ජයලලිතා හා ලංකාවේ දේශපාලකයෝ

වසර 18ක් තිස්සේ ඇදෙමින් තිබුණු දූෂණ නඩුවක ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට බැංගලෝරයේ අධිකරණයක් විසින් මහ ඇමති ධුරය අහිමි කර වසර හතරකට සිර ගෙට නියම කර තිබේ. 

1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඇගේ වත්කම්වල සිදු වූ වර්ධනය ඇගේ ඉපයීම්වලට වඩා බෙහෙවින් වැඩි හෙයින් ඇය අයථා ලෙස මුදල් රැස් කරගෙන තිබෙන බව ඔප්පු වී තිබේ. 

ජයලලිතාට වූ දෙය ඉන්දීය අගමැති මෝදි පවා බියපත් කරන සිද්ධියකි. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත.

ලංකාව වැනි අතිශය දූෂිත පාලකයන් සිටින රටවල අධිකරණයට ඉන්දීය අධිකරණය විසින් දී තිබෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය හා වංචා කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. මෙය ජනතාව දුප්පත් වීමට ප්‍රධාන  ම හේතුවයි. රටක ජනතාව හිතා මතා දුප්පතුන් බවට පත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු ය.

ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරානි බංඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් ඔස්සේ බලයෙන් පහ කිරීමට හේතු මේ සංදර්භය ඔස්සේ පහසුවෙන් තේරුම් ගත හැකි ය. එමගින් බලාපොරොත්තු වන්නේ අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්නට නො දෙන බව තහවුරු කිරීමයි. පත් වන කවර හෝ අගවිනිසුරුවරයකු වුව තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. එහි මූලික අරමුණ තමන්ටත්, තම අන්තේවාසිකයන්ටත් ජයලලිතා මුහුණ දුන් ආකාරයේ තත්වයන්ට මුහුණ දෙන්නට සිදු නොවන පරිදි රැකවරණය සලස්වා ගැනීමයි. 

වැට් බදු වංචාව කළ ව්‍යාපාරිකයන්ට හා රජයේ නිලධාරීන්ට එරෙහිව ලංකාවේ අධිකරණය දැක්වූ දැඩි ප්‍රතිචාරය සුබවාදී කාරණයකි. එහෙත්, මහජන මුදල් සොරකම් කරන සොරුන්ට එරෙහිව ඊටත් වඩා දැඩි ප්‍රතිචාරයක් අවශ්‍ය ය. 

ලංකාවේ මහජන මුදල් සොරුන්ට නීතිමය මුක්තිය භුක්තියට සවි වී ඇති ස්වභාවයක් දක්නට ලැබේ. මහජන මුදල් සොරකම් කරන දේශපාලකයන්ට එරෙහිව ලංකාවේ ක්‍රියාමාර්ග ගැනෙන්නේ ම නැති තරම් ය. මේ තත්වය වෙනස් විය යුතු ය. 

මහජන මුදල් සොරුන්ගේ සිත් බියෙන් ඇළලිය යුතු ය. අනාගතයේ බලයට එන්නට බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත. //

    ශ්‍රේෂඨාධිකරණයෙන් මෝදි නිදහස් කර ඇත
    http://www.bbc.com/news/world-asia-india-17664751

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපිත් දැනං හිටියේ එහෙම තමයි...පැරාලත් නිකං තමන්ට ඔනේ විදිහට ෆැක්ට්ස් දාන්න අරංනේ...ශ්‍රේෂ්ඨාදිකරනය මෝඩිව නිදහස් කලා,,,ඒත් ඇමෙරිකාව නම් ලගක් වෙනකම්ම වීසා නොදී නම් හිටියා...

      Delete
    2. මටත් මේ නිවුස් එක ඇහුන ගමන් හිතුන දේ තමයි මේක ශිරනි බන්ඩාරනායක-මහින්ද රාජපක්ශෙ කතාවේ ඉන්දියානු වර්ශන් එකක්වත්ද කියලා. නිගමනයකට එන්න තාම අර්ලි වැඩි උනත් එහෙම දෙයක් මුලුමනින්ම බැහැර කල නොහැකියි මම හිතන්නෙ.

      - Dimithri

      Delete
  2. FROM SRI LANKA MIRROR

    රාජපක්ෂලා 2015ට බෙදාගන්නා හැටි මෙන්න

    ඊයේ  (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් කෝටි 181,229ක් වන අතර එයින් රුපියල් කෝටි 78,786ක් රාජපක්ෂ පවුලේ අමාත්‍යංශ අතර බෙදාගෙන තිබේ. මෙම වසරේදී රාජපක්ෂ පවුලේ අමාත්‍යංශ අතර බෙදාගෙන තිබෙන මුළු මුදල රුපියල් කෝටි 67,782ක්ය.

    මෙම ඇස්තමේන්තු අභිබවා වියදම් ඉහළ යාම සාමාන්‍ය‍යෙන් සිදුවේ.

    මෙම වසර වෙනුවෙන් ජනාධිපතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව වූ රුපියල් කෝටි 857ක මුදල ප්‍රමාණවත් නොවීම නිසා පසුගිය අප්‍රේල් මස අවසන් වන විට අමතර රුපියල් කෝටි 34ක් පරිපූරක ඇස්තමේන්තු මඟින් වෙන්කර ගෙන තිබීම මේ බව තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි.

    මෙවැනි තත්වයක් යටතේ ලබන වසර වෙනුවෙන් රාජපක්ෂ පවුල තුළ රඳවාගෙන තිබෙන අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම් පහත පරිදිය.

    ජනාධිපතිවරයා සඳහා රුපියල් අටසිය පනස් හත් කෝටි අනූපන් ලක්ෂ පනස් දහසක් (රු.8,579,550,000)

    මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය සඳහා :- රුපියල් දහඅට දහස් අනූ දෙකෝටි පනස්හතර ලක්ෂයක් (රු. 180,925,400,000)

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය  සඳහා :- රුපියල් විසිඅට දහස් පන්සිය දෙකෝටි විසි ලක්ෂයක් (රු 255,022,000,000)

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය  සඳහා :- රුපියල් රුපියල් එකොළොස් දහස් තුන්සිය කෝටියක් (රු 113,000,000,000)

    වරාය හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා :- රුපියල් විසිදහස් තිස්තුන් කෝටි පනස් ලක්ෂයක් (රු 200,335,000,000)

    ReplyDelete
    Replies
    1. කෝටි 181,229 කින් කෝටි 78,786ක් කියන්නෙ 50% ක් වත් නෑනෙ බං? රාජපක්ෂ පවුල තනියම රට පාලනය කරනවා කියන්නෙ පට්ටපල් බොරුවක්නෙ. ඔය අනික් අයටත් බෙදලා දීලා තියෙන්නෙ ඇති වෙන්න.

      Delete
  3. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවනම් ඊට හොඳා.. එයාලා නෙමෙයි, ජෙප්පොත් බලේ ඉන්නන්නේ රත්තරන්ලා වගේ හොරෙන් කන්න.. වෙන කෙහෙල් මලකට නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මොකෝ මාතලන් ෂෝර් ටර්ම් මෙමරි ලොස් ද ඇයි රනිල්ලා, සජිත්ලා, රවීලා, රෝසිලා, හරින්ලා අමතක උනාද ?

      Delete
  4. “තමුසෙල 2005 කොහේද හිටියෙ? අයිසෙ අපි තමයි පක්ෂෙ බලයට ගේන්න ගුටි කෑවෙ. වෙඩි කෑවෙ. ජීවිත පූජා කලේ. තමුසෙල මොනවද කලේ. තමුසෙල කලේ ඇමරිකාවෙ ඉදන් පැරිෂුට් එකෙන් අරලියගහ මන්දිරයට බැහැල ලවක් දෙවක් නැතුව හොරකම් කරපු එක විතරයි. තමුසෙල ආණ්ඩුවත් කෑව. පක්ෂෙත් කෑව ඕයි. තමුසෙලගෙ කුප්ප වැඩ නිසා අපිටවත් පාරෙ බැහැල යන්ඩ නෑ. මේ හැම එකෙන්ම කෙල වෙන්නෙ එදා ඉදල දුක් විදපු සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට. කෙල වුනහම තමුසෙල ඇමරිකාවට මාරු වෙයි. ආයිත් යූඑන්පී කාරයින්ගෙන් ගුටි කන්න වෙන්නෙ අසරණ ශ්‍රී ලංකා කාරයින්ට'”යනුවෙන් පවසා ඇත.

    ReplyDelete
  5. Appa, Lankawenam, mulu parlimenthuwama hire danna wenawa....

    ReplyDelete
  6. කිසි දේකට බය වෙන්න එපා. චම්පික රණවක, උදය ගම්මන්පිළ වගේ මහත්තුරු, අතුරලියේ රතන හිමි වගේ ස්වාමීන් වහන්සේලා ඉන්න කල් මේ ආණ්ඩුවට හොරා කන්න ලැබෙන්නෙ නැහැ. හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් ඒ අය හරි පාරට ගන්නවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. උඹ දන්න ලබ්බ තමයි...

      Delete
  7. /ලංකාවේ මහජන මුදල් සොරුන්ට නීතිමය මුක්තිය භුක්තියට සවි වී ඇති ස්වභාවයක් දක්නට ලැබේ. මහජන මුදල් සොරකම් කරන දේශපාලකයන්ට එරෙහිව ලංකාවේ ක්‍රියාමාර්ග ගැනෙන්නේ ම නැති තරම් ය. මේ තත්වය වෙනස් විය යුතු ය. /

    අනේ කවුරු හරි මේ පැරා බබාට සූප්පුවක් දෙන්නකෝ...

    ReplyDelete
  8. කෝ අර ලොරිය ගන්න ඕනෑ කිය කියා හිටපු එවුන් ටික? වැඩක් නෑ මල්ලිලා, ලොරිය දැනටම ඉන්දික උපශාන්තට විකුණන්න පොරොන්දු වෙලාලු. ඉන්දික ලංකාවට ගියපු වෙලාවෙ ට්‍රයල් එකකුත් එළවන්න දීලා තියෙනවලු. ඊට පස්සෙ තමයි ඉන්දික කැමැති වෙලා තියෙන්නෙ සල්ලි දීලා අර ගන්න.

    ReplyDelete
    Replies
    1. ට්‍රයල් එකේදී රිවර්ස් එකටද ගියේ නැත්නං ඉස්සරහටද ?

      Delete
    2. යකෝ, උඹ ට්‍රයල් රන් කියන එක දන්නෙම නැද්ද? ට්‍රයල් එකේදි ඉස්සරහටත් යනවා, පස්සටත් යනවා, හෝන් එක ඔබලා බලනවා සද්දෙ එයිද කියලා. බැටරිය බැහැලාද බලනවා. ටයර් අලුත්ද කියලා බලනවා. මිස් එකක් හෙම තියෙනවද බලනවා. බොඩිය තාම අලුත්ද දිරලද බලනවා. ඔය ඔක්කෝම බලලා තමයි ගානක් ගෙවන්න පොරොන්දු වෙන්නේ. නැතුව ආවාට ගියාට නෙවෙයි.

      Delete
    3. හෝන් සුවිච් දෙකම මිරිකලා බලනවද නැත්නං එකක් මිරිකලා බැලුවම ඇද්ද ?

      Delete
    4. දැන් ඔය ඉන්දිකයා විතරද ගිහිං තියෙන්නේ ලොරිය බලන්න? ඌ නං හැමඑකාටම රැවටෙන ගොනා නිසා ෂුවර් එකටම රැවටිලා ඇත්තේ. ලොරියේ අයිතිකාරයාටත් ඕනි 40 ශ්‍රී ලොරිය කාටහරි තල්ලු කරලා දාන්න. ඉතිං ඉන්දිකයා රවට්ටලා ඕක හොද ගානකට ගිලා,ලොරියේ අයිතිකරයා අලුත් එකක් ගනියි.

      මට මේ කවුදෝ කිව්වා ලොරියේ දැන් අයිතිකරයා ඊයේ පෙරේදා ගියාකියලා 18,19 වගේ කරීනා එකක් බලන්න. රතුපාට,නියම බොඩියලු ඒකෙත්.

      Delete
    5. ඔය ඉන්දිකය ගියපාර ලංකාවට ගියේ දුටුගැමුනු රජ්ජුරුවො යුද්දෙට ගියා වගේ. අභීතව පරසක්වල ගහනව කියල දිවුරල තමා ගියේ.
      මූ ඔය ලොරියෙ ට්‍රයල් පැදපු නිසා තමා එහෙනම් ඒ වැඩෙත් කරගන්න බැරි උනේ. මූට බයයි දැන් ලොරිය වෙන එකෙක් ගනීද කියලා.
      ඉන්දික මල්ලී, ලොරියක් නඩත්තු කරන එකත් අභියගෙන් සල්ලි ගන්නව වගේ තමා. බැලූ බැල්මට ලේසියි කියල පෙනුනට ලේසි නෑ.

      Delete
    6. අර කවුද කිව්ව වාගෙ ලොරිය ගැන ලොරි ඩ්‍රැයිවර්ට වත් නැති කැක්කුමක්නෙ ඇනෝලට තියෙන්නෙ. උඹලද දැන් ඕකට ඩීසල් ගහන්නෙ?

      Delete
    7. ලොරි ඩ්‍රැයිවර් සහ ඉන්දික තම තමන් මුහුණ පාන ඍජු සිද්ධීන් හමුවේ එකිනෙකා සමඟ අත්හදා බැලීම් වලින් යා යුතු ගමන් මාර්ගය තෝරා ගනිද්දී දෙකොට්ඨාශයේම අරමුණු සාර්ථක වෙති. අහක ඉන්න අය ඔවුන්ට නීති හදද්දී දෙකොට්ඨාශයම අසාර්ථක වෙති.

      Delete
    8. @ Anonymous September 28, 2014 at 5:51 PM
      ඇයි බන් ඇනෝලට විතරක්ද... උපශාන්තයටත් ෆුල් අවුල් වගේනෙ.... බොට ඒකෙ මුකුත් රහසක් පේන්නෙ නැද්ද..... ඉන්දිකයට ලොරි එලවල පුරුදුත් එක්ක..... ඕකා ලොරියට කරගහයි වගේ...

      Delete
    9. අභීතට බිස්නස් අඩුයි වගේ මේ දවස් වල... බලපු බලපු වෙලාවෙ මූණු පොතේ එල්ලිලා...

      Delete
    10. ඔව් බං ඌ වේලෙනවා... උඹට බැරිද ඉන්දිකගෙන් කීයක් හරි ඉල්ලලා ඌට දෙන්න....ලොරියක් සල්ලි වලට ගන්න හදන එකාට ඔව්වත් මහ අමාරු වැඩක් ද....

      Delete
  9. වැලිකඩදි කරනව වගේ ජයලලිතටත් පෝලිමක් දේයිද දන්නෙ නෑ, හි, හි,

    ReplyDelete
  10. සමාජවාදීන් පොරොන්දු දෙන්නට සමත්හ. ඒ පොරොන්දු විශ්වාස කරන අයගේ ප්‍රසාදයෙන් බලයට පත්වෙති. මිනිස් ස්වභාවයට පටහැනි සේ කටයුතු සංවිධානය කරති. කාර්යක්ෂමතාවයක් සහ ඵලදායීත්වයක් ලබන්නට අසමත් ප්‍රතිපත්ති වලින් අවසානයේ දී අනුන්ගේ වෙහෙසත්, අනුන්ගේ ධනයත් සහ රටේ සම්පත් සියල්ලත් කාබාසීනියා කර දමති.

    ReplyDelete
  11. දරුවනේ මෙන්න මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා අද. ඔය ඉංගිරිස් දන්න කොලුවෙක් පරිවර්තනය කොරහල්ලකො.

    Ajith Jayasinghe's birthday is today.
    Journalist / Translator / Editor / English Teacher at W3Lanka.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්තනම් උණුසුම් සුබපැතුම්!

      Delete
    2. පැරාගේ ඔය උපන්දිනේ ඇඟේ මිසක් මොලේ නෙමෙයි.මොලේට එච්චර වයසක් නෑ.

      Delete
    3. පැරාගෙ මොලේ වයස නැති උනාට අරකට නිසි වයස තියෙනව. නැත්නම් උඹලගෙ අම්ම උඹව වදන්නෙ කොහොමද?

      Delete
  12. Journalist?/Translator/Editor?/English Teacher at w3 lanka/ And also Exprt political Analyst/Advicer to jin ping(china)vladimir putin,and Pedel Kastro.ect.Happy Birth day.our Ex revalution comrade.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා