Posts

Showing posts with the label දූෂණ

උසාවිවල නඩුකාර හාමුදුරුවරු ඉදිරිපිට ම අල්ලස් ගන්නා රටක්

Image
දිල්රුක්ෂි වික්‍රමසිංහ රේගු නිලධාරි රැකියාව කියන්නේ සමහර විට රජයේ සේවයේ සාමාන්‍ය සුදුසුකම් මත ලබා ගන්න පුළුවන් වැඩි ම වැටුප් ලැබෙන රැකියාව වෙන්න ඇති.  රේගු නිලධාරියකු වෙන්න මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කිසියම් උපාධියක් සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සමත් වීමයි. මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට නම් වැටුපත් ඒ තරම් ලොකු එකක් නෙමෙයි.  ඒ කොයි හැටි වෙතත්, රේගු නිලධාරියෙකු වෙනවා කියන්නේ පංතියක් ඉහළට පනින්න ලැබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථා තහවුරු කරන වෙනත් වෘත්තීන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් අතළොස්සක් පමණයි.  මේ පංති පිම්ම පිටුපස තිබෙන්නේ ආනයන, අපනයන, ආගමන, විගමන කටයුතුවලදී රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වැදගත් කාර්යභාරයක් වෙනුවෙන් ලැබෙන සාධාරණ දිරිගැන්වීමක් නම් ඒ ගැන කවුරුවත් ඉරිසියා කළ යුතු නැහැ.  ඒත්, මේ පසුපස තිබෙන්නේ රටට හෙරොයින්, එතනෝල්, විෂ රසායනික ඇතුළු අහිතකර දේ ගෙන එන්නට ඉඩ දීමෙන් ලබා ගන්නා අයුතු ලාභ නම්, එතැන තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්.  පසුගිය දිනවල අධිකරණය වෙලේ සුදා එල්ලා මරන්නට තීන්දු කළා. එහෙත්, වෙලේ...

දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩුවට බල කරන්න වීදි බසිමු

Image
පැවති රජයේ දූෂණ, වංචා ඇතුළු වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබේ. අලුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වූ පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් ද පැමිණිල්ලක් ඇත.  පැමිණිලි ඇත. ක්‍රියාමාර්ග නැත. කිසිවකු අත්අඩංගුවට පත් වී නැත. මහ හොරු පළා ගොසිනි. ලොව කොහේ සිටියත් අල්ලා ගෙන එන බව කීව ද ඒවා සිදු වන්නේ නැත. මීට බොහෝ කලකට ඉහතදී ප්‍රමුඛ බැංකුවේ වංචාවට වගකිව යුතු රොහාන් පෙරේරා පළාගොස් දැන් අවුරුදු 15ක් පමණ වේ. අහු වුණේ නැත. ගෝල්ඩන් කී අධ්‍යක්ෂවරියක වන සිසිලියා කොතලාවල සිංගප්පූරුවේ සිටින මුත් අත් අඩංගුවට ගත්තේ නැත.  පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නො ගැනෙන්නට හේතුවක් වන්නේ පැමිණිලි විමර්ශනය කිරීමට අදාළ අංශ කටයුතු නො කිරීමයි. කාලාන්තරයක් තිස්සේ මේ අංශ පුරුදු වී සිටින්නේ දේශපාලන බලාධිකාරය විසින් නියම කරනු ලබන පැමිණිලි පමණක් විමර්ශනය කර ක්‍රියාමාර්ග ගැනීමටයි. එහෙයින් ඔවුන් දැනටත් බලා ඉන්නේ ආණ්ඩුව මොකක් හෝ කියනකල් විය හැකි ය. එහෙත් ආණ්ඩුව කිසිවක් කියන්නේ නැත. එය ද බරපතල සැක සංකා ඇති කරයි. මේ සුපුරුදු ගජමිතුරුවාදය විය හැකි ය. එහෙත්, ජනබලයෙන් මේ හීතල හ...

ටයි මාරුව හා ගල් බොරළු යට ගොස් මතු වූ ගොමරිතිවල යුගය

Image
නව රජය බලය තහවුරු කර ගනිමින් සිටියි. ඒ අතර දින සියයේ වැඩසටහන ද ඉදිරියට යමින් තිබේ. ඒ අතරතුර මහින්ද රාජපක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද මජර ක්‍රමයේ හොල්මන් ද තවමත් දකින්නට ලැබේ.  ඒ අතර පළමුවැන්න වන්නේ තනතුරු බෙදා ගැනීමට ඇති පොරයයි. පැවති ආණ්ඩුවේ සිටි කපටි ම නිලධාරීහු ටික දැන් ටයි මාරු කරමින් සිටින්නේ ජනතාව තුළ පිළිකුලක් දනවමිනි. මොවුන් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් උපරිම වරප්‍රසාද භුක්ති විඳි අයයි. ඔවුන් සමග යහපාලනය ඇති කළ හැකිදැයි ඇතැමෙක් අසති.  මෙහිදී මතු වන ගැටලුව වන්නේ මෙම තනතුරු ලබා දෙන්නේ කාට ද යන්නයි. පසුගිය සමයේ රාජ්‍ය සේවය පිරිහුණු තරමේ හැටියට ගල් බොරළු පතුලට ම කිඳා බැස උඩ මතු වී තිබෙන්නේ ගොමරිති ය. ඒ ගල් බොරළු පතුලට කිඳා බැස්සේ බලාපොරොත්තු සුන් කර ගනිමිනි. ඒ නිසා ගොමරිතිවල යුගය එහෙම ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත. ගොමරිති තව කලක් වැජඹෙනු ඇත.  දක්ෂයන් මතු වන්නට මේ ගොමරිති බරපතල බාධාවකි. ඔවුන් දක්ෂයන්ට ඉදිරියට ඒමට ඉඩ දෙන්නේ නැත. ඉතින් අපි මෙම තත්වය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? මෙහිදී මේ ගොමරිතිවලට තවත් අවස්ථාවක් දෙන්නට සිදු වීම වැළැක්විය නො හැකි ය. විශේෂයෙන් ...

ජන අරගලය පාවා දුන්නා ද?

Image
(Read in English:  Was the people's struggle betrayed? ) අපට ලැබී ඇති නවතම තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ ජනවාරි 09දා උදෑසනින් අරලියගහ මන්දිරයට ගොස් මහින්ද සමග ඩීල් එකක් දමාගෙන ඇත.  ඒ ඩීල් එක මෙසේ ය: මහින්දට හා ඔහුගේ හිතවතුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා රනිල්ගේ පාර්ශ්වයෙන් මතු නො කර සිටිනු ලැබේ. එයට හිලව් පිණිස මහින්ද රනිල්ට පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී සහයෝගය ලබා දෙයි.  ඊයේ පැවැත්වුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පුවත්පත් සාකච්ඡාව මෙම ඩීල් එක හෙළිදරව් කරයි. එහිදී තමන් ආණ්ඩුවේ දින සීයේ වැඩපිළිවෙලට උදව් කරන බව විපක්ෂය නිවේදනය කළේ ය. දින සීයේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු බහුතර සහයෝගය අවශ්‍ය ය. එහෙත්, ඒ වෙනුවෙන් මහින්ද ඉල්ලා සිටින මිළ ගෙවිය යුතු ද? එතරම් දැවැන්ත මිළක් නො ගෙවා පාර්ලිමේන්තු බහුතර සහයෝගය කළමනාකරණය කර ගන්නට මෛත්‍රීපාලට, චන්ද්‍රිකාට බැරි ද?  මෙහිදී රනිල් බලාපොරොත්තු වන්නේ දින සීයේ වැඩසටහන හරියට ක්‍රියාත්මක කර මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තු බහුතර බලය ලබා ගන්නට පුළුවන. එහෙත්, එහි තිබෙන ගැටලුව වන්නේ මහින්දට ලබා දෙන ඉන්ටවල් එක තුළ ඔහු බලය තහවුරු කරගෙන නැවත පැම...

ජයලලිතා හා ලංකාවේ දේශපාලකයෝ

Image
වසර 18ක් තිස්සේ ඇදෙමින් තිබුණු දූෂණ නඩුවක ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට බැංගලෝරයේ අධිකරණයක් විසින් මහ ඇමති ධුරය අහිමි කර වසර හතරකට සිර ගෙට නියම කර තිබේ.  1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඇගේ වත්කම්වල සිදු වූ වර්ධනය ඇගේ ඉපයීම්වලට වඩා බෙහෙවින් වැඩි හෙයින් ඇය අයථා ලෙස මුදල් රැස් කරගෙන තිබෙන බව ඔප්පු වී තිබේ.  ජයලලිතාට වූ දෙය ඉන්දීය අගමැති මෝදි පවා බියපත් කරන සිද්ධියකි. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත. ලංකාව වැනි අතිශය දූෂිත පාලකයන් සිටින රටවල අධිකරණයට ඉන්දීය අධිකරණය විසින් දී තිබෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය හා වංචා කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. මෙය ජනතාව දුප්පත් වීමට ප්‍රධාන  ම හේතුවයි. රටක ජනතාව හිතා මතා දුප්පතුන් බවට පත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු ය. ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරානි බංඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් ඔස්සේ බලයෙන් පහ කිරීමට හේතු මේ සංදර්භය ඔස්සේ පහසුවෙන් තේරුම් ගත හැකි ...

රා.ප.න.ක.දූ.ගැ.හො.පො. හෙවත් රාජපක්ෂ පවුලේ නමින් කරන දූෂණ ගැන හොයන පොලිසිය

Image
රාජපක්ෂ පවුලේ නම විකුණමින් කරන ගසා කෑම් ගැන සොයා බලන්නට වෙනම පොලිස් ඒකකයක් පත් කර තිබේ. රාජපක්ෂ පවුලේ ගසා කෑම් ගැන සොයන්නට නම් පොලිස් ඒකකයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ගැන කතා කරලා වැඩක් නැත.  රාජපක්ෂ පවුලේ අයට දෙන්නට යයි කියමින් පගා ඉල්ලන තත්වයක් රටේ නිර්මානය වී තිබෙන්නේ නිකම් නොවේ. රැකියා විරහිත රෝහිත රාජපක්ෂලා එක්ලක්ෂ පනස්දාහේ සපත්තු පළඳින්නේ ද, මේ රටේ යන එනමං නැතිව ඇමරිකාවේ පොඩි පොඩි රස්සාවලට ගිය සහෝදරයින් දැන් ලෝක මට්ටමේ ධන කුවේරයින් වී සිටින්නේ ද අන්න ඒ තත්වය තුළ ය.  හොයනවා නම් හොයා ගනු. අද වන විට රජයේ හා රජයේ ව්‍යවසායන්ගේ රස්සාවක් අලුතින් ගන්නට පමණක් නොව, උසස්වීමක් ගන්නටත් දේශපාලකයන්ට පගා දිය යුුතු ය. ඇතැම් සාන්තුවර ඇමතිවරු පගා ගන්නේ පන්සල් හදන්නට, අරකට-මේකට කියා ය. ඔය තරග විභාග අරවා මේවා දැන් තනිකර ම බොරු ය. රස්සා සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ගෝල බාලයන් පවා කියන්නේ පවුලේ අයට කුට්ටිය දිය යුතු බව ය.  අපි නො දන්න බිස්නස් ක්ෂේත්‍ර යේ තත්වය ඊට එහා ය. පවුලට හා ඇමති ඇම්බැට්ටයන්ට කුට්ටිය නොදී බිස්නස් එකක් කරන්නට බැරි බව ඒවා කරන අය කියති.  සංවර්ධනය නමින් ගිනි ...

ධනවාදී පරිභෝජනවාදී විෂම චක්‍රයේ පල් වලේ එකට නාන වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති හා නව සමසමාජ පක්ෂ නායක

Image
පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියකු යයි කියන්නේ ප්‍රදේශයක ප්‍රභූවරයෙකි. වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එවැන්නෙකි. ඔහුත්, බිරිඳත් දෙදෙනාම කුඩු විකුණා අසු වූහ. නියෝජ්‍ය පොලිස්පතිවරයකු යයි කියන්නේ ඊටත් වඩා ප්‍රභූවරයෙකි. එහෙත්, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනත්, ඔහුගේ පුතාත් එකට කුලියට මිනී මැරූ බවට සැක පිට අත් අඩංගුවේ ය.  මුදල් වෙනුවෙන් මෙවැනි නින්දිත ක්‍රියා සිදු කිරීම අද ඉතා සුලබ තත්වයකි.  කොමිස් ගැසීම, පග‍ා ගැනීම, මහජන මුදල් ගසා කෑම අද දවසේ සාමාන්‍ය සංසිද්ධි බවට පත් වී තිබේ. එවැනි අවස්ථා පාදා ගැනීම පිණිස මිනිස්සු දේශපාලකයන් පසුපස යති. ‍ මහජන මුදල් ගසා කෑමේ මාර්ග පාදා ගත් අය දියුණු හා සාර්ථක මිනිසුන් ලෙස සමාජයේ බුහුමනට පාත්‍ර වෙති.  උපයන මුදලින් මිනිස්සු අසීමිතව පරිභෝජනය කරති. අලුත් අලුත් යාන වාහන මිළ දී ගනිති. නිවෙස් අති සු‍ඛෝපභෝගී කර ගනිති. ලොව වටා ට්‍රිප් යති. දරුවන් අද්‍යාපනය සඳහා පිටරට යවති. දියුණුව, දියුණුව, දියුණුව ගැනම සිතති. අවශ්‍යතාවන් අලුත් වේ. අලුත් අවශ්‍යතාවන් ඉටු කර ගැනීම පිණිස වැඩි වැඩියෙන් මුදල් සෙවිය යුතුය. මුදල් ආගම වී තිබේ. මුදල්, ම...

මේ රටින් පළා නො ගොස් මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේ ද?

Image
දූෂිත පළාත් පාලන සභිකයා සිය අනුග්‍රාහකයා සමග කලින් ගත් ඡායාරූපයක් පසුගිය දිනෙක මා සමග කතා කළ මගේ සිසුවකුගේ පියෙකු ඒ මොහොතේ ඔහු දකිමින් සිටි දෙයක් ගැන කීවේ ය.  බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලක්ෂ 15ක අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ එදින ඇප පිට නිදහස් කර තිබිණි.  ඇප පිට නිදහස් වී පැමිණි මෙම අල්ලස් සැකකරු රථ පෙළපාලියකින් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන නගරය වූ මීගහතැන්නේ වීදි සරමින් සිටි බව ඔහු පැවසුවේ ය. හිතන්න බලන්න තත්වය. තමන් විසින් ම මෙහෙයවනු ලැබූ ආධාරකරුවන් විසින් මල් මාලා දමමින් පිළි ගනු ලබමින්, අත් වනමින්, ආයුබෝවන් කියමින් වීරයකු සේ මෙසේ වීදි සැරුවේ කවුරුද?  අදාළ ප්‍රදේශයේ පරිසරයට හානිකර වූ කිසියම් පස් කැපීමේ ව්‍යාපාරයක් අනුමත කිරීම සඳහා අල්ලසක් ලබා ගත් බවට සැකයට භාජනය වූ පුද්ගලයෙකි. මා සමග කතා කළ මිතුරා කීවේ අප මෙවැනි රටක අපේ දරුවන්ට ‍ලබා දෙන අනාගතය කුමක්ද කියා ය.  මේවා දකින මධ්‍යම පංතික වෘත්තික‍යන් බොහෝ දෙනෙකු සිතන්නේ මේ රටින් බැහැර වෙනත් රටක පදිංචියට යාම ප...

තාත්තා දරුපවුල පිළිස්සීම, ප්‍රශ්න පත්තර ලීක්වීම, ජාතිවාදය, ධනකාමය ..................

Image
ශ්‍රී ලංකාව මේ වනවිට නෙළාගනිමින් සිටින්නේ පසුගිය දශක ගණනාවක් තිස්සේ වපුරනු ලැබූ ජාතිවාදයේ, ධනවාදී පරිභෝජනවාදයේ හා මිථ්‍යාවේ අස්වැන්නයි. දෙමළ බස කතා කරන්නාට එරෙහිව සිංහලයාත්, සිංහල බස කතා කරන්නාට එරෙහිව දෙමළ බස කතා කරන්නාත් උසිගැන්වීම පිණිස සිංහල, දෙමළ දෙජාතියේම නායකයන් විසින් පසුගිය සමයේ ප්‍රවර්ධනය කරනු ලැබූ ජාතිවාදී හා ස්වෝත්තමවාදී අදහස් පද්ධතියේ ඵලයකි, අද රටේ පවත්නා තත්වය. මෙහිම කොටසක් ලෙස සමාජවාදී අදහස් සමාජයෙන් තුරන් කරන ලදී. නැතිනම් ඒවා ජීවිතයට සම්බන්ධ නැති පොතපතේ පමණක් ඇති දේ බවට පත් කරන ලදී. ඒ තත්වයටනම් ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ වාමාංශිකයෝ, බුද්ධිමත්තු, කලාකරුවෝ ආදීහුය. විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිවාදයන් ප්‍රවර්ධනය කිරීම පිණිස බටහිර විද්‍යාවට එරෙහි මතවාදයන් යොදාගැනීම පසුගිය සමයේ විලාසිතාවක් විය. බටහිර විද්‍යාව යනු දාර්ශනික තලයකදී ඉතා පරිස්සමෙන් සංවාදයට භාජනය කළයුතු දෙයකි. එය කළ යුත්තේ සමාජය පසුගාමිත්වය වැළඳගැනීම වැළැක්වීමේ වගකීමකින් යුතුවය. එහෙත් නලින්ද සිල්වා වැනි අය ඒ සඳහා යොදාගත්තේ ජාතිවාදය වැපිරීම පිණිස යොදාගන්නා දිවයින කොලමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සංවාදය ශාස්...

මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඡන්දයකින් පරාජය කළ හැකිද? මෙය සාකච්ඡා කළයුතු ප්‍රශ්නයකි. ඡන්දයකින් ආණ්ඩුව පැරදවිය නොහැකි බව කියන්නන්ගේ යෝජනාව විය යුත්තේ මහජන නැගිටීමකින් හෙවත් විප්ලවයකින් ආණ්ඩුව පෙරළා දැමීම විය යුතුය. කළ යුත්තේ ආණ්ඩුව වෙනස්කිරීම නොව ක්‍රමය වෙනස් කිරීම යයි නැගෙන තර්කයද මෙහි පාර්ශ්වයකි. මෙම තර්කය කිසිත් නොකර සිටින්නට කැමති හා කිසිත් කරගන්නට හැකියාවක් නැති අයට මුවාවීමටද කදිම තර්කයකි. මහජන නැගිටීම් යනු ඇති කළයුතු දේ මිස ඉබේ ඇතිවන දේ නොවේ. ඉබේ ඇතිවුවත්, ඒවා මෙහෙයවන්නන් විසින් ඒවායේ අරමුණ තීරණය කරනු ඇත. මහජන නැගිටීම් ඇති කිරීම හෝ ඇතිවීම හෝ පැත්තකින් තිබියදී අප මෙහිදී සාකච්ඡා කරන්නට යන්නේ වෙනත් කරුණකි. එනම් ඡන්දයකින් ආණ්ඩුව පැරදවීම සඳහා අත්හදා බැලිය හැකි උපායකි.  ආණ්ඩුව ඡන්ද දිනන රහස කුමක්ද යන්න බොහෝ අය තේරුම් ගෙන නැත. සත්‍ය වශයෙන්ම ආණ්ඩුව ඡන්ද දිනන්නේ සිය දූෂණයෙහි හවුල්කාර ජනතාවක් නිර්මානය කරගැනීම ඔස්සේය. ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙන්ම මේ ජනතාවටද තමන්ගේ දූෂණය පවත්වාගෙන යාම අවශ්‍යය. දූෂිත ජනතාව කියන්නේ හොරෙන් වගා වන්දි ගන්නා අය, හොරට සමෘද්ධි ගන්න අය, ආණ්ඩුවට කත් ඇද ටකරං තහ...

ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොවේ (අනාගමිකයකුගේ ධර්මදේශනාව)

Image
පිංවත්නි, සතුන් මෙන්ම මිනිසුන්ද මැරීම හැමදාමත් ලෝකයේ තිබිණි. මිනිසා සර්වභක්ෂක සතෙකු වන බැවින් ඔහු සතුන් මරා කයි. මස් මිනිසාගේ ආහාරයේ ප්‍රධාන ‍කොටසකි. පසුකාලීනව මිනිසා මස් පිණිස සතුන් ඇති කිරීම ආරම්භ කළ අතර අද වන විට එය සතුන් වගාකිරීමක් වැනි දියුණු කර්මාන්තයක් බවට පත් වී තිබේ. මිනිස්සු මස් කන එක තහනම් කරන්නට ලංකාවේ ජාතික හෙළ උරුමයට තබා ඉතිහාසයටවත් බැරිය. සත්ව හිංසනය තහනම් කිරීම කියා දෙයක් කළ නොහැක. පරිණාම ඉනිමගේ ඉහළින් සිටින ලොකු සතුන්ට හිංසා කිරීම අවම කිරීම හොඳය. මන්ද, මිනිසා ඇතැම් සතුන්ට ආදරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් සත්තු මිනිස් ඇසුරේ ජීවත්වෙති. මිනිසුන්ට සේවය කරති. සතුන්ට වුණත් කළගුණ සැලකීම හොඳ දෙයකි. මස් කෑමට මෙන්ම තමන් සංවේදී මිනිසුන් බව පෙන්වීමටද මිනිසුන්ට අයිතියක් තිබේ. ඒ නිසා ගව ඝාතනාගාර මෙන්ම සත්ව මිතුරු සංවිධානද ලෝකයේ ඇත. ආණ්ඩුව මේ දෙකම ලියාපදිංචි කර ලියාපදිංචි ගාස්තු හා බදු ආදිය ලබා ගනියි. ප්‍රදර්ශනාත්මක සත්ව ඝාතන නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මස් කනවානම් කන එක වෙනම දෙයකි. ප්‍රසිද්ධියේ සතුන් බිලි දීම වැනි ක්‍රියා තහනම් කළ යුතුය. ඒවා ශිෂ්ට රටවල නොතිබි...

සාරිය පිච්චියට ගියත් දකුණු පළාතේ බල්ලො හෙළුවෙන්

Image
දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් සිල්වා මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට තිබෙන අරමුදල්වලින් සාරි 16,000ක් බෙදමින් සිටින බව එම පළාත් සභාවේ ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න චෝදනා කරයි.  ප්‍රධාන ඇමතිවරයා කියන්නේ සාරි බෙදන්නේ මව් සෞඛ්‍ය සමාජවල ඉල්ලීමට ය කියා ය.  එක අතකට ඔය වැඩකට නැති බාල ආහාර ද්‍රව්‍ය ටිකකට වඩා සාරිය වටිනවා ය. මන්ද, එය බාල කරන්නට පුළුවන් එක්තරා සීමාවකට පමණක් නිසා ය. අනෙක, සාරියෙන් ගහන්නට පුළුවන් ද ලෝක්කන්ට පමණ ය. සබ්බේ සත්තා ආහාරත්තිථිකා නිසා ආහාරවලින් උඩ සිට පහළට ම ගහනු ලැබේ.   ලොකු ලොක්කන්ගේ බිරියන් බාල සාරි නො අඳින නිසා අඳින්නට කියා ඒවා සොරකම් කරනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ නිසා එය දූෂණය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස සලකන්නට ද පුළුවන.  ඇමතිවරයාගේ පැත්තෙන් බැලූ කල සාරි බෙදනකොට එය පෙනෙන්නේ හරියට ඇමතිගේ අතින් මිටින් දෙන එකක් ය කියා බැවින් එය මනාප පොරයේදී වාසිදායක ය. අනෙක මේ රටේ නිර්මානශීලිත්වය කියන්නේ මෙවැනි අදහස්වලට ය. දැන් ඔය චිත්‍රපටි ගහන සුනිල් ආරියරත්න වැනි කලා රත්නයන් පවා කරන්නේ මෙවැනි ම වැඩ නොවේද?  අනෙක් පැත්තෙන් සාරි 16,000ක් යනු ...

රජය විසින් රජය බුල්ඩොසර් කරමින් තිබේ

Image
මේ ආණ්ඩුව අපූරු ආණ්ඩුවකි. එහි සුපිරි අංශ තිබේ. එම සුපිරි අංශවල සිටින සුපර්මෑන්ලා සුපිරි නො වන අංශවලට සලකන්නේ ඒ අංශවල අය මහජනතාවට සලකන ආකාරයටයි.  හොඳම උදාහරණය කොළඹ කොටුවේ හදන්නට යන (මහින්ද රාජපක්ෂ) නෙළුම් කුළුණට ඉඩ ගැනීම සඳහා පසුගිය 20දා තැපැල් දෙපාර්තමේන්තුවේ දේශීය පාර්සල් අංශය ඉවත් කර ඇති අන්දමයි.  ඉවත් කර ගන්නැයි දැනුම් දී තිබුණත්, ඉවත් කර නො ගත් නිසා රුපියල් කෝටියකට වඩා වටිනා මහජන මුදලින් මිළ දී ගත් තැපැල් සේවා අමාත්‍යංශයට අයත් පරිගණක,කාර්යාල උපකරණ ආදිය සමග ම ගොඩනැඟිල්ල කඩා ඉවත් කර තිබේ. එම භාණ්ඩ භාර නිලධාරීහු ද කිසිත් නො කර නිකම් සිට ඇත.  රජය රජයේ දේපල බුල්ඩෝසර් කරද්දී ඒවා ඉස්සරහට පනින්න කාටවත් අමාරුවක් තියේවියැ.  හැබැයි අපි නම් හිතන්නෙ මේවා දේශපාලනික සංකේතාත්මක ක්‍රියා. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී

Image
නම: ශෙහ්ලා මසූඩ් වයස: අවුරුදු 38? රට:  මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව තනතුර: සමාජ ක්‍රියාකාරිනී, පරිසරවේදිනී, සංවිධායිකා  Madhya  Pradesh chapter of India Against Corruption 2011 අගෝස්තු 16දා මොටෝරිය තුළ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි

Image
මේ තවත් ජවිපෙ වැඩකි. හැඬිය යුතු ද, බඩ අල්ලාගෙන සිනාසිය යුතු ද යන්න තීරණය කළ නො හැක.  හදවතට එකඟව වැඩ කළ හැක්කේ හදවත් ඇති මිනිසුන්ට පමණි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත් ෂේප් කර දෙමු! / Sri Lankans unite! Let us pay the hedging compensation

Image
(2011 ජුලි 24,   W3Lanka )  අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ. දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය. මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි. ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය. මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000) ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000) ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශ...

ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය / Sri Lanka should immediately stop following China

Image
(2011 ජුලි 21,   W3Lanka )  මේ සටහන තබන්නේ ආණ්ඩුව ගැන ඇති වූ බිය නිසා ය. මේ බිය ඇති වූයේ අද දිවයින පුවත්පතේ පළ වූ පුවතක් කියවීමෙනි. ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය. එසේ කළ යුතු යයි අප කියන්නේ අපේ දේශප්‍රේමී නායකයන්ගේ ආරක්ෂාවට ය. එපමණක් නොව චීනය මානව හිමිකම් කඩ කරන, මරණ දඬුනම ක්‍රියාත්මක කරන ජරා රටක් බවට ප්‍රචාරයක් ආගිය කතා ලියන මහින්ද අබේසුන්දර හරහා වහා ආරම්භ කළ යුතු ය. එසේ ම, ලංකාවේ මරණ දඬුවම වහා අහෝසි කළ යුතු ය. මින් ඉදිරියට කිසි ම විනිසුරුවෙකුට මරණ දඬුවම නියම කිරීමේ බලයක් හිමි නො වන පරිදි නීති සංශෝධනය කළ යුතු ය. ඒ ගැන කවුරුවත් අප්සෙට් විය යුතු නැත. අයින් කළ යුතු අය ඉන්නවා නම් අයින් කරන්නට ක්‍රම සහ විධි ඕනෑ තරම් ඇත. ඒවා ගැන ලංකාවේ අපි විශාරද ය. අප බිය පත් කළ පුවත පහත පළ වේ. මෙවැනි බිය ජනක පුවත් ලංකාවේ පුවත්පත්වල පළ කිරීම ද තහනම් කළ යුතු ය. දූෂණ චෝදනා ලැබූ චීනයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබේ. හැංෂු හා සුෂු නගරවල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට මෙසේ මරණ දඬුවම නියම වූයේ එම නගරවල ඉදිකිරීම් ක...

අනුර කුමාර දිසානායක නම් ගවේශනාත්මක පුවත්පත් කලාවේදියා

Image
(2011 ජුලි 02,   W3Lanka )   ලංකාවේ ගවේශනාත්මක පුවත්පත් කලාව අන්තයට ම පිරිහී ඇත. ගවේශනාත්මක පුවත්පත් කලාවේ යෙදුණු මාධ්‍යකරුවන් ඝාතනය, බිය ගැන්වීම, රටින් පිටුවහල් වන තත්වයට පත් කිරීම මෙන් ම වාම නැඹුරුවක් සහිත මාධ්‍යකරුවන් මාධ්‍ය සංවිධාන හිමිකරුවන් බවට පත් වීම හා මතවාද දේශනා කරන්නන් බවට පත් වීම මේ තත්වය ඇති වන්නට හේතු වී යයි අපි අනුමාන කරමු. අද වන විට මාධ්‍ය කලාව යනු ලංකාවේ දක්ෂ තරුණ තරුණියන් ආකර්ශනය කර ගන්නා වෘත්තියක් නො වේ. අද වන විට එයට පිවිසෙන බොහෝ තරුණ තරුණියන්ගේ පවා අරමුණ දේශපාලනය සමග සෙට් වී කෙටි කලකින් රාජ්‍ය මාධ්‍යයක හෝ ඇමති මාධ්‍ය කණ්ඩායමක බලය ඇති බඩ රස්සාවක් සොයා ගැනීමයි. දක්ෂ විකල්ප මාධ්‍යකරුවන් පිරිසක් බිහි කරන්නට ජවිපෙ පවා අසමත් විය. ජවිපෙ ජනමාධ්‍යයන්ගේ සිටි මහා විප්ලවවාදීන් ලෙස පෙනී සිටි අය අද ඉන්නා තැන් ගැන සොයා බැලූ විට බල්ලෝ ද බත් කන එක නවත්වනු ඇත. කෙසේ වෙතත්, ගවේශනාත්මක මාධ්‍යකරුවකුගේ භූමිකාව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් රඟ දක්වන අපූරු අවස්ථාවක් අපට ඊයේ දක්නට ලැබිණි. ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසි...

හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?

Image
(2011 අප්‍රේල් 25,   W3Lanka )   හම්බන්තොට වරායේ පිහිටි දැවැන්ත ගල් පර්වතයක් නිසා එයට නැව් ඇතුල් කළ නො හැකි බව විපක්ෂය පවසයි. ගල ගැන වාද කරන්නට තමන් සූදානම් බව විවාදයක් යනු කටින් හෝ අතින් පයින් ගසා අනෙකා මෙල්ල කිරීම යයි සිතා සිටින ශික්ෂණයේ ගැටලු ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයකු වන රෝහිත අබේගුණවර්ධන පවසයි. පවත්වන්නට නියමිත මේ වාදය පානදුරා වාදය වැනි එකක් වනු ඇද්දැයි අපි නො දනිමු. එයට ඇතැම් විට හම්බන්තොට වාදය හෝ ගලේ වාදය යයි කියා ඉතිහාසයේ සඳහන් වන්නට පුළුවන. ගලේ පැහැරූ බළලාට ඇති ප්‍රශ්නය වන්නේ ඒ අසූචි ගොඩ වසා ගැනීමට වැලි නැති වීමයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ වාර්තාවකට අනුව, වරාය බේසම හා පිවිසුම් මාර්ගය හෑරීමේ අමතර කටයුතු සඳහා චීන කොන්ත්‍රාත්කරු කජු ඇට කොස් ඇට නො වන රු. බිලියන 4.8ක් ඉල්ලා ඇති බව වරාය අධිකාරියේ සභාපති හා මේ වරාය හැදූ විශ්වකර්මයා වන ප්‍රියත් බන්දු වික්‍රම පවසා ඇත. මේ වනාහි මහජන මුදල් ගෙඩි රුපියල් 4,800,000,000කි. නැතිනම් කෝටි 480කි. ගම් 480කට කෝටිය, කෝටිය දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත  නංවන්නට වැය කරන්නට තිබූ මුදලකි. ‍දුප්පතුන්ට ‍රු. ලක්ෂ දහය බැගින් වටින...

ජනාධිපති කාර්යාල‍ය ගැන 'එහෙම වෙන්නෙ ඇයි? I don't know why

Image
(2011 මාර්තු 12,  W3Lanka )  මේ අද දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකින් උපුටා ගත් කොටසකි. "තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයකු රවටා රේගු ගාස්‌තු රහිතව මෝටර් රථයක්‌ ලබාදෙන බව කියමින් රුපියල් 14 ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් පුද්ගලයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචාවට සම්බන්ධව තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයා මෝටර් රථයක්‌ ගෙනැවිත් ඇති අතර එය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් අදාළ මුදල මොහුගෙන් ලබාගෙන ඇත. තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් හඳුනන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවත් පවසා මෝටර්රථය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් රුපියල් දාහතර ලක්‍ෂයක මුදල් ලබාගෙන ඇත." අපි කටකතා පිළිබඳ කිසිවක් දන්නේ නැත. එහෙත්, වරාය වැනි රජයේ ආයතනවල රැකියා දෙන ආකාරය, හොඳ වැටුප් දෙන විදේශ රටවල රැකියා දෙන ආකාරය, ලොකු කොන්ත්‍රාත් සිදු වන ආකාරය හා තවත් බොහෝ දේ ගැන ලංකාවේ අද දවසේ පළමු පවුල හා සම්බන්ධ කටකතා විශාල වශයෙන් පැතිර යයි. එහෙම වෙන්නේ ඇයි? ඒ ප...