චම්පිකගේ හෘදය සාක්ෂිය

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ජාතික හෙළ උරුමය ගෙන එන යෝජනාවට සිය හෘදය සාක්‍ෂියට අනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව සලසන්නැයි ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. ඔහු මෙසේ ඉල්ලා ඇත්තේ ඊයේ එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡාවේදී ය.

මෙ සාකච්ඡාව දේශපාලනික වශයෙන් වැදගත් එකකි. මන්ද, මෙය බැලූ බැල්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා කරන 'අහිංසක' එකක් ලෙස පෙන්නුවත්, මේ වනාහි අනාගත දේශපාලන විපර්යාසයකදී හෙළ උරුමයේ උපා මාරුවට මග පාදා ගන්නා අවස්ථාවකි. සරළව කිව්වොත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වොත්,ජාතික හෙළ උරුමය එහි ද ස්ථානගත වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නා හමුවකි. මේ හමුව සිදු වන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන් තාප්පයට ම හේත්තු වෙමින් තිබෙන සමයක ය.

පාඨලීගේ ඉල්ලීමෙහි හෙවත් මේ හෘදය සාක්ෂි කතාවේ තවත් යටි අරුත් රැසක් තිබේ. ඔහු ඇත්තෙන් ම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඉල්ලා සිටින්නේ රනිල්ගෙන් ද නැතිනම් මහින්දගෙන් ද?

හෘදය සාක්ෂියට අනුව නම් දැන් හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට බැස සිය බල ව්‍යාපෘතියේ අනාගතය ගැන සිතිය යුතු ය. එහෙම වුණොත් ආණ්ඩුව දූෂණ චෝදනා එහෙම දමා ෆොන්සේකාට, ශිරානිට එහෙම කළ දේ ‍චම්පිකටත් නො කරාවි ය කියා චම්පිකගේ හෘදයට ආණ්ඩුව සාක්කි දිය යුතුව තිබේ. චම්පික රනිල්ගෙන් වගේ මේ ඉල්ලන්නේ ඒක ය. ඇත්තෙන් ම ඉල්ලන්නේ මහින්දගෙන් ය. අනේ පව් ය.

ආණ්ඩුවට කර කියා ගන්නට දෙයක් නැති පාර දැන් කැසිනෝ සූදුවෙන් හරි පණ ගැට ගසා ගන්නට සැලසුම් ගසා තිබේ. අන්න ඒ වැඩපිළිවෙල දියත් කරන වෙලාව කියන්නේ ලංකාවේ ආණ්ඩු මාරුවට හොඳ නැකතකි. ඉතින් චම්පිකට අන්න ඒ වෙලාවට හෘදය සාක්ෂියට අනුව වැඩ කරන්නට දෙනවා නම් පිං ය.

හෙළ උරුමයට පමණක් නො ව, ඔවුන් සමග තරගයට හතු පිපී තිබෙන අනෙකුක් අන්තවාදී කල්ලි වුණත්, ආණ්ඩුවේ රැහැනෙන් මිදී අලුත් පාරවල් හොයන්නට කැමති වෙනු ඇත.

හෘදය සාක්ෂිය ඒ සඳහා මාර පාරකි.

මේ ලිපිත් කියවන්න:


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Honda lipiyak, Champika ohuge herda sakshiyata anuwa weda kala nam oyi ta wada hondai.

    ReplyDelete
  2. ලිපියේ හරය සමග එකඟයි. චම්පික ඔහුගේ දේශපාලන අනාගතය ගැන සිහින දැකීම සහ ඒ සඳහා තෝරා ගත යුතු උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමේ කොටසක් ලෙස මෙම හමුව සිදුවූ බව ගැන කිසිදු සැකයක් නැහැ.

    එහෙත් ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හෘදය සාක්‍ෂියට එකඟව චන්දය දීමට මේ වනවිට රජතුමා ඉඩ දී ඇති බව නොදන්නවා සේ "ඇත්තෙන්ම ඉල්ලන්නේ මහින්දගෙන්ය" යන්න කියන්නේ කුහක කමට නොවේද?

    මහින්ද මන්ත්‍රීවරුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දීම දේශපාලන උප්පරවැට්ටියක් බව වෙනම කතාවකි.

    එසේම විමල් වීරවංශ වැනි වාචාල කම හැරුනු විට වෙන වැදගත්කමක් නැති දේශපාලකයන්ගේ අත්සන් ගැනීම වැනි කෝලම්ද උප්පරවැට්ටි වුනත් එය ඔවුනගේ හෘදය සාක්‍ෂිය නොවේ යයි කීමට නොහැක. මක් නිසාද කියතොත් ඔවුන් මුල සිට මේ දක්වාම අනෙක් සියලු ජාතීන් සිංහලයන්ට කැමති විදියට ජීවත් විය යුතු යයි කියන පදනමේම සිටියවුන් වීම නිසාය.

    හෘදය සාක්‍ෂිය හෝ පිට කොන්ද ගැන ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න කල යුත්තේ රාජිත, තිස්ස, ඩියු වැන්නන්ගෙන්ය. මන්ද ඔවුන් කලින් ප්‍රකාශ කල කිසිත් මේ ආන්ඩුව නොකරන නිසාය.

    නුඹ නුඹේ මතයට කිට්ටු අදහස් දරන එහෙත් බලය සහ වරප්‍රසාද වලට ඇති කෑදරකම නිසා රෙජීමයෙන් එලියට නොබසින්නන් ගැන නොදැක්කා සේ සිටින්නේ ඇයි? නුඹ පතන ලෝකය ගොඩ නගන්නට ලොකුම බාධාව ඇත්තේ ඔවුන්ගෙනි. විරුද්ධ මත දරන්නන් නිසා මත ගැටීම් ඇතිවී පාවෙන චන්ද තාවකාලිකව හෝ එක් මතයකට පැමිනේ. එහෙත් යහ පාලනය ගැන බන කියා ඒකාධිපතියන් සමග නිදිවදින්නන්ගෙන් සිදු වන්නේ එකාධිපතිත්වයේ කාලය දිගු වීම පමනි.

    ReplyDelete
  3. //යහ පාලනය ගැන බන කියා ඒකාධිපතියන් සමග නිදිවදින්නන්ගෙන් සිදු වන්නේ එකාධිපතිත්වයේ කාලය දිගු වීම පමනි.//

    ReplyDelete
  4. http://maruwaxx.wordpress.com/2013/06/10/%E0%B6%B6%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BB%E0%B7%9C/.html

    ReplyDelete
  5. http://maruwaxx.wordpress.com/2013/06/10/%E0%B6%B6%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BB%E0%B7%9C/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා