පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ලාල් කාන්ත හා ගනිකා නිවාස හිමිකාරියක් පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ ජීවත් වන්නේ කෙසේ ද?

සුමේධා
පළමුවෙනි කතාව:

මහජන මුදලින් ඉදි කර පවත්වාගෙන යන පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු යාම හා මහජන සේවය වඩා හොඳින් පවත්වාගෙන යාමට ය. 

එහෙව් පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයක පදිංචි කාන්තාවක් පසුගිය දිනෙක පොලිිසිය විසින් වටලන ලද ගනිකා මඩමක හිමිකාරිය බව ඔප්පු වී තිබේ. ගනිකා නිවාසය පවත්වාගෙන ගිය හෝටලය බද්දට ගැනීමේදී මෙම කාන්තාව ඇගේ ස්ථිර පදිංචි ලිපිනය ලෙස සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවසකි. ඇය ඇමතිනී සුමේධා ජී. ජයසේනගේ ඥාති දියණියකි. මේ ඇමතිවරියට බම්බලපිටියේ තවත් නිල නිවාසයක් තිබේ.

දෙවෙනි කතාව:

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාවේ දොරට වැඩීමේදී ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පැවසූ කරුණක් වන්නේ තමන් දැන් කලක සිට ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයක බවයි. 

ලාල් කාන්ත කලක් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී සිටි මුත් 2010න් පසු ඔහු මන්ත්‍රීවරයෙක් නොවේ. 

මේ නිවාස දී තිබෙන්නේ කොළඹින් බැහැර පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා හොඳ සේවාවක් සපයන්නට ය. කොළඹ පදිංචි ලාල් කාන්ත එහි ඉන්නේ ඇයි? දැන් මේ නිවස ඇත්තට ම හිමි මන්ත්‍රීවරයා ඉන්නේ කොහේ ද? ඔහු පාර්ලිමේන්තු එන්නට වාහනයට ඉන්ධන වෙනුවෙන් කෙතරම් මහජන මුදල් වැය කරනවා ද? 

දූෂණ නැති කරන්නට උත්සාහ කරන ජවිපෙ මේ ගැනත් අවධානය යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Mama Eka !!! Hoo Hooo

    ReplyDelete
    Replies
    1. දැන් ජොලිද ?

      Delete
    2. තොපි දෙන්නවම කොටියම කාපං

      Delete
  2. MENNA NEWS. JOLLY GOOD

    ReplyDelete
  3. පැරා,
    මේ කතන්දරයේ ටයිටල් එක පැහැදිලි මදි. ඒ නිසා එක්වරම වැරදි හැඟීමක් එනවා මේ දෙන්නා ඉන්නේ එකම ගෙදරද කියා!

    මෙහෙම ලිව්වොත් නරකද?

    පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවාසවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ලාල් කාන්ත ද, ගනිකා නිවාස හිමිකාරියක් ද ජීවත් වන්නේ කෙසේ ද?


    ReplyDelete
    Replies
    1. කතන්දර මැතිඳුට කොමාවේ වටිනාකම සිහියට නැගී ඇති හැඩයි. කොමාව සහ "මරන්න එපා යන්න දෙන්න" වැකිය සම්බන්ධ පොස්ටුවකට සබැඳියක් දැමීමට මැතිඳුන්ට අමතක විනිද?

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete
    2. කුහක කම මත ක‍ොමාව දාන්න අමතක ව‍ෙලා කාකා.

      ලාල් කාන්ත සිටිනුය‍ේ ව‍ෙනත් සහ‍ෝදර මන්ත්‍රීවරයකෙුග‍ේ නිල නිවසකය. බලහ්කාරයනේ න‍ොව.

      ලාල් කාන්තට රජයනේ ඉන්දන කෝටා එකක් ලැබනේන‍ේ නැත. ඒ නිසා ඒ ගැන කනගාටු න‍ොවන්න. (ඉස්සර ලැබුනතේ අනකේ මන්ත්‍රීවරුන්ට ලැබනෙ ඉන්දන ගණනමය)

      Delete
  4. හැබයි ලාල්කාන්ත ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ගේ ගෙදර නම් අවුලක් නෑ නේද? ගණිකා නිවාස මොනවද අප්පා.. කුඩු ගේන අගමැති කෙනෙක් ඉන්න රටේ..

    ReplyDelete
    Replies
    1. ඇයි කාර් පරමිට්?

      අර මේධානන්ද උන්නනාන්සේගේ පර්මිට් කරා් කේස් එකට මොකද වුණේ?

      මළමිණී පවා ගොඩ අරගෙන අළුතින් මරණ පරීක්‍ෂණ පවා කෙරුණා නේද ඒ කාර් පර්මිට් එක හින්දා?

      පසු විපරමක් නැද්ද?

      Delete
    2. ඒක විකුණගෙන කෑවේ කව්ද කියලා ඒ දවස්වලම එලි උනානේ. ඒක නේ චක්කරවර්ති හාන්දුරුවෝ පක්සෙනුත් ලෙස්සලා ගියේ.. සංඝික දේවල් විකුණන් කන එක හෙන පව්ලු නේ කතෝ..

      Delete
    3. ඔය පැරණි කුණු කුමට අවුස්සනවාද මැතිඳුනි? පැරකුම් ජයසිංහයන් ඇතුළු ජ්‍යෙෂ්ට ගුරුවරුන්ටද වාහන බලපත්‍ර ලබා දිය යුතු බවයි මගේ මතය.

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete
  5. පැරාගේ පුවත්පත ද "පුරවර" කියන්නේ?

    ReplyDelete
  6. මෙච්චර සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙන අවස්ථාවක ඒ වගේ හොඳ ප්‍රවෘත්ති දාන්නෙ නැතුව පැරාපිස්සු නටනව. පාරවල් හැදෙනව, විදුලි බලාගාර හැදෙනව, වරාය සංවර්ධනය කරනව, කොළඹ නගරය පිරිසිදු කරනව, නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනව, හෝටල් හැදෙනව, සංචාරක කර්මාන්තය දියුණු කරනව, තරුණ සංවර්ධනය, පාසල් සංවර්ධන කටයුතු, වෙහෙර විහාර පිළිසකර කිරීම්, නව කර්මාන්ත ශාලා ඉදිකිරීම්, විදෙස් ආයෝජන එකී මෙකී නොකී රටට හිතැති සංවර්ධන වැඩපිළිවෙලවල් රාශියක් මේ රජය ක්‍රියාත්මක කරල තියෙනව. පැරා ඒ එකක්වත් සුභවාදීව පල කරන්නෙ නෑ. ඒවගෙ බොරුවට ඇද හොය හොය නැති දූෂණයක් මවාපානව. මට වෙලාවකට හිතෙනව පැරා කියන්නෙ ජාතී ද්‍රෝහී විජාතික බලවේගයක ඒජන්තයෙක් ද කියල. යුද්දෙන් දිනා ගන්න බැරිවුනු ඒ කුමන්ත්‍රණකාරී අරමුණු රජය අස්ථාවර කර දිනාගන්න යන මේ දේශද්‍රෝහී කුමන්ත්‍රණ වහා පරාජය කළයුතු කාලයයි මේ..

    ReplyDelete
  7. Kudukarayo, Badukarayo,pathalayo,Horu,Malakadanno,madiwata,den Ganikaniwasa himikariyoth,(Niwasa himinethi ayathethineda?)

    ReplyDelete
  8. පැරා,
    උට ඉන්න තැනක් නැහැ. ඉතින් ගෙයක් තියෙන එකෙක් උට මේකේ ඉන්න දීල තියෙනවා. යකෝ අවුරුදු ගානක් විප්ලවවාදී දේශපාලනේ කොරපු බොට මෙච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරිද? උට මහා පාරේ ඉන්නද උඹ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. රෙටක පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒකට ද?

      Delete
    2. රෙට නෙමෙයි පුතා රට!! රට!!. අපිට කන්න තියෙන රට.

      ඒක නෙවෙයි මොකද පැරා ලාල් කාන්ත එක්කම මෙච්චර පැටලෙන්නේ? අනිත් ජෙප්පන්ට වඩා උගේ අමුතු හොඳක් හෝ නරකක් තියෙනවද?

      Delete
    3. පාසැල් ගුරුවරයකෙුට න‍ේවාසික පහසුකම් ලබා දී ඇත. පැරා අසනවා පාසැල් තියනේන‍ේ එකටද කියලා.

      Delete
  9. I'm holding on your rope,
    Got me ten feet off the ground
    I'm hearin what you say but I’m just can't make a sound
    You tell me that you need me
    Then you go and cut me down, but wait
    You tell me that you're sorry
    Didn't think I'd turn around, and say...

    It's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too late

    I'd take another chance, take a fall
    Take a shot for you

    And I need you like a heart needs a beat
    But it's nothin new - yeah yeah
    I loved you with a fire red-
    Now it's turning blue, and you say...
    "Sorry" like the angel heaven let me think was you
    But I'm afraid...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා