Posts

Showing posts with the label චම්පික රණවක

අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්න. අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි.

Image
"අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්නග අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි." මම කිසි දිනෙක ජාතික හෙළ උරුමයට කැමැත්තක් නො දැක්වුවෙමි. ඔවුහු සිංහල ජාතිවාදියෝ ය.  දෙමළ ජාතිවාදය කිසියම් දුරකට රජයේ සිංහල ජාතිවාදයට ප්‍රතිචාරාත්මක එකක් විය. ජාතික හෙළ උරුමය සිංහල ජාතිවාදය රාජ්‍යයෙන් එළියට ගෙන ගෙන වෙන ම ස්ථානගත කළේ ය. ඒ සමග ම සිංහල ජාතිවාදයේ අලුත් අවධියක් නිර්මානය විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමාන හා ප්‍රතිවිරුද්ධ වගකීම් විරහිත ජාතිවාදී ව්‍යාපාර දෙකක ගැටුමක් රට තුළ නිර්මානය විය.  එයින් ජාතික ප්‍රශ්නය විසඳීම තවත් දුෂ්කර විය. සිහල හා දෙමළ සමාජයන් දෙක ජාතිවාදී පදනමින් ධ්‍රැවීකරණය වන්නට පටන් ගත්තේ ය.  මධ්‍යස්ථ මතධාරීන්ට අවකාශයක් නැති විය. ලාංකික ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයන් අභාවයට ගියේ ය.  යුද්ධයේ අවසානයත් සමග නැවත වටයකින් සිංහල අධිපති රාජ්‍යය ශක්තිමත් විය.  එහෙත්, සිංහල අධිපති රාජ්‍යය ඒකාධිපතිවාදයට ගොදුරු වී ප්‍රජාතන්ත්‍රවාදය දිය වී යන සංදර්භය තුළ එයට එරෙහි අරගලයට අලුත් ශක්තියක් ගෙන එමින් ජාතික හෙළ උරුමය දැවැන්ත, එඩිතර පියවරක් තබා තිබේ.  ...

චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද?

Image
(මෙම බ්ලොගයේ පිටු වෙත පිවිසුණු සංඛ්‍යාව අද දින විසිපන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සතුටින් දැනුම් දෙමු! ස්තුතියි ඔබට! දිගට ම අප හා රැඳෙන්න. ඔබ අපට දිරියකි.) ‘‘2012 නොවැම්බර් මස ආනයනය කළ ගල් අඟුරු මෙ.ටො. 143,932 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා ඇත. ලංකා ගල් අඟුරු සමාගම සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාව අතර 2012 ජූලි 23 එළැඹුණු ගිවිසුම අනුව හදිසි ගල් අඟුරු සැපයුම ප්‍රදානය කර ඇත්තේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටීල් පෞද්ගලික සමාගමටය. ආනයනකරු තෝරා ගත්තේ සීමාසහිත නැව් සංස්ථාව විසිනි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2013 ජුලි 29 වන දින වාර්තා කළ පරිදි මෙම ගල් අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා 85,27,68,000 ක (අසූපන් කෝටි විසි හත් ලක්ෂ හැට අට දහසක) අලාභයක් සිදුව ඇත. ඊට අමතරව මෙ.ටො. 29,896 ක ප්‍රමාණයක් අඩුවෙන් සැපයීම නිසා සිදුවූ අලාභය 65,42,76,116/25 කි. (හැටපන් කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හය දහස් එකසිය දහසයයි ශත විසිපහකි) ඒ අනුව මුළු අලාභය රුපියල් 150,70,44,116/25 කි. (එකසිය පණස් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් හතර දහස් එකසිය දහසයයි ශත විසිපහකි) අපි නීතිපති උපදෙස්...

පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා - රතන හිමි

Image
ජාතික හෙළ උරුමය ආණ්ඩුවට පත්තු කරන රතු එළිය ගැන මව්බිම පුවත්පත විසින් අසන ලද ප්‍රශ්නයකට අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරු‍වෝ උත්තර දෙන්නේ මෙලෙසයි: ආණ්ඩුව වහාම මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න ඕනැ.  දැන් ආණ්ඩුව කරන්නේ 2002දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනමයි. හරියටම කියනවා නම් මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා. අපිට නම් ඔය දෙකම එකයි. නාස්තිය, දූෂණය නෙවෙයි ප්‍රශ්නය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ. රතන හාමුදුරුවන් යනු චම්පික රණවකගේ දේශපාලන මුට්ටියයි. චම්පික ඔලුව දැමීමට පෙර රතන හාමුදුරුවන්ගේ මුඩු හිස එළියට දමා බලන්නේ සිවුර නිසා එයට රැකවරණයක් ඇති බව දන්නා නිසා ය.  චම්පිකගේ දේශපාලනය තුළ තිබෙන්නේ ඉවසීමත්, ආසයි-බයයි තත්වයත් මුසු වුණ තත්වයකි. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වීමත් සමග චම්පික ඉදිරියට පැමිණියා මෙන් ම දැඩි ලෙස සීමා වීමක් ද සිදු විය. එහෙත්, ඇමතිවරයකු ලෙස නම් චම්පිකට කරන්නට ලැබුණු කැකිරි ගෙඩියක් නැත. එක පැත්තකි...

චම්පිකගේ හෘදය සාක්ෂිය

Image
දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ජාතික හෙළ උරුමය ගෙන එන යෝජනාවට සිය හෘදය සාක්‍ෂියට අනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව සලසන්නැයි ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. ඔහු මෙසේ ඉල්ලා ඇත්තේ ඊයේ එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡාවේදී ය. මෙ සාකච්ඡාව දේශපාලනික වශයෙන් වැදගත් එකකි. මන්ද, මෙය බැලූ බැල්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා කරන 'අහිංසක' එකක් ලෙස පෙන්නුවත්, මේ වනාහි අනාගත දේශපාලන විපර්යාසයකදී හෙළ උරුමයේ උපා මාරුවට මග පාදා ගන්නා අවස්ථාවකි. සරළව කිව්වොත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වොත්,ජාතික හෙළ උරුමය එහි ද ස්ථානගත වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නා හමුවකි. මේ හමුව සිදු වන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන් තාප්පයට ම හේත්තු වෙමින් තිබෙන සමයක ය. පාඨලීගේ ඉල්ලීමෙහි හෙවත් මේ හෘදය සාක්ෂි කතාවේ තවත් යටි අරුත් රැසක් තිබේ. ඔහු ඇත්තෙන් ම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඉල්ලා සිටින්නේ රනිල්ගෙන් ද නැතිනම් මහින්දගෙන් ද? ...

රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව

Image
ගිලෙන නැවෙන් මීයෝ පැන යති. ආණ්ඩුව නම් නැව ගිලෙන්නට පටන් ගෙන නැතිමුත්, එය හොඳට ම අබලන් ය. කොයි මොහොතක හෝ වතුර කාන්දු වීම ආරම්භ වන්නට පුළුවන. එබැවින් බුද්ධිමත් මීයෝ පැන යා හැකි මං කල් ඇතිව සැලසුම් කර තබති.  බුද්ධිමත් ම මීයෝ වනාහි ජාතිම ජාතිවාදියෝ ය. විමල් වීරවංශ පක්ෂයත්, ජාතික හෙළ උරුමයත් පළාත් සභාවලට විරුද්ධ ය. වඩාත් නිවැරදිව කීවොත්, උතුරු පළාතේ දෙමළ වැසියන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට‍ විරුද්ධ ය.  මේගොල්ලන්ගේ පිටවීමේ දොරටුව තිබෙන්නේ මෙතැන ය. පිටවීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය පළාත් සභා අහෝසි කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනැවිත් තබන්නට ද කටයුතු කර තිබේ.  සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය ගෙවන කිව්ව ද දැන් ජනාධිපතිවරයා ඒ ගැන සද්දයක් නැත. සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයක් බලාගෙන දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. මේ සැප්තැම්බරය මාස කීපයකින් එහාට යන්නට පුළුවන. ආණ්ඩුව ජාතික ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කළ ජාතිවාදී ප්‍රතිපත්තිය වන්නේ 'දෙමළුන්ට කිසිවක් නො දෙන්නනෙමු' යන්නයි. එය එ...

දේපල පවරා ගැනීමේ පනතට ඡන්දය වමසන වෙලාවේ විමල්, චම්පික වැසිකිලිවල

Image
ජාතික හෙළ උරුමයට හා ජාතික නිදහස් පෙරමුණට පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දීම සඳහා කශේරුකාවක් නොමැති වීම නිසා ජාතියේ පිනට පහළ වූ පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ වැනි වීරෝදාර මන්ත්‍රීවරු ඡන්ද විමසන වේලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිළිවල හැංගුණ බව වාර්තා වේ. හෙට අනිද්දා මහ තැන මේ පිළිබඳව විමසූ කල ඒ වෙලාවේ තමන්ට මාර බඩේ අප්සෙට් එකක් ආ බව කියන්නට එතුමන්ලාට පුළුවන. ඕනෑ නම් වෙද මහත්තයකුගෙන් මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්නට ද පුළුවන. ඒ වුණාට, හෙට අනිද්දා වන විට උන්නැහේලාගේ අමාත්‍යංශවල දූෂණ පිළිබඳ හෙළිදරව් මාධ්‍ය මගින් ප්‍රචාරය වන විට නම් ඇත්තට ම බඩ බුරුල් වෙනු ඇත. ඒ වුණාට........................... අතීසාරෙට අමුඩෙ ගැහුවාට වැඩක් නැත. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

චම්පික, විමල්, කෝ ඔයාලාගේ යුගයේ කාර්යභාරය? ඉතිහාසයේ වගකීම? උණ්ඩුක පුච්ඡය?

Image
‍ (2011 ජුනි 14,   W3Lanka )   ඉන්දියාවේ බලපෑම මත දෙමළ ජාතික සන්ධානය සමග සිදු වන සාකච්ඡාවලදී දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලෙස 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදිමක් කරන බව ආණ්ඩුව ප්‍රසිද්ධියේ පවසයි. මේ පිළිබද යම් එකඟතාවකට පසුගියදා ලංකාවට පැමිණි ඉහළ පෙළේ ඉන්දීය නියෝජිතයන් සමග එළඹී ඇති බව පෙනේ. ඉඩම් හා පොලිස් බලතල ගැන යම් කෙඳිරි ගෑමක් කළත්, බොහෝ දුරට ඉඩ තිබෙන්නේ පොලිස් බලතල තබාගෙන ඉඩම් බලතල දෙන්නට සිදු වන තත්වයක් නිර්මානය වීම බව අපගේ නිරීක්ෂණයයි. පොලිස් බලතල දෙමළ ජාතිකවාදීන්ට යම් අභිමානයක් වන හෙයින් බොහෝ දුරට ඒ වෙනුවෙන් ද දෙමළ ජාතික සන්ධානය සටන් කරන්නට ඉඩ තිබේ. මූලිකව ම, දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා මේසයේ තබා ගැනීම ප්‍රමුඛ කොට සලකන්නට සිදු වී ඇති ආණ්ඩුවට පොලිස් බලතල තබා ගැනීම පවා පහසු නැත. උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීමට හෝ පළාත් සභා පිහිටුවීමෙන් පසු එකී පළාත් සභාවන්ගේ කැමැත්ත මත ඒකාබද්ධ වීමට ඉඩ තැබීමට ආණ්ඩුවට සිදු වනු ඇති බව අපේ නිරීක්ෂණයයි. දෙමළ ජාතික සන්ධානය සමග ආණ්ඩුවේ ඊළඟ සාකච්ඡා වටය ජුලි 23දා ය. ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප්‍රජාවේ ශක්තිය ගොනු කර ...

තට්ට බෑමේ මහා පූජෝත්සවය

Image
සිල් බි‍‍ඳෙන මෙවැනි ඇඳුම් ගැහැනුන්ට ඇන්දවීමේ ක්‍රිස්තියානි කුමන්ත්‍රණ පැරදවිය යුතු ය.  (2011 මැයි 07,   W3Lanka )  බුදු දහම අනුව, ගෘහස්ථ සීලයේ හෙවත් ගිහි සීලයේ මූලික කොටස් වන්නේ පන්සිල්, අටසිල්, ආජීව අට්ඨමක සිල්, නවාංග සිල් හා දස සිල් ය. දස සිල් සමාදන් වීම ඉතා හොඳ දෙයකි. දස සිල් නැතත්, දේශපාලකයන් නම් පන්සිල් රැක්කත් රටට සේවයකි. අඩු තරමේ සතුන් හා මිනිසුන් මැරීම, සොරකම් කිරීම හා බොරු කීම නැවැත්වීම ලොකු දෙයකි. මේ තුන නො කර දැන් දේශපාලනය යයි කියන දෙය කරන්නේ කෙසේදැයි අපෙන් ඇසීමෙන් වළකින්න. කාමයෙහි වරදවා හැසිරීම හා මත් වීම මුළුමනින් ම නැවැත්වීම ගැන නම් අපි කතා නො කරමු. අපේ චම්පික රණවක ඇමතිතුමාත් ඔහුගේ ප්‍රධාන සහචරයන් දෙදෙනා වන උදය ගම්මන්පිල හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහත් හෙට හිස මුඩු කර දස සිල් සමාදන් වන බව අසා අපි මහත් ප්‍රීතියට පත් වුණෙමු. ඇත්තෙන් ම, එය ඔවුන් විසින් මෙතෙක් කරන ලද ‍දේශපාලනය උඩු යටිකුරු කරන දැවැන්ත ප්‍රතිපත්තිමය තීන්දුවකි. තට්ටෙ බාන බොහෝ දෙනාට මෙන් එතුමන්ලාට ඉස්සරහින්, මැදින් තට්ටෙ පෑදීමේ ප්‍රශ්නයක් ද නැත. නවීන විලාසිතා අනුව යාම බුදු දහම තරුණ පරපුර ...

කෙරවළපිටියෙන් කෙළවර නො වන චම්පික - ශ්‍රීලනිප ගැටුම

Image
(2011 මාර්තු 29,   W3Lanka )  ආණ්ඩුව ඇතුළේ ජාතික හෙළ උරුමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මහා සංග්‍රාමයක් ඇවිළී තිබේ. මේ ගින්න ඇවිළෙන්නේ තෙල් හා විදුලිය උපයෝගී  කරගෙනයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ප්‍රධාන ලේකම් හා ජ්‍යේෂ්ඨ ශ්‍රිලනිප නායක සුසිල් ප්‍රේම ජයන්තත් ජාතික හෙළ උරුමයේ සැබෑ නායක පාඨලී චම්පික රණවකත් අතරයි. මෙම ගැටුමට හේතුව චම්පික රණවක කැබිනට් සාමූහික වගකීම අමතක කර, තමන් වැඩකාරයා බව තනියෙන් පෙන්නමින් සෙස්සන් කපාගෙන යන්නට උත්සාහ කිරීමයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමන් වනාහි පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු බව පෙන්වමින් අනාගත රාජ්‍ය නායකත්වය සඳහා සිය යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමයි. මෙය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකිනි. තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල පාඩු වෙනත් අමාත්‍යංශ යටතේ ඇති ආයතන වෙත පවරා ලාභ පෙන්වීම චම්පිකගේ විශ්වකර්ම න්‍යායයි. අප මෙම ගැටුමේ මුල් අවධිය  සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක   නම් ලිපියෙන් විස්තර කළෙමු. දැන් ...

ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද? | Socialist solution for the energy crisis

Image
(2011 මාර්තු 16,   W3Lanka )   චම්පික රණවක ඇමතිතුමාට නොබෙල් තෑග්ග හිමි විය යුතු ය. එතුමා සොයා ගැනීමක් කර තිබේ. ඒ ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම තව දුරටත් ලාභදායී නො වන බවයි. එහෙත්, ‍ලංකාව ගල් අඟුරු හීනය දකින්නට පටන් ගත් අනූවේ දශකයේ පටන් ම ලංකාවේ පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා සමාජ සංවිධාන රැසක් ම මෙය දුටුව හ. ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට විරෝධය පළ කළ හ.  නොරෝච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේ අදහස ප්‍රවර්ධනය කරද්දී දේශපාලකයන් පැවසුවේ එමගින් විදුලිය ඉතා අඩු මිළට සැපයිය හැකි බවයි. එහෙත්, දැන් විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසන්නේ ගල් අඟුරුවල මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා එය තව දුරටත් ලාභ බලශක්ති ප්‍රභවයක් නො වන බවයි.  ගල් අඟුරු බලාගාර අදහස මුලින් ගෙ‍න  ආ අනූව දශකයේදී මෙන් නො ව, නොරොච්චෝලේ බලාගාරය හදන්නට පටන් ගත් 2006 වන විට මේ බව පැහැදිලි වෙමින් තිබිණි. තතු දත් විදුලි ඉංජිනේරුවකු වන චම්පික රණවක ඒ බැව් දැන දැනත්, නිහඬව බලා සිටියේ ය. The Minister has said that when Sri Lanka ordered its first shipment, coal was at US$ 69 per tonne...

සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක

Image
(2011 මාර්තු 11,  W3Lanka )  ලංකාවේ රාජ්‍ය පාලකයන් අතර සාමූහික වගකීම කියා දෙයක් ඇත්තේ ම නැත. ඇමතිවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන් වැඩකාරයා බව පෙන්නා ලකුණු දමා ගන්නට ය. හෙළ උරුමය නියෝජනය කරන ඇමති චම්පික රණවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි ඇමතිවරුන් කපාගෙන යමින් බැබලෙන්නට උත්සාහ කිරීම නිසා මේ වන විට ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් ඇති වී තිබේ. ඇමති චම්පික රණවක හැම විට ම උත්සාහ ගන්නේ තමන් පාඩු ලබන ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු ලෙස පෙනී සිටීමටයි. ඔහුගේ අලුත් ම කතාව දස වසරක් තිස්සේ පාඩු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලය 2010 වසරේ රු. දස ලක්ෂ 5062ක ලාභයක් ඉපැයූ බවයි. මේ කතාව අසා ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්තට අසූ හාරදාහට තද වී තිබේ. විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලංකා විදුලිබල මණ්‌ඩලයට ලබාදීමට සිදුව තිබෙන නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ලබන පාඩුවෙන් සියයට අසූවක්‌ම පාඩු ලබා ඇත්තේ ලංකා විදුලිබල මණ්‌ඩලයට අඩු මිලට ඉන්ධන ලබාදීම නිසා ය...

විදුලි බල මණ්ඩල මූලස්ථාන ඉදිරිපිටදී ආණ්ඩුවට කඩේ ගිය අහිංසකයන්ට ඇමති චම්පික පොලිසිය ලවා කළ දේ

Image
( 2010 නොවැම්බර් 25,  W3Lanka )  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගනු ලැබූ මෙම ඡායාරූපයේ සිටින පිරිස නොවැම්බර් 23දා උදේ කොළඹ කොටුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට රැස් වුණේ තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා අඛන්ඩ උද්ඝෝෂණයක් කිරීමටයි.  බහුතරයක් තරුණයන් වූ මෙම පිරිස වෙනත් සමාගම් දෙකක් හරහා විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ 4000ක පිරිසක් නියෝජනය කළ හ.  පසුගිය මැතිවරණවලට පෙර අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙම පිරිස කොළඹට ගෙන්වාං, ඔවුන් ස්ථිර කරන බවට පො‍රොන්දුවක් දී, ඔවුන්ට ඡන්දයට වැඩ කරන ලෙස දැනුම් දෙන ලදී. ඔවුන් 4000ට දෙන ලද ඉලක්කය වන්නේ ඡන්ද ලක්ෂ හතරකි. රස්සාව ස්ථිර කර ගැනීම පිණිස ඔවුහු සිය පවුල් සාමාජියන් හා ඥාතීන් ආදීන් ද ආණ්ඩුවට ඡන්දය දීමට පෙළඹවූ හ.  මේ අතරින් සෑහෙන පිරිසක් සිංහලයෝ වෙති. සිංහලයන් විසින් මෙවැනි උද්ඝෝෂණ සෑහෙන සංඛ්‍යාවක් කර බලයට ඔසවා තබන ලද වර්තමාන විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක දැන් මෙම පිරිස අමතක කර තම උවමනාව පරිදි 1500ක පිරිසක් විදුලි බල මණ්ඩලයට බඳවා ගන්නට යන නිසා මෙම පිරිස සිය සේවය ස්ථිර කර ගැනීම පිණිස මෙම උද්ඝෝෂණය ආරම්භ...

චම්පික සූදුවට පක්ෂයි; රතන හිමි හැංගෙයි; ආණ්ඩුවට අපි කියන්නෙ ඔහොම යං! ඔහොම යං!

Image
( 2010 නොවැම්බර් 11,  W3Lanka )  ඊයේ පාර්ලිමේන්තුවේදී සූදු විශේෂ විධිවිධාන පනත සම්මත කරන විට ජාතික හෙළ උරුමයේ ගිහි නායක චම්පික රණවක එයට පක්ෂව ඡන්දය දුන්නේ ය. මෙම පනතට එරෙහිව මහා සද්දයක් දැමූ අතුරලියේ රතන හිමි මහින්දට බයේ හැංගුණේ ය. හැංගුණේ අසපුවේ ද නැතිනම් වෙන කොහේ ද යන්න අපි නො දනිමු.  මේ අන්දමින් ම ගණිකා වෘත්තිය ද නිශ්චිත ස්ථානවල පාලනයකින් යුක්තව හෝ කිරීමට ඉඩ දීම පිණිස පනතක් ගෙන ඒම සුදුසු බව අපි යෝජනා කරමු. කැසිනෝ සූදුව නීතිගත කළ හැකි නම් ලෝකයේ පැරණි ම වෘත්තිය නීතිගත කරන්නට බැරි වන්නට හේතුවක් නැත. කැසිනෝ නීතිගත කරන්නේ සංචාරකයන් වෙනුවෙන් බව ආණ්ඩුව කියයි. ඉතින් දෙයියනේ, ගණිකා වෘත්තිය නීතිගත කළොත් ලංකාවේ ලස්සන කළු කෙල්ලන් බලන්න තවත් සංචාරකයන් ඒවි නේ. ඒක නීතිගත කළා ම ඉතින් අප වැනි හුදී ජනයන්ට හිතවත් නංගිලාටත් පොලිසියෙන් අරියාදු වෙන එක නවතීවි. ආණ්ඩුවට අප කියන්නේ ධනවාදී වන්නටයි. ඒ ධනවාදය හොද නිසා නො ව වැඩවසම්වාදය තරම් නරක නැති නිසා ය. එසේ ම සරළ නිසා ය. සතුරා පහසුවෙන් හඳුනා ගත හැකි නිසා ය. Bookmark, remember easily and come again   www.w3lanka.com

චම්පිකගේ තෝරියම් ගැටය | Minister Champika Ranawaka's Thorium trick

Image
( 2010 ඔක්තෝබර් 07,  W3Lanka )  ඇමති චම්පික රණවක දක්ෂ දේශපාලනඥයෙකි. 2004 මැතිවරණය ආසන්න වන විට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය වී තිබුණු සිහළ උරුමය හාන්සි වී තිබිණි. චම්පික නියම ගැටයක් ගැසුවේ ය. ජනප්‍රිය ධර්ම කථික භික්ෂූන් පිරිසක් ඉදිරියෙන් වඩම්මාගෙන පාර්ලිමේන්තුවට පල්ලමක් බැස්සේ ය. එකල මෙය ප්‍රසිද්ධ වූයේ 'චම්පිකගේ දහම් ගැටය' කියා ය.  අසූව දශකයේදී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය ආරම්භ කළ ඔහුගේ දේශපාලන චලනයන් අධ්‍යයනය කිරීම රසවත් ය. ආණ්ඩුවට සම්බන්ධ වීමෙන් පසු ඔහු ටික කලක් පවුලේ බඩපිස්සා සේ නායකයා‍ගේ සුරතලා වී සිටියේ ය. එහෙත්, ඉන් පසු පවුලට වෙනත් බඩපිස්සන් එක් වූ බැවින් ඔහුට යන එන මං නැති විය. එක එක අමාත්‍යංශයට මාරුවීම් ලැබේ. දැන් ඔහුට තිබෙන්නේ දෙන එකට ගොස් කියන දෙයක් කරගෙන ලොකු පුතා රජ වන තෙක් බලා ඉඳීමයි.  එහෙත්, ඔහු වනාහි බෙහෙවින් උන්නතිකාමී පුද්ගලයෙකි. දැනට වයස අවුරුදු 46ක් වන හේ වියපත් වී, ජරපත් වී, බැරි ගැහුණු කාලෙක පිං තකා දෙන අගමැතිකමක් දරා පරලෝකප්‍රාප්ත වන්නට සිටින අයකු නො වේ.  ආණ්ඩුව ඇතුළේ හිර වී සිටින හිරවිල්ලෙන් ගැලවීමට උත්සා...

නිකම් කසල උඩට මිනිස් කසල ද බැහැර කිරීමේ ධනවාදයේ අර්බුදය

Image
(2010 ජුලි 24,  W3Lanka )  ලංකාවේ පසුගාමී ධනේශ්වර රාජ්‍යයට කසල වර්ග දෙකක් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. එක් වර්ගයක් මිනිසුන් විසින් බැහැර කරන කසලයි. පළාත් පාලන ආයතන විසින් මෙම කසල බැහැර කළ යුතුව තිබෙන මුත්, එම ආයතන එම කාර්යයවත් කිරීමට අසමත් වී තිබේ. හිටපු පරිසර ඇමති චම්පික රණවක මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව පැවසූ එක් අයෙකි. දැන් ඉන්න පරිසර ඇමති නම් ඔය කරන්න බැරි වැඩ ගැන පම්පෝරි ගසන්නේ නැත.  ඉවත දමන ජංගම දුරකථන හා බැටරි හේතුවෙන් සිදු වන පරිසර හානි නිසා ඒවා බැහැර කිරීමට යයි කියා ආණ්ඩුව අසංඛ්‍යයක් වෙනත් බදුවලට අමතරව වෙන ම බද්දක් අය කරන මුත් ඒ අය කරන බදු මුදලින් බැටරි කෑල්ල බැහැර කිරීමට හෝ රජය අසමත් ය.  අද වන විට ලංකාවේ පසුගාමී ධනවාදයට මිනිස් සමාජය විසින් බැහැර කරනු ලබන මිනිස් කසල ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ සමග ඇති ඡායාරූපයේ සිටින සිඟන්නා මහනුවර ප්‍රදේශයේ කිසියම් තැනක සිටියදී, කිසියම් පිරිසක් විසින් වාහනයකින් ගෙනැවිත් කසල ගොඩකට දමා ගොස් තිබේ.  මෙවැන්නන් භාර දෙන්නට මේ රටේ තැනක් නැද්ද? ඔහු රෝගියකු නම් භාර දිය යුත්තේ රෝහලකටයි. අයාලේ යාම, සිඟාකෑම වැනි ව...

චම්පිකට, නලින්ට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ලංකාවේ පාලකයන් විසින් මේ වන විට ඉදිරියට ගනිමින් සිටින්නේ කිසිදු සදාචාරයක් නැතිව සියල්ල විකුණාගෙන කන ධනවාදයකි. මේ ධනවාදී සැලැස්ම එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මෙන් වෙනස් වන්නේ වර්තමානයේදී රාජ්‍ය අංශයේ ව්‍යවසාය වැඩි වීම නිසා ය. රාජ්‍ය ව්‍යවසාය යනු මහජන දේපල යයි වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහි, දේශපාලන හා නිලධාරි තන්ත්‍රයේ ඉහළින් ම වැජඹෙන පිරිස්වලට ලාභ ලබා දෙමින් මහජනයාට බරක් වන සමාගම් මිස අන් යමක් නොවේ. මෙම කොල්ලකාරිත්වය නිරූපණය කරන කදිම නිදසුනක් වන්නේ මේ වන විට විල්පත්තු අභය භූමියේ සිදු වෙමින් පවතින මහා වන විනාශයයි. යුද්ධයේ නිමාවත් සමග දැන් විල්පත්තු වනයේ වෘක්ෂලතා හා වන සතුන් මුහුණ දෙන්නේ අලුත් යුද්ධයකටයි. ඒ වනාහි විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කිරීමේ දැවැන්ත මෙහෙයුමකි. ඒ අතර මහා දැව ජාවාරමක් ද සිදු වේ. ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අඩුවෙන් ම හානියට පත් වනාන්තර ප්‍ර‍දේශ පිහිටා තිබෙන වනාන්තරයකි, විල්පත්තුව. ජාතික වෘක්‍ෂලතා පනතට පටහැනි වන අයුරින් පුත්තලම – මන්නාරම මහාමාර්ගය ඉදිකිරීමට එරෙහිව මේ...

21වන සියවසේ රාවනා දඬු මොනරා පිට | Sri Lanka Minister on a bicycle

Image
(2010 මාර්තු 18- W3Lanka )   මේ ඉන්නේ විසි එක්වන සියවසේ රාවණායි. 2010 ඡන්දය දිනූ පසුව මේ රාවණා පාර්ලිමේන්තු යන්නේත් බයිසිකලෙන් විය හැකිය.  බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ මහින්ද චින්තනයෙන් සුබ අනාගතය උදා වූ විට අපි නම් වැසිකිලි යන්නේත් ප්‍රාඩෝ එකෙනි.  ප්‍රභාකරන් නැති ලංකාවේ ඔබ පැතූ දුර ගමනේ ඉතිරි ටික යන්නට බයිසිකලය හෝ ඔබට පිහිට වේවා! 

චම්පිකගෙන් මහින්දට අභියෝගයක්

Image
එකට කෑවත් බොක්ක වෙනස් (2010 පෙබරවාරි 19- W3Lanka )   "එක පෝස්‌ටරයකට අවම තරමින් රුපියල් 20 ක්‌ වත් වැය වෙනවා. එක්‌ අපේක්‌ෂකයකු පෝස්‌ටර් සඳහා මිලියන 3 1/2 ක පමණ මුදලක්‌ වැය කරනවා. පී. වී. සී. කටවුට්‌ ගහනවා. පොලිතින් සැරසිලි සිදුකරනවා. මෙයින් සිදුවන විනාශය අතිවිශාලයි. මේ අප ගෙවා දමමින් සිටින වසර හය ඉතාමත් තීරණාත්මක කාලයක්‌. මේ දශකයේදී ලෝකය පාරිසරික විනාශයෙන් ගොඩගත නොහැකි වුවහොත්, ඒ වරද අපට නැවත හදන්නට බැහැ. ලෝකයේ විනාශයට එය හේතුවක්‌ වෙනවා. එනිසා මම සියලු පක්‌ෂවල අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිතින් ප්ලාස්‌ටික්‌ වැනි දූෂක මගින් අනාගත දරුවන්ගේ අයිතිය උදුරා නොගන්නා ලෙසයි." ජාත්‍යන්තර ජෛව විවිධත්ව වසර වෙනුවෙන් පැවති උත්සවයකදී  මෙම කාලීන ප්‍රකාශය කළේ පරිසර හා ස්වභාවික සම්පත් ඇමති හා ජාතික හෙළ උරුමයේ සැබෑ නායක චම්පික රණවකයි. දැයේ දරුවන්ගේ අනාගතය විනාශකරමින් ජනතාවගේ ඇසට, කනට, හිතට, මනසට, පරිසරයට පොලිතින් ප්ලාස්‌ටික්‌ දූෂණය සිදුකරන්නාවූ කවර හෝ තරාතිරමක අපේක්‌ෂකයකු මැති සබයට පත්නොකරන්නැයිද ඇමැතිවරයා ඉල්ලා සිටියේය. ඇමති චම්පික රණවකගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පරිසර හිතකාමී,...