පාලක පවුල වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා යෝජනා

Colombo Telegraph graphic
එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අගනා යෝජනාවක් කර තිබේ.

ජනමාධ්‍යවේදීන්ට හෝ දේශපාලනඥයන්ට ආචාර ධර්ම පද්ධතියක්‌ හඳුන්වා දීමට පෙර මෙරට ජනාධිපතිවරයාට සහ ඔහුගේ සමීප ඥාතීන් වෙත ආචාරධර්ම පද්ධතියක්‌ වහාම හඳුන්වා දිය යුතු බව ඔහු පවසයි.

ජනාධිපති තනතුර දරන්නා ආචාර ධර්ම නැති අයකු බවට පත් කිරීම සඳහා සෑහෙන දායකත්වයක් චන්ද්‍රිකා බංඩාරනායක ජනාධිපතිනිය සමයේ මංගල සමරවීර කළේ ය. එහෙත්, ඔහුගේ මේ යෝජනාව අගය කළ යුතු ය.

පහත පළ වන්නේ එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා යෝජනා මාලාවකි. 

  • මැතිවරණ පවත්වන දින තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී යයි ප්‍රසිද්ධියේ නො කීව යුතු ය
  • මැතිවරණවලදී නිශ්චල හා චංචල රාජ්‍ය දේපල එකක් දෙකක්වත් තමන්ගේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් නො යොදවා ඉතිරි කළ යුතු ය
  • මහජන මුදලින් දන්සල් දී තමන් පමණක් පිං නො පැතිය යුතු ය
  • රාජ්‍ය වියදමින් තමන්ගේ පවුලේ පංගුව සෙසු සමස්ත කැබිනට් මණ්ඩලයේ ම වැය ශීර්ෂවල එකතුවට වඩා ගොඩක් වැඩි නො වන පරිදි තබා ගත යුතු ය
  • 'සංවර්ධනය' සඳහා ගන්නා ණය වෙනුවෙන් උගස් තබන අනාගත පරම්පරා ගණන නිවේදනය කළ යුතු ය
  • ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීමේදී අඩු තරමේ කැබිනට් මණ්ඩලයවත් දැනුවත් කළ යුතු ය (විමල් වීරවංශ කියන පරිදි පී.බී. ජයසුන්දරට පමණක් එය කරන්නට ඉඩ නො දී)
  • ජාතීන්ගේ ප්‍රශ්නය වැනි බරපතල ප්‍රශ්නවලදී තමනුත් තීරණ ගැනීම්වලට සම්බන්ධ විය යුතු ය
  • වැඩිමහල් අය හා පූජකයන් ලවා වන්දවා නො ගත යුතු ය
  • රග්බි තරග පැරදුණු පසු විනිසුරුවන්ට පහර නො දිය යුතු ය
  • ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අඩු තරමේ නිවැරදිව උච්චාරණය කිරීම හෝ කළ යුතු ය
  • හරකුන්ට හරක් අයිතිවාසිකම්, බල්ලන්ට බලු අයිතිවාසිකම් සේ ම මිනිසුන්ට මිනිස් අයිතිවාසිකම් ද ලබා දිය යුතු ය
  • මාධ්‍ය'වේදීන්ට' සුදු වෑන් ලබා නො දී උදෑසන ආහාර පමණක් ලබා දිය යුතු ය

ඔබටත් මෙම ආචාර ධර්ම පද්ධතියට අදහස් එකතු කළ හැකි ය


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මොන්ගල් සමරවීරලා මීටත් අන්ත ඒවා කරද්දි කිසි අවුලක් නෑ. ඕකා බලේට ආවත් ඔච්චර තමයි. අපි දැක්කා නේ එයාගේ කෙරුවාවනුත්. එරාන් වගේ කෙනෙක් කිව්වනම් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. මංගලයා අඩුමතරමේ ප්‍රායෝගිකයි එරාන් කියන්නේ නිකම් පොතේගුරෙක්.අඩුමතරමේ 50 -100 එකතු කරගන්න පුළුවන් මිනිහෙක්ද එයා.

      Delete
    2. තියරි දන්න එකා වැඩ කරන්නෙ නෑ. වැඩ දන්න එකා හොරකරනව. ඕක තමයි හෙනේ!

      Delete
  2. ඒ.සී කාමර වල පිළිතුරු සමගම විභාගයට ලියා ,රෙකෝඩ් තබා පෙරකදොරුවන් නොවිය යුතුය.

    ReplyDelete
  3. අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වේවිද කියලා...

    ReplyDelete
  4. ආචාරධර්ම ගැන කරදර නොවී ඊළඟ මැතිවරණ වලින් මේ අය ගෙදර යවමු.

    ReplyDelete
  5. මට නම් හිතෙන්නේ විපක්ෂය සද්දේ මදි ,කියල . ආණ්ඩුවට ගහන්න තියෙන බෝම්ඹ එකක් වට හරියට පට්ටු වෙන්නේ නෙහෙ . unp 2001 පෙරලන්න විඅමල කොච්චර corruption කියන එක use කරාද , එක පාරක් රතු ඉර ට ෆිලේ උස්සන් එවිත් රවිට eriya වගේ මතක ඇත . අපිට ඉතින් හරි ලොකුඉ ඒවා ,දෙන් මෙච්චර පෙනී පෙනී ,හොරකම වංචාව merakama , එත් unp එකේ සද්දේ මදි, ආණ්ඩුවට ගහන්න licence තියෙන ( parlimantiarians ) experience තියෙන unp ලොක්කෝ ඔක්කොම ආණ්ඩුවේ, they cant should cz the government has the tools to silence them,, api wage ithin samajaye balapemak karanna beri ewun mehemawat ke gahala balamu neda

    ReplyDelete
  6. ඕව වැඩක් නෑ පැරෝ. මෙන්න මාතෘකාවක් !

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/06/130624_buddhist_monks_driving.shtml

    ReplyDelete
  7. කඩප්පුලියාJune 24, 2013 at 7:16 PM

    රටේ සියළුම වැසියන්ට රාජපක්ෂලාට නෑදැයන් විමට ක්‍රමයක් නිර්මානය කල යුතුය.

    ReplyDelete
  8. http://www.youtube.com/watch?v=pC7IbDzUzDQ

    ReplyDelete
  9. http://www.youtube.com/watch?v=pC7IbDzUzDQ

    Rusiri

    ReplyDelete
  10. ආචාර ධර්ම! මොනවද ඒ?

    ReplyDelete
  11. සීඑස්එන්, සුප්‍රීම් සැට්, කාගේදැයි හෙලි කළ යුතුය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා