2016 වන තුරු ජනාධිපති මහින්ද. ඉතින් ඊට පස්සෙ......

(2010 පෙබරවාරි 02-W3Lankaමහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය 2010 නොවැම්බර් 19 දින ආරම්භ වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 


ඒ අනුව, මහින්ද රාජපක්ෂට 2016 නොවැම්බර් 19 දින දක්වා බලයේ සිටිය හැකි ය. 


ඔහුට ව්‍යවස්ථානුකූලව තව වරක් ජනාධිපති ධුරයට තේරී පත් විය නො හැකි බැවින් මෙම වසර හය තුළදී අනිවාර්යයෙන් ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වනු ඇති බව ද නැතහොත් මෙම වසර හය තුළදී බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරගකාරීන් පරදවා මීළඟ විධායක ජනාධිපති අපේක්ෂකයා බවට පත් කෙරෙනු ඇති බව ද රාජපක්ෂ පෙළපතේ නිරික්ෂකයෝ පවසති. 


එබැවින් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ද අගමැති පදවිය එය අපේක්ෂා කරන මෛත්‍රීපාල සිරිසේන වැනි අයෙකුට නො ලැබී රත්නසිරි වික්‍රමනායක වැනි වයෝවෘද්ධ පුද්ගලයකුට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න