ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

ආණ්ඩුව ඌව පළාත් සභාව නිල වශයෙන් ජයගෙන ඇත. එහෙත්, ඇත්ත වශයෙන් ම පැරදී ඇත. මන්ද, ඔවුන් මේ දැවැන්ත පසුබෑම අත් කර ගන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ඌවේ පදිංචි වී සිටිමින් මුළු රාජ්‍ය බලය ම ඌවට කේන්ද්‍ර කිරීමෙන් පසුව නිසා ය.

එක්සත් ජාතික පක්ෂයට ඌවේ පාලනය පිහිටුවීමට නො හැකි වනමුත්, එම පක්ෂය තනි පක්ෂයක් ලෙස මේ රටේ ප්‍රබල ම පක්ෂය බව ඔප්පු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය 44.79%ක්  ඡන්ද ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 18න් අටක් දිනා ගන්නේ පක්ෂය ඇතුළේ සිටින සජිත් ප්‍රේමදාස වැනි ප්‍රතිගාමී බලවේග පවා පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටි පසුබිමක් තුළ ය.

මේ ජයග්‍රහණයත් සමග එජාපයට නව තරුණ නායකත්වයක බලාපොරොත්තු මතු වී තිබේ. ඒ හරින් ප්‍රනාන්දු ය.

මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵල මත අනාගතයේ සලකුණු වන වැදගත් සංවර්ධනයන් කීපයක් මෙසේ ය.


  • ප්‍රබලම විපක්ෂය හා විපක්ෂයේ නායක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත් වේ.
  • සජිත් ප්‍රේමදාස වැනි එජාපයේ අභ්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගවලට එක්කෝ පක්ෂය සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් වැනසෙන්නට සිදු වේ.
  • සජිත් වෙනුවට නව ජනප්‍රිය දෙවන පෙළක නැගී ඒම සිදු වේ.
  • එක්සත් ජාතික පක්ෂය නො තකා හරිමින් ගෙන ආ පොදු අපේක්ෂක යෝජනා ආදිය නැවත සලකා බලන්නට සිදු වේ.
  • ඉදිරි දේශපාලන විභේදනය වැඩි වැඩියෙන් ආණ්ඩුව හා එජාපය අතර එකක් බවට පත් වේ. 
  • එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත. 
  • ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා එජාපයේ සීමාවන් තුළ රැඳෙනු ඇත.
  • ජවිපෙ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන විකල්ප බලවේගයක් නො වන බවත්, විපක්ෂයේ කොටසක් පමණක් බවත් ඔප්පු වී තිබේ. එබැවින් ජවිපෙ සිය උපායමාර්ග ගැන නැවත සලකා බැලිය යුතු ය. 
  • ෆොන්සේකා, විමල් වීරවංශ වැනි තමන් කවුරුන් හෝ යයි සිතා සිටි බලවේග ඊළඟ ඡන්දයට පෙර කුමක් හෝ ප්‍රධාන පක්ෂයක ස්ථිර කොණක් සොයාගෙන අසුන් ගත යුතු ය. 
  • ආණ්ඩුව දැන් ඉතින් යන අතක් ගැන කල්පනා කළ යුතු ය. 
  • හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය. 
  • රාජපක්ෂ පවුලට මොකද වෙන්නේ යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පව් ඕයි ඇස්.බීට හැල ගෙම්බා කිව්වෙ

    ReplyDelete
    Replies
    1. ලාෆින් මැකෝSeptember 21, 2014 at 11:39 AM

      ඌව කොහොම වෙයි ද?
      -------------------------------------
      comment Reply.>

      ලාෆින් මැකෝ September 20, 2014 at 12:58 PM

      අද බ්ලොග් එක උපාසක/උපාසිකාවන්ට පමනයි !

      ඌව ප්‍රතිපල අවසන් වු විගස කක්කුස්සිය විවෘත කරනු ලැබේ.
      සකල ලෝකවාසී කමෙන්ටුවනී බෙට්ට තදකරගෙන සිටිනු !

      *මගේ වෘෂණ යුවල ඔට්ටුයි,
      shit 4 කින් පැරාලගේ ආන්ඩුව (එජනිස) ඌව දිනනවා !

      --------------------------------------------------------------------------------

      පැරා කොහොමද ලාෆින් මැකෝ ගෙ වැඩ ....ඇට දෙක පෙරට දමා පවසන 100% නිවැරදි අනාවැකී. ඇනෝලගෙ තවත් වැඩ+කිඩ ඉදිරියේදි .......









      Delete
    2. thota thaniyama gahapiya

      Delete
  2. එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත. - මෙය සිදු නොවේවයි පතමි..........

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ කාට කාටත් දැන් මේ මානසිකත්වයෙන් මිදෙන්න කාලය ඇවිත්. රාජපක්ෂට ජනාධිපති වෙන්න හොඳ නම් ඇයි වික්‍රමසිංහට නරක?

      Delete
  3. අහුවෙන්නෙ නැතිව කොපි කරල විභාගයක් පාස් උනාට අවුලක් නෑනෙ? චන්දෙත් ඒවගෙ තමයි. ආණ්ඩුව ජාමෙ බේරගත්ත කොහොම හරි. ඊලඟ චන්දෙත් ඔය වගේම ගොඩයයි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව කවදහරි කඩා වැටෙන්නෙ මහින්ද රාජපක්ෂ යන ප්ලේන් එක කඩා වැටුණු දාට. එහෙම නැතුව මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. රාජපක්ෂ හොඳ නිසා නෙවෙයි. අපේ මිනිස්සුන්ගෙ මෝඩකම මැනිපියුලේට් කරන්න රාජපක්ෂ දන්න නිසා.

      Delete
    2. Absolutely correct !!!

      Delete
  4. "එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත."
    සැබවින්ම .. තව අවුරුදු 20 -30 කට පස්සේ.
    පැරා දවල් හීන දැක්ක ඇති. දැන් නැගිටින්න දහයත් පහුවෙලා! !

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔට්ටු. උපරිම තව අවුරුදු දෙකයි රනිල් ජනාධිපති.

      Delete
    2. ලාෆින් මැකෝ ගෙ වෘෂණ යුවල!!!

      Delete
    3. ලාෆින් මැකෝSeptember 22, 2014 at 11:36 PM

      මාගේ වෘෂණ යුවල අවශ්‍ය වන්නෙ නැත,

      තව අවුරුද්දයි !
      රනිල්,ජනාධිපති හෝ විධායක අගමැති

      Delete
  5. පැරාගේ පොස්ට් එකකට 100% එකඟ වෙන පලව්නි අවස්ථාව

    ReplyDelete
  6. We expected bit more sensible voting from people. this result means our people still lacking the analytical ability and wise use of their vote.
    Still UPFA has a majority, It would have been better if they voted more for UNP and others.

    ReplyDelete
  7. ඒ තරම් කළබල වෙන්න නරකයි පැරා. අපි හැමදාම කිව්වේ විකල්පයක් ඇත්නම්, ඒ එජාපය හා රනිල් පමණක්ම යන්නයි. පැරා පොදු අපේක්ෂයක් සොයනා විට අප් කීවේද එයමය. ජනතාව අද එය ඔප්පු කොට ඇත. ප්‍රේමදාස සල් වනයක් බවත් මෙළෝ රහක් නැති බුලත් හපයක් බවත් අද ඔප්පු කොට හමාරය.

    දැන් එජාපය කළ යුත්තේ එක එක කාළකන්නින්ගේ බලපෑම් වලට නතු නොවී ජනතාව සමඟ ඉදිරියට පිය මැනීමයි..

    මේ ජයග්‍රහණය තනිකරම හරීන්ගේ ජයග්‍රහණයක් බවත් කියා සිටිය යුතුමය..

    ReplyDelete
  8. සජිත් ඇතුලු සිරස කාලකන්නි නඩේම UNPයෙන් එලවිය යුතුයි.

    ReplyDelete
  9. අනෙ මන්දා වම්මු ගැනනම් දුකයි. මෙ රට කරවන්නෙ එක්කො ශ්‍රිලනිපෙ නැත්නම් එජාපෙ. මොඩ සමාජවාදියොන්ට මෙකෙ ඉඩක් නෑ.

    ReplyDelete
  10. ම්ඇම් ම්ම් 6

    ReplyDelete
  11. චන්දෙට කලීන් පැරා කරපූ ආසන අංජනම් බැලිල්ල වැරදිලා ඇන ගෙන තියෙද්දී ඒ ගැන වචනයක් වත් කියන්නේ නැතුව තවත් අංජනං බලන්න යනවා.....හිනා..

    ReplyDelete
  12. පැරා පොඩ්ඩක් 'ඕවර්' ගිහින්. එකඟ වීම් හා නොවීම් වෙන වෙනම බලමු.

    [ප්‍රබලම විපක්ෂය හා විපක්ෂයේ නායක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත් වේ.] එකඟයි.

    [සජිත් ප්‍රේමදාස වැනි එජාපයේ අභ්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගවලට එක්කෝ පක්ෂය සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් වැනසෙන්නට සිදු වේ.] අවශ්‍යයෙන්ම නැහැ. හේතු පහත දක්වමි.

    [සජිත් වෙනුවට නව ජනප්‍රිය දෙවන පෙළක නැගී ඒම සිදු වේ.] මේ වන විට සිදුවෙමින් පවතිනවා. නමුත් ඉතාම කෙටි කාලයක් තුළ පැවැත්වෙන ජනාධිපතිවරණයට මේකෙන් වැඩක් නැහැ.

    [එක්සත් ජාතික පක්ෂය නො තකා හරිමින් ගෙන ආ පොදු අපේක්ෂක යෝජනා ආදිය නැවත සලකා බලන්නට සිදු වේ.] සිදු නොවේ. මේ වාතාවරණයේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. තනිව දිනනට යම් හෝ හැකියාවක් තිබුණු කිසිම අවස්ථාවක එජාපය නිර්පාක්ෂික පොදු අපේක්ෂනයින් පසුපස ගොස් නැත.

    [ඉදිරි දේශපාලන විභේදනය වැඩි වැඩියෙන් ආණ්ඩුව හා එජාපය අතර එකක් බවට පත් වේ.] පැහැදිළිවම හා එය එසේ විය යුතුව තිබුණි.

    [එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත.] නැත. නමුත් ජනාදිපතිවරණය තරගකාරී එකක වනු ඇත. ලෝකයේ කිසිම තැනක populist ආණ්ඩුවක් සාමාන්‍ය අවස්ථාවක් යටතේ ඡන්දයකින් පැරදී නැත. රාජපක්ෂ ආණ්ඩුව පළමුවැන්න වන්නේ ඇයි?

    [ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා එජාපයේ සීමාවන් තුළ රැඳෙනු ඇත.] කියන්නේ මොකක්ද අපැහැදිළිය.

    [ජවිපෙ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන විකල්ප බලවේගයක් නො වන බවත්, විපක්ෂයේ කොටසක් පමණක් බවත් ඔප්පු වී තිබේ. එබැවින් ජවිපෙ සිය උපායමාර්ග ගැන නැවත සලකා බැලිය යුතු ය. ] අනිවාර්යයෙන්ම!

    [ෆොන්සේකා, විමල් වීරවංශ වැනි තමන් කවුරුන් හෝ යයි සිතා සිටි බලවේග ඊළඟ ඡන්දයට පෙර කුමක් හෝ ප්‍රධාන පක්ෂයක ස්ථිර කොණක් සොයාගෙන අසුන් ගත යුතු ය. ] අනිවාර්යයෙන්ම!

    [ආණ්ඩුව දැන් ඉතින් යන අතක් ගැන කල්පනා කළ යුතු ය.] ඉහත කීවාක් සේ මේ ආණ්ඩුව යන්නේ ඉක්මණින් නොවේ. නමුත් ධුර කාලය මැද්ඩ්දා කඩා වැටිය හැක.

    [හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය.] මේ අපේ ජනතාව????

    [රාජපක්ෂ පවුලට මොකද වෙන්නේ යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය. ] මොකුත් නොවේ. ජනාධිපති එහෙමමයි. ගෝටා ප්‍රබල ඇමැතිවරයකු වේ. බැසිල් අතුළු සියල්ලෝ එසේම සිටිති.

    ReplyDelete
    Replies
    1. [ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා එජාපයේ සීමාවන් තුළ රැඳෙනු ඇත.] කියන්නේ මොකක්ද අපැහැදිළිය.

      meka therum ganna beri ekek thamai darshanika vigraha karanne

      Delete
  13. මාරයා හෙවත් චතුෂ තුෂර කුමාර, දැන් තමුන්ගේම කේන්දරය බලා ගත්තොත් හොඳයි නේද? තමුන්ට අපල කාලයක් වගෙයි නේද ඉස්සරහට එන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්. ඌ අණ්ඩුවෙ ගොට්ටා...

      Delete
  14. බදුල්ලෙදි හ‍රීන්ගෙ ජනප්‍රරියත්වයත් එක්ක 40% පැන්නත් මොන‍රාගලදි ආන්ඩුව සුපුරුදු ලෙස 60% ලගටම ඇවිත් තියේනව.
    මීළග ජනාධිපතිව‍්රනයටත් හ‍රීන් වගේ මූනක් දැම්මොත් අමාරුවෙන් හ‍රි 45% ගන්න පුලුවන් නැත්නම් රනිල් ආවොත් මහින්ද මොණ‍රාගල වගේ 58% ගන්නව. මිනිහට අවසියක් තියෙන්නෙ මුස්ලිම් චන්ද ටිකයි උතුරෙ දෙමළ චන්දටිකයි. ඒටිකේ අඩුව ලස්සනට ඤානසාරල චම්පිකල මෙහෙන් පුරවල දෙයි.

    ReplyDelete
  15. සජිත් බැහැල සහයෝගය දුන්නේ බිබිලට සහ මොණරාගලට. ඒ ආසන දෙකේ ආණ්ඩුව 60% ගත්තා. තිස්ස කුට්ටිආරච්චි එක්ක ඇරියස් නිසා වැල්ලවායට ආවෙ නැහැ. හැබැයි වැල්ලවායෙ ආණ්ඩුව ගත්තෙ 54% යි. යූඑන්පී චන්ද වැඩි කර ගන්න නම් සජියව පැත්ත පලාතේ ගෙන්න ගන්න නරකයි.

    ReplyDelete
  16. සජිය මකබෑවෙනවනං යූ අැන් පියට කලක් යාවි නේ, ඕං කිව්වා

    ReplyDelete
  17. ම්ම් හ්ය්

    ReplyDelete
  18. Mamath.100% ma ekangai(Kalekin) Paththagodaya.

    ReplyDelete
  19. 100% එකගයි . අද දිනයට පැරකුම් සහෝදරයා කියා අමතන්නෙමි.

    ReplyDelete
    Replies
    1. හප්පේ ....රනිල ජනාධිපති වෙන්න පුළුවන් වගේ කිවුව විතරයි කට දෙපැත්තෙන් සෙවල වැක් කෙරෙන අපුරුව! යකෝ ..ඌව පළාත යු.එන්.පී ය පරාදයි!!!!! අවුරුදු 20 කට පස්සෙත් මහියංගනය පරාදයි!!!! කොහේ තියන චන්ද වලින්ද රනිලව ගෙන්න හිතන් ඉන්නේ !! සිරාවටම මේකේ කමෙන්ට් කොටන යු.එන්.පී කාරයෝ ටික පවු ඕයි !

      Delete
  20. jvp එකට චන්දෙ දෙන්න ඕන, කියල ඔයා කලින් ලිපියක කියල තිබුන. එත් ජනමතය වෙනස් නේද?

    ReplyDelete
  21. ආණ්ඩු පෙරළිය ඇරැඹීයයි ඌව මැතිවරණ ප්‍රතිපලය තුලින් නිගමනය කිරීම මූද හත් ගව්වක් තියා අමුඩ ගැසීමකි.අනික් අතින් හරීන් හැරුණු විට මනාප චන්ද පනස් දහස ඉක්මවීමට එකදු එජාප අපේක්ෂකයෙකුට හැකි වී නැත.හැබැයි මේ නම් ආණ්ඩුවට රතු එළියකි.එජාපෙට කහ එළියකි.ආකර්ශනිය වැඩ පිළිවෙලක් තුල එක්සත් පෙරමුණක්ව වැඩ කලොත් මොන රාජ්‍ය යාන්ත්‍රණ තග මැරකම් මැද වුව ආණ්ඩුවට පැහැදිලි අභියෝගයක් කල හැකි බවත් මහින්දව පැරදවිය නොහැක යන්න මිථ්‍යාවක් බවත් පැහැදිලිය.හැබැයි සජිත් කරූ වැනි කකුල් මාට්ටු පරඩෑල් කුසීත නායකයින් සමග රනිල්ගේ හිතුවක්කාර බල ලෝභය මෙන්ම හරීන් ප්‍රනාන්දු වුව ඕනෑම මොහොතක ආණ්ඩුවේ වාඩි කරවා ගත හැකි මහින්දගේ දේශපාලන සටකපටකම මැද එය ඉතා අසීරු කටයුත්තකි.අනෙක් අතට ලංකාවේ දේශපාලන ජන මතය නොනිල වශයෙන් මෙහෙයවන්නට දත කන මහරාජලා ටිරාන්ලා දිලිත් ජයවීරලා බැලන්ස් කර ගැනීමද රනිල්ට අභියෝගයකි.

    ReplyDelete
  22. දවල් හීන දැකීමට පැරාටත් අයිතියක් ඇත.

    ReplyDelete
  23. යථාර්තවාදීව විමසා බලා ලියූ ලිපියක්. ලිපියේ සෑම කරුණකටම එකඟ වියහැකි නොවුනත්, සියයට අනූවකින් පමණ එකඟ වියහැකිය. සිතූ ලෙසම, මෙම දූෂිත ආණ්ඩුවේ අවසානය මෙතැනින් ආරම්භ වේයැයි ඉත සිතින් පතමු!

    ReplyDelete
  24. පැරා ඊයෙ ඉඳල මහරජා ප්ලෑන් ගහනව ඇත්තෙ, ජානාධිපතිවරනෙට ඉස්සර කොහොමද හරීන් ඒ පැත්තට පන්නගන්නෙ කියල. මෙතෙන්දි රනිල් උපායශීලී නොවුනොත් මොනව වෙයිද කියන් බෑ. හොඳම, නිවැරදිම තිරණය තමයි හරින් නියෝජ්‍යනායකය කරන එක වහාම. ඒක තියන ප්‍රශ්ණ සේරමටම හොඳම විසඳුම වෙනවා. සජීය එලවලම දානඑක ඉදිරියේදි ඇතිවෙන්න නියමිත අමිහිරි දේවල්වලකාගන්න තියන හොඳම ක්‍රමයයි. අපි නොදන්නවා උනාට රනිල්ගෙ ප්ලෑන් එකත් ත්කම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සජියා එලවන්න නරකයි.. ඉන්න කිසිම එකෙක් එලවන්න නරකයි.. ඒත් ගොන් පාට් දාන්න නම් අවස්ථාව දෙන්නම නරකයි..

      Delete
    2. හරින්,සජිත්,තිස්ස හෝ රනිල් UNP එකේ හිටියත් නැතත්,UNP කාරයෝ දැන් pick up .

      හරීන් ඔබට ස්තුතියි!

      ශ්‍රි ලංකාවේ ප්‍රභලම තනි දේශපාලන පක්ෂයට ජයවේවා!
      UNP ජයවේවා!

      Delete
  25. ලංකා දේශපාලනයේ පශ්චාත් රාජපක්ෂ යුගය උදා වෙමින් තිබේ! එය පරිපූර්ණ වනු ඇත්තේ රාජපක්ෂලාගේ පශ්චාත් භාගයටද කෙළවීමෙනි. නව නළු රසය පිරි දේශපාලන නාටකයක් ජනී ජනයාට දැක බලා ගත හැකි වනු ඇත! පැරාගේ විග්‍රහය හරි.

    ReplyDelete
  26. අනේ මන්ද මන් නම් දන්නෙ ඔක්කොම එකයි නම් විතරයි වෙනස් ඒ මොනා උනත් දෑන් නම් මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා තියෙන බව නම් හොදටම පේනව

    ReplyDelete
  27. පැරාගේ හදවතේ තියන කොළ පාට කාලෙකින් එළි දැක්කා. තන්තෝසයි අම්මා.

    ReplyDelete
  28. ඇත්ත රනිල් බුද්ධිමත් නමුත් ප්‍රායෝගිකද කියන එක නම් ලොකු ගෑටලුවක්

    ReplyDelete
  29. දැන් ආයෙත් පක්ෂය ඇතුලෙ ගැටුමක් මතු වෙලා නේද මට හිතෙන්නෙ ලබපු ජයග්‍රහනෙන් පස්සෙ ඔලුව ඉදිමෝගෙන වගේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා