ආණ්ඩුවේ අන්තිම තුරුම්පුවත් කැපේ. සජිත්ට පා කළ පෙම් කුසුම් සුළ‍ෙඟේ ම යයි

බුලත් හපය
අගමැති ධුරය භාරගෙන තමන් ආණ්ඩුවට එක් වන බවට ඇති ප්‍රචාරය බොරුවක් බව සජිත් ප්‍රේමදාස අද සවස නිවේදනය ‍‍කළේ ය.

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දෙබරවැව පැවැත්වෙන රැළියට සෙන එකතු කර තිබෙන්නේ තමන් එහිදී ආණ්ඩුවට එකතු වන බව ප්‍රචාරයක කරමින් බව සජිත් කීවේ ය.

ඔහු ආණ්ඩුව හැඳින්වූයේ බුලත් හපයක් ලෙසයි. තමන් කිසි කලෙක බුලත් හපයට එක් ‍නො වන බව සජිත් කීවේ ය.

පසුගිය දින කී‍පයේ ම විමල් වීරවංශ වැනි ආණ්ඩුවේ කථිකයෝ පමණක් නො ව ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලිකවත් සජිත්ට පෙම් හසුන් සුළඟේ පා කරමින් සිටිය හ.

රට පුරා ආණ්ඩු පාක්ෂිකයෝ අද දවස පුරා ම එකිනෙකාගෙන් අහමින් කෙළ හළමින් බලා සිටියේ සජිත් එන තුරු ය. මොහොතකට පෙර ඔහු ආණ්ඩුවට එක් වූ බවට බොරු ප්‍රචාරයක් ද පැතිරිණි. එය ඇසූ මහින්දවාදියෝ උඩ පැන නැටූ බවත් වාර්තා වේ.

ඡන්ද ව්‍යාපාරයේ අවසන් අදියරේදී ආණ්ඩුවේ ප්‍රධාන තුරුම්පුව වූයේ සජිත් ප්‍රේමදාස ය. ඒ තුරුම්පුව ද දැන් කැපී ගොසිනි.

පසුගිය දිනෙක ආණ්ඩුවට එක් වූ තිස්ස අත්තනායක තමන් මාකට් කර ගත්තේ සජිත් ගෙනෙනවා කියා ය. ඒ හරියට නයා සමග අන්තිම සටනට ඇලි මුගටියා ගෙන එනවා වගේ ය. එයට රැවටී මහින්ද තිස්සට සෞඛ්‍ය ඇමතිකම ද දුන්නේ ය.

ඒ දවස්වල තිස්ස කිව්වේ තමන් එක්සත් ජාතික පක්ෂයෙන් අස් වුණේ මෛත්‍රීපාල‍ පොරොන්දු වූ පරිදි ආණ්ඩුවෙන් මැති ඇමතීන් 20කට වඩා ගෙන එන්නට අසමත් වූ නිසා ය කියා ය. දැන් තිස්ස අත්තනායක මහින්දට මොනවා කියනවාදැයි අහන්නට ආසා ය.

අන්තිමේ සජිත් කළේ තමන් ප්‍රමෝට් කර ගැනීම සඳහා මහින්ද ද කඩේ යැවීමයි. එය නම් ඇත්තෙන් ම දක්ෂ වැඩකි. මේ ජනාධිපතිවරණයේ ජය, පරාජය තමන් මත තීරණය වන බවට මානසිකත්වයක් ඔහු ආණ්ඩු පාක්ෂිකයන් තුළ සේ ම විරුද්ධ පාක්ෂිකයන් තුළ ද ඇති කළේ ය. දිනන්නට සජිත් එනකල් බලා සිටි මහින්දවාදීනි, දැන් ඉතින් බඩු ම තමා ය. නිකම් පරාජිතයින් වන්නේ නැතිව, ජනවාරි 9දා වෙනසකට මුල පුරන්නට සම්මාදම් වූ මිනිසකු ලෙස පාරට බසින්නට අවශ්‍ය තීරණය ගන්න.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. සහේලිගෙ යාලුවෙක්ගෙ සීයාJanuary 5, 2015 at 9:57 PM

      අද මාවත යන දුගියා... හෙට... ලොව අග රජ වෙනවා.
      කල කර්මය පල දෙනවා..... රජු මාවත බැස යනවා....

      Delete
    2. සෙව්වන්දි නිල් ජලාසේ....
      විලේ හංසයාටයි...
      මල් රොන් පිපෙන්නේ...
      හදේ බෘගරාජයාටයි....

      Delete
    3. පැරා මොනව උනත් මාරයා අයියාගේ තාත්තගෙ පින්තූරයක් පෝස්ට් එකට දාපු එක නම් වැරදි වැඩක්!

      Delete
  2. "පියාගේ ආත්මය පාවා දෙමින් තුට්ටුදෙකේ සන්ධානයේ පියන් අගමැතිකම ගන්න යන්නේ නෑ. දුරකතන ඇමතුම්වලට උත්තර දීලා හක්ක ගෙවිලා තියෙන්නේ. ආණ්ඩුවේ මාධ්‍ය මේ කතාව බ්‍රේකින් නිවුස්වලට ගහනවා. ප්‍රේමදාසගේ පුතා සන්ධාන වේදිකාවට යන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තාම මහින්ද රාජපක්ෂටත් වෙන්නේ හංසයාගේ වේදිකාවට නගින්න" --- Sajith Premadasa

    ReplyDelete
  3. කොච්චර මඩ ගැහැව්වත්,බොරු ප්‍රචාර යැව්වත් අපි නං 'මරා' ගන්නේ නෑ, 'මයිත්‍රී' කරන්නේ හොදේ...

    ReplyDelete
  4. බොලං පොඩි නංගි ටිකක් හිටපං....
    බුලත් විට කංඩ ටිකක් හිටපං....

    බොලං................... පොඩි නංගි ටිකක් හිටපං..............!!!

    ReplyDelete
    Replies
    1. බුවා පුල් චුං එකේ නොවැ ඉන්නේ.පොඩි නංගිට බුලත් විට කවන්න ගොහිං අතවරයක් කොරනවා හෙම නොවේ. ඒකිටත් 8වෙනිදා මෛත්‍රි උන්නැහැට මනාපයක් දෙන්න යන්න තියෙනවා.


      ( මෙය මුදල් ගෙවා පලකල දැන්වීමක් නොවේ.)

      Delete
    2. මේ දිනවල මුදල් ගෙවා දැන්වීම් පළ කරන්නේ ආර් ඒ සිරිසේන නැමැති මහින්දගේ අන්තේවාසික ව්‍යාජ අපේක්ෂකයාටයි.... මහින්ද කොතරම් බංකොලොත් ද?

      Delete
    3. අපොයි ඔව්, නව වැනිදා ඡන්දෙ දිනන තරමටම බංකොළොත්!

      Delete
  5. මහින්ද ගැත්තනී, නිරපරාදේ ඔබේ ඡන්දය පරදින පුද්ගලයෙකුට නොදී, ජයග්‍රහණය දෝතින් බාර ගැනීමට නියමිත මෛත්‍රීපාල සිරිසේනට වෙනුවෙන් එය භාවිතා කරන්න. එවිට ලඩයක් වී ඇති ලංකාව ශීලාචාර රටක් බවට පත් කිරීමේ මහඟු කාර්යයට ඔබත් දායක වූවා යැයි අනාගතයේ දී ඔබට සතුටු විය හැක.

    ReplyDelete
    Replies
    1. මහින්දට ඡන්දෙ දෙන එවුන්ට නම් මහින්ද ගැත්තො කියල වත් කියන්න පුළුවන්. මොකද දාන ඡන්දෙ මහින්දට යනවා. මෛත්‍රිට ඡන්දෙ දෙන එවුන් චන්ද්‍රිකා ගැත්තොද, රනිල් ගැත්තොද, හකීම් ගැත්තොද, සම්බන්දන් ගැත්තොද උන් දන්නෙත් නෑ. ඡන්දෙ දැම්මට කොහාට යයිද දන්නෙ නෑ.

      Delete
    2. @ Anonymous January 5, 2015 at 9:12 PM ---

      All those different roads lead to the same castle, i.e. a civilized Sri Lanka.

      You too can contribute to that effort by voting for MY3 on the 8th.

      Delete
    3. දැන් මහත්තයො ඇවිත් තියෙන්නෙ ඔය ගොල්ල කියන බොරු වලට ඔය ගොල්ලම රැවටෙන කාලෙ.

      චම්පිකයි, හකීමුයි, සම්බන්දනුයි මෙච්චරකාලයක් බලු පොරේක එකිනෙකාගෙ බෙල්ල මිරිකාගමින් ඉඳලා නව වැනිදා ඉඳලා සිවිලයිස්ඩ් ශ්‍රී ලංකාවක හැසිරෙනවා කියන එක නම් ඉතින් ඔය කොණ්ඩේ බැඳපු චීනෙකුට කියා ගන්න... අපට නෙවෙයි.

      Delete
  6. සජිත් උඹ හරි හමන් අම්ම අප්පා දෙන්නෙක්ට ජාතක වෙච්ච සහජාත පුත්‍ර රත්නයක් බව පේනවා. අර අවජාතක මරා පුත්තු වගේ බඩු කාරයෝ, කුඩු කාරයෝ, රේස් කාරයෝ, වගේ නැතුව.

    උඹ එළ කොල්ලෙක්.

    ReplyDelete
  7. මහින්ද දිනුවොත් ආයේ ලංකාවේ ජනාදිපතිවරණ නැහැ , 19 වෙනි ව්‍යවස්ථා සන්සෝදනයෙන් , රටේ විදායක ජනාදිපතිකම පරපුරෙන් පරපුරට පැවතගෙන යන ක්‍රමය හඳුන්වා දෙනවා , ( බ්‍රිතාන්‍යයේ රජ කම වගේ පරපුරට ) මේ ලාස්ට් චාන්ස් ,

    ReplyDelete
  8. api bulath koleta kathire gahala chade dunnama kalaguna salakuwa wenne kohomada? hithaganna ba..... Mahidata chade denna hithagena inna aya tikak a ganath hithanna.

    ReplyDelete
  9. අපි නම් මහින්ද මහත්තයට චන්දෙ දෙන්නෙ.... My3 නමවෙනිදට මහින්ද මහත්තයගෙ දෙපා මුල!

    ReplyDelete
    Replies
    1. Sa rasa, ජනවාරි නව වෙනිදා මහින්ද මාමා සීෂෙල්ස්වල....

      Delete
    2. ගැටී ඉමැජ්January 5, 2015 at 10:38 PM

      උඩ ඡායාරූපයේ පෙනී සිටින්නේ Sa rasa නම් අග්‍රගන්ය බ්ලොක්කරුය.

      Delete
    3. හැන්ඩි කොල්ලෙක් නේද මෙයා?

      Delete
    4. මූ ලේක් හවුස් එකේ කියන්නද ලේක් හවුස් ලයිට් කණුවක ඉමේජ් එක මුගේ ඇවටාර් පික්චර් එකට දාගෙන තියෙන්නේ.

      Delete
  10. ඔබත් මෙවර මහින්දට ඡන්දය දී නොමිලේ ලොරි ට්රයල් එකක් හෝ මීමුරේ සවාරියක් දිනාගන්න.
    .
    බු වා ට දේව ශාපය ලැබෙවා

    ReplyDelete
  11. පැරා, මට හිතෙනවා පහුගිය දවස් කීපයේදී මහින්ද පිලේ ප්‍රතිප්‍රහාර නිසා (මිස්ටර් ප්‍රභාකරන්, චම්පිකගෙ කේපී ෆොටෝ, රාජිතගෙ ඊ මේල් සිද්ධිය ) නිසා මයිත්‍රී පිලේ මානසික බිද වැටීමක් තිබෙන බව. මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දෙපැත්තේම තටිටිය මොනවා හරි බයිල ගහල ඡන්ද ටික කඩාගන්න කමයි හදන්නේත මේවා ඇහෙන කොට මෛත්‍රී දෙමළ සන්ධානය එක්කයි, හකීම්ලා එක්කයි අපි නොදන්න ගිවිසුමකට ඇවිත් ද කියන එක ගැන සැක මතු වෙනවා.

      Delete
    2. Ano, umba MR ta deepan. awlak ne.

      Delete
    3. ඔය කියන කේපී කොටි නායකයා සහ මහින්ද මහතා බදාගෙන සිටිනා ජායාරුපය එලියට දැම්මේ මිට ටික කලකට කලින් ජනාධිපති මාධ්‍ය අංශයම තමයි. එහි සදහන් වුයේ සෙන්චෝලේයි නමැති ප්‍රදේශයේදී එය ගන්නා ලද්දක් බවයි. එම ප්‍රදේශයේ තිබෙන,ළමා නිවාසයක් බැලීමට ජනාධිපතිවරයා ගිය මොහොතේ ගන්නා ලද්දක් බවයි එහි දැක්වුයේ.

      ජනාධිපතිගේ ෆොටෝෂොප් මාධ්‍ය අංශය ආයෙත් ඇන ගත්තා. පාඨලී චම්පික අද ඔය ගැන පැහැදලි කළා. ඒක විපක්ෂය හදපු ෆොටෝ එකක් නොවේ. ජනාධිපති මහින්ද මහතාගේ මාධ්‍ය අංශය ලබා දුන් ජායාරුපයකි.

      Delete
    4. මිස්ටර් ප්‍රබාහරන්ට කවුරුත් සාම සාකච්ඡා වලට ආරාධනා කළ. මහින්දත් කළා. මහින්ද ඡන්දෙ දිනුවෙ 2005දි. මාවිල් ආරු සොරොව්ව වැහුවෙ 2006දි. ඒක මාස ගාණක් බලා ඉඳලා බැරි තැන තමයි යුද්දෙ පටන් ගත්තෙ. ඊට පස්සෙ නවත්තගන්න බැරි ගානට හමුදාවෙ කොල්ලො ටික ගේම දුන්නා. මහින්ද කරපු දේ තමයි යුද්දෙ නවත්තන්න කියල කිව්වෙ නැති එක. ඒ වෙනකොට ත්‍රස්තවාදය පරාජය කිරීමට ලෝක ජනමතය හැඩගැහිල තිබුනු නිසා ලොකු බලපෑමක් කරන්න කාටවත් පුළුවන් වුනේ නෑ.
      මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නම් 2010දිම මහින්ද එළවනවා.
      එහෙම ලේසියෙන් වෙනත් රටවලට ඇඟිලි ගහන්න ඇමරිකාවටවත් අධිරාජ්‍යවාදීන්ටවත් බෑ. ඉස්සෙල්ල රට ඇතුළෙ අසහනයක් ඇති කරන්න ඕනැ. හැබැයි මහින්ද දිගටම හිටියොත්නම් ඒක වෙනවා. ඊට පස්සෙ ලිබියාවට වුනා වගේ ඇමරිකන් හමුදාව එවයි ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න.

      ඊට ඉස්සෙල්ල අපිම ප්‍රජාතන්ත්‍රවාදය හදාගනිමු. හංසයා දිනවමු.

      Delete
    5. // මහින්ද තමා යුද්දය නතර කරන්න කියා නොකියපු එක // ඉන්දියාව ප්‍රභාගේ සහායට ආවානම් යුද්දය නතර කරන්න වෙනවා , JR ගේ කාලයේ වඩමාරච්චි ගහනකොට ප්‍රභා විනාස වෙන්න මොහොතකට පෙර ඉන්දියාව ඇත දැම්මා , යුද නැව් එව්වා , අපේ රටට ගුවනින් ඇවිත් පරිප්පු දැම්ම ප්‍රභව පසුව ඉන්දියාවට ගෙන්න ගෙන රැකවල් දුන්න , 2009 දීත් අපිට ඉන්දියාව එක්ක යුද්ද කරන්න උනානම් මොනා වේවිද දන්නේ නැහැ , අපි ඉන්දියාවත් කාලගුණ සලකන්න ඕනෙද

      Delete
  12. මෙවර කවුරු දිනුවත් රට අරාජක වන බව පැහැදිලියි. මහින්ද දිනුවොත් පාර්ලිමේන්තු බලය නැති වෙනවා. මෛත්‍රී දිනුවත් දින 100 කින් පස්සේ ඒක කැද හැළියක් වෙනවා. අවසානයේ අපි පරාදයි.

    ReplyDelete
  13. සජිත් ප්‍රෙමදාසට ඔච්චරවත් මොළයක් ඇතැයි මමන0 ආත්මෙකට විශ්වාස කළේ නෑ......

    ReplyDelete
    Replies
    1. උඹටත් ඔච්චර මොළයක් තියෙනව කියල අපි හිතුවෙ නැති එකේ ඒක මොකද්ද?

      Delete
    2. මොලයක් තියෙනවා නම් පොන්නයෙක් ගහපු විදිය රස කරලා බ්ලොග් එකේ දායිද?

      Delete
    3. සිතුමිණි,
      සජිත්ට ඉවසීම තියනව. සජිය පනී කියල මට නං හිතෙන්නෙ නෑ. අනෙක මේ වෙලාවෙ?

      Delete
  14. පැරායියලා ඒ දවස් වල කැරළි ගැහුවෙ මෙයාගෙ තාත්තගෙ ආණ්ඩුවට විරුද්ධව නේද? පැරායියව අත් අඩංගුවට අරගෙන එළිහමන් සිර කඳවුරකට දාල වධ දීල පුනරුත්ථාපනය කළෙත් මෙයාගේ තාත්තා නේද?

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්න බේරාගැනීමක් නෙවෙයි. රටේ අනාගතය ගැන තීන්දුවක් ගන්න වෙලාවකදි කල්පනා කරන්න ඕනැ ඔහොම පටු විදිහට නෙවෙයි නේද?
      මං කලින් කොහෙද මන්ද දාපු කමෙන්ට් එකක් ආයෙත් දාන්නම්.

      මං පාරෙ කළුවරේ යද්දි කාගෙදෝ ටෝච් එළියකින් පේනව පාරෙ සර්පයෙක්. එතකොටයි දන්නෙ ටෝච් එක අරන් ඇවිත් තියෙන්නෙ මගෙ පරම හතුරෙක්. දැන් මං මොකද කරන්නෙ? හතුරගෙ ටෝච් එළියෙන් දැකපු නිසා සර්පයා නොදැක්ක වගේ යන්නද?

      Delete
    2. නොදැක්ක වගේ ගියත් කමක් නෑ කාටවත් අනතුරක් නැත්නම්. ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැම සර්පයම මාරාන්තික විසයි කියලා. මාරාන්තික විෂ තියෙන සර්පයින් හතරයි ලංකාවෙ ඉන්නෙ සර්ප විශේෂ සිය ගාණක් අතුරින්. උනුත් කැලේ ඉන්නවනම් නොමැරුවට කමක් නෑ. අහිංසක සත්තු. දකින දකින සර්පයා මැරීම ලාංකීය සමාජයේ මෝඩ චින්තනයේ පැතිකඩක්.

      Delete
  15. මෛත්‍රි දිනනවා දිනනවා කිව්වට තාම එක් කෙනෙක් වත් පැහැදිළි කළේ නැහැ 2010 දි වැඩි ඡන්ද 18 ක ගැප් එක අනික් පැත්ත හරවන්නෙ කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. දිනමිණ පුවත්පතට ලියන පලවෙනි ලිපිය විදියට පැරා ඒක ලියයි. මතක ඇතුව 12 වෙනිදා දිනමිණ බලන්න.

      Delete
    2. මෛත්‍රී 54% ට වඩා අරගෙන ඉතා පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා...

      Delete
    3. Mathalan, this time you are correct.

      Delete
    4. අන්න ඒක තමයි උඹලට වැරදිච්ච තැන.වැඩි චන්ද ලක්ශ 18 හරවන්න ඕනෙ නෑ මචන්, 9ක් හැරුනොත් දෙන්න සම වෙනව. 10ක් හැරුනොත් මෛත්‍රි මහින්දට වඩා ලක්ශ 2ක් වැඩි වෙනව. එහෙම වෙන්නෙ 2010 තිබුන චන්ද ගානම මේ පාරත් තිබුනොත් විටරයි. අලුත් චන්ද වලින් වැටෙන විදිය අනුව තවත් පරතරේ වැඩි නෙන්න පුළුවන්. දැන් තේරෙනව නේද මහින්ද පරාදයි කියල.

      Delete
    5. අන්න අන්න මාත දැන් හරි ට්‍රැක් එකට වැටිල

      Delete
    6. Have you seen the yesterday rally at Galle. No one expected such a huge participation from a area like Galle. Definitely this will be a turning point of our country.

      Delete
    7. Chandrika and Ranil have already governed our country. Sirisena is a proven inefficient Minister. Sorry to say this won't be any turning point. People will get sick of this political soup in 3 years.

      Worst thing is if they abolish the executive presidency that would be the start of end of unitary Sri Lanka.

      Delete
    8. /9ක් හැරුනොත් දෙන්න සම වෙනව. 10ක් හැරුනොත් මෛත්‍රි මහින්දට වඩා ලක්ශ 2ක් වැඩි වෙනව./

      දැන් කොහොම්ද ලක්ශ නවයක් හරවන්නෙ? ඔය ආපු අයගෙ මනාප ගාන එකතු කළත් නෑනෙ ලක්ෂ නවයක්.

      Delete
    9. අනේ මෝඩ ගොනෝ චම්පික කියන්නෙ එක මනාපයක්ද? රතන හාමුදුරුවො එක මනාපෙද? ආපු පාර්ළිමේන්තු මණ්ත්‍රීලට තියෙන්නෙ උන්ගෙ මනාපෙ විතරද? යකෝ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ ජනතා නියෝජිතයො මිසක් ජනතාව නෙවෙයි. දැන් එතකොට උඹ හිතාගෙන ඉන්නෙ උඹ වගේ 2010 මහින්දට දුන්නු ඔක්කොම මේ පාරත් මහින්දටම දෙනව කියලද? ඒ ඉතින් උඹ වගේ මී හරකෙක් තමයි. යකෝ 2010 මාත් දුන්නෙ මහින්දයට ඒත් මේ මෙදා සැරේ දෙන්නෙ මෛත්‍රීට.

      Delete
  16. එක්කෙනෙකුට හරියන කොට තව කෙනෙකුට වරදිනවා.

    අපේ පැරායියා දිනමිණ කර්තෘ වෙනකොට අපේ මාරයියාට මොන ජංජාලයක් වේද මන්දා. පව්.

    සංසාරේ... සංසාරේ...

    ReplyDelete
    Replies
    1. මාරයියා මොණරතැන්නේ පදිංචියට යනවා.

      Delete
    2. අනේ බං ඔය මෝඩයා වගේ නුගත්,අවාසනාවන්ත පරාජිතයෙක් ගැන කතා නොකර ඉදහල්ලකෝ.

      Delete
    3. දිනමිණ ජ්‍යෝතිෂ්‍ය අතිරේකය පැරාගේ මුහුනුපොතේ මිතුරකු වන මාරයාට දුන්නොත් මොකද?

      Delete
    4. Gap eka harawanna nevei danatamath heravila! Colamba,Galla saha Uva chandawalin pahadili une ekai

      Delete
    5. උඹල කියන විදියට දිණමින කතෘ කම අපේ පැරයියට හම්බුනොත් සුමනසේකරයට මොකද වෙන්නෙ?

      Delete
    6. පැරා මොනව උනත් මාරයා අයියාගේ තාත්තගෙ පින්තූරයක් පෝස්ට් එකට දාපු එක නම් වැරදි වැඩක්!

      Delete
    7. /උඹල කියන විදියට දිණමින කතෘ කම අපේ පැරයියට හම්බුනොත් සුමනසේකරයට මොකද වෙන්නෙ/

      යකෝ මේක මාර හුයන්නක්නේ.

      ජනාධිපතිකම මෛත්‍රීට හම්බ උනාම මහින්දයට මොකද වෙන්නේ? අගමැතිකම රනිල්ට හම්බ උනාම දිමුට මොකද වෙන්නේ? ඔය ලිස්ට් එකම හොයල බලපන්.

      Delete
  17. රටෙ ආරක්ශාව තිතට සැලකුවා. රට සන්වර්ධනයත් කරා. යුද්දෙ කරන්න ගිහින් බටහිර රටවල හතුරෙක් උනා. පිට රට කොටි හිතවාදීන් එතුමගෙ පිලිරූ ගිනිතිබ්බා.

    මමනම් චන්දෙ දෙන්නෙ රටට වෙනසක් පොරොන්දු වෙන ආඩි හත්දෙනාට නෙමෙ රටට ජීවමාන වෙනසක් ගෙනාපු ජනපතිටයි. නැත්නම් මගෙ සිගිති පුතා කවදා හරි දුටුගැමුනු රජතුමා මෙන් මට කාන්තා ඇදුම් එවනු ඇත.

    ReplyDelete
    Replies
    1. බටහිර රටවල හතුරෙක් වුණා, නමුත් බටහිර රටවල පුරවැසිකම ගත්තා....

      Delete
    2. @ Anonymous January 5, 2015 at 10:18 PM ---

      මම නම් චන්දේ දෙන්නේ ආඬි හත් දෙනාට. මොකද දන්නවාද? -- අඩුම ගණනේ මම හොඳාකාරව දන්නවා ආඬි හත් දෙනා මට බොන්න දෙන්නේ කැඳ කියලා. මහින්ද මට පොවන්න හදන්නේ වහ. ඉතින් මම ඒක බිව්වොත් මට අනාගතයේ ගෑනු ඇඳුම් හරි එවන්න සිඟිති පුතෙක් හරි හදා ගන්න බැරි වෙනවා.

      Delete
    3. රටෙ ආරක්ශාව තිතට සැලකුවා [ඒ මතින් ලසන්ත වික්‍රමතුංගලා වගේ අය මැරුවා, එක්නැලිගොඩ වගේ සිය ගණනක් අය සුදු වෑන් වලින් අතුරුදහන් කළා].

      රට සන්වර්ධනයත් කරා [ඒ මතින් කොමිස් කුට්ටි, කුට්ටි කෑවා].

      යුද්දෙ කරන්න ගිහින් බටහිර රටවල හතුරෙක් උනා [නමුත් බටහිර රටවල පුරවැසිකම ගත්තා].

      පිට රට කොටි හිතවාදීන් එතුමගෙ පිලිරූ ගිනිතිබ්බා [මෛත්‍රීගේ රැස්වීම්වලට ගල් ගැහුවා, වෙඩි තිබ්බා, සමනලී ෆොන්සේකාට තුවාල වෙන්න ගැහුවා].


      මම නම් චන්දය දෙන්නේ බොරු පුරාජේරු ගහන මහින්දට නෙමේ, 9 වෙනිදා සිට රටට ජීවමාන වෙනසක් ගෙනෙන මෛත්‍රීපාලටයි. මම එහෙම නොකළොත් මගේ සිඟිති පුතා අනාගතයේ මහින්දට විරුද්ධව ඇති විය හැකි තරුණ කැරැල්ලකදී ටයර් එකක් උඩ දැවී යනු ඇත.

      Delete
    4. සිගිති පුතාගේ සිගිති පියෝ,
      දුටුගැමුනු රජතුමාට එක්කුස උපන් ඇමෙරිකන් ජාතික සහෝදරයෝ හිටියේ නෑ කියලා සිගිති පුතා කවදා හරි කියල දෙයී . එතකං සිගිති පුතාගේ සුප්පුවක් කටේ රුවාගෙන දිනමිණ පරන පත්තර නැවත ගැඹුරින් කියවා බලන්න.

      Delete
    5. සිගිති පුතා අනාගතයේ මහින්දට විරුද්ධව ඇති විය හැකි තරුණ කැරැල්ලකදී ටයර් එකක් උඩ දැවී යනු ඇත.
      සිගිති පුතා අනාගතයේ මහින්දට විරුද්ධව ඇති විය හැකි තරුණ කැරැල්ලකදී ටයර් එකක් උඩ දැවී යනු ඇත.
      සිගිති පුතා අනාගතයේ මහින්දට විරුද්ධව ඇති විය හැකි තරුණ කැරැල්ලකදී ටයර් එකක් උඩ දැවී යනු ඇත.

      Delete
    6. තොගේ ජනාධිපති මට නම් පුකේ ඇරියා, දැන් මට වෙන උන් ඇරියට තේරෙන්නෙත් නෑ ඒ තරමට පුකේ හිල ලොකුයි.

      Delete
    7. /තොගේ ජනාධිපති මට නම් පුකේ ඇරියා, දැන් මට වෙන උන් ඇරියට තේරෙන්නෙත් නෑ ඒ තරමට පුකේ හිල ලොකුයි./

      තමන්ගෙ පුක බේරා ගන්න බැරි ඈයොද දැන් රට බේරා ගන්න යන්නෙ?

      Delete
    8. AnonymousJanuary 6, 2015 at 8:32 AM
      උඹ නොදන්නව උනාට උඹටත් ඇරල තියෙන්නෙ, උඹේ පුකේ හිලත් ලොකු වෙලා නිසා උඹට තේරෙන්නෙ නෑ දැන්

      Delete
    9. මල පැන්න අයෙක්January 6, 2015 at 10:22 AM

      තෝ කාවන්තිස්ස රජතුමාද යකෝ, ගෑනී විහාරමහාදේවි පාර්ක් එකෙන්ද හොයා ගත්තේ. අහිංසක දරුවට මොකුත් කියන්නෑ.ලොකේෂන් එක දීපං දැන්, කාන්තා ඇදුම් එවන්නං මං. මගෙ ඩාලිං ගෙ පාවිච්චි කරපු Freya,Lyssé Leggings,Olga, Fruit of the Loom වගෙ ඹ්න බ්‍රැන්ඩ් එකක් තියෙනවා.
      යකෝ මේ රටේ කාලකන්නින්ට රජ පිස්සුව.තොපි හිතාගෙන ඉන්නේ අපිත්, ජේ.ආර්.පී සුරිප්පෙරුම,ජැක්සන් ඇන්තනී වගේ ඉතිහාසය වමාරගෙන කාලා පණ රැකගන්න හරක් කියලද ?
      මතක තියා ගනිං..
      සිගිති පුතා කවදා හරි කියයි "තාත්තේ, ඔයාලා මෙච්චර වටින රට විනාශකලේ ඇයි? අසරන ඔය දෙන්නා දාලා ගිහිල්ලා, අපි පිටරටවල සීතලේ , අව්වේ මේ දුක් විදින්නෙ, තාත්තලාගෙ කාලේ ඔයාලා ඔලුවෙන් තීරන ගත්තේ නැති හින්දයී" කියලා. එතකොට toooo late........රජෝ.

      Delete
  18. මහින්දට ඡන්දෙ දෙන අය වැරදිලාවත් මහින්ද දිනුවොත් කරුණාකරල එළිපිට කියන්න “මං දුන්නෙ මහින්දට“ කියල. හැබැයි පහු වෙනකොට හැංගෙන්න බෑ. කරපු අපරාධයේ වගකීම බාරගන්න ලෑස්ති වෙලා ඉන්න.

    ReplyDelete
    Replies
    1. අපරාධයක් වෙනවනම් මෙලහට වෙන්න එපැයි? සාමකාමි, දියුනු වෙන රටක ජීවත් වෙන්න ලැබුන එකද අපරාධෙ? එච්චර අපරාධයක් උනානම් රනිලට, අනුරයට කෙලින් චන්දෙට ඇවිත් දිනන්න තිබුනනෙ? මොකද මෙ සල්ලි විසි කරලා අපෙක්ශකයො ඇහිදින්න උනෙ?

      Delete
    2. 8 දට පෙර චන්දෙ දෙන්නේ හෝ තමා කැමති වෙන්නේ මොන අපේක්ෂකයාටද කියලා , ලැයිස්තුවක් හැදුවොත් හොඳ නේද ?

      Delete
    3. මෛත්‍රිට ඡන්දෙ දූන අයත් මෛත්‍රි පැරදුණොත් පැහදිළිව කියන්න තමන් ඡන්දෙ දුන්නෙ මෛත්‍රිට කියලා. හැංගෙන්න බෑ ඔන්න. පැරායි රාජුයි ගැන නම් අපි දන්නවා. අනෙක් අයට කිව්වෙ.

      Delete
    4. සාජන් නල්ලතම්බිJanuary 6, 2015 at 8:50 AM

      මේ සැරෙත් පොලිසි වලට නිවාඩු දෙනවද අප්පා... ? නිකං අා..න්නේ මේ .

      Delete
    5. අනේ නෑ. පොලීසි වලට නිවාඩු දෙන්නෙ ආණ්ඩුව මාරු උනොත් නෙ. ආණ්ඩුවත් මාරු නොවෙන එකේ තව මොනවද. 2010 වගේ තමයි. තව සති දෙකකින් මිනිස්සු අහයි අනේ මෛත්‍රි කියලා කෙනෙකුත් හිටියද කියලා. 2016 දි සරත් අද සරත් ෆොන්සේකා එයාට කඩේ ගියා වගේ එයත් තව කාට හරි කඩේ යයි.

      Delete
    6. ITN - රජ පවුලේ නාලිකාවJanuary 6, 2015 at 2:25 PM

      //මේ සැරෙත් පොලිසි වලට නිවාඩු දෙනවද අප්පා... ? නිකං අා..න්නේ මේ .///

      පිස්සූද හලෝ.ආණ්ඩුව දිනනවා.

      Delete
  19. මහින්දට එරෙහි වුණු පුංචි කෙල්ල සමනලී ෆොන්සේකා ශ්‍රේෂ්ඨ වීරවරියක්.

    ReplyDelete
    Replies
    1. හොර වීඩියො කරලා අතෙ මාට්ටු උනු සමනලී වීරවරියක්නම් උබලා යහපාලනය ඉස්සරහට දාගෙන එන සුපුරුදු හොරු සෙට් එකම තමයි.

      Delete
    2. @ Anonymous January 6, 2015 at 2:33 PM ---
      මම කතා කළේ වීඩියෝ එකක් ගැනවත් යහ පාලනයක් ගැනවත් නෙවෙයි. මැර මහින්දට එරෙහි වෙන්න තරම් (උඹලා වගේ පිරිමින්ටවත් නැති ) ගටක් ඒ පුංචි කෙල්ලට තිබුණ එක ගැන යි.

      Delete
    3. මහින්දට එරෙහි වෙනවා කියන්නෙ මොකක්ද? සිරාට කඩෙ යෑමද? ඒ සදහා බොරු වීඩියො හදන එකද? රෑල්ලට අහු වෙන්න කොන්දක් ඔනෙ නෑ, ඒක තමයි ගෑනු ගතිය.

      Delete
  20. //දිනන්නට සජිත් එනකල් බලා සිටි මහින්දවාදීනි, දැන් ඉතින් බඩු ම තමා ය. නිකම් පරාජිතයින් වන්නේ නැතිව, ජනවාරි 9දා වෙනසකට මුල පුරන්නට සම්මාදම් වූ මිනිසකු ලෙස පාරට බසින්නට අවශ්‍ය තීරණය ගන්න. //
    පැරා ඔයා හිතාගෙ ඉන්නෙ මහින්දවාදීන් කී දෙනෙක් ඔයාගෙ මේ blog එක බලනව කියලද?

    ReplyDelete
  21. සොයාදෙන්නJanuary 6, 2015 at 10:33 AM

    හසන්ත මහත්තයෝ, ජේ.ආර්.පී සුරිප්පෙරුම සුදීමතා ඉන්න තැනක් දන්වන්න.

    ReplyDelete
    Replies
    1. ජන මත වමසුමක් කළෙමි....

      බුරුතු පිටින් මෛත්‍රී පිලට ජනී ජනයා අවසන් මොහොතේ පවා එක් වෙමින් පවතී...

      මහින්දගේ බත් බැලයන් ලද අවස්ථාවෙන් මේ මොහොතේ මහා මැතිවරණය ගොඩ දා ගැනීමට පාරක් සොයමින් සිටී....

      Delete
    2. Mahinda hora, hora, looka hora....Law collge exam pawa liwwe horata.

      Delete
  22. මහින්ද රාජපක්ෂ රැකගමු- කළගුණ සළකමු! Tribute to Mahinda Rajapaksha

    http://upashantha.blogspot.com/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා