වැට් බදු වංචාව තරම් ම වන වෙනත් බදු වංචා සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රතිචාරය
වැට් බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අටදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් විසි වසර බැගින් සිර දඬුවම් හා සුවිසල් දඩ නියම කරන ලදී. මේ ව්‍යාපාරිකයෝ මේ වන විට රටින් පැන ගොසිනි. මීට පෙර මෙම වරද සම්බන්ධයෙන් වරද පිළි ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට පනවනු ලැබූ දඬුවම අවුරුදු 102ක සිර දඬුවමක් හා රුපියල් කෝටි 1200ක පමණ දඩයකි. රජයට ගෙවීම සඳහා ජනතාවගෙන් එකතු කරන ලද වැට් බදු මෙම ව්‍යාපාරිකයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව වංචා කර තිබේ. වැට් බද්ද පාරිභෝගිකයාගෙන් ඍජුව අය කර ගන්නා එකකි. එය ආණ්ඩුවට නො ගෙවා වංචා කර ගැනීම දැවැන්ත ලාභයක් ලැබීමට මගකි. අපේ බිලට වැට් බදු එකතු කරන ව්‍යාපාරිකයන් ඒවා රජයට ගෙවන බවට ඇත්තෙන්ම අපට සහතිකයක් තිබේ ද? ඒ බිල්පත් ව්‍යාජ ඒවා වන්නට බැරි ද? මේ වංචාව තවමත් සිදු වෙමින් තිබෙන එකක් වන්නට බැරි ද? මෙවැනි දැඩි දඬුවමක් පනවන්නට ඇත්තේ මේ වංචාව කරන සෙසු අයට දැඩි බියක් ඇති කිරීමේ අරමුණින් විය හැකි ය. සරළව ගතහොත්, මෙම දණ්ඩනයෙන් දෙන පණිවුඩය වන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කිරීම බරපතල වරදක් ලෙස රජය සලකන ...