මෙතැනින් එහාට කොළ පාට සමාජය

අද එක්සත් ජාතික පක්ෂයේ වැදගත් රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ. 

සජිත් ප්‍රේමදාසට පක්ෂයේ උප නායක ධුරය පිරිනැමෙන්නට යන බව වාර්තා වේ. 

හරින් අනතුරු දරා ගනිමින් ළඳ කපා දුන් පසු සජිත් නාන්නට කැමැත්තෙන් එන ආකාරයක් දක්නට ලැබේ. 

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සමගිය රටේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ය. මන්ද, රට ගිලගෙන තිබෙන දූෂණ රැල්ල අඩපණ කිරීම සඳහා ආණ්ඩුව වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මූලික හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ය. 

එය ස්ථිර විසඳුමක් නො වේ. එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරකට යෝජනා වී තිබෙන රවි කරුණානායක වැනි අය ඇත්තට ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගැලපෙන මට්ටමේ දූෂිතයෝ ය. 

අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයේ පරාජය වෙනුවෙන් මිස ජයග්‍රහණය වෙනුවෙන් කිසිවක් කර නැති, අදක්ෂයකු හා ප්‍රතිගාමියකු වුවත්, පාක්ෂිකයන්ට හිස් බලාපොරොත්තුවක් වී ඇති අයෙකි. ඔහු මෙතෙක් මෙහෙයවුණේ නම් රාජපක්ෂ පාලනය තුළිනි. ඔහු වැනි අදක්ෂයන් නායකත්වයට පත් කර ගත් විට සිදු වනු ඇත්තේ අදක්ෂකම වසා ගැනීම සඳහා දිගින් දිගට ම නායකත්වය විවේචනය කිරීම පමණි.

කෙසේ වෙතත්, මේ බලවේග ටික කළමනාකරණය කර ගන්නට රනිල් වික්‍රමසිංහ සමත් වේ ද යන කරුණ මත ඔහුගේ අනාගත බලාපොරොත්තු රඳා පවතිනු ඇත. 

අලුත් සංවර්ධනයන් සමග ගැඹුරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා පොදු අපේක්ෂකයන් ආදිය පිළිබඳ සංවාද යටපත් වනු ඇත. රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බල ගැන්වීම වැනි සීමිත ක්‍රියාමාර්ග ඔස්සේ විධායක ජනාධිපති ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමයි.

සෝභිත වැනි සැක සහිත ජාතිවාදී භික්ෂූන් හා අදේශපාලනික ශිරානි බංඩාරනායක වැනි පුංචි පහේ හොරුන්  පොදු අපේක්ෂකයන් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අභාවප්‍රාප්ත වීම ඇතතෙන් ම හොඳ ය. මන්ද, නො දන්නා යකුන්ට වඩා දන්නා යකුන් හොඳ යයි සිතිය හැකි බැවිනි.

කෙසේ වෙතත්, ධනේශ්වර ලිබරල් මූලධර්ම මත පිහිටන ආණ්ඩු විපර්යාසයක් මේ මොහොතට අදාළව නරක නැත. ඊට වඩා දේවල් සිදු වන්නට පුළුවන් දේශපාලන සංදර්භයක් මේ රටේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය සමාජයෙන් විතැන් කර තිබෙන සංදර්භයක් තුළ මහා ප්‍රතිසංස්කරණ කරා යන්නට සූදානම් සමාජයක් ලංකාවේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොටියම කාපිය

    ReplyDelete
  2. Not a single politician is willing to take any responsibility of their actions.

    That only means that there are no leaders!

    ReplyDelete
  3. Man eka???

    Investi ano..

    ReplyDelete
  4. මහා ප්‍රතිසංස්කරණ කරන්නට 2009 දී ලැබුණ අවස්ථාව මහින්ද රාජපක්ෂ පවුලේ කෑදර බල කාමය සහ ධනකාමය විසින් විනාශ කරන ලදී. දැන් සියල්ල මුලසිට පටන් ගත යුතුව තිබේ. පලමුව කළ යුත්තේ මේ දූෂිත පවුල් පාලනය පරාජය කිරීමය.

    ReplyDelete
  5. නව් මිස්ට පැරාසිටමෝල්ට්, වයි ආ යූ වොරීඩ් අබවුට් යූ එන් පී ස් ඉන්ටර්නල් මීටින්ග්ස්?

    ReplyDelete
  6. පැරා අන්න යාල් දේවී දුම්රිය යාපනයට ගිහින්. ඒ ගැන පෝස්ට් එකක් දාමු.

    ReplyDelete
  7. එජාපය සහ ඔවුන්ගේ පරාජයන් සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරක ඔස්තාද්ල දකින්නෙ නැති දේ තමයි ලංකාව කියන රට ඇතුලෙ දේශපාලනය අල්ලගෙන ඉන්න නං නායකයාගේ භූමිකාව කොච්චර වැදගත්ද කියන කාරණාව. මේක අවබෝධ කරගන්නෙ නැතිව ජයග්‍රහනය කරන්න බෑ. හොඳ මිනිස්සු ඉන්නව ඕනතරම්. නමුත් බලය ගන්න බෑ. මහින්දට විකල්පයක්ය කියමින් ඡන්ද දිනන්න බැරි කෙනෙක් තියාගෙන ඉඳීම විහිළුවක් මට නං.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට හිතුවොත් අන්තිමේදී මොන පක්ෂයෙන් බලයට ආවත් එන්නේ හොද මිනිස්සු නෙවිනේ. ඉතින් නරකද මහින්දට ඔහොම ඉන්න දුන්නනම් තව ටිකක්? ඉගුරු දීල මිරිස් ගත්ත වේවිද දන්නේ නැහැ

      Delete
  8. රවි කරුණාානායක දූෂිතයෙක් යයි කීමට සාධක දක්වන්න. නැතිනම් ඉල්ලා අස්කර ගන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දූෂිත නැති එවුන් ඉන්නේ කවුද? උඹ මොන ලෝකේ ඉන්නවද මන්දා. උඹත් මමත් ඇතුළු ඔක්කොම අඩු වැඩි වශයෙන් දූෂිතයි. උඹේ වීරයා ගැන මට මතක දේවල් දෙකක් ඔන්න දැම්මා.

      1. සතොසට මොකද උනේ?
      2. පරණ විවාදයක් තියෙනවා ජෙයරාජ් එක්ක. ඒක හොයාගෙන බලපං.

      ඔය වගේ ලොකු ඒවා විතරක් නෙවි ඔෆිස් එකෙන් තමන්ගේ ප්‍රින්ට් අවුට් ගන්න එක, බස් එකේ කෝච්චියේ හොරෙන් යන එක, බොරු කියල හිඟා කන එක ඔය ඔක්කොම දූෂණය තමයි. ලොකු ඒවා කරන්න අවස්ථාව නැති හින්ද නොකර ඉන්නවා මිසක් අවස්ථාව තියෙද්දී නොකරන එවුන් සයිබරයේ මිසක් ලංකාවේ නම් මට හම්බ වෙලා නෑ

      Delete
    2. දූෂිත ද නැද්ද කොහොම උනත් රනිල්ගෙ ආණ්ඩුව පෙරලවන්න/මිනිස්සුන්ගෙන් පිරිහවන්න මූලික වෙච්ච දෙතුන්දෙනාගෙන් කෙනෙක් තමයි රවී කරුණානායක කියන්නෙ. ආණ්ඩු පෙරලියේ පළමු වෙඩිමුරය තමයි ඔය බුවා අර සතොස ගැන කරපු විවාදය(මතකද දන්නෑ, අනිත් පැත්තෙන් හිටියෙ සුනිල් හඳුන්නෙත්තියි මහින්ද අමරවීරයි). ඒ විතරක්ද අලිමංකඩ පාමංකඩ කතා කියල සිංහල ඡන්ද නැති කිරීමටත් සෑහෙන දායකත්වයක් දුන්න ඔය රවී.
      දැන් උන්නැහේ කියනව උපනායකත්වයට සජිත්ට තරම් සුදුසුකම් තියනවලු. කොච්චර මෝඩය උනත් සජිය මෙච්චර කිචවුනේ නෑ. සීයට අසූ ගනන් ප්‍රතිශතයක් ගත්ත හැමදාම

      Delete
    3. ඔය වගේ ලොකු ඒවා විතරක් නෙවි ඔෆිස් එකෙන් තමන්ගේ ප්‍රින්ට් අවුට් ගන්න එක, බස් එකේ කෝච්චියේ හොරෙන් යන එක, බොරු කියල හිඟා කන එක ඔය ඔක්කොම දූෂණය තමයි. ලොකු ඒවා කරන්න අවස්ථාව නැති හින්ද නොකර ඉන්නවා මිසක් අවස්ථාව තියෙද්දී නොකරන එවුන් සයිබරයේ මිසක් ලංකාවේ නම් මට හම්බ වෙලා නෑ
      Machala: I tried to be not corrupted and lead an ethical life both in the society and my work place/ profession. It it was a proven disaster and ruined both my social and professional life. In Sri Lanka, corruption, malpractice, thievery, backstabbing, apple polishing, mud slinging are like "Life Jackets" and are sure fire career boosters. If you try to live clean, you are guaranteeing your own failure.
      To correct this, we have to change the political leadership. During past 9 years, total society including corporate sector adapted to "MaRa" style of am management practice and a set of happy to follow subordinates was the result.
      Way to go Sri Lanka, Jaya wewa.

      Delete
    4. thanks for all for reply
      udara9jayasingh@yahoo.com

      Delete
    5. රවී තමයි සතොස පැය විසිහතරක් අරින ගොන් අදහස ගෙනාවෙ. ඒ විතරක් නෙමේ සතොස සුපර් කරල පොෂ් කරේ. ඒවගෙ වියදම දරා ගන්න බැරුව අන්තිමේ සතොසට කෙළ උනා. දැන් තියෙන්නෙ "ලක් සතොස" මිස අර ඉලංගරත්න උන්නැහෙගෙ, ඇතුළත්මුදලිගෙ "සතොස" නෙමෙයි.

      සතොස අලියගෙ කාලෙ හදල ගත්තෙ ඇතුළත්මුදලි. ඒ සතොස කාල විනාස කරේ ඇතුළත්මුදලිගෙ ගෝලය රවි.

      Delete
  9. Parath sadda nathuwa unp ekata wadada manda?

    ReplyDelete
  10. eksath jaathika pakshayata jayawewaa!

    ReplyDelete
    Replies
    1. yes man; he is a real rough. full of cheating and frauds done by him personally in his business life. I don't wana waist time in spelling out all these here. But believe me, he is not a good fish.
      I also was in a different perception about him long ago; after listening to his speeches. But later I got to know I was wrong. Any time he can join MR as well to cover up his frauds.

      Delete
  11. මන්ද, රට ගිලගෙන තිබෙන දූෂණ රැල්ල අඩපණ කිරීම සඳහා ආණ්ඩුව වෙනස් කළ යුතුව තිබේ
    That is the only reason why UNP should come to power sooner.

    ReplyDelete
  12. සැපගන්නාරාලSeptember 23, 2014 at 11:03 AM

    "Pulp Fiction" යුගයක,"Gangnam Style" ජිවිතයක් ගතකරන අපට Politics එපා.
    Politics කන්නද ?!

    "Cake" .......... ම්..ම්.. ෂා...... නියමයි !

    ReplyDelete
  13. MR - will be a disaster in the future. ( it will not be different to many dictatorships in Africa)
    Namal - No difference to the daddy (uses the same gimmicks for power)

    Ranil - good knowledge/ but not a leader/ cannot keep the team aligned towards a goal. Not sure whether he wants to stay as the leader of the country or the party. some times he drinks black coffee and make the party-men hopeless.

    Sajith - No vision/ no values / No specific plan/ No attractive speech../ future president to be; - sings yaman bando in the stage. So no way to look upon as a leader to the country

    SF - good gentlemen, strait character. A hope for a non corrupted SL. but only he and his wife. No party. No crowd to back him. will be forgotten in few more years.

    JVP - talk sense / clean hands in politics/ analytical bunch. Rich people think they are good for the poor. But the poor donkeys talk about 88/89. Poorer the electorate, they like MR. So JVP to come to power, 88 and 89 numbers should be removed from numerical order. So no way.

    Now we are left with Baddegama Samitha himi - ???? (it is not good to use bad language when he is waring a Sivura.)

    In the above scenario when there is no promising hope around, only option is to have a common candidate for a shot period, with a clear agenda. For that we are left with 3.
    Unfortunately even our intellectuals are speaking about the negatives of those temporary candidates .
    1.Sobhitha thero - Being a monk/ Pro Sinhala
    2.Shirani - once supported MR
    3. Sarath N Sv - full of shit in the history.

    So ladies and gentlemen - In a small company even there are many successors visible to fill the vacuum when the boss goes off. Unbelievable that out of 20 mil people in the country we don't have a single hope for SL.
    So let's dwell like this for few more generations.

    ReplyDelete
  14. /*නො දන්නා යකුන්ට වඩා දන්නා යකුන් හොඳ යයි සිතිය හැකි බැවිනි*/
    ඉතින් මහින්දවම තියා ගත්තනම් හරිනේ

    /*ධනේශ්වර ලිබරල් මූලධර්ම මත පිහිටන ආණ්ඩු විපර්යාසයක් මේ මොහොතට අදාළව නරක නැත*/

    :)

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. /*ධනේශ්වර ලිබරල් මූලධර්ම මත පිහිටන ආණ්ඩු විපර්යාසයක් මේ මොහොතට අදාළව නරක නැත*/
      මේක දැකල මටත් හීන් හිනාවක් ආව! කෝ මේ උදිත?

      Delete
  15. පැරා අද ඔලුවෙන් හිටගෙනද ඉන්නේ? දැන් එහෙම නම් පොදු අපේක්ෂකයෙක් ඕන නැහැ කියලද මේ කියන්නේ? සෝභිත ජාතිවාදිලු,ශිරාණී චූටි හෙරක්ලු,

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ මේක හැක් කරල කවුරුහරි. නැත්තං බ්ලොග් එක පැරාගෙ නෝන අතට පත්වෙලා.

      Delete
    2. මේක සිරාවටම හැක් වෙලා ඔයි ! ...........පැරාගේ බ්ලොග් එක පරිවාසෙන් පස්සේ ජවිපෙ වගේ වෙලා. අර 'ස්පිරිට්' එකද මොකද්ද එක වාෂ්ප වෙච්ච නවකථා කාරයෙක් වගේ වෙලා.

      Delete
  16. (1).දයාන් ජයතිලක පඩිවරයා විසින් ජිනිවා, සජිත්,රනිල් හා මහින්ද ගැන බැරැරුම් දේශපාලන විග්‍රහයක් - http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/09/140922_dayan_uva_analysis.shtml හි ඇත. කියවා බලා රස විදින්න.

    (2).ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ, ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාගෙන් උපදෙස් ලබාගෙන එම උපදෙස් මත ක්‍රියාත්මක වීමෙන් :-
    1. ජිනිවා පහසුවෙන් ජයගැනීම.
    2. 2015දී සජිත් ජනාධිපතිවීම.
    3. 2015දී මහින්ද ජනාධිපතිවීම.
    4. 2015දී රනිල් ජනාධිපතිවීම.
    ආදී සියල්ල පට් පට් ගාලා කරගැනීමට හැකියාවක් ඇතැයි මට සිතේ.

    ReplyDelete
  17. ඒ කියන්නෙ ඊළඟ චන්දෙදි පැරගෙ චන්දෙ කොලපාටට.
    එල ද බ්‍රා - නයි කයිද රෝස් පාන් කිව්වලු

    ReplyDelete
  18. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

    මේ වාක්‍යය හරිද? අප යනු සමූහයකි. සමූහයකට තනිව කිසිවක් කල නොහැකිය. මෙහි "අප "යන්නට "ඔබ "යනුවෙන් ආදේශ විය යුතු බව මගේ අදහසයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා