මොනරාගල තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි

මේ තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි

මොණරාගල, පොකුණුතැන්න, අලුත්බැද්දමංකඩ ප්‍රදේශයෙ වලවේ ගඟට ඉහලින් (නිවැරදි කිරීමයි: මෙම ගඟ වලවේ ගඟ විය නො හැකි ය. මැනික් තඟ හෝ වෙනත් ගඟකැයි සිතමු.)






මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Photojournalism ?
    කෝ මේ කොටි ඇනෝ ? :)

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි පැරා. ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙම විසඳන්න බැහැ නේ. දශක කීපයකට කලින් ඔය දුවගේ වයසේ අය , ඔය පළාතේ ඉස්කෝලේ ගියෙත් නැහැ නේ. So things are improving bit by bit.

      Delete
    2. පරම්පරා කීපයකට කලින් ඔය හමබන්තොට පැත්තේ සමහර පවුල්වල අයත් හරක් පස්සෙ වැටිලා තමයි හිටියෙ. ඒ ගොල්ලෝ ඉම්පෘෘ වුණේ බිට් බයි බිට් නෙමෙයි.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. /පරම්පරා කීපයකට කලින් ඔය හමබන්තොට පැත්තේ සමහර පවුල්වල අයත් හරක් පස්සෙ වැටිලා තමයි හිටියෙ. ඒ ගොල්ලෝ ඉම්පෘෘ වුණේ බිට් බයි බිට් නෙමෙයි./

      දැන් මෙතන තියෙන්නෙ හම්බන්තොට හා මොනරාගල අතර ප්‍රශ්නයක්ද? දියුණු වෙනවා නම් කවුරු දියුණු වුනාම මොකෝ?

      Delete
    5. ඒක නං ඇත්ත පැරා. පවුලට මයිල් ගහකින් හරි සම්බන්ධයක් තියෙනවා නං ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් වත් වරදින්නේ නැතුව හම්බවෙනවා. (මං දන්නා පවුල් කීපයක් තියෙනවා ) . හැබැයි ඔය උඩයාම කෙටිකාලයකට විතරයි. ආණ්ඩු මාරුවත් එක්ක ඔය සහගහන සල්ලි උපයපු උං හැඳිගෑවිලා හිටියටත් අන්ත තත්වෙට වැටෙනවා. අෂ්ට ලෝක ධරුම චක්කරේ.

      Delete
    6. ඒ අන්දමට දියුනුවීම තමයි මහින්ද චින්තනය කියන්නෙ.

      Delete
    7. /කෝ මේ කොටි ඇනෝ ? :)/

      මම මේ මහසෝනාව කන්න පුළුවන් කොටියෙක් හොයන්න යන ගමන්. තෝව කවනවා මයි.

      Delete
    8. අන්න රාජ් කොටියට වෙඩි තියන්න හදනව. විජහට පල.

      Delete
    9. වෙඩි තියන්න කලින් මහසෝනාව කන්න කියපියෝ.

      Delete
  2. ෆොටො එකේ හරියට පැහැදිලි නැ.
    කකුල් තියෙන්නෙ කොහෙද? තවත් කෙබල් එකක් උඩද?
    අත් දෙකෙන් පමණක් එල්ලිලා ඔහොම යන්න බෑනෙ කකුල් නවාගෙන.

    ReplyDelete
    Replies
    1. මාත් රැවටෙනව තව පොඩ්ඩෙන්. ඔන්චිල්ලාවක වාඩි වෙච්ච කෙනෙකුගෙ උකුලෙ ඉඳගෙන යනව වගේ කේස් එකක් මෙතන තියෙන්නෙ. මං හිතන්නෙ ඔහේට පේන්න නැතිව ඇති එල්ලිලා ඉන්න කොටස

      Delete
    2. මාත් රැවටුනා රාජ, මම දැක්කේ ගහ උඩ කැත සීන් එකක් වගේ. මම මේ ආයෙත් බැලුවා පැරා උදේ පාන්දරම වැලක්වත් දාලාද කියලා. රාජුත් එහෙමද දැක්කේ?

      Delete
  3. තමුසේ ඉන්නේ අඟහරු ලෝකෙද ඔහොම එල්ලිලා යන්න බැරි තමුසේ වගේ ඉබ්බන්ට විතරයි හිත හයිය තියන අයට පුළුවන් ඉබ්බෝ

    ReplyDelete
  4. අලුත් පාලම් ඉදිකිරීම නිසා දැනට භාවිත නොකරන පාලම රාශියක් තියනවා. උදාහරණයක් වශයෙන් අලව්ව නගරයේ ඇති පැරණි පාලම. අන්න ඒ වගේ පාලමක් මේ වගේ තැනකට හොඳටම සෑහෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මා,

      පැලියගොඩ නුවරපාරේ තිබෙනා ගුවන් පාලම නම් විදේශ රටක භාවිතා කොට,ඉවත් කෙරු පසු මෙහි ගෙනා සවිකෙරු එකක්. එම පාලම නම් එලෙස නැවත සවිකල හැකි වර්ගයේ එකක්.

      එනමුත් ඔබ කියනා අලව්ව නගරයේ ඇති පාලමත් එවැනි එකක් නොවේ නේද? එයත් නැවත සවිකළ හැකිද? එසේ නම් මම හිතන්නේ මුලින් තක්සේරුවක් කරලන්න ඕනි එම පාලම ඉවත් කිරීමට,නැවත සවිකරීමට අවශ්‍ය ප්‍රදේශයට රැගෙන යාමට සහ නැවත සවි කිරීමට යන වියදම ගැන. ඇතැම් විට ඒ වියදම නව පාලමක් සැදීමට යන වියදමට වඩා වැඩිවේදයි කියා සොයා බැලිය යුතුය.

      Delete
    2. අලව්ව පාලමත් හරියට දැන් විචාරක මහත්මයාගේ අහවල් එක වගේ තමයි. පරණ වැඩියි. කාලේ පැනලා. ඒක කෙළින් කර ගන්න දරණ උත්සාහයෙන් ඊට වඩා ප්‍රයෝජනවත් වෙන දෙයක් කර ගන්න පුළුවන්. හැබැයි විචාරක මහත්මයා නම් හිතාගෙන ඉන්නෙ එහෙම නෙවෙයි කියලා දන්නවා.

      Delete
    3. ඊයා ඔයා කියන කතා. හරිම නෝටි.
      - ඇනී

      Delete
    4. අපේ ගමේ ගඟ හරහා එගොඩ උනේ පාලම් පාරුවකින්, සමගි පෙරමුන රජය කාලයේ පාලම් පාරුව වෙනුවට කලා ඔයෙන් ගලවා ඉවත් කරපු පරණ පාලමක් සවිකලා අවුරුදු ගනනාවක් බස්, ලොරි පවා ධාවනය කරමින් ඉතා හොඳින් පැවතුනා.

      Delete
    5. @ AnonymousSeptember 10, 2014 at 9:47 AM

      මම හිතනවා අලව්ව පාලම ගලවා ගෙනගොස් සවි කිරීම එතරම්ම බරපතල වියදමක් නොයන වැඩක් කියා. මේ ආකාරයට ගැලවූ පාලමක් කරවනැල්ල නගරයෙන් ඉවත් කර ඈත පළාතකට රැගෙන ගියා. ඒ පාලමත් අලව්ව පාලම වගේම බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකළ එකක්.

      @ AnonymousSeptember 10, 2014 at 11:06 AM

      ඒ පාලමත් බ්‍රිතාන්‍ය පාලන සමයේ එකක්ද? සමහරවිට අබලන් වෙන්න ඇත්තේ ඒ පාලමට දරන්න බැරි තරම් බර වාහන ගිය නිසා වෙන්න ඇති.

      Delete
    6. රත්මලානෙ බොරුපන වේරැස් ගඟ හරහා දාල තීන්නෙ තොටලඟින් ගලවපු රැජින පාලමෙන් කොටසක් ( ඉතුරු ටික වෙන තැනකට ගෙන ගියා )

      Delete
  5. පරණ උන්ඩයට හොඳ පරණ යකඩ තමා. අනෙ

    ReplyDelete
  6. පරණ උන්ඩයට හොඳ පරණ යකඩ තමා. අනෙ

    ReplyDelete
  7. ඉතින් පැරා මේකනෙ වෙන්නෙ. දැන් ඔය තාත්තාම හෙට අනිද්දා සිය කැමැත්තෙන්ම සන්ධානෙට ඡන්දය දෙනවා. කවුරුත් බල කරලා හෙම නෙවෙයි. අපේ මහින්ද මහත්තයා කියලා දෙන්නේ. අඩු ගානෙ මේ මනුස්සයා ජේ. වී. පී. එකට ඡන්දය දෙනවා නම් ඒක තේරුම් ගත හැකියි. (මම ප්‍රතිපත්තිමය වශයෙන් ජවිපෙ සමඟ එකඟ නැහැ. ඒත් උන් මේ මනුස්සයා ගැන කතා කරනවා.) දැන් මේ මිනිස්සුම හැමදාම බෙදා ගැනීමේ හැන්ද සන්ධානයටම දෙනකොට වෙන කාටවත් මේ ගැන මොකද්ද කරන්න පුළුවන්? අඩුම ගානෙ එක පළාත් සභාවක් යූ එන් පී එකට තව එකක් ජේ වී පී එකට ගියොත් එතැන බල තුලනය නිසා මිනිස්සුන්ට යමක් ලැබෙනවා. අර ඇණයක් වෙලා ඉන්න ෆොන්සේකට හරි කමක් නැහැ. හැමදාම එකම පක්ෂයක් බලයට පත් කරන කොට සාමාන්‍ය මිනිහාට ලැබෙන කෙංගෙඩියක් නැහැ. 1970 ගණන් වලට ඉස්සර මිනිස්සු ලස්සනට මේ බල තුලනය භාවිතා කළා තමන්ගේ ඉල්ලීම් ලබා ගන්න. අද ඉන්න *ත්තලාට ඒක ඕනැ නැත්නම් අපි මොනවා කරන්නද? ඔහොමම එල්ලිලා ගියාවෙ. ඕකත් තොපිට හොඳ වැඩියි. ගඟේ පීනලා යන්න දෙන්න තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. [[Anonymous September 10, 2014 at 9:53 AM]]

      මෙන්න මේ කොමෙන්ටුව තමයි ඉතින් පැරාගේ පෝස්ටුවෙන් මතු කරපු කාරණයට දෙන්න තියෙන හොඳම ප්‍රතිචාරය. Period.

      Delete
  8. තාමත් ඔහොම තැන් තිබීම ගැන ගොඩක් පසු තැවෙමි . නමුදු ඉතා විශාල ආර්ථිකයට උරුම කම් කියන චීනයේ ද මෙයට වඩා අන්ත තත්වයන් ඇති බව ඇස් දෙකෙන් දැක ඇත් . නමුදු කොන්ක්‍රීට් පාරවල් කාපට් කරනවට වඩා මෙවැනි තැන් වලට පාලමක් ලබාදීම ඉතා අගනේය .

    ReplyDelete
  9. නියම පොටෝ ටික. ඊලඟ පාර ට්‍රිප් එකක් දාන්න හොඳ පැත්තක්.

    ReplyDelete
    Replies
    1. ඇඩ්වෙන්චර් පාක් එකකට ගියා වගෙ තියෙයි

      Delete
    2. ඇත්ත. මරු ලස්සන පොට් එක. ගඟ අයිනේ බාබකිව් පාරක් දාලා, ඌරු මස් ටිකක් හොයාගෙන ඩේවල් එකක් දාලා අරක්කු ටිකක් බිලා,සුස්තියක්‌ එහෙම ගැහැව්වා නං සැප කනේ.

      ගගේ නලා,කුඩාරමක් ගහන් රෑ ගත කරලා, ඇඩ්වෙන්චර් පාරක්දාලා ෆුල් සොමියක් ගත්ත හැකි.

      ලබන මාසේ ඔෆිස් ට්‍රිප් එක ඔය පැත්තේ යන්න අදහසක් දාන්න ඕනි කට්ටියට. තැන්ක්ස් පැරා සුපිරි පොට් එකක් හඳුන්වලා දුන්නට.

      Delete
    3. මම අදම යනවා මෙතැන හොයාගෙන. මීමුරේ මොකද්ද මේකනෙ තැන!

      - අභීත

      Delete
  10. මේ වගේ තැන් හොයන්න මොනරාගලටම යන්න ඕනද? ලංකාවේ තව කොච්චර මේවගේ තැන් තියෙනවද?

    දැන් ඌවෙ චන්දෙට කලින් මෙතනට පාලමක් හදන්න මුල්ගලක් තියල චන්ද ටිකක් කඩාගන්න පුළුවන්.

    ReplyDelete
  11. අනේ පැරකුම් මහත්තයා එය මොණරාගලට යන්න ඕන නැහැ අත්වැල් තොට. කෙලින් කන්ද පැත්තේවත් ගිහින් තියෙනවාද? වැඩිය ඔන නැහැ මී ගහතැන්නේ බෝගොඩ කන්ද පාරේ ගිහින් තියෙනවාද? ඒත් නැත්නම් සිරිකඳුර වත්ත ඇතලව හොරවල හන්දියට කලින් තියෙන.
    ඔය අපාය වලින් ගොඩ එන්න ළමයින්ට ඔබ දන්න භාෂාව කියා දෙන්න. ලෝකේ හදන්න කලින් ඔබ ආදර්ශමත් වන්න. ඔබ මහරාජගේ ආණ්ඩව එක්ක තියෙන වෛරය පිරිමහන්න මිනිස්සුන්ගේ ලේ උණු කරන පොස්ට දානවාට වඩා නරකද ඔබගේ පැත්තේන එක ඉටි පන්දමක් පත්තු කරා නම්.

    ReplyDelete
    Replies
    1. ඉටි පහන් පත්තු කරන්න නම් පුළුවන්. ඒත්, ඉතින් අපට පාලම් හදන්න බැහැනේ.

      මිනිස්සුන්ගේ ලේ උණු වෙන්නැති එක තමයි තිබෙන ප්‍රශ්නය. තමන්ට පල දී ඇති කරුමය මේ පාලකයන් හා එවැනි තවත් පාලකයන් ද බිහි කරන මේ සමාජ ක්‍රමය බව තේරුම් කර දෙන්න ලේ උණු වෙන පිංතූර පළ කරන එකේ වරදක් නැහැ.

      Delete
    2. පැරා ඉන්නේ අනිත් මිනිස්සුන්ට ජීවත්වෙන විදිය කියල දෙන්න විතරයි. ඔය කියන තැන්වල ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැනත් ආණ්ඩුවට දෝෂාරෝපණය එල්ල වෙන විදියේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන්.

      Delete
  12. @පැරා,

    මේ ප්‍රශ්නයට අවංකව පිළිතුරක් දෙන්න.

    මේ 'තාත්තා' ඔබ නම්, ඔබට දිනපතා ඔබේ දියණිය මෙහෙම පාසලට රැගෙන යන්න සිදුවුණා නම් ඔබ බුද්ධිමත් මිනිසකු ලෙස එයට මුහුණ දෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම උඹ වගේ ගොන් ප්‍රශ්ණ අහන උන්ට හොම්බට දෙකක් අනිනවා

      -පැරා

      Delete
    2. අපට මෙහෙම වුණේ ඇයි කියන එක හදාරනවා. ඒ හා සමාන ඉරණමකට මුහුණ දී සිටින සෙසු අය එක්ක කතා කරනවා. විසඳුම් නිර්මානය කර ගන්න සාමූහිකව උත්සාහ කරනවා.

      ඔය ටික මේ මිනිස්සුත් කරනවා. ඒත්, ප්‍රශ්නය තිබෙන්නේ ඒ මිනිසුන්ට උදව් කරන පාලනයක් රටේ නැති වීමයි.

      Delete
    3. ඔන්න පැරාට වැරදුණු තැන. කළ යුත්තේ ඕක නෙවෙයි. වෙනත් විසඳුම් තියෙනවාද කියලා බැලීමයි. උදාහරණයක් හැටියට ඔහොම ගඟෙන් එගොඩ නොවී (තරමක කරදරයකින් හෝ) යා හැකි වෙනත් පාසල් නැද්ද? පදිංචිය වෙනස් කළ නොහකිද? ඔය වගේ දේවල් ගැන බැලීමයි මුලින්ම කළ යුතු. මෙතැන ඇත්තටම මෙහම දුෂ්කර ගමනක් යන්නෙ කිහිප දෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නම් එතැන පාලමක් දැමීම අනවශ්‍ය වගේම නාස්තිකාරී උත්සාහයක්. පවුල් විස්සක් නම් ඒක පාවිච්චි කරන්නෙ පාලමක් දැමීම කොච්චර නිස්කාරණ වියදමක්ද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ආණ්ඩුවේ වැරදි තියෙනවා තමයි, අනිවාර්යයෙන්ම. හබැයි ඒකටම බැණ බැණ නොඉඳ තමන් වෙනස් වෙනවා නම් සමහර ගැටළු විසඳා ගත හැකියි.

      Delete
    4. කිසිම වැරදීමක් වෙලා නැහැ. “විසඳුම් නිර්මානය කර ගන්න සාමූහිකව උත්සාහ කරනවා,“ කියන එක තුළ ඔය කරුණු තිබෙනවා.

      හොඳයි, දැන් මේ දුප්පත් මිනිස්සු මේ ගමේ ඉන්නේ ඇයි? ඔවුන්ගේ ජීවනෝපාය හා දේපල එහි තිබෙන නිසායි. ඒවා දාලා ඒ මිනිස්සු කොහේ යන්න ද? කවුරුද උදව් කරන්නේ?

      මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැහැ. තමන් වෙනස් වෙනවා. මේ රට සංවර්ධනය වුණේ ආණ්ඩු විසින් කරන ලද කැකිරි ගෙඩියක් නිසා නෙමෙයි. මේ මිනිස්සු තමන්ගේ ජීවිත වෙනස් කර ගන්න උත්සාහ කළ නිසායි.

      ආණ්ඩුවක් අවශ්‍ය මිනිස්සුන්ට උදව් කරන්න. මග පෙන්නන්න. ඒක කරන්නේ නැති ආණ්ඩුවලින් වැඩක් නැහැ. ආණ්ඩුව පත් කළේ මේ මිනිස්සු. එහෙම නැතිව දෙවියන් වහන්සේ නෙමෙයි. ඒ නිසා ඒ මිනිස්සු ගැන සොයා බලන එක ආණ්ඩුවේ වගකීමක්.

      Delete
    5. එහෙම නොවෙනවා නම් ඒක පෙන්වා දීම තමයි, මාධ්‍යවල වගකීම. නැතිව ‘අනී ආණ්ඩුවට බනින්න එපාව්. ඔයාලා වෙන විසඳුම් සොයා ගන්න මෙයාලා‘ කියන්න නෙමෙයි.

      Delete
    6. "මේ රට සංවර්ධනය වුණේ ආණ්ඩු විසින් කරන ලද කැකිරි ගෙඩියක් නිසා නෙමෙයි. මේ මිනිස්සු තමන්ගේ ජීවිත වෙනස් කර ගන්න උත්සාහ කළ නිසායි. "....

      පැරා, සමාජවාදෙත් අන්තිමට කැරකිලා ඒකීය පුද්ගලය ලඟටම තමයි නේද එන්නෙ

      Delete
    7. සුදා, ආණ්ඩුව කියන්නේ එකක් රාජ්‍ය කියන්නේ තව එකක්, මේ කියන්නේ මෙතුවක් කල් පාලනය කරපු ධනවාදී ආණ්ඩු ගැන, මිනිස් ජිවිත වල මුලික අවශ්‍යතා ඉටුකිරිමටවත් වලටවත් රාජ්‍ය මැදිහත් වීම නොමැති වීම ගැන.

      Delete
  13. දියණියට උගන්වන්න කැපවෙන පියෙක්. ලෝකයේම බොහෝ පියවුරුන් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයන් ආරක්ෂා කර ගන්නට නම් රටේ සෙසු ජාතීන් ද ආරක්ෂා කර ගත යුතු බව ගම්පොළ පැවති රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

      ලංකාවේ බෞද්ධ ආගමික අන්තවාදී ව්‍යාපාර නිරන්තරයෙන් ම විකුණන්නේ සිංහල බෞද්ධයාට ලෝකයේ වෙනත් රටක් නැති බව හා නුදුරු අනාගතයේදී ම සෙසු ජාතීන් විසින් සිංහල බෞද්ධයා මෙම දිවයිනේ සුළුතරයක් බවට පත් කරනු ඇති බව ය.

      මේ බිය නිර්මානය වීමට මූලික හේතුව වන්නේ මුස්ලිම් ජනයාගේ ජනගහණ වර්ධන වේගය සෙසු ජාතීන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමයි. මුස්ලිම් ජනගහණයේ වර්ධන වේගය අනුව, වැඩියෙන් ම තර්ජනයට ලක් වන්නේ සිංහලයෝ නොව, දෙමළ ජාතිකයෝ ය. මන්ද, යුද්ධයේ හා මහා පරිමාණ සංක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතියේ ජනගහණ වර්ධන වේගය ඉතා අඩු බැවිනි. ලංකාවේ ජනගහණ වර්ධනය පාලනය කළ යුතු ය. එකී පාලනය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිය ද සංවේදී විය යුතුව තිබේ.

      තව වසර සිය ගණනකින් හෝ මුස්ලිමුන් ජනගහණයෙන් තමන් පසු කර යනු ඇතැයි බියක් ඇතිනම් සිංහලයන් විසින් කළ යුතුව තිබෙන කාර්යය වන්නේ අතීතයේදී කළාක් මෙන් එක්කෝ මුස්ලිමුන් තම ජනවර්ගය තුළට අවශෝෂණය කර ගැනීම ය. එහෙම නැතිනම්, සියලු ජනවර්ගයන් වඩා පුළුල් අනන්‍යතාවක් තුළ ප්‍රතිසංවිධානය වන දේශපාලනික වැඩපිළිවෙලක් අනුගමනය කිරීම ය. එහෙම නො කර බිය වීමෙන් පමණක් මෙය විසඳා ගන්නට බැරි ය.

      අනෙක් පැත්තෙන්, ඇතැම් සිංහල බෞද්ධ නායකයන් යෝජනා කරන ආකාරයට වැඩි වැඩියෙන් ළමයින් හැදීම ද ප්‍රායෝගිකව කළ නො හැකි දෙයකි. මෙය මුස්ලිම් ජනයාට වුව අදාළ වේ.

      Delete
    2. සිංහල බෞද්ධයන්ට ලෝකයේ වෙනත් රටක් නැති බව ඇත්තකි. සිංහල බෞද්ධයන්ව ලෝකයේ වෙනත් රටවලින් සරණාගතයන් ලෙසවත් භාර ගන්නේ නැත. ඔස්ට්‍රේලියාව පවා බෝට්ටුවලින් යන සිංහල බෞද්ධයන් හරවා එවයි. දෙමළ ජාතියට නම් ලංකාවෙන් පිට දුරස්ථ පුරවැසි ප්‍රජාවක් හෙවත් ඩයස්පෝරාවක් ඇත. අද දෙමළ ජාතිය හා ඔවුන්ගේ ජාතික විමුක්ති අරගලය තීරණය වන්නේ මෙම ඩයස්පෝරාවේ උවමනා එපාකම් මත ය. මේ ඩයස්පෝරාවේ මූලික අරමුණ බටහිර සංවර්ධිත රටවල තම ජීවිතය පවත්වාගෙන යාමයි. ඔවුන්ගේ නෑයෝ තවමත් ඊලමෙහි ජීවත් වෙති. ඒ නෑයින්ටත් බටහිරට සංක්‍රමණය වන්නට උවමනා ය. ඔවුන්ට එහි යන්නට නම් ලංකාවේ ආතතියක් තිබිය යුතු ය. තව පරම්පරා කීපයක් ගිය විට එහි ගිය මුල් පරම්පරාවල දරුවෝ සම්පූර්ණයෙන් ම ලංකාවෙන් වෙන් වී ඒ ඒ රටවල සමාජ දේහයේ පූර්ණ කොටස්කරුවන් වනු ඇත. දෙමළ ප්‍රශ්නයේ එක් කොටසක් එසේ විසඳෙනු ඇත. එහෙත් ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ඉතිරි වනු ඇත. එහෙත්, ඩයස්පෝරාවත්, ලංකාවේ දෙමළ ජනයාත් අතර පරතරය වැඩි වන්නට, වැඩි වන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම පහසු වනු ඇත.

      ඩයස්පෝරාවේ ඉල්ලීම වන්නේ ඊලාම් රාජ්‍යය නම් මස් රාත්තලයි. එයට හේතුව කුමක් ද? මූලික හේතුව එය දිනා ගැනීමට නො හැකි එකක් වීමයි. ඊලමක් නො හැදෙන නිසා ඔවුන් ආපසු එන්නට උවමනා නැත. දිගට ම එහි ම සිටින්නට පුළුවන. එවැනි අරමුණක් වෙනුවෙන් සටන් කිරීම යනු තමන් දැනට සිටින රටවල ම දිගට ම සිටීමේ මාර්ගයකි.

      ලංකාවේ මුස්ලිම් ජනයා ගතහොත්, ඔවුන් ද සිංහලයන් වැනි ම වූ ඩයස්පෝරාවක්වත් නැති පිරිසකි. ඔවුන්‍ට ලෝකයේ වෙනත් රටවල් තිබේ යයි කීම ප්‍රලාපයකි. එය හරියට බෞද්ධ වීම නිසා ලාංකිකයන්ට බුරුමයේ, තායිලන්තයේ, චීනයේ හෝ ජපානයේ අයිතියක් ඇති ය කියනවා වැනි ම වූ ගොන් ප්‍රකාශයකි.

      ලංකාවේ ජීවත් වන කිසිදු ජාතියකට වෙනත් රටක් නැත. තිබෙන්නේ මේ රට පමණි. එහෙයින් ඔවුන් තමන්ගේ භූමියේ හිමිකම රැක ගන්නට සටන් කරති. ඒ සටන දෙමළ ජනයා කළා වැනි සන්නද්ධ අරගලයක් හෝ මුස්ලිම් ජනයා කරනවා යයි සිංහලයන් සැක කරන ජනගහණ හෝ ආර්ථික හෝ සටනක් විය හැකි ය.

      Delete
    3. මේ සියලු ජාතීන් වඩා පුළුල් ලාංකික ජාතික අනන්‍යතාවක් වෙනුවෙන් සටන් කරනවා නම් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි ය. එවිට මේ රට අපේ ය. ඒ කියන්නේ ලාංකිකයන්ගේ ය.

      එහෙත්, ලාංකිකයා යනු සිංහල බෞද්ධයා නො වේ. ලාංකිකයා හැදෙන්නේ සියලු සිංහලයන්ටත්, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, වැදි ආදී සියලු ජනයාටත් සම අයිතිවාසිකම් තිබෙන අනන්‍යතාවක් විය යුතු ය. මේ රට අයිති සිංහල බෞද්ධයන්ට පමණි, උතුර දෙමළ ජනයාගේ ය, නැගෙනහිර මුස්ලිමුන්ගේ ය ආදී අදහස් මේ ජාතික සමගිය ‍ගොඩනැගීමට බාධාවකි.

      අප රනිල්ගේ අදහස අගයන්නේ එක් හේතුවක් මත ය. සිංහල බෞද්ධයා මේ භූමියේ බලවත් ම ජාතියයි. ඔවුන්ට‍ සෙසු ජාතීන්ට නැති හිමිකමක් වන ඔවුන්ගේ ආගම රාජ්‍ය ආගම ලෙස පිළිගැනීමට ලක් වීමේ වරප්‍රසාදය ද තිබේ. එමෙන් ම, රාජ්‍යය තුළ ද ඔවුන් ඉතා ප්‍රබල ය. කෙතරම් ප්‍රබල ද යත් සිංහල බෞද්ධයකු නො වන අයකුට ලංකාවේ ජනාධිපති ධුරය ලබා ගැනීම ඉතා දුෂ්කර ය.

      ඉතින් සිංහලයින් මේ රටේ සිටින දුර්වල සුළු ජාතීන් තමන් යටපත් කරනු ඇතැයි බිය විය යුතු ද? නැත. එහෙත්, සිංහලයා තම විනාශය කැඳවා ගන්නේ මේ බිය හේතුවෙනි. මේ බිය හේතුවෙන් ඇති කර ගන්නා වාර්ගික ගැටුම් හේතුවෙන් සුළු ජාතීන්ගේ ජාතික සමානාත්මතාවේ, මානව හිමිකම්වල හා ප්‍රජාතන්ත්‍රවාදයේ නා‍මයෙන් විදේශ බලවේගවලට ලංකාවට මැදිහත් වන්නට අවස්ථාව සලස්වා දෙයි. බේරුවල සිද්ධීන් මෙන් ම, දැන් උතුරු පළාත් සභාවේ හමුදා ආණ්ඩුකාරයා සම්බන්ධව සිදු වන දේ ද සිංහල බෞද්ධයන්ගේ අමනෝඥ ක්‍රියා ලෙස සැලකිය හැකි ය. උතුරු පළාත හමුදාහරණය කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුව තිබෙන සංදර්භයක් තුළ ලංකාවේ ආණ්ඩුව උතුරේ මහජන ඡන්දයෙන් බලයට පත් දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුවේ ඉල්ලීමට සවන් දිය යුතු ව තිබිණි.

      අප කියන්නේ මෙයයි. සිංහලයන් සිය බහුතර බලය හා ශක්තිය භාවිතා කළ යුත්තේ සුළු ජාතීන් සම්බන්ධයෙන් බියෙන් හා සැකයෙන් ජීවත් වීමට නො වේ. සුළු ජාතීන්ගේ ජාතිවාදී ප්‍රවණතාවලට තටු ලැබෙන්නේ මහ ජාතිය ජාතිවාදී වන නිසා ය. සිංහලයන් උත්සාහ කළ යුත්තේ වඩා පුළුල් වූ ලාංකික අනන්‍යතාවක් තුළ ලංකාවේ සියලු ජාතීන් නැවත අර්ථකතනය කර ගන්නට ය.

      Delete
    4. @AnonymousSeptember 10, 2014 at 6:16 PM
      ///කොළ කඩ කඩ බොරුවට දෙනවා - අපි ගහ හොඳ හැටි හඳුනනවා//
      ඔබ දුන් ලිපියේ කතාව ඇත්ත

      Delete
    5. සිංහලයා කළු ද? චික් විතරක්...

      Delete
    6. අපේ මුශ්ලිම් කොල්ලෝ නං සුදුම සුදුයි

      Delete
    7. මහා කළු සිංහලයා සහ ඔහුට බනින ඇනෝ එකම කෙනෙක් වගේ. මේ වලියෙන් පොරට හිට්ස් හිටුගාලා යනවා.

      Delete
  14. දැන් ආණ්ඩුව හිතන් ඉන්නේ යුද්ධෙ දිනලා හයි වේ හදල කොළඹ ලස්සන කලාම ඇති කියල. මේ පළාත් වල මිනිස්සු සාටකෙට රැවටිලා කරගත්තු දේ දේ තමයි මේ. හැබැයි ඉතින් විසිවෙනිදට ගිහින් සසියට යි බුලත් කොලේටයි කතිරේ ගහලත් එන්න බැරි නැහැ මේ තාත්ත ම.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ටික කරාම මදිද ?
      රනිල , සැටලයිට් ඇන්ටි මොනවාද කරේ ?

      Delete
  15. Alawwe palama genihin Monragala hikaranna berine Wicharakathumo,Ara++% Lebennenene.

    ReplyDelete
  16. දැන් මේ ළමයට ටැබ් එක විතරයි අඩු අකිල මහත්තයෝ.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා