Posts

Showing posts with the label රාජපක්ෂ පවුල

රා.ප.න.ක.දූ.ගැ.හො.පො. හෙවත් රාජපක්ෂ පවුලේ නමින් කරන දූෂණ ගැන හොයන පොලිසිය

Image
රාජපක්ෂ පවුලේ නම විකුණමින් කරන ගසා කෑම් ගැන සොයා බලන්නට වෙනම පොලිස් ඒකකයක් පත් කර තිබේ. රාජපක්ෂ පවුලේ ගසා කෑම් ගැන සොයන්නට නම් පොලිස් ඒකකයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ගැන කතා කරලා වැඩක් නැත.  රාජපක්ෂ පවුලේ අයට දෙන්නට යයි කියමින් පගා ඉල්ලන තත්වයක් රටේ නිර්මානය වී තිබෙන්නේ නිකම් නොවේ. රැකියා විරහිත රෝහිත රාජපක්ෂලා එක්ලක්ෂ පනස්දාහේ සපත්තු පළඳින්නේ ද, මේ රටේ යන එනමං නැතිව ඇමරිකාවේ පොඩි පොඩි රස්සාවලට ගිය සහෝදරයින් දැන් ලෝක මට්ටමේ ධන කුවේරයින් වී සිටින්නේ ද අන්න ඒ තත්වය තුළ ය.  හොයනවා නම් හොයා ගනු. අද වන විට රජයේ හා රජයේ ව්‍යවසායන්ගේ රස්සාවක් අලුතින් ගන්නට පමණක් නොව, උසස්වීමක් ගන්නටත් දේශපාලකයන්ට පගා දිය යුුතු ය. ඇතැම් සාන්තුවර ඇමතිවරු පගා ගන්නේ පන්සල් හදන්නට, අරකට-මේකට කියා ය. ඔය තරග විභාග අරවා මේවා දැන් තනිකර ම බොරු ය. රස්සා සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ගෝල බාලයන් පවා කියන්නේ පවුලේ අයට කුට්ටිය දිය යුතු බව ය.  අපි නො දන්න බිස්නස් ක්ෂේත්‍ර යේ තත්වය ඊට එහා ය. පවුලට හා ඇමති ඇම්බැට්ටයන්ට කුට්ටිය නොදී බිස්නස් එකක් කරන්නට බැරි බව ඒවා කරන අය කියති.  සංවර්ධනය නමින් ගිනි ...

අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි

Image
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අට වසරක් සම්පූර්ණ ය. මේ අට වසර ලංකාවේ දැවැන්ත ‍පරිවර්තනයක් සිදු වූ යුගයකි. එම පරිවර්තනය තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද ගැබ් වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීම යනු ලංකා ඉතිහාසයේ උන්නතිකාමී ම පවුල් පාලනයක ආරම්භයයි. එහෙත්, එය පවා මුළුමනින් ම නිශේධාත්මක නැත. මහින්ද, ගෝඨාභය, බැසිල් හා චමල් යන සිව් සහෝදරයන්ගේත් නාමල් පුතාගේත් දේශපාලන මැදිහත්වීම් ලංකාවට නරක මෙන් ම හොඳ බලපෑම් ද කර තිබේ. ඉතිහාසයක් මුළුල්ලේ ම විශ්වාස කළ නො හැකි දුෂ්ට මිනිසුන්ගෙන් පිරි ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපතිවරයකුට පළමු වරට විශ්වසනීය බල හවුලක් නිර්මානය කර ගන්නට ලැබුණේ මේ දැවැන්ත විස්තෘත පවුලේ තිබෙන ලක්ෂණ නිසා ය. මෙය බංඩාරනායක පවුල සමග සසඳා බැලුවහොත්, ‍පහත ලක්ෂණ හඳුනා ගත හැකි ය. බංඩාරනායක පවුල පාරම්පරිකව දැවැන්ත ධනයක් හිමි ව සිටි කොළඹ ඉහළ ප්‍රභූ පවුලකි. රාජපක්ෂ පවුල ධනය හා ප්‍රභූත්වය හිමි කර ගත්තේ තනිකර ම බලය හරහා ය. ඒ නිසා බලය වෙනුවෙන් එකට සිටීමේ දැඩි බැඳීමක් මෙම විස්තෘත පවුල තුළ දැකිය හැකි ය. බංඩාරනායක පවුල තුළ එය තිබුණේ නැත. මැත වකවානුවේදී, බංඩාරනායක අම්මා, පුතා, පො...

පාලක පවුල වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා යෝජනා

Image
Colombo Telegraph graphic එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අගනා යෝජනාවක් කර තිබේ. ජනමාධ්‍යවේදීන්ට හෝ දේශපාලනඥයන්ට ආචාර ධර්ම පද්ධතියක්‌ හඳුන්වා දීමට පෙර මෙරට ජනාධිපතිවරයාට සහ ඔහුගේ සමීප ඥාතීන් වෙත ආචාරධර්ම පද්ධතියක්‌ වහාම හඳුන්වා දිය යුතු බව ඔහු පවසයි. ජනාධිපති තනතුර දරන්නා ආචාර ධර්ම නැති අයකු බවට පත් කිරීම සඳහා සෑහෙන දායකත්වයක් චන්ද්‍රිකා බංඩාරනායක ජනාධිපතිනිය සමයේ මංගල සමරවීර කළේ ය. එහෙත්, ඔහුගේ මේ යෝජනාව අගය කළ යුතු ය. පහත පළ වන්නේ එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා යෝජනා මාලාවකි.  මැතිවරණ පවත්වන දින තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී යයි ප්‍රසිද්ධියේ නො කීව යුතු ය මැතිවරණවලදී නිශ්චල හා චංචල රාජ්‍ය දේපල එකක් දෙකක්වත් තමන්ගේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් නො යොදවා ඉතිරි කළ යුතු ය මහජන මුදලින් දන්සල් දී තමන් පමණක් පිං නො පැතිය යුතු ය රාජ්‍ය වියදමින් තමන්ගේ පවුලේ පංගුව සෙසු සමස්ත කැබිනට් මණ්ඩලයේ ම වැය ශීර්ෂවල එකතුවට වඩා ගොඩක් වැඩි නො වන පරිදි තබා ගත යුතු ය 'සංවර්ධනය' සඳහා ගන්නා ණය වෙනුවෙන් උගස් තබන අනාගත ප...

ජනාධිපති කාර්යාල‍ය ගැන 'එහෙම වෙන්නෙ ඇයි? I don't know why

Image
(2011 මාර්තු 12,  W3Lanka )  මේ අද දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකින් උපුටා ගත් කොටසකි. "තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයකු රවටා රේගු ගාස්‌තු රහිතව මෝටර් රථයක්‌ ලබාදෙන බව කියමින් රුපියල් 14 ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් පුද්ගලයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචාවට සම්බන්ධව තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයා මෝටර් රථයක්‌ ගෙනැවිත් ඇති අතර එය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් අදාළ මුදල මොහුගෙන් ලබාගෙන ඇත. තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් හඳුනන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවත් පවසා මෝටර්රථය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් රුපියල් දාහතර ලක්‍ෂයක මුදල් ලබාගෙන ඇත." අපි කටකතා පිළිබඳ කිසිවක් දන්නේ නැත. එහෙත්, වරාය වැනි රජයේ ආයතනවල රැකියා දෙන ආකාරය, හොඳ වැටුප් දෙන විදේශ රටවල රැකියා දෙන ආකාරය, ලොකු කොන්ත්‍රාත් සිදු වන ආකාරය හා තවත් බොහෝ දේ ගැන ලංකාවේ අද දවසේ පළමු පවුල හා සම්බන්ධ කටකතා විශාල වශයෙන් පැතිර යයි. එහෙම වෙන්නේ ඇයි? ඒ ප...

පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට | Sri Lanka rulers' mindset from Medamulana to America

Image
  (2010 ජුනි 02,  W3Lanka )  ලංකාවේ පාලනයේ දැවැන්ත විපර්යාසයක් හෙවත් දේශපාලන භාෂාවෙන් කියන්නේ නම් සුසමාදර්ශීය වෙනසක් සිදු වෙමින් තිබේ. ලංකාව පාලනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නොවේ. ලංකාව යනු රාජපක්ෂ පවුලේ සුල්තානේටයකි.  එහෙයින් ලංකාවේ පාලනයේ යම් විපර්යාසයක් සිදු වන්නේ නම් එය සිදු විය යුත්තේ අනිවාර්යයෙන් ම රාජපක්ෂ පවුලෙහි ය.  දැන් සිදු වෙමින් තිබෙන වෙනස අප විග්‍රහ කරන්නේ පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට මාරු වීමක් ලෙසයි. රාජපක්ෂ පවුලේ අය ඔබාමා යටතේ ඇමරිකාව පිළිබඳ එතරම් දන්නේ නැත. දන්නේ කණිෂ්ඨ බුෂ් යටතේ ඇමරිකාව පිළිබඳවයි. එහෙයින් ලංකාවේ පාලකයින්ගේ පරමාදර්ශය වන්නේ අන් කවරකුවත් නොව ජෝර්ජ් බුෂ් ය.  පාලක මනෝභාවය මැදමුලනේ තිබුණු කාලයේ ගෝලීය ධනවාදයට එරෙහිව දේශීය ආර්ථිකය පිළිබඳ ලියැවුණ මහින්ද චින්තන කතා පොත දැන් ඇමරිකානු බැසිල් චින්තනය යටතේ ගෝලීය ධනවාදයේ පෙළ පොතක් බවට පෙරළෙමින් තිබේ.  ඒ කාලයේ ගැලවුණ ප්ලග් ලෝක බැංකුව සමග දැන් යළි සවි වෙමින් තිබේ.  ලංකාවේ පාලනයේ සුසමාදර්ශීය වෙනස පෙන්නුම් කරන කදිම සාධකයක් වන්...

එපා වාහෙලාට ඇමතිකම් බෙදූ හැටි ගැන තවදුරටත් | How Sri Lanka President gave powers to his unwanted battalion

Image
දැන් එකත් කලින් එක වගේ ම වේවිද? (2010 අප්‍රේල් 25 -  W3Lanka  )  එපා වාහෙට හොදි බෙදන්නා වාගේ යයි ප්‍රස්ථා පිරුළක් තිබේ. තමන් සමග සහවාසයේ සිටි පිරිමියා වයස්ගත වීම, අබල දුබල වීම හෝ වෙනත් හේතුවක් මත එපා වූ කල හුදෙක් යුතුකම ලෙස සලකා ගැහැනිය ඔහුට සලකන්නේ ඒ සැලකිලි එපා වන පරිද්දෙනි. හොදි බෙදනවා නම් බෙදන්නේ එක්කෝ බතට මදි වන්නටයි. නැතිනම් පල්ලෙන් බේරෙන්නයි. මහින්ද රාජපක්ෂ පාලනය ඇමති තනතුරු දීමේදී කටයුතු කර තිබෙන්නේ ද ඒ අන්දමට ය.  පවුල ඇතුළේ පවා කැපිලි ය. චමල් කතානායක ධුරය නම් බලය නැති ඊනියා ගෞරවාන්විත තනතුර භාර ගැනීමට කැමැත්තක් දක්වා නැත. අයියලා මල්ලිලා අතර දැන් මෙවැනි කාරණා ගැන කෙළින් කතා අඩු අතර මේ ප්‍රශ්නය විසඳා දී ඇත්තේ නංගිලා දෙන්නා මැදිහත්ව සංවිධානය කළ භෝජන සංග්‍රහයකදී ය. අවසානයේ චමල්ට තිබුණු වරාය හා ගුවන් සේවා ඇමතිකම අහිමි විය. චමල්ට පමණක් නොව, එය ඉලක්ක කරගෙන සිටි බැසිල්ට ද එය හිමි වූයේ නැත. එහෙත් බැසිල්ට දුන් ආර්ථික සංවර්ධන ඇමති ධුරය බලවත් තනතුරකි. ජනාධිපති අත තබාගෙන සිටින ප්‍රබල ඇමති තනතුරු පහේ ආරක්ෂක හැර අන් අමාත්‍යංශවල නිල නොවන ඇමති වන්නට නාමල්ට කදිම අවස්...

2016 වන තුරු ජනාධිපති මහින්ද. ඉතින් ඊට පස්සෙ......

Image
(2010 පෙබරවාරි 02- W3Lanka )  මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය 2010 නොවැම්බර් 19 දින ආරම්භ වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.  ඒ අනුව, මහින්ද රාජපක්ෂට 2016 නොවැම්බර් 19 දින දක්වා බලයේ සිටිය හැකි ය.  ඔහුට ව්‍යවස්ථානුකූලව තව වරක් ජනාධිපති ධුරයට තේරී පත් විය නො හැකි බැවින් මෙම වසර හය තුළදී අනිවාර්යයෙන් ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වනු ඇති බව ද නැතහොත් මෙම වසර හය තුළදී බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරගකාරීන් පරදවා මීළඟ විධායක ජනාධිපති අපේක්ෂකයා බවට පත් කෙරෙනු ඇති බව ද රාජපක්ෂ පෙළපතේ නිරික්ෂකයෝ පවසති.  එබැවින් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ද අගමැති පදවිය එය අපේක්ෂා කරන මෛත්‍රීපාල සිරිසේන වැනි අයෙකුට නො ලැබී රත්නසිරි වික්‍රමනායක වැනි වයෝවෘද්ධ පුද්ගලයකුට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

රාජපක්ෂ ඥාතීන් 250ක් ආණ්ඩුවේ තනතුරුවල

Image
(2009 දෙසැම්බර් 10 - W3Lanka ) ‘‘රාජපක්‍ෂ පවුල් සමාගම ලංකාණ්ඩුව පාලනයේ කිරීමේ සමාගම බවට පෙරළීම සඳහා රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් 250 කට අධික සංඛ්‍යාවක් ආණ්ඩුවේ හා ඊට අනුබද්ධ ආයතනවලට රිංගවා ඇත. රාජක්‍ෂ ආණ්ඩුව අපවාද විඳින්නේ මේ නිසා යයි’’ නූතන සිංහල ජාතික ව්‍යාපාරයේ ප‍්‍රබල නායකයෙකු වන ආචාර්ය සුසන්ත ගුණතිලක අද දෙසැ. 09දා ඬේලිමිරර් පුවත්පතට ලිපියක් ලියමින් හෙළිදරව් කර ඇත. වෘත්තියෙන් සමාජ විද්‍යාඥයෙකු මෙන් ම, මහජන බැංකුවේ හිටපු පර්යේෂණ අධ්‍යක්‍ෂ තනතුර හෙබවූ වර්තමානයේ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සභාපති පදවිය ද හොබවන ප්‍රබල සිංහල ජාතිකවාදී ක්‍රියාධරයකු වන ආචාර්ය ගුණතිලක එම ලිපියේ අගදී මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරයාට යළි ජය ප‍්‍රාර්ථනා කිරීමට ද අමතක නොකරයි.  ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයන් තිදෙනෙක්  රටේ ප්‍රධාන ම බල මධ්‍යස්ථානවල තනතුරු හොබවන අතර වැඩිමල් සහෝදර චමල් රාජපක්ෂගේ පුත්‍රයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහ ඇමති වේ.