මෛත්‍රීපාල ශ්‍රීලනිපය මකලා හදයි ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුදය විසින් නිරූපණය කරන ප්‍රබල කාරණාවක් තිබේ. අද ලංකාවේ තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවිධාන නැති රටක දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතාවක් බවට පත් වන්නේ නැත. ශ්‍රීලනිපය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද ව්‍යවස්ථානුකූලව ම නායකයාට ඒකාධිපති බලතල හිමි වන පරිදි නිර්මානය කරන ලද පක්ෂයි. ඒවායේ මෑත ඉතිහාසය තුළ දෙවන පෙළ නායකයන් බිහි වී නැත. එක් නායකයකුගෙන් තවත් නායකයකු අතට බලය මාරු වන්නේ ප්‍රචණ්ඩ පසුබිමක් තුළයි. මේ වන විට ශ්‍රීලනිපය තුළ සිදු වෙමින් තිබෙන්නේ ද එයයි. මෙම පක්ෂවලට විකල්ප ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ස්ටාලින්වාදී වාමාංශික පක්ෂ දැඩි ලෙස දේශපාලන මණ්ඩලයේ ආධිපත්‍යයට යට වී තිබේ. දේශපාලනයට පිවිසෙන්නට කැමති තරුණයකුට ඉදිරියට යා හැකි මාවතක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලංකාවේ නැත. එජාප හා ශ්‍රීලනිප තුළ නම් කළ යුතු වන්නේ ප්‍රාදේශීය දේශපාලන බලධාරීයාගේ අන්තේවාසිකයකු වීමයි. පළාත් පාලන ආයතනයකට හෝ තරග කිරීමේ අවස්ථාව ලබා ගත හැක්කේ එමග...