නිකම් කසල උඩට මිනිස් කසල ද බැහැර කිරීමේ ධනවාදයේ අර්බුදය

(2010 ජුලි 24, W3Lanka
ලංකාවේ පසුගාමී ධනේශ්වර රාජ්‍යයට කසල වර්ග දෙකක් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. එක් වර්ගයක් මිනිසුන් විසින් බැහැර කරන කසලයි. පළාත් පාලන ආයතන විසින් මෙම කසල බැහැර කළ යුතුව තිබෙන මුත්, එම ආයතන එම කාර්යයවත් කිරීමට අසමත් වී තිබේ. හිටපු පරිසර ඇමති චම්පික රණවක මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව පැවසූ එක් අයෙකි. දැන් ඉන්න පරිසර ඇමති නම් ඔය කරන්න බැරි වැඩ ගැන පම්පෝරි ගසන්නේ නැත. 


ඉවත දමන ජංගම දුරකථන හා බැටරි හේතුවෙන් සිදු වන පරිසර හානි නිසා ඒවා බැහැර කිරීමට යයි කියා ආණ්ඩුව අසංඛ්‍යයක් වෙනත් බදුවලට අමතරව වෙන ම බද්දක් අය කරන මුත් ඒ අය කරන බදු මුදලින් බැටරි කෑල්ල බැහැර කිරීමට හෝ රජය අසමත් ය. 


අද වන විට ලංකාවේ පසුගාමී ධනවාදයට මිනිස් සමාජය විසින් බැහැර කරනු ලබන මිනිස් කසල ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ සමග ඇති ඡායාරූපයේ සිටින සිඟන්නා මහනුවර ප්‍රදේශයේ කිසියම් තැනක සිටියදී, කිසියම් පිරිසක් විසින් වාහනයකින් ගෙනැවිත් කසල ගොඩකට දමා ගොස් තිබේ. 


මෙවැන්නන් භාර දෙන්නට මේ රටේ තැනක් නැද්ද? ඔහු රෝගියකු නම් භාර දිය යුත්තේ රෝහලකටයි. අයාලේ යාම, සිඟාකෑම වැනි වරදක් කර තිබේ නම් භාර දිය යුතුව තිබෙන්නේ පොලිසියටයි. නැතිනම් සුනීතට, සෝපාකට, රජ්ජුමාලාට පමණක් නොව ආලවකට, අංගුලිමාලට පවා කරුණාවන්ත වූ බුදු හිමියන්ගේ නමින් පවත්වාගෙන යන පන්සලකට, අසපුවකට ඔහු භාර දීමට තිබිණි. 


මෙවැනි මිනිසුන්ට සුබසාධනය සැලසීමට බව කියමින් විශාල මහජන මුදල් සම්භාරයක් ගිල දමන ඇමතිවරු ද සිටිති. ඔවුන්ගෙන් ප්‍රධානියා සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා ය. 


බැහැර කර ගන්නට බැරිව ඇති නිකම් කසල ගොඩවලට මිනිස් කසල ද එකතු වූ විට ආණ්ඩුවට එය කසල අර්බුදයක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. 


දේශප්‍රේමීනි, ආණ්ඩුව බේරා ගැනීමට ඉදිරිපත් වන්න. දැන් සිටින සිඟන්නන්ගේ හා ඉදිරියට සිඟන්නන් වෙන්න සිටින අයගේ ඔලුගෙඩි කළු ගල්වලින් තලන බලකායේ පුරප්පාඩු රැසක් ඇත. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මොහු සිඟන්නෙකු නොවේ මනුෂ්‍යයෙකි.

    ReplyDelete
  2. @ Anonymous,
    නැත. පැරා කියා ඇති පරිදි මොහු මිනිස් කසලයකි. මනුෂ්‍යයෙකු නම් ඔහු සිටිය යුත්තේ මෙතන නොවේ.
    අනික මනුශ්‍යයෙකු යයි නම් කල පමණින් කිසිවෙකුත් මනුෂ්‍යයෙකු නොවේ. එය කල හැක්කේ දේශපාලනය මගිනි.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. manussayek nennam. oya apooruwata uda balagena inne. enawa methana aathal kadanna. ARIMU.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා