ටයි මාරුව හා ගල් බොරළු යට ගොස් මතු වූ ගොමරිතිවල යුගය

නව රජය බලය තහවුරු කර ගනිමින් සිටියි. ඒ අතර දින සියයේ වැඩසටහන ද ඉදිරියට යමින් තිබේ. ඒ අතරතුර මහින්ද රාජපක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද මජර ක්‍රමයේ හොල්මන් ද තවමත් දකින්නට ලැබේ. 

ඒ අතර පළමුවැන්න වන්නේ තනතුරු බෙදා ගැනීමට ඇති පොරයයි. පැවති ආණ්ඩුවේ සිටි කපටි ම නිලධාරීහු ටික දැන් ටයි මාරු කරමින් සිටින්නේ ජනතාව තුළ පිළිකුලක් දනවමිනි. මොවුන් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් උපරිම වරප්‍රසාද භුක්ති විඳි අයයි. ඔවුන් සමග යහපාලනය ඇති කළ හැකිදැයි ඇතැමෙක් අසති. 

මෙහිදී මතු වන ගැටලුව වන්නේ මෙම තනතුරු ලබා දෙන්නේ කාට ද යන්නයි. පසුගිය සමයේ රාජ්‍ය සේවය පිරිහුණු තරමේ හැටියට ගල් බොරළු පතුලට ම කිඳා බැස උඩ මතු වී තිබෙන්නේ ගොමරිති ය. ඒ ගල් බොරළු පතුලට කිඳා බැස්සේ බලාපොරොත්තු සුන් කර ගනිමිනි. ඒ නිසා ගොමරිතිවල යුගය එහෙම ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත. ගොමරිති තව කලක් වැජඹෙනු ඇත. 

දක්ෂයන් මතු වන්නට මේ ගොමරිති බරපතල බාධාවකි. ඔවුන් දක්ෂයන්ට ඉදිරියට ඒමට ඉඩ දෙන්නේ නැත. ඉතින් අපි මෙම තත්වය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? මෙහිදී මේ ගොමරිතිවලට තවත් අවස්ථාවක් දෙන්නට සිදු වීම වැළැක්විය නො හැකි ය. විශේෂයෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙම තත්වය දැකිය හැකි ය. ජාතික රූපවාහිනියේ සභාපති තනතුරට පත් කෙරුණු සෝමරත්න දිසානායක එක් නිදසුනක් පමණි. 

යහපාලනය සටන් පාඨයක් ලෙස ඉදිරියට පැමිණි මුත්, අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් ද දන්නේ පරණ තාලය ම පමණි. බලය ලැබුණු සැණින් ඔවුන් කරන පත්වීම් හා ඔවුන්ගේ ජීවිතයේ සිදු වන වෙනස්කම් විසින් ඔවුන්ගේ යථාර්ථය නිරූපණය වනු ඇත. 

එහෙත්, ඔවුන් පත් වී ඇත්තේ දින 100ක වැඩසටහනක් වෙනුවෙන් පමණක් වීම ඔවුන් යහපාලන දිශානතිය වෙත යොමු කිරීමට ඉවහල් කර ගත හැකි ය. එහිදී ජනමාධ්‍යවලට සුවිශේෂ වගකීමක් පැවරේ. ජනතාව රටේ සිදු වන දේ ගැන අවධියෙන් සිටිය යුතු ය. ජනමාධ්‍ය වගකීමෙන් යුතුව විවේචනය කළ යුතු ය. 

පත් වී ඇති ඇමතිවරුන් හා ඔවුන් යටතේ සිටින නිලධාරීන්ගේ කාර්යදර්ශනය මත මේ ඇමතිවරුන් දිගට ම සිටිය යුතු ද, නැතිනම් යා යුතු ද යන්න ගැන තීරණයක් ගන්නට අවස්ථාව එළඹෙන මැතිවරණයේදී ජනතාවට තිබේ.

සිදු වී තිබෙන්නේ ධනවාදයේ අර්බුදය පුපුරා ගොස් එහි ස්වරූපයේ වෙනසක් මිස සමාජවාදී විප්ලවයක් නොවන බව මතක තබාගෙන කටයුතු කළ යුතු ය. 

ජන අරගලය දිය වන්නට ඉඩ නො දිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සම හරක් හිතං ඉන්නේ දවසෙන් දෙකෙන් ඈස් චර්යය උදා කරයි කියල වෙන්න ඇති. ජනතාවට හිතකර තීන්දු ගනිද්දී දේශපාලනික වශයෙන් සමහර වෙලාවට තාවකාලිකව ඔය වගේ වැඩ කරන්න වෙනවා. මේ හරක්ට ඕව තේරෙනවද ?

    ReplyDelete
    Replies
    1. සම හරක් හිතාගෙන ඉන්නේ ජනමාධ්‍ය හා ජනතාවත් කරන්න ඕනැ දේශපාලකයන් කරන සියලු ‍දේ හරි ය කියලා කියන එක ය කියලායි. මේ හරක්ට ඕව තේරෙනවද ?

      Delete
    2. සම හරක් හිතාගෙන ඉන්නේ අරුන් කලාම කචල් අපි කලාට අවුලක් නෑ කියලා. එහෙම සම හරක්ට නම් මේ ගොන් තකතීරූ වැඩ අවුල් නෑ වගේ පේනවා ඇති. අරෙහෙ මහින්ද මෙගා ෆෝන් එකක් කරේ එල්ලගෙන රට ගිනි තියනවා. මෙයා මෙහේ නානවා එකසිය ගානට. කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි. ලක්ෂ හතරක් අඩුවෙන් ලේ මාපිලුත් උන්නා කියලා.

      සම හරක්ට නොපෙනුනාට. මට නම් මේ ආන්ඩුවේ එක ප්ලස් පොයින්ට් එකක් තාම පෙනුනේ නම් නෑ.

      Delete
    3. සම හරක් හිතං ඉන්නේ බ්ලොග් මහාචාර්ය වෙලා ගොන්නු ටිකක් වටකරගෙන බයිලා ගහගෙන ඉන්නව වගේ ලේසියෙන් දේශපාලනේ කරන්න පුළුවන් කියල

      Delete
    4. මෙහෙම දේශපාළණයක් නම් අපේ අක්කගේ දුවගේ මොන්ටිසෝරී යන පොඩි එකත් කරයි. මොකෝ ඌත් උගේ යාළුවන්ට මාර ආදරෙයි.. ඕන එකෙක් එක්ක කතා බහ කරනවා.. හිනා වෙනවා.. මලක් වගේ..

      Delete
    5. හුකෑස්.........බුහාආආ..........මේ දවස්වල පට්ට ආතල් ඕයි, හිනා වෙලා ඉලත් රිගෙනවා .ධනවාදයේ අර්බුද සනීප කරන්න ''ජන අරගල'' කරන පුකේ වම්මු.'' අරගලේට'' කෙලඋනාම අපහු සමාජවාදය මතක් වෙන ඒකාල. මුන්ගේ බ්ලොග් පඩංගු වල කොමෙන්ට් කොටන අපි ..........හුකෑස්.........බුහාආආ..........

      Delete
    6. ආ පැරා ... ඔන්න එකපාරට ඩොක් ගාල ඔහේගේ යහපාලන මය්ත්‍රී උන්නැහේ කුඩු , එතනෝල් , ගණිකා , ඩිල් , කැසිනෝ යන පංච මහා දුෂ්ට බලවේගය නියෝජනය කරපු හොර රැළේ නායක හොරා උනා.

      මේ ඇතිවී තිබෙන තත්වය මාක්ස් ලෙනින් ට්‍රොස්කි දර්ශනයෙන් ඔප් නැංවුන සමාජවාදී රාමුවක් තුල පිඩිත පංතියේ නොනවතින පන්ති අරගලයේ දෘෂ්ටි කෝණයෙන් ව්‍යුහාත්මකව විග්‍රහ කරන්නේ කොහොමද ? :v

      Delete
    7. මේකෙන් පැහැදිලි වන්නේ ධනවාදයේ නිරුවත සහ එහි සන්ධර්භිය අරමුණු පොදු සමාජ ප්‍රගමනයේ උන්නතියට ප්‍රතිගාමිව යන ආකාරය. එමන්ම පීඩිත පංති අරගලයෙන් බැහැරව නිර්ධන නායකයන් ලෙස කටයුතු කල අප හට පටු ආර්ථික අරමුණු උදෙසා ධනපති ආණ්ඩු බලයට ගෙනයාමට දැක්වූ සහයෝගයෙන් ඇල්ටෝ එක විකුණා ප්‍රයස් එකක් ගැනීමට තරම්වත් මුදලක් එකතුකර ගැනීමට හැකියාවක් නොලැබීම තුල පිඩිත පන්තිය ධනවාදයේ රැවටීමට ලක්වීමත් ගැඹුරින් පෙන්නුම් කරනවා. අප අපගේ පංති සටන ඉදිරියටම ගෙනයාමට මෙය පන්නරයක් කර ගන්නවා.
      ස්තුතියි
      - පැරා

      Delete
  2. We have strong evidence against the three bloggers below for receiving funds from the previous regime to promote Mahinda Rajapakse on the blogosphere in the recently held Presidential Elections. In addition to doing so through their own blogs and Facebook profiles, they have created and worked through fake accounts, commented in others blogs anonymously in order to discourage them and in some cases even threatened social media activists. They have also harassed many Facebook users. We plan to present all evidence we have to the authorities in due course.

    1. Rasika Nanayakkara
    2. Abheetha Edirisinghe
    3. Chathushka Thushara Kumara

    ReplyDelete
  3. දේශපාළකයින් මොන දහම් ගැට දැම්මත්, අවසානයේදී බෙදන හැන්ද තියෙන්නෙ ඡන්දදායකයා අතේ බව උතුරු පළාත් සභා ඡන්දයේදී බුද්ධිමත් ඡන්දදායකයින් පෙන්වා දුන් අතර එම රැල්ල ඌව පළාත් සභා මැතිවරණය හරහා ජනාධිපතිවරණය දක්වා පැතිර ඒම තුළින් අපට යම් ප්‍රමාණයක ශුභවාදී බලාපොරොත්තුවක් ඇතිකරගත හැක. දින සියයේ වැඩ සටහනට පසුවද, එළෙසින්ම බුද්ධිමත් අයුරින් සිය ඡන්දය යොදා ගැනීමට ඡන්ද දායකයා අධිෂ්ඨාන කරගන්නේ නම්........

    ReplyDelete
  4. ලොරි කොමෙන්ට් මකන්නේ ඇයි.... ලොරිය අවුරුදු දෙකේ බද්දට ගත්තේ පැරාද?

    ReplyDelete
  5. National Advisory Council will be the most important institute. JVP will take part and Rathana thero as well.. This institute is above the cabinet. Why we worry so much about Somaratne's appointment other little things. Latest development - MS has agreed to meet MR and negotiate. As you see things are going on well. We, Sri Lankans just don't not use to this culture. I'm not surprised if MR get a suitable post just like Fonseka. We need reconciliation not only between Sinhalese and Tamils but UNP and SLFP as well.

    ReplyDelete
    Replies
    1. "ජාතික විධායක සභාව" මොන මගුලක්ද මහත්තයෝ මේ, මේක අර මන්ඥං වෙලා ඊටත් පස්සේ අන්දෝස් වෙච්ච ජේවීපී එකේ පදිරි යෝජනවාක් නේද ?මොකක්ද මේකෙන් කරන්නේ ඇමතිලා වැඩේ හරියට කොරනවා ද කියල බලනවද? එතකොට ජනාධිපති, අගමැති ඉන්නේ බම්බු ගහන්නද හිටං ? අපරාදෙනේ උන්දලට දෙන සල්ලි ඒවා අයියෝ සල්ලි වෙනවනේ. අපි නිකමට හිතමු ප්‍රයිවෙට් කැම්පස් එකක් දාන්න උසස් අද්‍යාපන ඇමති තීරණය කරනවා දැන් මොකද්ද විධායක මෙව්වා එකේ තීරණේ? ජෙප්පන්ට මිනිස්සු අන්දන්න ඕනනම් වෙන මකක් හරි ජවුසමක් පටන් ගත්තොත් හොදයි නේද ?

      Delete
    2. ජාතික විධායක සභාවෙන් කරන්නෙ ඇමතිගෙ අත බය බැදලා දානවා. වැඩක් කරන්න පුලුවන් එකෙක් ආවත් වැඩක් කරගන්න බැරි වෙනවා. ඔහොම ගිහින් රට ඔහෙ පාවී පාවී තියෙද්දී ජෙප්පො කියනවා ධනවාදයෙ අවුල සමාජවාදයට යන්න ඔනෙ කියලා. ඔන්න ඕකයි අනුර පස්සෙ සිටින නිර්මාල්ගෙ ටිකිරි මොලෙ. රනිල් මෙකට අවු උනොත් ඉවරයි. බලමු මමනම් හිතන්නෙ රනිල් අනුරට පාරද නොවෙනු ඇත.

      Delete
    3. //ජෙප්පො කියනවා ධනවාදයෙ අවුල සමාජවාදයට යන්න ඔනෙ කියලා//

      ජෙප්පෝ ධනවාදය ගැන කතා කරනවා හප්පේ අහන්නත් ආසයි... මටනම් පෙන්නේ උන්දලා කුණු ගොඩවල් වලට දාපු ෆයිල් වල මොනවාද තියෙන්නේ කියල අවුසනව කියලයි!!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒකගයි පැරා................

      මේ වෙන දේවල් සීයට සීයක් අනුමත කරන්න බැහැ... අපි බලමු මොනවද වෙන්නේ කියලා. මහින්දගේ වැරදි වලදී අපි කතා කරා වගේ ම දැනුත් කතා කරමු... මොකද අපි මෙයාලව ගෙනාවේ වැරදි කරන්න නෙමෙයි නිසා..... අපි ඒකගව හිටියා වගේම තමයි විරුද්ධ වෙන්න ඔ්න තැනදි විරුද්ධ වෙමු................... ඔය සෝමරත්නයා තමයි මේ අාණ්ඩුවේ පළමු විගඩම........... දැන් උෟ රාජ්‍ය මාධ්‍යය මධ්‍යස්ථ කොරලා... නිර්දේශපාලනීකරණය කරලා.... ගොහිං බලහංකෝ........

      Delete
  7. පැරා,
    යහ පාලන රජයේ ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පත් කලාට තවමත් ඒ ඒ ඇමතිවරයාගේ විශය පථය සහ ඒ ඒ ඇමති වරයාගේ පාලනයට අයත් වන රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මොනවාද යන්න නියම කරන අති විශේෂ ගැසට් පත්‍රය පල තවම කරලා නැති නිසා ඒ අයට පිළිගැනීම් උත්සව සහ රුප පෙට්ටියේ පෙනී සිට මොනවා හරි කීම හැර වෙන කරන්න දෙයක් නැහැ.
    මේ අති විශේෂ ගැසට් පත්‍රය සොයා ගැනීමට මා දින දෙක තුනක් අන්තර් ජාලයේ සැරිසැරුවේ මා උනන්දුවක් දැක්වෙන ක්‍රීඩා,සමුපකාර, වෙළඳ ආදී විශය පථයන් අයත් ඇමතිවරයා සහ අමාත්‍යංශය දැන ගැනීමටය. එය සොයා ගත් නොහැකිවීමෙන් මා සිතුවේ මගේ පරිගණක දැනීමේ අඩුවක් නිසා එය සිදුවූ බවය.(මා ස්වෝත්සාහයෙන් පරිගණක තාක්ෂනය ඉගෙන ගනිමින් සිටින්නේක්මි)
    නමුත් අද මා දන ගත්තේ පසුගිය රජයේ (මහින්ද රාජපක්ෂ රජයේ) ඇමතිවරුන් 60 ගණනක් සිටි බැවින් ඒ අය දරන ලද අමාත්‍යංශ නව ඇමති මණ්ඩලයට පංගු කිරීමේ ගැටලුවක්වී ඇති බවය. නව රජයේ (යහපාලන රජයේ ) ඇමතිවරු ගණන 38 ද 40ද හෝ ඊට වඩා වැඩිද යන්න මා නොදනිතත් එය ඔබ දන්නා ඇතයි සිතමි.එබැවින් මේ පංගු කිරීම කරන බලධාරීන්ට ඕබත් එකතුවී( ඔබේ දැනුම භාවිතා කර) පරිගණකය අධාරයෙන් මේ පංගු කිරීමට දායකවී අමෙ ඇති විශේෂ ගැසට් නිවේදනය ඉක්මන් කිරීමට උදව් වන ලෙස ඉල්ලමි. ඕනෑ නම් සපෝට් ඒකට මාතලන්ද ගත්තාට ගැටලුවක් නැත.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ආදරනීය සරමසේකර මහතා වෙත ලියමි.

      60 ගනනක් ඉන්න කොට කිසි අවුලක් තිබුනේ නැතයි සිතමි. අපට නම් 27 ද අවුලක්ව පවතී. ඔබගේ සමීක්ෂණය දිගටම කරගෙන යන්න. විෂයයන් පිළිබඳව මා අපේ පොඩි එකාගෙන් අසාගෙන ඔබට දන්වන්නම්. තවම පාසල් වාරය පටන් ගත්තද, රජා එලවීමේ මෙහෙයුම හා පාප වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා ටයිම් ටේබල් එක ලැබී නැත. එය ලැබුන විගස ඔබ හට දැන ගැනීම සඳහා, රජයේ මුද්‍රණ නීතී ගත් සංස්ථාව වෙත ලැබීමට සලස්වා. ගැසට් කර, කැසට් පටයකට කවා, ඔබ වෙත ලැබෙන්නට සලවන්නට පොරොන්දු වෙමි. මේ පිළිබඳ ඔබගේ උනන්දුව ගැන අප ඉතා චිත්තප්පිරිතියට පතව ඇත්තෙමු.

      මීට හිතවත් මාතලන්

      පිටපත් - පැරා හා සිරා

      Delete
    2. Maatha ta Gal bothalayak diyan ooka karawa ganna.

      Delete
    3. ආදරනීය මාතලන් අයියේ,

      සමන් මලෙන් පවන් සැලේ!

      අයියට ගාන පොඩ්ඩක් වැරදිලා වගේ නේද ඕක 27 නෙමෙයි 37 වෙන්න ඕන නේද ? ඊට අමතරව තව නි.ඇමති සෙට් එකකුත් ඉන්නවා නේද?

      මේ අයත් දාල ගාන හදා ගන්න එතකොට අයියටනේ හොද නේද අයියේ?

      //එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ//

      //වසන්ත අළුවිහාරේ හා එච්.එම්. අබ්දුල් හලීම් යන මන්ත‍්‍රීවරුන්ට කැබිනට් ඇමති ධුර හා මන්ත‍්‍රී රන්ජන් රාමනායකට නියෝජ්‍ය ඇමති ධුරයක් එසේ පිරිනමනු ඇතැයිද ආරංචි මාර්ග වාර්තා කරයි.//

      පිටපත් - පැරා හා සිරා

      ප.ලි
      අයියනම් ගොඩ කියල ආරන්චියි, සිරිකොතෙන් අපිටත් බැරිද අයියා සප් එකක් ගන්න?

      Delete
    4. පිච්චු කෙලින්න එපා මල්ලි.. ඔයාලා කෑවා නේ ඉස්මුරුත්තා වෙන්න. ඕන නම් අර මහින්ද අමන වීරට දෙන්න තියෙන වටලප්පමක් තියෙනවා , ඕනම නම් වරෙන් වරෙන් අර රජගෙදර රිලවගේ දත් දොස්තරයයි රාවණාගෙ බලු කායයි සෙට් එකත් එක්ක සිරිකොත ඉස්සරහට. දෙන්නං බඩ පිරෙන්නම.

      Delete
    5. මාතලන්ලාට ලොකු රටට වඩා පක්ශය. රනිල් සීම මායිම් ඇදලා ප්‍රබාකරන් එක්ක ගිවිසුම් ගහපු වෙලාවෙවත් යහපාලනය මත නොවුන මාතලන්ලා මෙ රට සහ සන්ධීය කරොත් කොහොමටවත් විරුද්ද වෙන්නෙ නෑ. ඉපදුන රටට බර මිනිස්සු. මෙ වගෙ එවුන් වෙනුවෙන්ද දෙවියනෙ හමුදාවෙ කොල්ලො වෙඩි කාගෙන ඉස්සරහට ගියෙ?

      Delete
    6. රටර බරක් නෙමෙයි, හෙනයක් වෙලා තියෙන්නේ ප්‍රභාකරන් වගෙම තෙපි වන් ලේ මාපිලුන්ගෙනි. ඌ උතුරේය, තෙපි දකුණේය.

      Delete
  8. https://www.facebook.com/profile.php?id=100008619574894

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා