Posts

Showing posts with the label ජයලලිතා ජයරාම්

ජයලලිතාගේ ඉරණම හා දූෂණයට එරෙහි අරගලය

Image
තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්  1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඩොලර් මිලියන 10කට වඩා වත්කම් අයථා ලෙස උපයාගෙන ඇති බව ඔප්පු වීම නිසා ඇයට බැංගලෝර් විශේෂ අධිකරණයක් විසින් වසර හතරක සිර දඬුවමක් නියම කරන ලදී. ඇය රුපියල් බිලියනයක දඩයක් ද ගෙවිය යුතු අතර මහ ඇමති ධුරයෙන් ද ඉල්ලා අස් විය යුතු ය. දඩය නො ගෙවන්නේ නම් තවත් වසරක් සිරගත කරනු ලැබේ. ජයලලිතා සමග තවත් ඇගේ සමීපතමයන් තිදෙනෙකුට ද අධිකරණය මෙම නඩුවේදී සමා දඬුවම් නියම කරන ලදී. අධිකරණයේදී පැමිණිල්ලේ ප්‍රධාන තර්කය වුණේ ජයලලිතා සමාජයට එරෙහි වරදක් කර ඇති බවයි.  මෙම නඩුව 2003දී තමිල්නාඩුවේ චෙන්නයි අධිකරණයෙන් කර්ණාටකයේ බැංගලෝරය වෙත මාරු කරනු ලැබුවේ සාධාරණ විභාගයක් තහවුරු කිරීම පිණිස ය. ආරක්ෂක හේතු මත නඩු විභාගයට පෙනී නො සිටීමට ජයලලිතා විසින් කරන ලද ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් ප්‍රතික්ෂේප කරන ලදී.  මෙම නඩුව ජයලලිතාට එරෙහිව තිබෙන එක ම දූෂණ නඩුව නොවේ. ඇයට එරෙහිව දූෂණ සම්බන්ධ නඩු 40කට වඩා තිබේ. තවත් පරීක්ෂණ ද ගණනාවක් තිබේ. වරක් ඇගේ නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ කරන ලද වැටලීමකදී ඉන්දීය රුපියල් කෝට...

ජයලලිතා හා ලංකාවේ දේශපාලකයෝ

Image
වසර 18ක් තිස්සේ ඇදෙමින් තිබුණු දූෂණ නඩුවක ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට බැංගලෝරයේ අධිකරණයක් විසින් මහ ඇමති ධුරය අහිමි කර වසර හතරකට සිර ගෙට නියම කර තිබේ.  1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඇගේ වත්කම්වල සිදු වූ වර්ධනය ඇගේ ඉපයීම්වලට වඩා බෙහෙවින් වැඩි හෙයින් ඇය අයථා ලෙස මුදල් රැස් කරගෙන තිබෙන බව ඔප්පු වී තිබේ.  ජයලලිතාට වූ දෙය ඉන්දීය අගමැති මෝදි පවා බියපත් කරන සිද්ධියකි. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත. ලංකාව වැනි අතිශය දූෂිත පාලකයන් සිටින රටවල අධිකරණයට ඉන්දීය අධිකරණය විසින් දී තිබෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය හා වංචා කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. මෙය ජනතාව දුප්පත් වීමට ප්‍රධාන  ම හේතුවයි. රටක ජනතාව හිතා මතා දුප්පතුන් බවට පත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු ය. ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරානි බංඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් ඔස්සේ බලයෙන් පහ කිරීමට හේතු මේ සංදර්භය ඔස්සේ පහසුවෙන් තේරුම් ගත හැකි ...

ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune

Image
(2011 මැයි 15,   W3Lanka )  ප්‍රභාකරන්ට වරදින විට සියල්ල වැරදුණේ ය. 2009 මැයි මස ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්‍රසය ජය ගැනීම ද ජයලලිතා ජයරාම්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වයෙන් යුක් සන්ධානය තමිල්නාඩුවේ පරාජය වීම ද ප්‍රභාකරන්ට අවාසිදායක ලෙස බල පෑවේ ය. ලංකාවේ යුද්ධයට එරෙහිව තමිල්නාඩුවේ ජනතාව තීරණාත්මක ලෙස පුබුදුවා ගැනීමට කොටි සංවිධානය අසමත් විය. මහ ඇමති කරුණානිධි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දෙමළජනයාගේ ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් ලංකාවේ රජයෙන් ලබා දීමට කටයුතු කරන බවට තමිල්නාඩුවේ දෙමළ ජනයාට පොරොන්දු වූයේ ය. කොටි සංවිධානය සමූලඝාතනය කිරීම පිණිස අවසානයේදී ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේත්, තමිල්නාඩු රජයේත් පූර්ණ අනුග්‍රහය ලැබිණි. කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කර තව දින කීපයකින් දෙවසරක් පිරෙයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නයට තවමත් ස්ථිර විසඳුමක් දී නැත. තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් ලංකාවට විරුද්ධ නායිකාවක වන ජයලලිතා ජයරාම් ජයගෙන ඇත. ජයලලිතා ලංකාවේ නායකයන් යුද අපරාධ අධිකරණ වෙත ගෙන යා යුතු බව ප්‍රසිද්ධියේ පවසන්නියකි. එපමණක් නොව, ඉන්දියාව විසින් 1970 දශකයේ...