dioxin issued when burning polythene is hazardous

Image
( 2010 සැප්තැම්බර් 14,  W3Lanka )   අධික ලෙස ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය සමග පාරිභෝජන, සමාජ, සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ. ප්ලාස්ටික් හා පොලිතින් පාරිසරික පමණක් නො ව සෞඛ්‍ය ප්‍රශ්නයකි. ඩෙංගු මරිදනය සඳහා යොදවා තිබෙන නිලධාරීන් දෙන ප්‍රධාන උපදෙසක් වන්නේ කසල ගොඩවල ඇති පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තැබීමයි. මේ හේතුවෙන් බොහෝ අය ඉවත ලන ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීමට පෙළඹෙති. එහෙත්, ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීම සමස්ත සමාජයට ම එරෙහිව කරන අපරාධයකි. එයට හේතුව පොලිතින්, ප්ලාස්ටික් දහනයේදී නිකුත් වන ඩයොක්සින් රසායනිකය මිනිස් සිරුරට දැඩි ලෙස අහිතකර වීමයි. පරිසර අමාත්‍යංශයේ කයිවාරු කෙසේ වෙතත්, ඉවත ලන ප්ලාස්ටික් පොලිතින් විධිමත් ලෙස බැහැර කිරීමේ ක්‍රම රට පුරා ක්‍රියාත්මක වන්නේ නැත. පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියකින් උපුටා ගත් වැදගත් කොටස් කීපයකි. මුළු ලිපිය ම කියවීම පිණිස  මෙතැන  ක්ලික් කරන්න. කාබන්, නයිට්‍රජන්, ඔක්‌සිජන් සහ ක්‌ලෝරීන් අඩංගු ද්‍රව්‍ය විවෘත පරිසරයක්‌ තුළදී දහනය කිරීමෙන් ඇතිවන වායුමය ප්‍රතිඵලයකි ඩයොක්‌සින්. දැනට සොයාගෙන ඇති ආක...

පොලිතින් ප්‍රශ්නයට මෙන්න විසඳුම්

Image
You may also like to read our English blog   Lanka Polity

නිකම් කසල උඩට මිනිස් කසල ද බැහැර කිරීමේ ධනවාදයේ අර්බුදය

Image
(2010 ජුලි 24,  W3Lanka )  ලංකාවේ පසුගාමී ධනේශ්වර රාජ්‍යයට කසල වර්ග දෙකක් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. එක් වර්ගයක් මිනිසුන් විසින් බැහැර කරන කසලයි. පළාත් පාලන ආයතන විසින් මෙම කසල බැහැර කළ යුතුව තිබෙන මුත්, එම ආයතන එම කාර්යයවත් කිරීමට අසමත් වී තිබේ. හිටපු පරිසර ඇමති චම්පික රණවක මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව පැවසූ එක් අයෙකි. දැන් ඉන්න පරිසර ඇමති නම් ඔය කරන්න බැරි වැඩ ගැන පම්පෝරි ගසන්නේ නැත.  ඉවත දමන ජංගම දුරකථන හා බැටරි හේතුවෙන් සිදු වන පරිසර හානි නිසා ඒවා බැහැර කිරීමට යයි කියා ආණ්ඩුව අසංඛ්‍යයක් වෙනත් බදුවලට අමතරව වෙන ම බද්දක් අය කරන මුත් ඒ අය කරන බදු මුදලින් බැටරි කෑල්ල බැහැර කිරීමට හෝ රජය අසමත් ය.  අද වන විට ලංකාවේ පසුගාමී ධනවාදයට මිනිස් සමාජය විසින් බැහැර කරනු ලබන මිනිස් කසල ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ සමග ඇති ඡායාරූපයේ සිටින සිඟන්නා මහනුවර ප්‍රදේශයේ කිසියම් තැනක සිටියදී, කිසියම් පිරිසක් විසින් වාහනයකින් ගෙනැවිත් කසල ගොඩකට දමා ගොස් තිබේ.  මෙවැන්නන් භාර දෙන්නට මේ රටේ තැනක් නැද්ද? ඔහු රෝගියකු නම් භාර දිය යුත්තේ රෝහලකටයි. අයාලේ යාම, සිඟාකෑම වැනි ව...

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ එක් මීටරයක වියදම රු. ලක්ෂ හතට වැඩියි.

Image
(2010 ජුලි 14,  W3Lanka )  ඉදි වෙමින් තිබෙන කොට්ටාව - ගොඩගම හෙවත් කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ දුර කිලෝ මීටර 120කි. 2011 අගදි ඉදි කර අවසන් වන බව කියන මෙම අධිවේගී මාර්ගයේ, එයට යට වූ ඉඩ කඩම්, දේපල හා ව්‍යාපාරවල වටිනාකම ද සමග ම සමස්ත වියදම රු. බිලියන 85ක් හෙවත් කෝටි 8500කි. ඒ අනුව එක් කිලෝ මීටරයක් ඉදි කරන්නට යන වියදම රු. කෝටි 71කි. එනම් එක් මීටරයක් හැදීමට යන වියදම රු. 710,000කි. මේ පාර ඉදි කර තිබෙන්නේ ලංකාවේ පරම්පරා ගණනාවක් උගසට තබා ණය ගැනීමෙනි. එසේ ගන්නා ලද විදේශ ණයෙන් වැඩි කොටසක් මාර්ගය ඉදි කළ චීන සමාගම ලාභය ලෙස සිය රට ගෙන යන ලදී. තව විශාල පංගුවක් දේශීය දූෂකයන්ගේ මඩියට ගියේ ය. කලුතර දිස්ත්‍රික්කයේ එක් ඇමතිවරයෙක් සිය ඡන්ද දායකයන් මෙම කොන්ත්‍රාත්කරු ළඟ සේවයට යොදවන්නේ එකී ශ්‍රමිකයාට ගෙවිය යුතු වැටුපෙන් කොටසක් තමන් වෙත ලැබෙන අන්දමින් බව මෙම දේශපාලකයාට ඡන්දය දෙන ඡන්දදායකයෝ හොඳින් දනිති. මෙම මාර්ගයේ වාහන දුවන්නට පටන් ගන්නත් පෙර පාලමක් හිස මතට කඩා වැටී තරුණයකු මිය යාමෙන් පසු දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම දක්‌වා ඉදිකොට ඇති ආරක්‌කු ...

සංවර්ධන උන්මාදය ගාලු මුවදොර බිලි ගනියි ද? | Will the development craze destroy Colombo Galle Face

Image
(2010 ජුනි 05,  W3Lanka )  කොළඹ නගරයේ තද බද වී ජීවත් වන වැසියන් නිදහසේ හුස්ම ටිකක් ගන්නට යන ගාලු මුවදොර පිටිය අසබඩ සොබා දහම දුන් සොඳුරු දායාදයක් වන වෙරළ කිලෝ මීටර කීපයක් දුරට ගොඩ කර කොළඹ නගරය පුළුල් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලසුම පෙරට ගනිමින් සිටි සමයේ ඉදිරිපත් වී තිබිණි. දැන් එය නැවතත් ආණ්ඩුවේ කතා බහට ලක් වෙමින් ඇති බව දැන ගන්නට තිබේ. අද දිනමිණ පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප්‍රසිද්ධියේ පවසන්නේ මෙසේ ය. "ඉදිරියේ දී ගාලු මුවදොර කි. මි. 3 – 4 ප්‍රමාණයක් මුහුද ගොඩකර අතිරේක ඉඩම් ප්‍රමාණයක් ඇති කොට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා එම භූමිය යොදා ගැනීම කෙරෙහිත් රජයේ අවධානය යොමුවී තිබෙනවා." ඔහු එසේ පවසන අද දිනය ලෝක පරිසර දිනය වීම අහම්බයක් ද? නැතිනම් සොබා දහමට අපි කරන්නේ මේ යයි කියන සංකේතාත්මක ප්‍රකාශක් ද? හද්දා පිටිසර ගමකින් කොළඹ පැමිණ, එක්ස් කණ්ඩායමෙන් කරළියට පැමිණ, තමන් නො යන ගම රූපවාහිනියෙන් විකුණමින්, කැහැලා, කැහැලා අමාරුවෙන් ජන සභා හා ආර්ථික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල...

චම්පිකට, නලින්ට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින්නේ කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන ධනවාදයකි. මේ ධනවාදී සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා ය. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් මිස අන් යමක් නොවේ. මෙම කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ. ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ...

චම්පිකගෙන් මහින්දට අභියෝගයක්

Image
එකට කෑවත් බොක්ක වෙනස් (2010 පෙබරවාරි 19- W3Lanka )   "එක පෝස්‌ටරයකට අවම තරමින් රුපියල් 20 ක්‌ වත් වැය වෙනවා. එක්‌ අපේක්‌ෂකයකු පෝස්‌ටර් සඳහා මිලියන 3 1/2 ක පමණ මුදලක්‌ වැය කරනවා. පී. වී. සී. කටවුට්‌ ගහනවා. පොලිතින් සැරසිලි සිදුකරනවා. මෙයින් සිදුවන විනාශය අතිවිශාලයි. මේ අප ගෙවා දමමින් සිටින වසර හය ඉතාමත් තීරණාත්මක කාලයක්‌. මේ දශකයේදී ලෝකය පාරිසරික විනාශයෙන් ගොඩගත නොහැකි වුවහොත්, ඒ වරද අපට නැවත හදන්නට බැහැ. ලෝකයේ විනාශයට එය හේතුවක්‌ වෙනවා. එනිසා මම සියලු පක්‌ෂවල අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිතින් ප්ලාස්‌ටික්‌ වැනි දූෂක මගින් අනාගත දරුවන්ගේ අයිතිය උදුරා නොගන්නා ලෙසයි." ජාත්‍යන්තර ජෛව විවිධත්ව වසර වෙනුවෙන් පැවති උත්සවයකදී  මෙම කාලීන ප්‍රකාශය කළේ පරිසර හා ස්වභාවික සම්පත් ඇමති හා ජාතික හෙළ උරුමයේ සැබෑ නායක චම්පික රණවකයි. දැයේ දරුවන්ගේ අනාගතය විනාශකරමින් ජනතාවගේ ඇසට, කනට, හිතට, මනසට, පරිසරයට පොලිතින් ප්ලාස්‌ටික්‌ දූෂණය සිදුකරන්නාවූ කවර හෝ තරාතිරමක අපේක්‌ෂකයකු මැති සබයට පත්නොකරන්නැයිද ඇමැතිවරයා ඉල්ලා සිටියේය. ඇමති චම්පික රණවකගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පරිසර හිතකාමී,...

පොලිතින් ඇමතිවරුනි, යන යකා කොරහත් බිඳගෙන යනවාද?

Image
(2010 ජනවාරි 22 -W3Lanka) පොලිසිය පසුගිය දිනවල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ලෙස යොදා ගැනුණු පොලිතින් කිලෝ 10,290ක් ඉවත් කළ බව පොලිස්පතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.  මෙම පොලිතින් තොගය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති විරෝධී ප්‍රචාරක පුවරු 2070ක් ද සරත් ෆොන්සේකාගේ නිති විරෝධී ප්‍රචාරක පුවරු 479ක් ද සඳහා යොදා ගන්නා ලද ඒවා ය. ඉවත් කරන ලද පචාරක ද්‍රව්‍යවල බර මෙතරම් නම්, ඉවත් නො කරන ලද ඒවා සහ නීත්‍යානුකූල ප්‍රචාරක ද්‍රව්‍ය ලෙස සැලකෙන ඒවා සමග ගත් කල මෙවර ජනාධිපතිවරණයේදී පරිසරයට මුදා හරින ලද පොලිතින් ප්‍රමාණය කිලෝ ලක්ෂයක්වත් විය යුතුව තිබේ. මෙම පොලිතින් ප්‍රමාණයෙන් වැඩි කොටස කිසිදු පරීක්ෂාකාරිත්වයකින් තොරව පරිසරයට මුදා හැරේ.  පරිසර ඇමති කාලයේ පොලිතින් භාවිතය අඩු කිරීම සඳහා නීති ගෙන ආ ඇමති මෛත්‍රීපාල සිරිසේන හා ලංකාවේ පිනට පහළ වී සිටින මහා පරිසරවේදියා නම් තමන් යැයි සිතා සිටින වත්මන් පරිසර ඇමති චම්පික රණවක ද විශාල පොලිතින් ප්‍රමාණයක් මෙසේ පරිසරයට මුදා හරින්නට දායක වී තිබේ.  මැතිවරණ ප‍්‍රචාරය සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම සිදු නොකරන මෙන් පා...

අපේ දරුවන්ට ඇත්ත කියමු -ඌරුවරිගේ වන්නියලැත්තෝ

Image
(2010 ජනවාරි 01 - W3Lanka )   (දෙසැම්බර් 23 හා 24 දෙදින මහනුවරදී ස්වීඩන් සමුපකාර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ දේශනය ඇසුරින් සකස් කළේ සිසිර යාපා විසිනි.) මගේ වයස අවුරුදු 62 යි. මේ 62 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්. එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි. අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑ...

දොම්පෙට යන පාර කොයිබදෝ - චම්පික මට කියා දෙනවදෝ

Image
(2009 නොවැම්බර් 17 - W3Lanka )  කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුම් ලෙස පරිසර අමාත්‍යංශය විසින් දොම්පේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන ප්‍රදේශවාසී ජනතාවගේ දැඩි විරෝධය මැද අඩාල වන තත්වයක් පැන නැඟී තිබේ.  මෙම ප්‍රදේශයේ ජනතාව ‍මෙම ව්‍යාපෘතියට විරුද්ධ වන්නේ කොළඹ කුණු අපට එපා කියමිනි. රට ඒකීය වුව ද කසල බැහැර කිරීම ෆෙඩරල් කරන්නට ඇමති චම්පික රණවකට සිදු වී තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ කොළඹ නිෂ්පාදනය වන කුණු ටික දරා ගන්නට කොළඹ ඉඩ මඳ වීමයි.  මෙම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියට කොරියානු රජය රු. මිලියන 600ක ආධාරයක් කරන මුත් මෙය භාර ගන්නට කිසිදු ප්‍රදේශයක ජනතාව කැමති නැත. මුලින් මෙය පාදුක්ක ප්‍රදේශයේ ඉදි කරන්නට සැලසුම් කළ ද එම ප්‍රදේශයේ ජනතාව ද එයට විරුද්ධ වූහ.  මෙම කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය සෞඛයාරක්ෂිත එකක් බව පරිසර ඇමතිවරයා කෙතරම් කීවත් ජනතාව එය පිළි ගන්නේ නැත. සිය ජීවිත කාලය පුරා ම  ජාතිවාදය හා ආගම්වාදය වැනි ලෙහෙසියෙන් කිති කැවිය හැකි දුබල ස්ථාන ම ස්පර්ශ කරමින් සිටි පරිසර ඇමති චම්පික රණවකට මෙය ජනතාවට පැහැදිලි කර දීමට තේරෙන්නේ නැත....

යෝජිත බෝගහපට්ටිය අභය භූමිය හා සොරගුනේ අනාරක්ෂිත වනාන්තර හරහා ගොඩනැගෙන උඩවලව අලි - ඇතුන්ගේ ශෝකාලාපය

Image
සජීව චාමිකර ශ්‍රී ලංකා සොබා සංසදය උඩවලව ජාතික වනෝද්‍යානය හා ඒ ආශ‍්‍රිත වනාන්තර පද්ධතිය අලි - ඇතුන්ගේ නිජබිමක් ලෙස අලි - මිනිස් ගැටුමකින් තොර කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමේ හැකියාව පවතී. නමුත් දේශපාලන බලපෑම, නිලධාරීවාදය හා රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන කරුණු හේතුවෙන් අලි - මිනිස් ගැටුම මෙම ප‍්‍රදේශයේ වරින් වර උග‍්‍ර වෙමින් පවතී. උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට නැගෙනහිර දෙසට වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත් එතැන් සිට යාල වන සංකීර්ණයටත් අලි - ඇතුන් සංක‍්‍රමණය වේ. නමුත් වැටහිරකන්ද ස්වභාව රක්ෂිතයේ අනවසර හේන් වගාව හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය දෙසට අලි - ඇතුන්ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගයට බාධා එල්ල වී තිබේ. උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතුරු දෙසට අලි - ඇතුන්ගේ සංක‍්‍රමණික ගමන් මාර්ගය පිහිටා ඇත්තේ දහයියාගල අභය භූමිය හරහා යෝජිත බෝගහපිටිය අභය භූමිය දෙසටත් එතැන් සිට සොරගුණේ කැලය හා රජවක වනාන්තර ප‍්‍රදේශ වලටත්ය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ අග භාගයේ දී උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බෝගහපට්ටිය දෙසට අලි - ඇතුන් සංක‍්‍රමණය වන ...