පක්ෂවල නියම ශක්තිය කිරා ගත හැකි මහ මැතිවරණයක්

(2010 පෙබරවාරි 09-W3Lanka) එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවට තරගයක් දීම අත්හැර සිය ඡන්ද පදනම රැක ගැනීමේ තැනට තල්ලු වී ඇත.


අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවට ජවිපෙට කොන්දේසියක් ඉදිරිපත් කිරීම වනාහි සන්ධාන නො හැදෙන වැඩකි. අනෙක් පැත්තෙන් ජාතීන්ගේ ප්‍රශ්නයට විසදුම් ලෙස බලය බෙදීම, ආර්ථික ප්‍රතිපත්ති ආදී කාරණා රැසකදී එජාප හා ජවිපෙ අතර බරපතල ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබේ. ජනාධිපතිවරණයේදී මෙම පක්ෂ එක් වූ අරමුණ එකට ආණ්ඩු හැදීම නොවේ.


2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් ලෙස ජවිපෙන් තැබූ පොල් පිති පවා තේරී පත්වන තරමේ රැල්ලක් ඇති වූ අතර එම විකෘති ජන වරම විසින් පාර්ලිමේන්තුවට හෝදා එවන ලද පොල්පිති විසින් ජවිපෙ දේශපාලනය උඩු යටිකුරු කර හමාර ය. ජවිපෙ සීනුවෙන් තනිව ම තරග කර සිය සැබෑ බලය යළි තක්සේරු කර ගත යුතු ව තිබේ.


මහින්ද නම් අලියාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යන්නට සැදී පැහැදී සිටින ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, සමසමාජ, කොමියුනිස්ට් ආදී කුඩා පක්ෂ හා කල්ලිවලට ද මෙම අවස්ථාව ලැබෙන්නේ නම් එය රටට මහත් සේවයකි. එවිට දැන් විශාලනය වී සිටින ඇතැම් චරිතවල ඇඟට ගැලපෙන නියම කමිසය කුමක්දැයි දැන ගත හැකි ය. 

මේ කට්ටියට ද වෙන ම තරග කර සන්ධානයට එක් වන්නටැයි කියන්නට හැකියාව තිබේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එය මහත් පිටිවහලක් වනු ඇත.මන්ද ශ්‍රීලනිපයට ද සිය තත්වය පිළිබද නියම තක්සේරුවක් කර ගත හැකි බැවිනි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා