ඒකාධිපතිවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය කරා - විමුක්තිය සඳහා සංකල්පමය රාමුවක්


(ජනාධිපතිවරණයෙන් අප ලද ජය සාමකාමීව භුක්ති විඳිමු. නොමග ගොස් මහින්දට ඡන්දය දුන් අපේ අසල්වැසියන්ට මෛත්‍රී කරමු. සොරුන් හා අපරාධකරුවන් අල්ලා පුනරුත්ථාපනය කිරීම අලුත් ආණ්ඩුවට පවරමු.)

 පහත සඳහන් වන්නේ ‘ඒකාධිපතිවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය කරා - විමුක්තිය සඳහා සංකල්පමය රාමුවක්’ යන ජින් ෂාප් විසින් 1993දී රචිත ලෝක ප්‍රකට නිබන්ධනයේ අවසන් පරිච්ඡේදයේ පරිවර්තනයකි. ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු වන ඔහු ඇල්බට් අයින්ස්ටයින් ආයතනයේ නිර්මාතෘවරයා ය. තුන්වරක් ම නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූවන් අතර සිටි පුද්ගලයකු වූ ඔහු ලොව පුරා අහිංසාවාදී විරෝධතා පිළිබඳ හැදෑරුවෙකි.

ලොව පුරා භාෂා රැසකට පරිවර්තනය වී තිබෙන මෙම නිබන්ධනය අරාබි වසන්තයේදී අත්පොතක් සේ ජනප්‍රිය විය.

කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් බිම සැකසීම


ජීන් ෂාප්
ඒකාධිපති පාලනයක් බිඳ දැමීම ප්‍රීති උත්සව පවත්වන්නට කාරණයකි. කාලාන්තරයක් ති‍ස්සේ අරගල කළ ජනතාවට සතුටු වන්නට, විවේක ගන්නට, පිළි ගැනීමට ලක් වන්නට, ආඩම්බර වන්නට කාලයක් අවශ්‍ය ය. එහෙත්, මේ කාලයේදී පවා අවදියෙන් සිටීම වැදගත් ය. මන්ද, මේ අවුල තුළින් මර්දනකාරී පාලනයක් නැවත මතු විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙත සංක්‍රමණය වීම සඳහා සැලැස්මක් සහිතව ඉදිරිපත් විය යුතු ය. ඒකාධිපති ව්‍යූහයන් මුලිනුපුටා දැමිය යුතු ය. කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම හා නීතිමය පදනම් ගොඩනැගිය යුතු ය.

ඒකාධිපතිවාදයේ බිඳ වැටීමත් සමගම පරමාදර්ශී සමාජයක් ඉක්මණින් ම බිහි වනු ඇතැයි කිසිවෙක් නො සිතිය යුතු ය. ඒකාධිපති පාලනය බිඳ දැමීමෙන් ඇති වන නිදහස මැද මානව අවශ්‍යතා සපිරෙන පරිදි සමාජය සංවර්ධනය කිරීමේ දිගු කාලීන ප්‍රයත්නයක් සඳහා අවශ්‍ය ආරම්භය ගත හැකි ය. බරපතල දේශපාලනික, ආර්ථික හා සමාජ ප්‍රශ්න වසර ගණනාවක් පවතිනු ඇත. අලුත් දේශපාලන ක්‍රමය විසින් විවිධ ජනතාවන්ට අනාගත ප්‍රශ්න හා සම්බන්ධ සාධනීය කටයුතුවල හා ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාමාර්ගවල නි‍යැලෙන්නට අවස්ථාව ලබා දිය යුතු ය.

අලුත් ආඥාදායකත්වයක අනතුර

‘කෲරත්වය වෙනස් වී කෲරත්වය ම ඇති විය හැකි ය.’ යි ඇරිස්ටෝටල් ඈත අතීතයේදී පැවසී ය. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් තිබේ. (ප්‍රංශයේ ජේකොබින්වරු හා නැපෝලියන්ගේ සිට ඉරානයේ අයතුල්ලා හරහා මෑත කාලීනව ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය දක්වා - පරිවර්තකගේ සටහනකි.) මර්දනකාරී පාලනයේ බිඳවැටීම ඇතැම් පුද්ගලයන් හා කණ්ඩායම් විසින් සිය බලය තහවුරු කිරීම සඳහා යොදා ගන්නට ඉඩ තිබේ. ඔවුන්ගේ අරමුණු වෙනස් වුව ද ප්‍රතිඵලය එක ම ය. අලුත් ආඥාදායකත්වය වඩා කෲර වන්නට හා වඩා ඒකාධිපති වන්නට ඉඩ තිබේ.

මහජන නැගිටීමක ජයග්‍රහණය වැළැක්වීම සඳහා බිඳ වැටෙමින් තිබෙන ඒකාධිපති පාලනය කුමන්ත්‍රණ කළ හැකි ය. ඒකාධිපති පාලනය පලවා හැරි බවක් පෙන්වමින් පැරණි පාලනයේ ම නව ස්වරූපයක් ස්ථාපිත කරන්නට ඉඩ තිබේ.

කුමන්ත්‍රණ වැළැක්වීම

අලුතින් නිදහස් කර ගන්නා ලද සමාජයන්ට එරෙහි කුමන්ත්‍රණ පැරදවිය හැකි ක්‍රම ඇත. ආරක්ෂක ධාරිතාව පිළිබඳ කල් තබා දැනගෙන සිටීමෙන් හා සූදානම්ව සිටීමෙන් ක්‍රමන්ත්‍රණ පැරදවිය හැකි ය.

කුමන්ත්‍රණකරුවන්ගේ පළමු උත්සාහය වන්නේ ඔවුන්ට පිළිගැනීම ලබාගැනීම හා පාලන හිමිකම යුක්තියුක්ත කරගැනීමයි. එබැවින් කුමන්ත්‍රණ පැරදවීමේ පළමු මූලධර්මය වන්නේ කුමන්ත්‍රණකරුවන්ගේ යුක්තියුක්තභාවය හෙළා දැකීමයි.
පුරවැසි නායකයන් සහාය දැක්වීම, අවුල් මානසිකත්වයකට තල්ලු වීම හා නිහඬව සිටීම කුමන්ත්‍රණකරුවන්ට උපකාරයකි. සමාජය මත සිය ආධිපත්‍යය තහවුරු කරගන්නට කුමන්ත්‍රණකරුවන්ට විශේෂඥයන්ගේ, උපදේශකයන්ගේ, නිලධාරීන්ගේ, සිවිල් සේවකයන්ගේ හා විනිශ්චයකාරවරුන්ගේ සහයෝගය අවශ්‍ය වේ. දේශපාලකයන්, ආයතන, ආර්ථිකය, පොලිසිය හා හමුදා ආදී විවිධ කොටස් කුමන්ත්‍රණකරුවන් විසින් අලුත් කරන ලද ප්‍රතිපත්ති හා පිළිවෙල සමග නිෂ්ක්‍රීය ලෙස අනුගත වීම කුමන්ත්‍රණකරුවන්ට හොඳ උදව්වකි.

කුමන්ත්‍රණ විරෝධී දෙවන මූලධර්මය වන්නේ කුමන්ත්‍රණකරුවන්ට සහ‍යෝගය නො දීම හා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමයි. ඔවුන් ඉල්ලා සිටින සහයෝගය ලබා නො දිය යුතු ය. ඒකාධිපතියාට එරෙහිව කළ අරගලය ම අලුත් තර්ජනයට එරෙහිව ද නො පමාව ක්‍රියාත්මක කළ යුතු ය. යුක්තියුක්තභාවය හා සහයෝගය නැති වුවහොත් කුමන්ත්‍රණය දේශපාලන සාගින්නකට ලක් වී මිය යනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමේ අවස්ථාව යළි ලබා ගත හැකි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීම

නව ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අවශ්‍ය රාමුව සකසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. එමගින් රජයේ අරමුණු ලේඛනගත විය යුතු අතර රජයේ බලතල සීමා නිර්ණය කළ යුතු ය. මැතිවරණ පැවැත්විය යුතු කාල සීමාවන්, ජනතාවගේ හිමිකම්, ආණ්ඩුව සහ පහළ මට්ටමේ පාලන ව්‍යූහයන් සමග සම්බන්ධය ආදිය විග්‍රහ විය යුතු ය.

මධ්‍යම රජය ප්‍රජාතන්ත්‍රවාදී වන්නට නම් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර වෙනස්කම් පැහැදිලිව සලකුණු විය යුතු ය. පොලිස්, රහස් ඔත්තු සේවා හා හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැහැදිලි සීමා සලකුණු විය යුතු ය. නීත්‍යානුකූල දේශපාලන කටයුතුවලට ඒවායේ අතපෙවීම් තහනම් කළ යුතු ය.

ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් ස්ථාපිත කිරීමේදී හා මතු විය හැකි ඒකාධිපති ප්‍රවණතා පාලනය කිරීමේදී බලය බෙදා ගැනීම ඉතා වැදගත් ය. (මෙහි ඇති සවිස්තර කොටස් ලංකාව සම්බන්ධයෙන් මේ මොහොතේ මතභේදාත්මක විය හැකි නිසා පරිවර්තනය කර නැත. මුල් ලේඛනය බලන්න - පරිවර්තක)

කලින් පැවති ව්‍යවස්ථාවේ මෙම ලක්ෂණ අඩංගු වී තිබුණේ නම් දැන් කළ යුතුව තිබෙන්නේ ඒවා අවශ්‍ය සංශෝධන සහිතව නැවත ක්‍රියාත්මක තත්වයට පත් කිරීමයි. යෝග්‍ය පැරණි ව්‍යවස්ථාවක් නැත්නම් අන්තර් කාලීන ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීම අවශ්‍ය ය. අනතුරුව අලුත් ව්‍යවස්ථාවක් සකසා ගත යුතු ය. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇත. ඒ සඳහා පුළුල් මහජන සහභාගිත්වයක් අවශ්‍ය ය. පසුව කළ නො හැකි බව ඔප්පු වන හෝ කිරීමට දැඩි ලෙස මධ්‍යගත ආණ්ඩුවක් අවශ්‍ය වන ආකාරයේ හෝ පොරොන්දු නො දීමට පරිස්සම් විය යුතු ය. මන්ද, ඒවා හේතුවෙන් අලුත් ආඥාදායකත්වයන් බිහි විය හැකි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචන බහුතර ජනයාට පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතු ය. එය නීති විශාරදයන්ට පමණක් තේරුම් ගත හැකි ආකාරයෙන් සංකීර්ණ නො විය යුතු ය.

ප්‍රජාතාන්ත්‍රික ආරක්ෂක ප්‍රතිපත්තියක්

ඒකාධිපති පාලනයකින් නිදහස් කර ගත් රාජ්‍යයකට ආරක්ෂක බලය යෙදීමට අවශ්‍ය වන විදේශ තර්ජන ඇති විය හැකි ය. ආර්ථික, දේශපාලනික හෝ මිලිටරි ආධිපත්‍යය වෙනුවෙන් විදේශ තර්ජන ඇති වන්නට ද පුළුවන.

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම සඳහා දේශපාලන විරෝධයේ මූලික ප්‍රතිපත්ති ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා වෙනුවෙන් යෙදීම ගැන බැරෑරුම්ව කල්පනා කළ යුතු ය. ජනතාව සතුව තිබෙන ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව යොදා ගැනීමෙන් අලුතින් නිදහස් කර ගන්නා ලද රාජ්‍යයකට ප්‍රබල යුදමය ශක්තියක් යොදා ගැනීමේ අවශ්‍යතාව මගහරවා ගන්නට පුළුවන. එමගින් වෙනත් අරමුණු වෙනුවෙන් යොදා ගත හැකි ආර්ථික මූලාශ්‍ර නාස්ති වීම වළක්වා ගන්නට පුළුවන.

‍අලුති ආඥාදායකයන් වන්නට අරඅඳින කණ්ඩායම් සියලු ව්‍යවස්ථාමය විධිවිධාන නො සලකා හරින්නට ඉඩ තිබේ. එබැවින්, ආඥාදායකයන් ලෙස මතු විය හැකි එවැනි බලවේගවලට එරෙහිව ද ජනතාව විරෝධය දැක්විය යුතු අතර සහයෝගය නො දිය යුතු ය.

සුදුස්සාට සුදුසු වගකීම්

අහිංසාවාදී අරගලයක ප්‍රතිඵලය විය යුත්තේ ඒකාධිපතියන් දුබල කිරීම හා ඉවත් කිරීම පමණක් නො වේ. පීඩිතයන් බල ගැන්වීම ද සිදු විය යුතු ය. මෙමගින් කලින් වින්දිතයන් වී සිටි ජනතාවන්ට ඔවුන්ගේ ම ප්‍රයත්නයන් තුළින් වැඩි නිදහසක් හා යුක්තියක් දිනා ගත හැකි ය. මෙම අරගල අත්දැකීමෙහි වැදගත් මානසික ප්‍රතිඵල තිබේ. එමගින් ඔවුන් තුළ ස්වයං අභිමානය හා ආත්ම විශ්වාසය වර්ධනය වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා වූ අහිංසාවාදී අරගලයක දිගු කාලීන වාසියක් වන්නේ සමාජය පවතින හා අනාගත ප්‍රශ්න සම්බන්ධයෙන් වඩා සවිඥානික වීමයි. ඒ ප්‍රශ්න අතරට අනාගත ආණ්ඩුවක් විසින් දූෂණයේ, ආර්ථික අසාධාරණකමේ, කිසියම් සමාජ කණ්ඩායමකට වෙනස් අන්දමින් සැලකීමේ හා දේශපාලන ක්‍රමයේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ සීමා කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඇති ඉඩ අයත් වේ. දේශපාලන විරෝධයෙහි අත්දැකීම් ලැබූ ජනතාවක් අනාගත ඒකාධිපතිවාදයකට ඉඩ දෙන්නට කැමති නැත.

නිදහස ලබා ගැනීමෙන් පසුව, අහිංසාවාදී අරගලයකට ඇති හුරුපුරුදුකම නිසා ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, සුළුතර හිමිකම් හා ප්‍රාදේශීය, රාජ්‍ය, පළාත් පාලන හා රාජ්‍ය නොවන සංවිධානවල පරමාධිපත්‍යය ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් දැවැන්ත සාමකාමී විරෝධයක් දැක්වීමේ හැකියාව ජනතාවට තිබේ. එවැනි ප්‍රශ්නවලදී විරුද්ධ පාක්ෂික කණ්ඩායම් ඇතැම් විට ත්‍රස්තවාදයට හෝ ගරිල්ලා යුද්ධවලට යොමු වී තිබෙන්නට පුළුවන.

දේශපාලන විරෝධතා හා අහිංසාවාදී අරගල සම්බන්ධයෙන් මෙම අධ්‍යයනයේ ඇති අදහස්වල අරමුණ වන්නේ ඒකාධිපති පාලනයක් පෙරළා දමා මානව නිදහසට හා සමාජ සංවර්ධනය සඳහා මහජන ක්‍රියාමාර්ගවලට දිරි දෙන කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීම අරමුණු කරන සියලු පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට උපකාර විමයි.
මෙහි ප්‍රධාන නිගමන තුනක් තිබේ.

• ඒකාධිපතිවාදයෙන් නිදහස් වන්නට පුළුවන.
• ඒ සඳහා ඉතා කල්පනාකාරී උපායික සැලසුම් අවශ්‍ය ය.
• නිරන්තර අවධානය, මහන්සි වී වැඩ කිරීම හා විනයගරුක අරගල අත්‍යවශ්‍ය ය. ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වන මිළ බොහෝ විට අධික විය හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Agreed.
    If Vigilance is not there some one or group will rob the victory from masses, that has happned in Middle East and else where in the world.

    ReplyDelete
  2. Replies
    1. මෝඩ චුංJanuary 9, 2015 at 3:57 AM

      මහින්දගෙ පරාජයේදි දිවිනසාගන්නා බව කියන ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර සහ ජ්‍යොතිශාස්ත්‍රඥ මාපලගම විමලරත්න සත්‍යගරුකවේද ? නැතිනම් ඔවුන්ට එහෙම කියු බව අමතක වේද ? - දිනය අදයි -

      Delete
  3. පරිවර්තනයට මහන්සිවුනාට ස්තුතියි.
    හෙට උදේට තත්වය බලමු. (මෝඩයෝ වැඩි වුනා නම් මහන්සිය අපතේ)
    -හෙනහුරා

    ReplyDelete
    Replies
    1. Megalomania කියන වචනේ මේ පෙරේතයට තියෙන ලෙඩේට ගැලපෙනවද පැරා ??

      Delete
  4. Para Issara hitiye Jean shap ge allapu Gedara.

    ReplyDelete
  5. පැරා ලේක් හවුස් එකේ වැඩ බාර ගන්නෙ අනිද්දා විතර වෙන්න ඇති නේද? ඒ වුණත් හෙටත් නිකමට වගේ ගිහින් බලන්න. කලින් හිටපු ඇත්තො දාල ගිහිල්ලා නම් සෙන්සුරාදා පත්තරේ ගහන්න වෙන්නෙත් පැරාටම තමයි. මේ ලිපිය පළ කරලම වැඩ පටන් ගනිමු.

    ReplyDelete
  6. Peaceful poll is a good sign. The country is going to turn from "soft dictatorship" to democracy.Next will be the free and fair society. The role of civil society through various organizations will be very important to keep the victory.

    ReplyDelete
  7. පොලොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මෛත්‍රීපාල සිරිසේන මහතා 9480
    මහින්ද රාජපක්ෂ මහතා 4309

    ReplyDelete
  8. It's almost 1.00am in Sri Lanka.Only one result so far. The delay.is another good sign.

    ReplyDelete
  9. MR win by puttlam 96,matara 3,000
    MR lost by 2,000 kandy 10,000 gall

    ReplyDelete
  10. Great....!!
    Is the soft copy of original document available freely ? Can u pls provide a link?
    Thnx

    ReplyDelete
  11. මහින්ද පරදා මෛත්‍රී දිනනවා.

    ReplyDelete
  12. පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මෛත්‍රීපාල සිරිසේන 38856 72.11%
    මහින්ද රාජපක්ෂ 13300 24.68%
    ඉබ්‍රාහිම් මිෆ්ලාර් 215 0.4%
    නාමල් රාජපක්ෂ 184 0.34%
    ආරච්චිගේ රත්නායක සිරිසේන 180 0.33%
    පනාගොඩ දොන් ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ 161 0.3%
    රුවන්තිලක පේදුරු ආරච්චි 149 0.28%
    අයිදුරුස් මොහමඩ් ඉල්ලියාස් 123 0.23%
    සිරිතුංග ජයසූරිය 115 0.21%
    සරත් මනමේන්ද්‍ර 106 0.2%
    පානි විජේසිරිවර්ධන 92 0.17%
    සුන්දරම් මහේන්ද්‍රන් 77 0.14%
    දුමින්ද නාගමුව 66 0.12%
    අනුරුද්ධ පොල්ගම්පල 63

    ReplyDelete
  13. පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය
    මෛත්‍රීපාල සිරිසේන 39547 62.58%
    මහින්ද රාජපක්ෂ 23184 36.69%
    පනාගොඩ දොන් ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ 57 0.09%
    රුවන්තිලක පේදුරු ආරච්චි 53 0.08%
    ආරච්චිගේ රත්නායක සිරිසේන 48 0.08%
    දුමින්ද නාගමුව 46 0.07%
    අයිදුරුස් මොහමඩ් ඉල්ලියාස් 41 0.06%

    ReplyDelete
  14. රත්නපුර දිස්ත්‍රික්කය - පැල්මඩුල්ල
    මහින්ද රාජපක්ෂ
    50.6% 34,975
    මෛත්‍රීපාල සිරිසේන
    47.9% 33,095

    ReplyDelete
  15. වන්නි දිස්ත්‍රික්කය - මුලතිව්

    මෛත්‍රීපාල සිරිසේන 35,441 78.95%
    මහින්ද රාජපක්ෂ 7,935 17.68%
    පනාගොඩ දොන් ප්‍රින්ස් සොලමන් අනුර ලියනගේ 195 0.43%

    ReplyDelete
  16. බදුල්ල දිස්ත‍්‍රික්කය - බදුල්ල මැතිවරණ කොට්ඨාසය
    මෛත්‍රීපාල සිරිසේන 22,659 52.41%
    මහින්ද රාජපක්ෂ 20,062 46.4%

    ReplyDelete
  17. හොර රාජ පස්සයෝ පළ ගෙදර පස්සට එල්ලියන් බල්කේ.…o_O:-*

    ReplyDelete
  18. jaffna dis. Chavakachcheri

    Maithripala Sirisena 23,520 77.23%
    Mahinda Rajapaksa 5,599 18.38%

    ReplyDelete
  19. අහෝසි කර්ම අහෝසි කරමු.
    අංගුලිමාලලා අත්ඩංගුවට ගනිමු. නඩු දමමු.

    ReplyDelete
  20. මාරයාට බඩ යනවළු.....

    ReplyDelete
  21. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති මහින්ද නිහතමානී ලෙස අරලිය ගසෙන් බැස ගියාලු....!!!
    ස්වර්ණවහනය කියයි....

    එහෙත් ඒ කිච වී පච වී රටද පච කර බැස යන පළමු ජනාධ්පතිවරයා ලෙස නිවැරදි විය යුතුය....

    පැරා රෙස්ට් කරා ඇති......... වැඩ පටන් ගමු.... දැන් ජනතාව සමඟ නැවත සිට ගත යුතුයි...........

    ReplyDelete
    Replies
    1. පැරා දැනටමත් කලින්ම මහපු සුට් එක ඇඳගෙන , ටයි දාගෙන ෆයිල් එකත් අරගෙන ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ අරලියගහ මන්දිරෙන් කෝල් එක එනකං දිනමිණේ වැඩ බාරගන්න යන්න.
      ජනතාව සමඟ සිට ගන්න පැරාට දැන් වෙලාවක් නැහැ

      Delete
  22. උතුරු නැගෙනහිර ඇතුලු දෙමල මුස්ලිම් සහෝදර සහෝදරියනි..ඔබ ශ්‍රේෂ්ඨයි!

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා