මේ බල්ලාට එරෙහිව ක්‍රියාමාර්ග පමා ඇයි?



මහජන මුදලින් වැටුප් ලබන නිලධාරියකුට මේ අන්දමින් හැසිරීමට කිසි සේත් ම ඉඩ දිය යුතු නැත.

මොවුන් පොලිසිවලදී මෙසේ හැසිරීම සුලබ දෙයකි. එහෙත්, මහ පාරේදීත් ඒ අන්දමින් හැසිරීමට ඉඩ දිය යුතු ද? අඩු තරමේ පොලිසියට ඒ මට්ටමේ හරි ශිෂ්ටත්වයක් තිබිය යුතු ය.

අනෙක කවර හෝ ගැහැනියකට මේ අන්දමින් මහ මග පහර දෙන මූ පිරිමියෙක් ද? 

වාරියපොල තිලිණි පිරිමියකුට ප්‍රසිද්ධියේ පහර දුන් අවස්ථාවේදී ලංකාවේ පිරිමි සමාජයට ඇති වූ කම්පනය මේ ගැහැනියට මේ අන්දමින් ප්‍රසිද්ධියේ පහර දෙද්දී ඇති නො වන්නේ ඇයි?

පිරිමින් ගැහැනුන්ට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය යුතු ද?

පොලිස් නිලධාරීන් මේ අන්දමින් මිනිසුන්ට පහර දීම සාමාන්‍ය යයි සැලකිය යුතු ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වාරියපාල තිලි පිරියකට පසිද්ය් පහර න් අවස්ථාදී ලංකා පිරි සමාජයට ඇති වූ කපනය  ගැහැනියට  අන්දන් පසිද්ය් පහර දද්දී ඇති නා වන්න් ඇයි?
    දැන් කවුද කියන්නෙ එහෙම නෑ කියල?

    ReplyDelete
    Replies
    1. ගහන එක බලුවැඩක් නම්, 88-89 යුගයේ පැරාලා පලමුව ජන්දය දුන් මිනිස්සු 10 බෙල්ල කපල මරපු එක සමාජවාදී වැඩක් ද ?

      Delete
    2. 1. පැරා කියන්නේ කවදාවත් වරදක් නොකරන උත්තම පුද්ගලයෙක්.
      2. ඔහු අතින් වරදක් වුනා නම් වාක්‍ය අංක 1 බලන්න.


      සමහරු කපුවට දේවාලේ රෙන්න පුළුවන් කියන්නෙත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නෙත් මේකටම තමයි.

      Delete
    3. ඇත්තටම සිඳුවී ඇත්තේ, පොලිස් කාරයා නොමිලේ කම් සැප විඳින්නට යාමය. මෙය, ලංකාවේ සෑම පොලිස් කාරයාගෙම මානසිකත්වයයි. අනුර කුමාර දිසානායක කියනවාක් මෙන්, පොඩි පොලිස් කාරයෝ පට්ට හිගන්නෝය. උන්ට යුනිෆෝම් වත් නැත. බෙල්ට් හම ගිහිල්ලාය. තොප්පි හඬු ගඳය. උන්ටත් බඩු ගහන්න ඕන උනාට. සල්ලිත් නැතිය. ඉතින් මස් කඩෙන් නිකන් මස් අරගෙන කනවා වාගේ, මස් අස්සේ මස් හැංගිල්ලත්, නොමිලේම බලාපොරොත්තු වෙනවාය. සම හරක් ගණිකාවෝ එසේ සේවය සැපයුවද, තමන්ගේ වටිනාකම වෙනුවෙන් පෙනි සිටී මේ කාන්තාවට, අපේ ගෞරවය හිමි විය යුතුය.

      Delete
  2. මේ වීඩීයෝව ඇත්ත එකක්ද කියලා විශ්වාසයක් නෑ කියලා පොලිස් පෙත්තප්පු කිව්වේ. ඒ වගේම කොළොන්නාවේ කළු චූටී පොලිස් ජීප් එක ඇතුලේ වෙඩි කාලා මැරෙණ එක ගැන අපිටත් කිසි විශ්වාසයක් නෑ..

    මූව රස්සාවෙන් අස්කරනවා විතරක් නෙමෙයි.. එල්ලලා පට්ට ගහන්න ඕන, සදාචාර නොවූවත්. මූසලයා පොලීසිය ඇතුලට ගිහිල්ලා ගැහුවා නම් අවුලක් නෑ. මොකෝ ඒකේ ඇතුලේ සංග්‍රහ කොරන හැටි කවුරුත් දන්නවනේ..

    ReplyDelete
  3. තිළිනිගෙ කේස් එක ඇදුනෙ සමාජ ජාල වල ඒගැන හඬක් නගපු නිසා. 2010 ටියුනීසියාවෙ බෙන් අලි ගෙදර ගියෙ ( සහ අරාබි වසන්තය ඇරඹුනේ ) ඔය වගේම පොළිස්කාරයෙක් අහින්සක ඒළවලු වෙලෙන්දෙක්ට ගහල, ගුටිකාපු එක සිරුරට ගිණිතියගත්තු සිද්ධිය සමාජ ජාල අඩවි වල වයිරල් වීමෙන්. සාමාන්‍ය ජනතාව විදිහට කරන්න පුලුවන් දේ තමයි මේ වීඩියොවට සහ එහි ස්ක්‍රීන් ෂොට් වලට් හැකිතරම් ප්‍රසිද්ධියක් දීම සහ මේ සිදුවීම හෙලා දැකීම. ඒක පොළිසියටත් ආන්ඩුවටත් දැනෙන බලපාඑමක් කරන බව තිළිණිගෙ සිද්ධියෙන් ඔප්පු වුනා.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මචෝ දැන් බලපන් අභියා උඹට පොල්ල තිබ්බ කතාව කොච්චර වයිරල් උනාද? එච්චර වයිරල් වෙච්චි කතාවක් තවත් නෑනෙ. ඒ වුණාට වැඩක් වුණේ නෑ නේද? අභියා තාමත් මිනිස්සු රවට්ටනවා. උඹ තාමත් අඬනවා. උඹ අන්දපු එවුන් පුකෙනුත් හිනා වෙනවා.

      Delete
    2. උඩ "උඹව අන්දපු එවුන්" වෙන්න ඕනැ.

      Delete
    3. මචං ඉන්දික, ඔය කම්පනේ උබට චම්පිකය බෝතල් බස්සන කතාව ඇහුවම ඇතිවුනෙ නැත්ද. උගේ ගෑනියි ලමයයි පන්නගන්න කොට ඇති වුනේ නැද්ද?

      Delete
    4. ඉන්දික අර ලොරියට උඹ කරගහන්න යන කථාව ඇත්තද..... උඹට ට්‍රයල් එකකුත් ලැබුනා කියන්නෙ... අනේ මන්දා බං.....

      ලොරි ඩ්‍රයිවර්ට රට යන්න උදව් කරාට කමක් නෑ මචන් උඹ ලොරියට කරගහන්න එපා...

      Delete
    5. කෝ බං ඉන්දික උඹ හැන්ගිලාද?

      Delete
    6. හෙක්... ඉන්දිකය අරාබි වසන්තෙ ලංකාවට එනකල් ඉන්නෙ අභීතගෙන් සල්ලි ටික ගන්නද?

      Delete
    7. ඒ සල්ලි හම්බ වෙන්නෙ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ බුදු වෙලා පස් වග මහණුන්ට බණ කිව්වටත් පස්සෙ...

      Delete
    8. @ AnonymousSeptember 29, 2014 at 4:18 AM,

      මචෝ, අනිවාර්‍යෙම්ම ඇතිවුනා. නමුත් ඔය උන්දැගෙ අතීත කල්කිරියාව සහ මිනිහගෙ න්‍යාය පත්‍රය ගැන යම් අවබෝධයක් තියෙන කෙනෙක් විදියට පුදුම උනේ නෑ.

      අද චානුකල වෙනම ගේමක් නිසා චම්පිකට හොය හොය ගහන එකට විරුද්ධව යම් මත පල කරාට, චම්පික කියන්නෙ මම "අදහන" හෝ"ඡන්දෙ දෙන" දේශපාලකයෙක් නෙමෙයි.

      ඒ හැරෙන්න මගේ සමීපතමයන්ට මිනිහ කවුද කියන එකත්, මනාප දෙන අදහසක් හියෙනවනම් ඒක වලක්වන එකත් හැර, මගේ විරෝධය ඒ "කාලකන්නි" වැඩේට දක්වන්න පුලුවන් අවස්ථාවක් අවොත් අත හරින්නෙ නෑ.

      හැබැයි, ඒක මිනිහගෙ පුද්ගලික ජීවිතේ ප්‍රශ්ණයක් නිසා, අපි සීමාවක් තියාගෙනයි කතා කල යුත්තෙ කියන එකත් අමතක කරන්න හොඳ නෑ.

      Delete
    9. ඉන්දික මචෝ, අර මොකද්ද චානුකලගෙ වෙනම ගේමක් කිව්වෙ? ලියන්නකො විස්තර ටිකක් අපටත් දැන ගන්න.

      Delete
    10. චානුක වත්තේගම කිව්වම මගෙ හිතට එන්නෙ නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා වශයෙන් ගෝඨාභට රාජපක්ෂ මහත්මයාට විරුදාවලියක් ප්‍රදානය කරපු පුද්ගලයා කියල විතරමයි....

      ඔහු තම වාසිය වෙනුවෙන් ඕනිම දෙයක් ලියනා කුලී ලියන්නෙක්. ඔහු ලියනා දේවල් ගනන් ගතයුතු නෑ.

      Delete
  4. සමාජවාදයේ මෙයට විසඳුමක් තිබේද?

    ReplyDelete
    Replies
    1. පැරා කාල් මාක්සුත් ගෑනිට තඩි බෑවා කියනවා නේද?

      Delete
    2. පැරාලගෙ ගෙදර ඒකෙ අනිත් පැත්ත... පැරා අම්බානෙකට කනවා....

      Delete
    3. පැරා අම්බානකට කන්නෙ රටගැන හිතලා.. ඇයි පැරා ගෑණිට අත ඉස්සුවොත්, එයා මුරුත්තෙට්ටුවේ බුවාට ගතු කියලා පහුවදාට හෙද නිලදාරීන්ගෙ සංගමේ රටපුරා වර්ජනයක් පටන් ගන්නවනෙ. එහෙම කරලා ලෙඩ්ඩු අමාරුවේ දාන්නෙ ඇයි කියලා පැරා අම්බානකට ගුටි කකා පිට උන්ට වචනවලින් නෙලනවා

      Delete
    4. මුරුත්තෙට්ටුවෙ බුවා අපායක් හදලා. මහින්ද මාමිට එන්න කියලා විවෘත කරන්න. මහින්ද මාමි කිව්වලු යකෝ තෝ අපායවල් හදන්නෙ රට ඒ වගෙයි කියන්නද, හදපිය දිව්‍ය ලෝකයකුත් කියලා. දැන් බුවා දිව්‍ය ලෝකයකුත් හදලා.

      Delete
    5. අපායවල් හැදුවට මොකෝ මුරුත්තෙට්ටුවේ බුවා ඉන්නෙ දිව්‍ය ලෝකෙක තමා. ඇයි අප්පා නර්ස්ලට කොට ගවුම් අන්දවලා උන්ව වටකරගෙන ආතල් එකේ සැප ගන්නවා. ඒ මදිවට පැරාම කියන විදියට වෘත්තීය සමිතිය හරහා මුට්ටි කාසි එකතු කරලා ෂපාන් එකේ ජීවත් වෙනවා. (මොන උලව්වකට පැරාගෙ බිරිඳ ඔය මුට්ටි කාසි හොරෙක්ගෙ වෘත්තීය සමිතියට යවනවද කියලා දන්නෙත් පැරාම තමයි)

      Delete
  5. මේ වීඩියෝවෙන් ඉස්මතුවෙන අනෙක් කාරණය තමයි සිංහලයන්ගේ අධික බයාදු කම. අර පොලිස් කාරයව නවත්තන්න ඉඩ තිබියදී පිරිමි සීයක් වටවෙලා ජවනිකාව බලනවා මිස එකෙක්වත් අතක් තියා වචනයක්වත් කියන්නේ නැහැ.

    ReplyDelete
  6. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ පොන්න රැලක් නරඹන්නේ

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම W .A සිල්වාගේ කැලැ හඳ මතක් උනා. මේකාලේ වගේම ඒකාලෙත් ජෝන් ජයපාලල හිටියේ පොත් වල විතරයි. පසුබිම දන්නේ නැතුව මිනිස්සු නිකං ප්‍රශ්න වලට අත දාන්නන බයයි. මොකද බොහෝ වෙලාවට වෙන්නේ අන්තිමට උදවු කරන්න හදපු මිනිහත් අනිත් පැත්ත හැරිලා කුණුහරපෙන් බනින එකයි. "ඒක මමයි පොලිසියේ මහත්තයයි බලාගන්නං තමුසේ තමුසෙගෙ වැඩක් බලාගෙන යනවා !" කිව්වම ඔක්කොම ඉවරයි.

      ජෝන් ජයපාල උනත් ප්‍රශ්නෙට අ ත දැම්මේ තමන්ට තිබ්බ ධන සහ පවුල් පසුබිමේ පිහිටෙන් ලැබුන ගැම්ම නිසා සහ ලවු එක හින්දා මිස වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. එහෙම නැති දුප්පත් අසරණ මිනිස්සු කොහොමද මේවට මැදිහත් වෙන්නේ ? උං අමාරුවේ වැටුනම කවුද පිහිටට එන්නේ ?

      බ්ලොග් කොමෙන්ට් වීරයෙක් වෙන්න නං ලේසියි. එත් තමුන්නාන්සේත් එතන හිටියනං තවත් එක පොන්න පැටියෙක් විතරයි.

      Delete
    2. මහසොහොන් පිල්ලියSeptember 30, 2014 at 3:56 AM/

      /බ්ලොග් කොමෙන්ට් වීරයෙක් වෙන්න නං ලේසියි. එත් තමුන්නාන්සේත් එතන හිටියනං තවත් එක පොන්න පැටියෙක් විතරයි. /

      +++

      Delete
    3. @ ම.සො.පි.
      ///බ්ලොග් කොමෙන්ට් වීරයෙක් වෙන්න නං ලේසියි. එත් තමුන්නාන්සේත් එතන හිටියනං තවත් එක පොන්න පැටියෙක් විතරයි. //
      අනිවා...
      අනිත් එක, ඔය කියන කාන්තාවගෙ කැරැට්ටුව දන්න අය හිටියනම් ඒ අයත් බයයිනෙ ඔය කේස් එකට අත දාන්න. මොකද ඊට පස්සෙ ගෙවල් වලට මූණ දෙන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවනෙ හරි වැරැද්ද මොකක් වුනත්.. එහෙම පැත්තකුත් තියෙන්න පුළුවන්.
      මොනව උනත් පොලිස් බල්ලා කරපු වැඩේ නම් අජූවයි.

      Delete
  7. Ohoma polis ballanta uparima danduwam denna one! Un pahara thuttu deke desapalakayanta namaskara karana gaman samanya minissunta ras pennanawa!

    ReplyDelete
  8. බල්ලව බැඳල දමන්න කියල හදනකොට ලනුව නෑ.
    ලනුව කැළනියට අරන් ගිහින්.

    ReplyDelete
  9. පැරා ඔය නකුටු බල්ලා ගැන විතරද ලියන්නේ? අර බොදු බලු සේනාවේ සමුළුවට බුරුමෙන් ආපු බලු තඩියා ගැන ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  10. වාරියපොල වුනේ සිංහලයෙක් දෙමලෙක්ට හින්සා කිරීම
    මම සාමයට කැමති නිසා ඒ සිද්ධියට තදින් විරුද්ධයි
    නමුත් මෙතනදී එහෙම දෙයක් වුනේ නෑ

    ReplyDelete
  11. පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ලාට නොහැකි විය.

    පැය භාගයක් පමණ හෝටලයේ තැන තැන ඉව කළ ස්කූබ් ආපසු රැගෙන ගිය බව පොලීසිය කියයි.

    හෝටලයට පොලිස් මුර යොදා ඇත.

    ReplyDelete
  12. ගැහැණුන්ට පිරිමින් හා සම අයිතිවාසිකම් ඉල්ලන්න පුලුවන් නම් පිරිමින්ට වගේ ගහන කොට දරාගන්නත් පුලුවන් වෙන්න ඕනේ..lol...

    ReplyDelete
  13. @ Anonymous September 29, 2014 at 5:56 PM,,,,

    උඹව වදලා තියෙන්නේ අම්ම කෙනෙක් වෙන්න බෑ.

    ReplyDelete
  14. මේකි රත්නපුරේ ඉන්න ප්‍රසිද්ද ගොනෙක්. අද මේකි දෙරණ ටීවී එකේද කොහෙද කතා කරද්දී මේකිට පොලිස් කාරයා කිව්ව කුණුහරප ඒ විදිහටම කිව්වා. ඒවා එඩිට් කරලා දැම්මේ. පොලිස් සාජන් මේකිට ගැහුවේ ඌට නිකම් පදින්න දෙන්නේ නැති නිසා. එව්වා මොනවා වුනත් ඌ කලේ බලු වැඩක්. ගෑනියෙකුට බැටන් පොල්ලෙන් ගහන මේ පොන්න පොලිස් කාරයාගේ ඇටදෙක මිරිස් ගලේ තියලා තලන්න ඕනෙ.
    -රත්නපුරේ සමන්-

    ReplyDelete
  15. පැරා.

    TB , සපත්තු කුට්ටම , විද්වත් කුට්ටම් කොමිටිය , ප්‍රංශ ජෝක් , රු.130,000,000 , ලංකාවේ අනාගතය ආදි වැඩකට නැති දේවල් වලින් වැඩකට ඇති සංවාදයක් අාරම්භ කරන්න.

    ReplyDelete
    Replies
    1. $1000 Million × Rs130 = Rs.130,000,000,000 (Rs.130 Billion) ÷ 20,450,000 = TB ඇමතිතුමාගෙන් ලංකාවේ සැමට Rs.6357/= සපත්තු කුට්ටමක් !!!

      Delete
  16. පොලිස් කාරයෙක් අසාදාරණ විදියට හැසිරෙන විට එයට එරෙහි වීමට මහජනයාට අයිතියක් තිබේද ? නීතිය දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. මේ විදිද්යට අපිට නිකන්ම ගැහුවොත්, ආපසු පහර දීමට අයිතියක් මහජනයාට තිබේද?

    ReplyDelete
    Replies
    1. නීතිමය තත්ත්වය කෙසේ වුනත් ප්‍රායෝගික තත්ත්වය නම්

      1. ඔබට දේශපාලන හිතවත් කමක් තිබේ නම් අසාධාරණයට එරෙහි වීමට අයිතියක් තිබේ. - අර වාස්ගේ කොලුවා ගැහුවා කියල කේස් එකක් ගියේ නිපුන රාමනායක කියල SLIIT එකේ කොල්ලෙකුට. ඌට මහින්ද රත්නතිලක එක්ක සම්බන්ධයක් තිබ්බ නිසා ඌ ඒ අයිතිය පාවිච්චි කළා.

      2. එහෙම හිතවත් කමක් නැති කෙනෙක් නම් ඔබට කටත් පුකත් වහගෙන ඔලුව නවාගෙන සිටීමේ අයිතිය තිබේ.

      Delete
    2. ඊට අමතරව රස්තියාදුවීමට කාලය සහ වියදමට මුදල් ඇතිනම්, මානව හිමිකම් නඩුවක් ගොණු කල හැක.

      Delete
    3. //මේ විදිද්යට අපිට නිකන්ම ගැහුවොත්, ආපසු පහර දීමට අයිතියක් මහජනයාට තිබේද?//

      නැත, ඔබට පෙරලා ( හෝ කෙලින් ) පොළිසියට පහරදිය නොහැක. එසේ කලේනම් රජයේ නිළධාරියකුගේ රාජකාරියට බාධ කලායැයි ඔබව අත්ඩංගුවට ගන්නත්, ඔබ පහරදුන් විට අවම බලය වන පපුවට හෝ හිසට වෙඩි තැබීමටත් පොළිසියට අවස්ථාව ඇත.

      Delete
    4. උපශාන්ත ලියන්නේ බාගෙටනේ. ඔය කියන්නේ දේශපාලන හිතවත්කම් නැති අය ගැනනේ.

      දැන් බලන්න අපේ ගම්පහ නගරාධිපතිතුමා එරංග හෙල්මට් නැතුව ගිය නගරවැසියෙක්ව අල්ලපු පොලිස් කාරයන්ට ගැහුවා. එතකොට ඇඹිලිපිටියේ චන්ඩි මල්ලිගේ පුතා දේශීය ශාක ප්‍රවාහනයට බාධා කරපු පොලිස් කාරයෙකුට ගැහුවා.

      Delete
    5. උපශාන්ත කොහොමත් නිවට ඇම්බැට්ටයානෙ බං. හරි හමන් එකෙක් නම් ලක්ෂ දෙකක් සල්ලි නොදී ගත්තු එකාට මක් කරයිද?

      Delete
    6. //උපශාන්ත ලියන්නේ බාගෙටනේ.//

      නෑ නෙ මචෝ. මේ ප්‍රශ්නෙ අහන්නෙ "මහජනයාට" තිබේද කියලනෙ. ඉතින් මගේ උත්තරෙත් ඒ අය ගැනයි.

      උඹ ඔය කියන්නෙ "මහත්මාජනයා" ගැනනෙ. ඒ අයට වෙනම නීතියක්නෙ. ඒක රෝම ලන්දෙසි නීතිය යටතෙ හදාපු අපේ මූලික නීතියට වෙනස් සිංහල රාජ නීතිය මත පදනම් වෙච්චි, අලිඛිත එකක්නෙ. උඹ ඔය කිව්ව නං ගං වලට ( බලය ඇතිකල ) අදාල වෙන්නෙ ඒක.

      Delete
  17. ඇත්තටම සිඳුවී ඇත්තේ, පොලිස් කාරයා නොමිලේ කම් සැප විඳින්නට යාමය. මෙය, ලංකාවේ සෑම පොලිස් කාරයාගෙම මානසිකත්වයයි. අනුර කුමාර දිසානායක කියනවාක් මෙන්, පොඩි පොලිස් කාරයෝ පට්ට හිගන්නෝය. උන්ට යුනිෆෝම් වත් නැත. බෙල්ට් හම ගිහිල්ලාය. තොප්පි හඬු ගඳය. උන්ටත් බඩු ගහන්න ඕන උනාට. සල්ලිත් නැතිය. ඉතින් මස් කඩෙන් නිකන් මස් අරගෙන කනවා වාගේ, මස් අස්සේ මස් හැංගිල්ලත්, නොමිලේම බලාපොරොත්තු වෙනවාය. සම හරක් ගණිකාවෝ එසේ සේවය සැපයුවද, තමන්ගේ වටිනාකම වෙනුවෙන් පෙනි සිටී මේ කාන්තාවට, අපේ ගෞරවය හිමි විය යුතුය.

    ReplyDelete
  18. මාතලන්ට, කොල්ලන්ට හා කෙල්ලන්ට කීමට ඇත්තේ, ඔය පෝන් කනේ ගහගෙන යනවා වාගෙම, මෙවන් සිද්දියක් දුටු සැනින් වහාම වීඩීයෝ ගත කර ගෙන, සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරනා ලෙසය. මන්ද, සාම්ප්‍රදායික මාධ්‍යකරණයට වඩා, අද ළෝකයේ පුරවැසි මාධ්‍යකරණය බෝහෝ ඉදිරියෙන් ඉන්නා නිසාය. හොං කොං වල කෙල්ලන්ගේ කොල්ලන්ගේ ප්‍රොටෙස්ට් දකිනා චීනයේ බල අධිකාරියට මෙන්ම, ජනාධිපති තුමාගේ රිලවාටද, ෆේස්බුක් කියනා නම දැක්කත්, කලිසමේ ගූ යන්නේ ඒ නිසාය.

    ReplyDelete
  19. එකීය පුද්ගල ආරක්ෂාවට ගිනිඅවි පාවිච්චියට අවසර දියයුතුයි

    ReplyDelete
  20. රත්නපුරේ බට්ටි හමු වීමේ දී තවත් අතුරු කතාවකුත් හමු වුනා !
    වීඩියෝ එකේ දැක්කනේ එයා කියනවා ''මම පාරේ තමය් ඉන්නේ , දරුවන්ට කන්න දෙන්න කීයක් හරි හොයා ගන්නේ එකෙන්'' කියල.
    එතකොට ඒක තමය් දැන් එයාගේ රස්සාව.ඒක මුළු රත්නපුරේම දැනන් හිටියා,දැන් මුළු රටම දන්නවා.

    නමුත් දැන් මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්නා කතාවක්.ඒ වගේම ගොඩක් දෙනෙකුට හිතාගන්නවත් අමාරු කතාවක්..

    බට්ටිගේ සැමියා ලමයි දෙන්නත් එක්ක බට්ටිව දාල ගියාට පස්සේ තමයි මේ අලුත් රස්සාව කරන්න උනේ.නමුත් ඉන් පස්සෙ බට්ටිට දෙවැනි සැමියෙක් ඉන්නවා .එයාගේ බාසාවෙන් කියනව නම් ''දැන් මාව තියන් ඉන්න '' මිනිහෙක් ඉන්නවා.බට්ටි එක්ක කතා කරලා එන්න ලෑස්ති වෙලා මම කිව්වා තව මොනවා හරි තියෙනවනම් අපි phone එකෙන් කතාකරමු, මට number එක දෙන්න කියලා.

    ''අනේ මට phone එකක් නම් නැහැ''
    ''ඇයි ඒ'' මම ඇහුවා. ''phone එකක් ඔනමයි නේ ද ඔය රස්සාවට ''
    ''එකනම් ඇත්ත,එත් 'අපේ මිනිහ' මට phone තියාගන්න දෙන්නේ නැහැ.
    ''ඇයි ඒ'' මම නැවත ඇහුව.
    ''එයාට මාව සැකයි''
    ''සැකයි!'' ''මොනවටද සැක ?''

    ''එයා හිතනවා phone තියෙනකොට කොල්ලෝ කථා කරයි,sms එවයි ,මා එක්ක යාළු වෙන්න හදයි කියලා.එයා මම ගැන හෙවිල්ලෙන් ඉන්නේ'' !!

    (අබිසරු ලියක් වුවද ඒ ඔහුගේ පෙම්වතියයි .''සැකයි!'' ''මොනවටද සැක ?'' යනුවෙන් මා ඇසූ පැනය පිලිබඳ මම සියක් වාරයක් පසු තැවෙමි.මිනිස්සු එක්ක සල්ලි වලට පාරේ නිදා ගන්න ගෑණිගෙ මොනවා සැක කරන්නද?මොනවා හොයන්නද? මා තුල තිබූ මනෝභාවය එය නොවේද ?
    ඇයට පහරදුන් පොලිස් නිලධාරියා හා ඒ ප්‍රශ්නය ඇසූ මා අතර වෙනසක් නැතැයි මම සිතමි.)

    ReplyDelete
  21. ප්‍රථ‍මයෙන් මෙය වීඩියෝ ගත කළ අයට ස්තුති කරමි. මන්ද පාරේ යන ගමන් කෙල්ලන් කොල්ලන්ගේ නිරුවත් තැන් වීඩියෝ කරනවාට වඩා ජාතියේ මුරදේවතාවුන්ගේ නිරුවත හෙළි කිරීම මෙන්ම මෙවැනි ඕනෑම පාදඩ ක්‍රියාවක් වීඩියෝ කිරීමට සියලු පුරවැසියන්ට සවියක් තිබිය යුතුය. මන්ද නීතිය මෙවැනි පාදඩයන් විසින් වේසකමේ යවමින් චන්ඩිකම් කරන මුන් වැනි යුනි‍ෆෝම්කාරයන්ගේ නිරුවත හෙළිදරව් කළ යුතුමය.
    මැය ගණිකාවක් වුවද අසික්කිත යුනිෆොම්කාරයන්ට මෙලෙස ගුටිබැට දෙන්නට කිසිදු අයිතියක් නොමැත. හැමදේටම පගාව ඉල්ලන පොලිස් කාරයන් ඇයගෙන්ද ඉල්ලා ඇත්තේ කම්සැප පගාවක් පමණි. නිර්භීත ගැහැනිය එය පිටුදැකීම නිසා පදඩ පොලිස් බලු කුක්කාගේ පහරට ලක් විය. මෙය අනෙකුත් අයටද හෙට දවසේ සිදුවිය හැකි දෙයක් විය හැකිය නිසා නිහඩව නොසිට මේ ක්‍රියාව ‍ප්‍රසිද්ධියේම හෙළා දකිමින් මුන්ගේ යුනිෆොම් ගලවා දැමීමට එක්විය යුතු නොවන්නේද........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා