Posts

Showing posts with the label ඒකාධිපතිවාදය

ඒකාධිපතිවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය කරා - විමුක්තිය සඳහා සංකල්පමය රාමුවක්

Image
(ජනාධිපතිවරණයෙන් අප ලද ජය සාමකාමීව භුක්ති විඳිමු. නොමග ගොස් මහින්දට ඡන්දය දුන් අපේ අසල්වැසියන්ට මෛත්‍රී කරමු. සොරුන් හා අපරාධකරුවන් අල්ලා පුනරුත්ථාපනය කිරීම අලුත් ආණ්ඩුවට පවරමු.)  පහත සඳහන් වන්නේ ‘ඒකාධිපතිවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය කරා - විමුක්තිය සඳහා සංකල්පමය රාමුවක්’ යන ජින් ෂාප් විසින් 1993දී රචිත ලෝක ප්‍රකට නිබන්ධනයේ අවසන් පරිච්ඡේදයේ පරිවර්තනයකි. ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු වන ඔහු ඇල්බට් අයින්ස්ටයින් ආයතනයේ නිර්මාතෘවරයා ය. තුන්වරක් ම නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූවන් අතර සිටි පුද්ගලයකු වූ ඔහු ලොව පුරා අහිංසාවාදී විරෝධතා පිළිබඳ හැදෑරුවෙකි. ලොව පුරා භාෂා රැසකට පරිවර්තනය වී තිබෙන මෙම නිබන්ධනය අරාබි වසන්තයේදී අත්පොතක් සේ ජනප්‍රිය විය. කල් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් බිම සැකසීම ජීන් ෂාප් ඒකාධිපති පාලනයක් බිඳ දැමීම ප්‍රීති උත්සව පවත්වන්නට කාරණයකි. කාලාන්තරයක් ති‍ස්සේ අරගල කළ ජනතාවට සතුටු වන්නට, විවේක ගන්නට, පිළි ගැනීමට ලක් වන්නට, ආඩම්බර වන්නට කාලයක් අවශ්‍ය ය. එහෙත්, මේ කාලයේදී පවා අවදියෙන් සිටීම වැදගත් ය. මන්ද, මේ අවුල තුළින් මර්දනකාරී පා...

සියලු ඒකාධිපතියන්ට පාඩමක් විය යුතු ගඩාෆිගේ මරණය / Death of Gadaffi, a lesson to all dictators

Image
ගඩාෆි කෲර අන්දමින් මරා දමා ඇති බවට තොරතුරු තිබේ. මරා දැමීමට පෙර ඔහු තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති නමුත් තැරැලිකරුවෝ එයට සවන් නො දුන් හ. නීතියේ පාලනයේ වැදගත්කම ගඩාෆිට තේරෙන්නේ අවනීතියේ ගංවතුර තමන්ගේ නහය මට්ටමට ගලා එන විට ය. කෙසේ වෙතත්, ගඩාෆි නිවටයකු ලෙස පළා නො ගොස් පරාජයට ගෞරවනීය ලෙස මුහුණ දීමට උත්සාහ කර ඇත. ඔහු මරා දමා ඇත්තේ යටත් වූ පසුවයි. ගඩාෆිගේ මරණයෙන් ලිබියාවේ ජනතාව වනචාරී ලෙස ප්‍රීති වෙමින් සිටින බව වාර්තා වේ.  ගඩාෆි නෙළා ගත්තේ අඩ සියවසකට ආසන්න කාලයක් තමන් ලිබියාවේ වැපිරූ දෙයෙහි අස්වැන්නයි.  බලයෙන් උමතුව, නීතිය අතට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තඹයකට නො තකා ලිබියාව පාලනය කළ මෙම එකාධිපතියාට කෲර මරණයක් අත් කර දුන්නේ ඔහු විසින් ගොඩනඟන ලද, කලක් ඔහු වන්දනා කළ මන්ද බුද්ධික ජනතාවයි.  මේ ජනතාවගේ සහාය ලබමින් සිටි කාලයේ බටහිර බලවතුන්ට ගඩාෆි දඩයම් කිරීම දුෂ්කර විය. ඒ කාලයේ ගඩාෆි බටහිර බලවතුන්ට සෑහෙන්න චණ්ඩි පාට් දැම්මේ ය. බටහිර බලවත්තු බලා සිටිය හ. සෑහෙන කාලයක් බලා සිටිය හ. ලිබියාවෙන් විරෝධය මතු වන්නට පටන් ගත් මොහොතේ සිට ඔවුහු එය පෝෂණ...