1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු


 අජිත් පැරකුම් ජයසිංහ

බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන මෙම සමයේදී තීරණයක් ගත යුතුය.

සංක්‍රාන්තික යුක්තිය යනු, ඒකාධිපති පාලනයක්, කැරැල්ලක්, යුද්ධයක්, සිවිල් අර්බුදයක් වැනි තත්වයක් තුළ මහා පරිමාණයෙන් ඇති වන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සත්‍ය සෙවීම, අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම (පොදු සමාවක් පවා මෙයට ඇතුළත්ය), වන්දි ගෙවීම හා නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි.

එය පමා වී ආරම්භ වන සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියකි. එම නිසාම එය ඉතා දුර්වල එකක් වනු ඇත. දශක තුනහමාරක කාලයේ වැලිතලාව තුළ බොහෝ පාර්ශ්වකරුවන් සහ මතකයන් ගිලී ගොස් අවසන්ය. කෙසේ වෙතත්, මෙය අවසන් කිරීම හොඳය.

වර්තමානයේදී බලයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ රජයකි. ජනාධිපතිවරයාගේ පවා සහකාරියගේ සැමියාගේ ඝාතනය සම්බන්ධ සත්‍යය රට දන්නේ නැත. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වාද්දුව යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් අත්අඩංගුවට පත් වී සිර දඬුවම් ලද අයෙකි. මෙම සටහන තබන මා ද 1989 කැරැල්ලේ පාර්ශ්වකරුවෙකි. අප සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් කියන්නට කතාවක් ඇත. පොදු සමාවක් වැනි ක්‍රියාමාර්ගයකින් ටිල්වින් සිල්වා වැනි බොහෝ දෙනෙකුට යුක්තිය ඉටු වනු ඇත. රනිල් වික්‍රමසිංහ හුදකලා කර පළිගැනීමට අවශ්‍ය බොහෝ පිරිසක් සිටිති. ඒ අය තෘප්තිමත් කිරීම සඳහා නැවතත් විමර්ශනයක් වුව ආරම්භ කළ හැකිය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්