අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව සිදු වන මරණ

අලුතින් ලැබුණු විදුලි බිල්පත ගෙවීම සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොළඹ, කොටුව විදුලිබල මණ්‌ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණි හැට එක්‌ හැවිරිදි පුද්ගලයකු හෘදයාබාධයක්‌ වැළඳී එම පරිශ්‍රයේ ඇද වැටී මියගොස්‌ ඇති බවක් අද පුවත්පත්වල වාර්තා වී තිබෙනවා.

මේ අනුව අපි මේ මරණ ය මෙහෙම නම් කරමු ද?

‍අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව මිය ගිය පුද්ගලයෙක්.

මේ විදියට ඔය වස බොන, සිය දිවි නසා ගන්න අය ගැන වුණත් හොයලා ‍ඒ මරණ විදුලි බිල සමග සම්බන්ධ කරන්න පුළුවන්. කවුරුහරි වස බිව්වේ විදුලි බිල ආ දවසේ හරි, ඊට පසුදා හරි, ඒ සුමානේ හරි, විදුලි බිල ගෙවූ දා හරි, ඊට පසු දා හරි, ඒ සුමානේ හරි නම් අපට ලේසියෙන් ම පුළුවන් මේ මරණ විදුලි බිල එක්ක සම්බන්ධ කරන්න.

ඔය විදියට පුවත් නිර්මානය කරන්න පුළුවන් 'මේ වන විට අධික විදුලි බිල දරා ගන්න බැරිව මෙච්චර පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙනවා' එහෙම කියලා.

මේ ක්‍රමය ගොවීන්ගේ සිය දිවි නසා ගැනීම්වලදී ලංකාවේ විතරක් නොවෙයි ඉන්දියාවේත් සාර්ථකව පාවිච්චි කෙරුණා. ගොවීන් සිය දිවි නසා ගන්නේ ණය බර නිසා ය කියා මතවාදයක් නිර්මානය කරන්න පුළුවන් වුණා. සිය දිවි නසා ගන්න එවුන් එසේ කරන්නේ සංකීර්ණ මානසික හේතු මත. ඒත්, මේ ක්‍රමය ඔස්සේ ඒ මරණවලට දේශපාලනික අර්ථයක් නිර්මානය වුණා.

ප්‍රවෘත්ති කියන්නේ සත්‍යය ම නොවෙයි. සත්‍යය හෝ බොරුව හෝ මත පදනම් වූ නිර්මානශීලී දේශපාලනික කාර්යයයක්. පාලකයෝ, පීඩකයෝ, ධනපතියෝ, ජාතිවාදියෝ කරන්නේ තමන්ගේ වාසියට ප්‍රවෘත්ති නිර්මානය කරන එක. ඔවුන් අධ්‍යාපනය හරහා කරන්නේ ඔවුන්ගේ බොරු ගිලින්න මිනිසුන්ගේ ඔලු හැඩගස්වන එක. ප්‍රවෘත්ති ඇත්ත ය කියා හිතන්නේ එවැනි අය පමණයි. 

තෝමස් ජෙෆර්සන් කියා තිබෙන විදියට පුවත්පත්වල විශ්වාස කළ හැකි  ඇත්ත තිබෙන්නේ දැන්වීම්වල පමණයි. 

යහපත් සමාජයක්‍ වෙනුවෙන් වැඩ කරන මිනිස්සු යථාර්ථය අවබෝධ කර ගත් බුද්ධිමත් මිනිසුන් නිර්මානය කරන්න වැඩ කරන්න ඕනෑ. අනෙක් පැත්තෙන්, පාලකයන්ගේ මතවාදී යාන්ත්‍රණයට අසු වුන මිනිසුන් මෙහෙයවා ගැනීම හෙවත් මැනිපියුලේට් කිරීම ගැනත් සිතන්න ඕනැ.

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී නම් ලිපියට මාතලන් දමා තිබෙන මුලින් ම පළ වී තිබෙන කමෙන්ටුවේ අදහසයි මම කියන මේ කාරණෙයි අතර සම්බන්ධයක් තිබෙනවා. මාතලන් කියන දේට මම එකඟ නැත්තේ නැහැ. අර මම කියූ පාලකයන්ගේ මතවාදී යාන්ත්‍රණයට අසු වුන මිනිසුන්ට උන් කන පොල්කුඩුවලට ම දාලා බෙහෙත් පොවන්න ඕනැ බව ඇත්ත. නැතිනම් උන් කවදාවත් බෙහෙත් බොන්නේ නැහැ.

හැබැයි, අපි අර‍ නස්රුදීන්ගේ කතාවක කියවෙනවා වගේ තමන්ගේ බොරුවලට තමන් ම රැවටෙන්න ඕනැ නැහැ.

ඇලෙක්සැන්ඩර් ග්‍රහැම් බෙල් කියපු ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. "ඇමරිකාව නව නිර්මානකරුවන්ගෙන් පිරුණු ‍රටක්. ඒ අතරින් විශිෂ්ටම නව නිර්මානකරුවන් වන්නේ පත්තරකාරයෝයි."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. //තෝමස් ජෙෆර්සන් කියා තිබෙන විදියට පුවත්පත්වල විශ්වාස කළ හැකි ඇත්ත තිබෙන්නේ දැන්වීම්වල පමණයි.//

    Not true. Most advertisers are lairs.

    -Kandy-

    ReplyDelete
  2. @“තෝමස් ජෙෆර්සන් කියා තිබෙන විදියට පුවත්පත්වල විශ්වාස කළ හැකි ඇත්ත තිබෙන්නේ දැන්වීම්වල පමණයි.“ - තෝමස් වැරදි, දැන්වීම් වල බොහෝ විට තියෙන්නේ බොරු. එක උදාහරණයක් පමණක් කියන්නම් මගේ මතය තහවුරු කිරීමට.සක්විති රණසිංහ තමන්ගේ ව්‍යාපාරයේ ආයෝජනය කලාම ලැබෙන ප්‍රතිලාභ ප්‍රචාරය කරන්න පත්තර වල තනි පිටුවේ දැන්වීම් පල කළා.

    ReplyDelete
  3. තෝමස් ජෙෆර්සන්ගේ ප්‍රකාශයේ තිබෙන්නේ උත්ප්‍රාසයකි.

    ReplyDelete
  4. හැබයි පැරා ණය ගෙවා ගන්න බැරුව මැරෙන එකාගේ මරණයට හේතුව ලියන්නෙත් පවුල් ප්‍රශ්ණ කියලලු. මේක පොලොන්නරුව පැත්තේ හොඳ ජෝක් එකක් අද...

    පත්තරකාරයෝ ගැන මම ලියපු නිසා මෙතන ලියන්න යන්නෙ නෑ ආයේ...

    ReplyDelete
  5. Prashnavalata muhunadenna barinam jeewathvenna monatada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා