වැට් බදු වංචාව තරම් ම වන වෙනත් බදු වංචා සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රතිචාරය

වැට් බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අටදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් විසි වසර බැගින් සිර දඬුවම් හා සුවිසල් දඩ නියම කරන ලදී. 

මේ ව්‍යාපාරිකයෝ මේ වන විට රටින් පැන ගොසිනි. 

මීට පෙර මෙම වරද සම්බන්ධයෙන් වරද පිළි ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට පනවනු ලැබූ දඬුවම අවුරුදු 102ක සිර දඬුවමක් හා රුපියල් කෝටි 1200ක පමණ දඩයකි. 

රජයට ගෙවීම සඳහා ජනතාවගෙන් එකතු කරන ලද වැට් බදු මෙම ව්‍යාපාරිකයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව වංචා කර තිබේ. වැට් බද්ද පාරිභෝගිකයාගෙන් ඍජුව අය කර ගන්නා එකකි. එය ආණ්ඩුවට නො ගෙවා වංචා කර ගැනීම දැවැන්ත ලාභයක් ලැබීමට මගකි. 

අපේ බිලට වැට් බදු එකතු කරන ව්‍යාපාරිකයන් ඒවා රජයට ගෙවන බවට ඇත්තෙන්ම අපට සහතිකයක් තිබේ ද? ඒ බිල්පත් ව්‍යාජ ඒවා වන්නට බැරි ද? මේ වංචාව තවමත් සිදු වෙමින් තිබෙන එකක් වන්නට බැරි ද?

මෙවැනි දැඩි දඬුවමක් පනවන්නට ඇත්තේ මේ වංචාව කරන සෙසු අයට දැඩි බියක් ඇති කිරීමේ අරමුණින් විය හැකි ය. 

සරළව ගතහොත්, මෙම දණ්ඩනයෙන් දෙන පණිවුඩය වන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කිරීම බරපතල වරදක් ලෙස රජය සලකන බවයි.

රජයේ සේවාවන් පවත්වාගෙන යන්නේත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවන්නේත්, දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන වංචා හා දූෂණ පියවා ගන්නේත් මේ බදු මුදල්වලිනි. 

මහජනයාගෙන් අය කරන බදු මුදල් වංචා කිරීම තල කීපයකදී ම සිදු වේ. රජයේ සේවකයෝ වැඩ නො කර පඩි ගනිති. ඉහළ නිලධාරීහු අයුතු වරප්‍රසාද ගනිති. පාඩු ලබන රජයේ ව්‍යවසාය පවත්වාගෙන යන නිලධාරීහු මහජන බදු මුදලින් ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබා ගනිති.දේශපාලකයෝ බදු මුදලින් ලබා දෙන රජයේ කොන්ත්‍රාත්වලින් කොමිස් ලබා ගනිති.

මේවාත් වැට් බදු වංචාව තරමට ම බරපතල අපරාධ වේ.

වැට් බදු වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් දක්වන ලද මෙම ප්‍රතිචාරය සෙසු ආකාරවල බදු වංචා වෙත ද විහිදිය යුතු ය. විශේෂයෙන් ම බදු මුදල්වලින් පවත්වාගෙන යන කොන්ත්‍රාත්වලින් කොමිස් ගැසීම වෙත අධිකරණයේ අවධානය යොමු වනවා නම් එය වැදගත් සංවර්ධනයකි. එවැනි සිද්ධි පරීක්ෂා කිරීම සඳහා අදාළ අංශ යොමු කළ යුතුව තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙන්න අභියා මිනිස්සු අමාරුවේ දාන හැටි. දැන් නම් ඕකා ඉවරයි...

    නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි ලකේගල කඳුවැටිය තරණය කරන්නට ගිය පිරිසකගෙන් කෙනකු මීටර 1310 පමණ උසකින් වැටී මියගිය බව පොලිසිය කියයි. මේ පිරිස කොට්ටාවේ සිට මීමුරේ බලන්නට ගිය බව කියති.

    ලකේගල ත්‍රිකෝණාකාර පර්වතයකි. ලංකාපුරයේ රජකළ රාවණා රජු සිය දඬුමොණරය අහසට නැංවුයේ ලකේගල මුදුනින් යැයි මීමුර වැසියෝ විශ්වාස කරති.

    මිය ගොස් ඇත්තේ මලිඳු රසදුන් පෙරේරා නමැති උපාධිධාරී තරුණයෙකි.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ... ලකේ ගලින් එලොව නේ ගියේ... රාවණ රජ්ජුරුවෝ මුන්නැහේව සාදරයෙන් පිළි අරගෙන ඇති දැනටමත්... තැන්ක් යූ, අභී!

      Delete
    2. ලබන මාසෙදි එකෙක් නෙමෙයි කීප දෙනෙක්ට වැඩේ සිද්දවෙයි... මොකද අභියයි උගෙ ගංජ පොඩිමෑනුයි එකතුවෙලා ෆේස්බුක් එකේ මල් කඩන සෙට් එකක් ඔක්තෝබර් 24 මීමුරේ ගෙනියනවලු... එකෙක් මලේ නැතත් කීප දෙනෙක්ගෙ පුකවල් වල සීල් නං කැඩිල තියෙයි එන්න කලින්...

      Delete
    3. අර ලොරිය කවුරුහරි කරගහලද නැත්නම් තාම සේල් එකේද?

      Delete
    4. පැරා දැක්කද මේක. ?
      තම්බි වදන මැෂිමක් බොරු නඩු කියා චොර වෙයි
      කකාගේ රටේ තම්බි නින්ජා ඇඳුම තහනං කරන්න යනවලු.
      කකා බෝඩ් එකක් අරං යනවලු පාර්ලිමන්ට් හවුස් එක ඉස්සහරහට ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න.

      Delete
  2. MAMA EKA. KOTI ANO
    HUU HUUU

    ReplyDelete
  3. @පැරා, වැට් බදු වංචා ගැන ලියන ඔබ අප අතරම ඉන්නා මේ වන විටත් වාර ගණනාවකදී සමාජ විරෝධී කටයුතු වල යෙදී සිටි, තවමත් යෙදී සිටින, මුදල් වංචා කරන, පරිසරය වනසන, බොරු කියා මිනිසුන් අනතුරට පත් කරන අභීත එදිරිසිංහ නම් වංචාකාරයා, හොරා ගැන වචනයක් වත් නොලියන්නේ ඇයි?

    ReplyDelete
  4. Oka mulinma kiwwe mama ban, balapan issella post eke anthima comment eka.. Abhiya salli gaththa ekek me para mee mure kandu balanna ekka gihin ohoma marala daala thiyenne.., naththam thawa naduwak ne.. Wahaama me gana parikshanayak karanna oni!!

    ReplyDelete
  5. කුනුහර්ප කියවන පාදඩ කෙන්ජියා නිසා මාතලන් කොමන්ට් මොඩරේට් දමා ඇත

    ReplyDelete
    Replies
    1. නාකි මිහරකා පිලිකුල් සහගත වදනින් අන්අය අපහසුතාවයට පත් කරනවිට නිදිවැදි උන් ගූතලන් එක් අසැබි වදනක්වත් නොමැතිව ඇනෝවරුන් ඒ හිවලා විවේචනය කරනාවිට මත වාරනය කරන්නේ මන්ද

      Delete
    2. එයයි මාතලන්ගේ බ්ලොග් සදාචාරය.අනුන්ට කියන බණ තමුන්ට අදාල නැත.

      Delete
    3. මන්දනෙමෙයි ගොනො කොන්ද කොන්ද

      Delete
    4. @ AnonymousSeptember 27, 2014 at 10:12 AM

      මාතයා උඹව දෙකට නවලා දුන්නා නේද ඇට දෙක කරෙන් වැටෙන්න පයින් පාරක්. පත්තුවක් බැඳගනිං වල්ල බේරගන්න ඕනෙනම්.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  6. // රජයේ සේවාවන් පවත්වාගෙන යන්නේත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවන්නේත්, දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන වංචා හා දූෂණ පියවා ගන්නේත් මේ බදු මුදල්වලිනි. // බදු ගැන අහපු හොඳම ශ්‍රී ලංකා ස්පෙෂල් ඩිස්ක්‍රිප්ශන් එක.. හහ් හහ් හා... සුපිරි

    ReplyDelete
  7. Kenji-Recondition,issara clapper Boy kenek.

    ReplyDelete
  8. අන්න ගසාකාල ජයලලිත නෝනවනං අවුරුදු හතරකට හිරේ දාල. අපෙත් එහෙම වෙයිද?

    ReplyDelete
    Replies
    1. මචං මට අර ලොරිය ගන්න ණයක් ගන්න බැරිවෙයිද ඉක්මණට?

      Delete
    2. චතුර තුසාර කු-මාර-සිංහSeptember 27, 2014 at 11:56 PM

      මචං උඹටනං “මාර“ උණක්නෙ බං ඔය අනුංගෙ ලොරියක් ගැන තියෙන්නෙ. අනික අඹට “මාර“ආසාවක් තියෙනවා වගේ ඒක පදින්න. බලං ගියාම ඒකෙ අයිතිකාරයත් “මාර“ පොරක්නෙ ඕයි!

      Delete
    3. ලංකා ලොලික් ස් ltdSeptember 28, 2014 at 9:11 AM

      මේ පලාතේ බොලොගාලා ගේ හිට් එක මාරයාගේ ලොලිය බව ආරංචියි, මාරයාට ඇරියස් නැතත් ඒත් ලිසිං පාරක් එහෙම ඔනැනං ලොලිය ගැන විස්තර ඔනෑ

      Delete
  9. Para Write an article on corruption

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා