සුන්දර ඉංගිරිසි: කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන - කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන



පාසලට එදිනෙදා කතා ව්‍යවහාරයේ තිබෙන ඉස්කෝලෙ කියන වචනය හැදුනෙ ඉංග්‍රීසි school නම් වදනින්. 

අපේ ගැමි දරුවන්ට මෙවැනි S ශබ්දයෙන් ආරම්භ වන ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීමේ ගැටලුවක් තිබෙනවා. ස්කූල් වෙනුවට ඉස්කූල් කියන්න ළමයින් පුරුදු වෙනවා. 


මෙයට හේතුව අපේ ඉංග්‍රීසි අධ්‍යාපනයේදී මුල පටන් ම උච්චාරණය ගැන දක්වන නො සැලකිල්ලයි. ඉංග්‍රීසි වචන උච්චාරණයේදී වචනය තුළ ශබ්දවලට බර තැබෙන ආකාරය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මෙයට ඉංග්‍රීසියෙන් stress කියනවා. සිංහලේ මෙවැනි දෙයක් නැහැ. 


මෙතැනදී ස්කූල් නම් වදනෙහි බර තැබිය යුත්තේ කූ යන ශබ්දයටයි. s ශබ්ද කළ යුත්තේ යන්තමින්. හරියට අර සැර හොද්දක් එක්ක පාන් කනකොට පාන් කැබැල්ල යන්තම් ගාවලා වගේ ගන්නේ. අන්න ඒ වගේ. අපේ ළමයි  s ශබ්දයට බර තබන්න ගිහින් වැරදි විදියට උච්චාරණය කරනවා. 


සිංහල භාෂාවේත් ස්මරණය, සමාරකය, ස්ථානය වැනි හල් සයන්නෙන් පටන් ගන්න වචන රැසක් තිබෙනවා. ඒවායේදී අපි හල් සයන්න බර කර ශබ්ද කරනවා. 


ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ intonation කියා දෙයකුත් තිබෙනවා. එහිදී සලකා බැලෙන්නේ වාක්‍යය තුළ බර තැබෙන තැන් ගැනයි. අපි ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නේ නැහැ. එහෙත්, අපේ දරුවන්ට වරදින තවත් තැනක් තමයි වෙනත් වචනයකට පසුව s ශබ්දයෙන් ආරම්භ වන වචනයක් ශබ්ද කරන ආකාරය. මෙහිදී මුල් වචනයත් එක්කම  s ශබ්දයෙන් ආරම්භ වන වචනය ශබ්ද කළ යුතුයි. උදාහරණයක් ලෙස my school මයි ස්කූල් යනුවෙන් වචන දෙකක් ලෙස නොව මයිස්කූල් ලෙසින් එකට ශබ්ද කළ යුතුයි. මෙය නිවැරදිව උච්චාරණය නො කිරීම නිසාත් ස්කූල් ඉස්කූල් වෙනවා. 


මෙය මහ ලොකු ප්‍රශ්නයක් නො වුණත්, මෙතැන සමාජ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි උච්චාරණය අනුව ගමේ ඉංගිරිසියට ගැරහීම. ස්කූල් වෙනුවට ඉස්කූල් යයි කීම ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ලෙස හඳුන්වන්න සමහරු උත්සාහ කරනවා. ඒත්, එවැනි වැරදි අපි ශ්‍රී ලාංකික ඉංග්‍රීසියේ උරුමයක් කර ගන්න අවශ්‍ය නැහැ.


මෙසේ s ශබ්දයෙන් ආරම්භ වන වචන රැසක් සිංහලයට හැරෙද්දී මුලට ඉයන්නක් එකතු කරගෙන තිබෙනවා. ඉස්ටූල් (stool), ඉස්තාලය (stable) උදාහරණ දෙකක්. ඉස්පිල්ලෙක (spill) යන වචනය භාවිතා වන්නේ වැව්වල වැඩි වතුර උතුරා යන්න සකසා තිබෙන අමුණටයි. ඉස්ටුව (stew) කියන්නේ හොද්දට. ඉස්කිරිම (screen) කියන්නේ තිරයකට. ඉස්ටේපර් කටු කියලා ජාතියකුත් තිබෙනවා. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටේපල්ස් (staples) කියලායි. ඒවා ගහන යන්ත්‍රය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ස්ටේප්ලර් (stapler) කියලායි. ඉස්ටීරියං වීල් කියන වදන වාහන සම්බන්ධයෙන් භාවිතා වෙනවා. මෙහි නිවැරදි වචනය ස්ටියරිං වීල් (steering wheel). ඉස්ටේසම, ඉස්ටෝරුව වැනි තත්භව වදන් ජනකවියක භාවිතා වන අන්දම බලන්න.


‘‘කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන මාබෝගල පතලයි මම වැඩ කරන’’


සමහරු තමන් පාවිච්චි කරන මෙවැනි ඇතැම් සිංහල වචන වැරදියි කියලා හිතලා ඉංග්‍රීසි විදියට උච්චාරණය කරන්න යනවා. උදාහරණයක් ලෙස ඉස්කෝලය කියන වදන භාවිතාවේ තිබෙන සිංහල වචනයක්. එය ස්කෝලෙ කියලා නවීකරණය කරන්න අවශ්‍ය නැහැ. ඉස්පිරිතාලෙ කියන්නෙ හොස්පිටල් (hospital) කියන වදනේ තත්භව ස්වරූපයක්. අපි එය ස්පිරිතාලෙ කරන්න ඕනැ නැහැ. 


Spirit නම් ඉංග්‍රීසි වදන ඉස්ප්‍රීතු වගේ ම ස්ප්‍රීතු කියලාත් සිංහලේ භාවිතා වෙනවා. කසිප්පු පෙරද්දී ඉස්ප්‍රීතු ගැන කියනවා. ක්‍රිස්තියානි ආගමික වාංමාලාවේ ස්ප්‍රීතු සාන්තුවරයා ගැන සඳහන් වෙනවා. 


හැබැයි s ශබ්දයෙන් පටන් ගන්නා ඇතැම් වදන් වෙනස් ආකාරයට තත්භව ආකාරයෙන් සිංහලට එකතු වී තිබෙනවා. උදාහරණයක් ලොතරැයියට භාවිතා වන ස්වීප් ටිකට් කියන වදන. මේ නමින් චිත්‍රපටයකුත් තිබෙනවා. බොහෝ අය මේවාට කියන්නේ සුවිප් හෝ සුයිප් හෝ කියායි. Switch සුවිච් වෙන්නේත්, sweets සුවිට් කෑම වෙන්නේත් මේ විදියට ම තමයි. ඉස්පංචි සෑදී තිබෙන්නේ sponge නම් ඉංග්‍රීසි වදනින්. දැන් ඇතැමුන් මෙයට පංචි කියාත් ව්‍යවහාර කරන්න පටන් අරන් තිබෙනවා. ඔය බාස් උන්නැහේලා බිත්ති කපරාරු කරනකොට පංචි කෑලි භාවිතා කරනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වෙලාවක අර ඉස්පිරිතු ගැනත් මේ වගේ රහ එකක් ලියන්නකෝ පැරා... පැටා ඉඳලා හිටලා ඉස්පිරිතු ටිකක් ගන්නේ නැතෙයි..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ තව ටික වෙලාවකින් මහා කලු මොට්ටපාල ඇවිල්ලා මේක බදු ගන්නවා. ඊට පස්සෙ ඌට ගණන් බැරි එකයි මොට්ටකමයි පෙන්න පෙන්නා දවසම කාලකන්ණි කර කර ඉඳීවි.

      Delete
    2. මාතලන්ව කොටියම කාපං

      Delete
    3. අද ඔන්න මාතලන් කිච වුනා මකසි නියම පිළිතුරක් මාතලන්ට දීලා තියෙනවා කොර වෙන්න. මකසි කියනවා මාතලන්ට Hellenologophobia කියලා ලෙඩක් තියෙනවා කියලා.
      බැලුවේ නැත්නම් ගිහින් බලන්න
      http://mahakalu.blogspot.com/2014/09/population-of-sri-lanka.html?showComment=1410756971770#c5804238342654751213
      මාතලන්ව කොටියම කාපං

      Delete
    4. පිරිමි ලමුන් තුන් දෙනෙක් සඳහා නවාතැන් කාමරයක් තිබේ...

      කොට්ටාව නගරයේ සිට මීටර් 900යි...

      මාලපල්ල දුම් රිය ස්ථානයට මීටර් 100යි

      හයිවේ කොට්ටාව පිවිසුමට මීටර් 500යි

      රුක්මල්ගමුව පිට කොටුව බස් මාර්ගයට මීටර් 500යි

      විමසීම් Hora abeetha

      Delete
  2. මට හිතාගන්න අමාරු, ස්වයංක්‍රීය වැනි වචන හරියට උච්ඡාරණය කරන අතර, ස්කූල් යන වචනයට ඉස්කූල් කියන්නේ ඇයි කියන එක. ඔබ කියා ඇති ආකාරයට, උච්ඡාරණ විධිය නිසි පරිදි දරුවන්ට කියා නොදීමයි වරද.

    කරවනැල්ලට අද කෝච්චි නොගියත්, කරවනැල්ලේ 'ඉස්ටේසම' අදත් තියනවා. අද එහි පාසලක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්වයංක්‍රීය, ස්වකීය, ස්වභාවය, ස්වත්‍රන්ත මේවා ශබ්ද වෙන්නේ එකම ආකාරයෙන්නෙ. නමුත් මෙහෙමත් ශබ්ද වෙනව සුවයංක්‍රීය, සුවකීය, සුවභාවය, සුවත්‍රන්ත වගේ. ඒත් ස්මරණ, ඉස්මරණ කියලත් කියනව. මේවා සිංහල වචනම නොවෙයි. මේ වචන වියතුන් විසින් සිංහල භාෂාවට රිංගවපු වචන. නියම සිංහල කටවල් වලින් උච්චාරණය කරන විට සිංහල ඌරුවට හැඩගැහෙනවා.
      ඉස්කෝලෙ අපිට ලැබුනෙ සුද්දන්ගෙන්නෙ. ඉස්සර රෑ ඉස්කෝලත් තිබුනෙ. පාසැල කියල සිංහලවචනයක් තියෙනන්නෙ. විද්‍යාලය කියල වචනයකුත් ඔය අස්සෙ තියෙනව.
      කලිසං, ටයි පොලු දමා ගත්ත අයත් සහතික වලට සැටිපිකේට් කියනව මට ඕන තරං ඇහිල තියෙනව.


      Delete
    2. අත්කම් සුවමැදුරSeptember 15, 2014 at 2:48 PM

      තොපිට ස්වයංවින්දනය යන වඳන අමතක ද මිනිසුනේ..වැඩක් නෑ ....ජිවිතේ ඉවරයි..

      Delete
  3. බත් කනකොට සමහ වෙලාවට ඉස්පොල්ලෙ ගිහාම අම්ම පිටට තඩි බානව.
    ඒකට ඉන්ග්‍රීස්යෙන් Spol කියලයි

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් කුරුක් කුරුක්

      Delete
  4. විශිෂ්ටෝච්චාරණයට (stress) පිලිබඳ හොඳ ලිපියක් දුලිප් හේරත් FB එකට දමා තිබුනා
    https://www.facebook.com/photo.php?fbid=10152412328018235&set=gm.685735951517885&type=1&theater

    ReplyDelete
  5. ඕකේ අනිත් පැත්තේ කතාවක් මෙන්න.

    මගේ හිතවතෙක් ඉන්නවා ඔහු ගේ නම ස්ටැන්ලි.

    ගම නුවර පැත්තේ. අර නන්දා මාලනී ගේ ගීතයක එක්පදයක තිේ‍රනවානේ ගමේ චණ්ඩි ඉස්ටැන්ලිද හිටියාය කියලා, නුවර පැත්තේ චණ්ඩිේ‍රක් ගැන. ඉතිං අපි පොරක කතා කරන්නේ ඉස්ටැන්ලි කියලයි.

    අපේ තවත් යාළුවෙක් හිටියා කඩ්ඩ සිරා පොරක්. පොර ගේ කඩ්ඩ කොච්චර පොෂ් ද කියනවා නම් මිනිහා ස්ටැන්ලිට කතා කරන කොට "ස්" අකුර ඇහෙන්නෙම නෑ. ඒ තරමට S සයිලන්ට්.

    පස්සේ බැලින්නම් පොර ඇත්තටම කියන්නේ "ටැන්ලි" කියායි.

    ReplyDelete
    Replies
    1. එයා නුවර පැත්තේ චන්ඩියෙක් නෙමෙයි. නුවර බලන්න ගියපු චන්ඩියෙක්. නුවර චන්ඩි ඇවිල්ලා මල්වතු හා අස්ගිරි නේ. රජ්ජුරුවොත් දන ගහනවා. අනික් උන් දුක කියන්න යනවා. අපේ පැත්තේ බෝ ගහකුත් තියෙනවා ඒ වගේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්නය කියලා පළතුරු වට්ටියක් පූජා කරලා වඳින පුදන.

      Delete
    2. @AnonymousSeptember 15, 2014 at 10:59 AM
      ස්තුතියි ඇනෝ කමෙන්ට් එකේ මෙතෙන්ට ගැලපෙන කොටස උපුටා දැක්වුවාට.

      @Maathalan
      ලිපියේ අදහසටවත් කකා දැමු කමෙන්ට් එකකටවත් නොගැලපෙන්න මල්වතු හා අස්ගිරි හාමුදුරුවන් ගාවාගෙන කමෙන්ට් කර මොහුගේ අවජාතිකත්වය ප්‍රදර්ශනය කිරීම මගින් මම අද උදේ කල සඳහන් කිරීම සාක්ෂි සහිතව ඔප්පු කිරීම ගැන බොහොම ස්තුතියි මාතලන්.

      Delete
    3. ඒක ඉතින් ගොඩක් කාලෙක ඉඳන් තියෙන පහත් ගතියක් මාතලන් ගේ

      Delete
    4. පුක කලු සිංහලයාSeptember 15, 2014 at 4:05 PM

      අනේ මට කවුරුත් මොකුත් කියන්න එපා. මම දැන් හොඳට කිච වෙලා ඉන්නේ නොදන්න දේවල් කතා කරන්න ගිහිල්ලා. මට ගණන බෑ කියලා දැන් හැමෝම දන්නවා.

      Delete
    5. පුක කලු සිංහලයාSeptember 15, 2014 at 4:07 PM

      වෙන ඇනෝලා නෙවෙයි මමම තමයි මං ලියන දේවල් ගැන ඇනෝ දාගන්නේ. දැන් වැරදිච්චි වැරදිල්ල කොහොම හරි හදා ගන්න එපායැ. නැත්නම් නෝණ්ඩිනෙ. ගූ හතයි. මෙහෙම නෝන්ඩි වුනේ නෑ කවදාවත්.

      Delete
    6. ඇයි මොකද අස්ගිරි මල්වතු හොරු දෙන්න ගැන කිව්වම රිදුනද? මුන් දෙන්නා බත් ගිල ගිල සාමනේරයින්ට ඇර ඇර ඉන්නවා. මහ ලොකුවට කයිය ගැහුවට කාර් රේස් එකක් නතර කර ගන්න බෑ. රටේ මිනිස්සුන්ට වෙන කිසිම ප්‍රශ්නයකදි කතා කරන්නේ නෑ. මිනිස්සුන්ගෙන්ම කකා රජාටම පුක දිදී ඉන්නවා. ගියා ආත්මයක් කියල දෙයක් තිබුණා නම් ඌරෝ දෙන්නෙක්. පැරා මේක මකන්න එපා මේ කතා කරන්නෙ ජනතාව්ගෙ ලොකුම හතුරො දෙන්නෙක් ගැන.

      Delete
    7. අස්ගිරි මල්වතු මහනායක හාමුදුරුවෝ ගැන විවේචන ඉදිරිපත්කරන අවශ්‍ය තැනක් නොවේ නේ මෙතන ඔය ඇනෝ කියන වගේ නිවට හැසීරීම් තියෙනවා නම් එව සාක්ෂි සහිතව වෙනත් පොස්ට් එහෙක හෝ ඒගැන කතා කරන පොස්ට් එහෙක දමන්න මේ ලිපිය සහ කකාගේ කමෙන්ට් එකට බුදු දහම හෝ අස්ගිරි මල්වතු හාමුදුරුවරු හරි ගන්නේ නැතිව.

      Delete
    8. සාක්ෂි සහිතව තව මොනවා ඔප්පු කරන්නද බං? ඔය හොරු දෙන්නා ගැන නොදන්නෙ කවුද? සිවුරු දාගත්තු අනෙක් එවුණුත් හොරු තමයි, ඒක වෙනම කතාවක්. හබැයි මුන් දෙන්නා නම් කම්බා හොරු.

      Delete
    9. Carry hambayo tika awilla methana uda panina hati penawa neda, sinhala jaathiya gana katha karana kota me geri hambayinta hariyata amaaruyi, mks baya wenna epa oba ape weerayek, me hambayoyi kalu suddoyi athare handa thawa thawath naganna obata shakthiya labewa...

      Delete
    10. Umbala danaganilla meka kiyawana thawath sinhalayo innawa kiyala, umbalage hora comment eka dekakata api baya wenne na...

      Delete
  6. stanly,kiyala oyawage prasidda kenek dakune thamai hitiye,ohuge shoyura .....,Tom,mahaththaya,Wada prasiddawa hitiye,

    ReplyDelete
  7. ඉංග්‍රීසි උච්චාරණය ගැන ඉගැන්වීම එක්ක අමතක කරන්න බැරි නමක් තමයි දයා වන්නිආරච්චි කියන්නෙ. මම හිතනව පැරා හේතුව දන්නව කියල.

    ReplyDelete
    Replies
    1. ඒ කවුද?

      Delete
    2. හිටපු ජේවීපී නායකයෙක්. මං හිතන්නේ 1984 දී ජේවීපීය ජාතිවාදී දේශපාලනය පටන් ගන්නවාත් සමගම අයින් වුණා.

      Delete
    3. ඔස්ට්‍රේලියාවෙද ඉන්නේ දැන් ?

      Delete
  8. සමාජවාදයට මොකද වෙන්නේ මේ දවස්වල?

    ReplyDelete
    Replies
    1. ස්වීඩන් වලනම් නැගල යනවා. ...ඇමරිකාවෙත් ෆාස්ට් ෆුඩ් සේවකයෝ වැඩි පඩි ඉල්ලනවා. ...ලංකාවේ වගේ තමයි දෙකක් දීල කුඩුවට දානවා. දැක්කේ නැද්ද සේරා පේලන් ලිපියක් ( වගේ එකක්) දාලා තිබුනා. සොරි... සොරි ....මෙයා සේරා පේලන් නෙමෙයි අයන් රන්ඩ්.....

      Delete
  9. "cup of tea"
    lamai kiyanna balanna
    Kak kot tee

    ReplyDelete
  10. ස්වීඩන් වල නම් ඉස්කෝලෙට කියන්නේ ඉස්කෝලන් ISKOLANA කියාය. ස්වීඩිශ් මිනිස්සු Identify ශබද කරන්නේ ඉඩෙන්ටිෆයි කියාය. කවුරුත් ඒවා ගන්නන් ගන්නේ නැත. ඉන්ගිරිසිය ආවේ වයිකින්ස්ලාගෙන් නිසා පඩේකටවත් ගනන් ගන්ඩ ඔනේ නැත.

    ReplyDelete
  11. ඉස්පිරිතාලෙ, ඉස්කෝලෙ කියන වචන hospital, school වචනවල තත්භව රූප ද? ඒවා පුරුතුගීසි හරි ලන්දේසි හරි බාසාවෙන් ආපු බව පොතක තිබුණා වගේ මතක යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා