දූෂිත, කුමන්ත්‍රණකාරී අග විනිසුරු පන්නමු!

මහින්ද රාජපක්ෂ පාලනය විසින් තමන් විසින් ම අවිධිමත් ලෙස පත් කරන ලද හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක අයුක්ති සහගත ලෙස දෝෂාභියෝගයට ලක් කරමින් එම තනතුරට පත් කර ගන්නා ලද දූෂිත, පක්ෂග්‍රාහී පුද්ගලයකු වන මොහාන් පීරිස් ජනාධිපතිවරණයට පසු දින ප්‍රතිඵල අත්හිටුවා, හමුදාව යොදවා, මහින්ද රාජපක්ෂ දිගට ම බලයේ තබා ගැනීමට කරන ලද කුමන්ත්‍රණයට ද සම්බන්ධ වූයේ ය.

මහින්ද රාජපක්ෂ පාලන‍ය පෙරළීමෙන් අනතුරුව ඔහුට ඉල්ලා අස් වන ලෙස සිදු වූ බලපෑම් තුට්ටුවකට මායිම් නො කරන ඔහු විවිධ මාධ්‍ය සංදර්ශන පෙන්වමින් හා අස් වීමට විවිධ කොන්දේසි දමමින් තනතුරේ රැඳී සිටියි. 

මෙවැනි දූෂිත, පක්ෂග්‍රාහී අග විනිසුරුවරයකු බලයේ තබා ගැනීම නව රජයට ඉතා අහිතකර ය. මොහු දැනට නිශ්ශබ්දව සිටිය ද අවස්ථාව උදා වූ හැටියේ දෂ්ට කරනවා ඇත. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් අග විනිසුරු ධුරයට පත් කරන ලද සරත් නන්ද සිල්වාට එරෙහිව කටයුතු නො කිරීම නිසා 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයෙන් පහ කිරීමට චන්ද්‍රිකාට සරත් නන්ද සිල්වාගේ සහයෝගය ලැබිණි. 

වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලතල කප්පාදු කිරීමට ගෙන ආ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව කියා කඩාකප්පල් කළේ ද, 2003 නොවැම්බරයේදී ජනාධිපති චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමති තනතුරු තුනක් බලෙන් පවරා ගැනීම නීත්‍යානුකූල යයි තීන්දු කළේ ද සරත් නන්ද සිල්වා ය. 

මොහාන් පීරිස් අග විනිසුරු ලෙස ඉදිරියේදී සිදු වන ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට කුමන උදැල්ලක් දමනු ඇද්දැයි අනුමාන කර ගන්න. 

ඔහු යන්නේ නැත. පැන්නිය යුතු ය.

"දූෂිත, කුමන්ත්‍රණකාරී අගවිනිසුරුට ඉල්ලා අස්වීම සඳහා බල කෙරෙන අඛණ්ඩ විරෝධතාවය හා සත්‍යග්‍රහය"

2015.01.28 දින පෙ.ව 8.30 ට නීතිඥ ප්‍රජාව, සිවිල් සංවිධාන හා මහජන සහභාගිත්වයෙන් අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී.


අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය අපේක්ෂා කරන සියළු පුරවැසියන්ට ආරාධනා.


සංවිධානය - නීතිඥ එකමුතුව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ලේ පිපාසිත පුකේ වම්මුන් අහිංසක මිනිසුන් නිකරුනේ තමන්ගේ පටු දේශපාලන ගේම් උදෙසා විදි බස්සවා පොලිසිය ලවා අඬු කඩවා , මරා දමා ඒ ලේ මතින් බලය තහවුරු කර ගැනීමේ මහා අඛණ්ඩ විරෝධතාවය හා සත්‍යග්‍රහය
      2015.01.28 දින පෙ.ව 8.30 ට නීතිඥ ප්‍රජාව, සිවිල් සංවිධාන හා මහජන සහභාගිත්වයෙන් අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පැවැත්වේ. මේ දුෂිත කාලකන්නි ලේ මාපිලුන්ට ලේ ලබාදී උන්ගේ පිපාසය සංසින්දවන්න ඔබත් යන්න.

      Delete
    2. අග විනිසුරු පන්නන්න බෑ ඕයීJanuary 27, 2015 at 5:15 PM

      දූෂිත, කුමන්ත්‍රණකාරී අග විනිසුරු පන්නමු!

      බෑ ඕයී භෑ
      කෝල් කරපු ගමන් ඒ යකා කියන තැනකට කියන වේලාවක එන නීතී ගරුක බුවෙක්නේ. ඊයේ අපේ පවුලට ක්ලීනික් යන්න වාහනයක් නෑ බුවාට කෝල්කරා තිබ්බ නඩු කල් දාලා ගම්මංපිලත් එක්ක ආවේ නැතෑ.

      Delete
  2. පන්නමු!

    1. අගවිනිසුරු මොහාන් පීරිස්
    2. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ක්ෂානිකා හිරිඹුරේගම
    3. ලේක්හවුස් සභාපති රත්නායක
    4. රූපවාහිනී සභාපති දිසානායක
    5. කතානායක රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. ලේක් හවුස් සභාපති රත්නායක කියන්නේ නම් පට්ට හොරෙක්, මචංස්ලා

      Delete
    2. පන්නමු 2 !
      1. ඇමතිකම් ගත්ත රෝයලිස්ට්ල 11
      2.ටෙලිකොම් සභාපති ජනපති සොහොයුරු කුමාරසිංහ සිරිසේන
      3,චම්පිකගේ මාධ්‍ය ලේකම්, ITN ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක
      4. චිත්‍රපටි සංස්ථා සභාපති සන්නස්ගල
      5.ලේක්හවුස් සභාපති සාගල රත්නායක සොයුරු කාවන් රත්නායක

      Delete
    3. ///ලේක්හවුස් සභාපති සාගල රත්නායක සොයුරු කාවන් රත්නායක///

      වැඩේ කියන්නේ මචංස්ලා, මේ යකාගේ නියම නම කාවන්තිස්ස රත්නායක. මූ මිනිස්සුන්ව රවට්ටන්න තමයි ඔය බොරු නම 'කාවන්' පාවිච්චි කරන්නේ.

      Delete
  3. //චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් අග විනිසුරු ධුරයට පත් කරන ලද සරත් නන්ද සිල්වාට එරෙහිව කටයුතු නො කිරීම නිසා 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයෙන් පහ කිරීමට චන්ද්‍රිකාට සරත් නන්ද සිල්වාගේ සහයෝගය ලැබිණි.

    වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලතල කප්පාදු කිරීමට ගෙන ආ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව කියා කඩාකප්පල් කළේ ද, 2003 නොවැම්බරයේදී ජනාධිපති චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමති තනතුරු තුනක් බලෙන් පවරා ගැනීම නීත්‍යානුකූල යයි තීන්දු කළේ ද සරත් නන්ද සිල්වා ය.//

    මාලකගේ එක්සයිට් පෙති නැති නිසා දැන් ඔලුව කරකැවෙනවා වගේ මචංලා. දැන් චන්ද්‍රිකා කොහෙද ? රනිල් කොහෙද ? සරත් නන්ද සිල්වා කොහෙද ?? කට්ටිය එක ස්ටේජ් එකක දැක්ක වගේ මතකයි ෂික් පෙත්ත නෑනේ මචංලා.

    ReplyDelete
    Replies
    1. මටනම් මතක නෑ.

      - සිල්වා

      Delete
  4. මගේ ආදරණීය පැරකුම් අයියා වෙත,

    සමන් මලින් පවන් සැලේ!

    අයියට මොහාන් අයියගෙන් කරදරයි නේද? අපි එයාව එලවමු. සුමනදාස මාමාට කියල වෙලාවක් බලාගත්ත්නම් කලින්ම යවන්න පුළුවන් කියල අප්පච්චි කිව්වා. හෙට හවස් අතේ පුළුවන් උනොත් මම ගිහිං වෙලාවක් බලාගෙන එන්නම්. පාලිත අයියා බී ගත්තම පිස්සු නටන නිසා ගොඩක් රෑ උනොත් අගලවත්ත පැත්තෙන් එන්න එපා කියල අම්මා කියනවා. විමල් අයියටත් කොඩිවිනයක්වත් කරලා දැම්මනම් තව කරදරයක් ඉවරවෙනවා නේද අයියේ. අයියට තව කාගෙන් හරි කරදර තියෙනවා නම් කියන්න. ඔක්කොටම එකපාර කලවානේ විල්සන් මාමාගෙන් කොඩිවිනයක් කරන්න පුළුවන්.

    අයියගේ විස්තර මොනවද? තොටලඟ මුදියන්සේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගත්තම ඔය ඉක්මන් ගතිය ඇරිලා යයි කියලා සෝමා අක්කා කිව්වා. සෝමක්කාගේ මනුස්සයා අමරේ අයියට එතනින් හරි ගියාලු. ඒ නැති උනත් අයියා හිත කරදර කරගන්න එපා. මම කොහොමහරි ඉන්නම්.

    එහෙනම් නවතින්නම්.

    අයියට මෛත්‍රී දේව කරුනාවයි.

    හිතාදර
    කළු මැණිකා

    ReplyDelete
    Replies
    1. කළු මැණිකා නගේ , රෑට රෑට පැරකුම් අයියාගේ අහම යන්නේ , ඉඳල හිටලා වත් අපේ දිහාවෙත් වරෙන්කො. ගෑනිත් කෙල්ලගේ අහ ගොහිල්ල බඩදරු දෝනියන්දගේ උදව්වට.

      ආදර බර,
      බැට්ටිස් සිරිසේන

      Delete
    2. හිතවත් සිරිසේන අයියා වෙත,

      ප්‍රාර්ථනා මල් සැලේ සැමදා!!

      මම අයියා හිතන විදියේ කෙනෙක් නෙවි. මම පැරකුම් අයියට ලෙංගතුයි. වෙන කා එක්කවත් ඉන්ට මනාපයක් නෑ. සුමනක්කා ලඟදි ඇමරිකාවේ ඉඳන් ආවා කියල පත්තරේ තිබුනා. මාලක මල්ලිලාටත් දැන් ඉස්සර තරම් චන්ඩිකම් බැරි හින්දා උදයන්ති නංගි එහෙමත් කතා කරගන්ට බැරි වෙන එකක් නැහැ මයෙහිතේ. මාලනී නැන්ද උනත් කවුන්සලේ පැත්තේ හැමදාම යන්නෙ නැතුව ඇති.

      එහෙනම් නවතින්නම්.

      අයියට මෛත්‍රී දේව කරුනාවයි.

      හිතවත්
      කළු මැණිකා

      Delete
    3. මේවත් මරු ඕයි, ඔලුවෙ කැක්කුම එහෙම අඩු වෙනවා.

      Delete
  5. දැන් ඔය කුමන්ත්‍රණයට විරුද්ධ වුනු

    1. නීතිපති යුවන්ජනව
    2. පොලිස්පති ඉලන්ගකොන්ව
    3. හමුදාපති රත්නයකව

    පත්කරේ කවුද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒකෙ අවුල මොකක්ද? මොකා පත් කරත් උන්ගෙ කොන්දයි හාට් එකයි හොඳයිනෙ ටිකක් හරි. මහින්ද පත් කරපු ඔක්කොම මහින්දට කඩේ යන්නෙ නෑ. මෝඩ කොමෙන්ට් දාන්න එපා.

      Delete
  6. අගවිනිසුරු පදවියට හලීම් මර්ෂූෆ් මහතා පත්කරමු!

    ReplyDelete
    Replies
    1. Definitely!
      Allah Huakbar

      Delete
    2. Anonymous people cannot make appointments under any constitution.

      Delete
  7. අපේ ගොනා අපිට හොඳා!!!

    මොහාන් පීරිස්ව මැරෙනකම් තියාගමු!!!

    ReplyDelete
  8. Ape Awashyathawa,Saleem Marshuk,hari Fais musthafa hari,(Faisge thaththa) Para Saudiye mala gedara giye nethei.Allah hu Akbar!

    ReplyDelete
  9. රටක අගවිනිසුරු උත්ගොශන කරලා එලවන එකද පැරො යහපාලනෙ? යහපාලනය ගැනම කියලා බලයට ආපු හින්දවත් නිවැරදි පටිපාටියකට අනූව රටෙ අගවිනිසුරු අයින් කලොත් නෙද හොද? නැත්නම් අන්තිමට මිනිස්සු කියයි ඒකාධිපති මහින්ද පාර්ලිමෙන්තුවෙ නිවැරදි පටිපාටිය අනූව අගවිනිසුරු අයින් කරා යහපාලන ආණ්ඩුව කලු කොට් තගාලා යොදාගෙන අගවිනිසුරු පැන්නුවා කියලා.

    ReplyDelete
  10. නිර්ධන පැරා ධනපති උපුල් ජයසූරියගෙ පස්ස කසයි. අනෙ කාලෙ වනෙ වාසෙ.

    ReplyDelete
    Replies
    1. Ha ha Lanka C news ekata wela wimalyage padayak hapa hapa indapan

      Delete
    2. හා.. හා ... උඹ මුලින්ම සිංහලෙන් කොමෙන්ට් දාන හැටි ඉගෙන ගනින්. පස්සේ ඉතිං රනිලගේ බෙට්ටක් හප හප බැරියයි දේශපාලේනේ කථා කරන්න.

      Delete
  11. http://www.weather.com/travel/news/overlooked-destinations
    Jaffna.

    ReplyDelete
  12. උඹල මෙච්චර කල් පට්ටපල් බොරු කට කතා ගොතල මිනිස්සුන්ව රැවට්ටුව තවමත් ඒ වැඩේ ඉවර නැත්ද .....තව ටික දවසකින් මේවගේ ප්‍රතිපල ලැබේවි .....එතකොට ඇටි කෙහෙල් කපු රිලවු වගේ .......උඩ බලාගෙන හූල්ල හූල්ල හිටපල්ල...මහලොකු දේශපාලන විචාරක කාලකන්නි....කරන්න වැඩක් නැත්තන් .....වැසිකිලි හෝදපල්ලා ...එක මීට වඩා නම්බුකරයි .....

    ReplyDelete
    Replies
    1. මුන්ට තියෙන්නෙ මහජාතියෙන් පලිගන්න ස්ව්යන් වයිරී නිවට මානසිකත්වයක්. මහජාතියට හිමි තැන නැති කරන්න පුලුවන්නම් උන්ගෙ වචනෙන්ම ධනපති පන්තිය කියන එක එක්ක හරි එකතු වෙනවා. තව කොටසකගෙ උත්පෙරනයනම් වෙන මුකුත් නෙවෙ පිටරටින් ගලාගෙන එන ඩොලර්.

      Delete
  13. නිල් බලකායේ කලකිරීම, මේ "කොමෙන්ට්ස් " වලින්ම පේනවා. අරලිය ගහ මැදුරේ හංගල තිබ්බ පරිගණක කම්රේට් අමතරව තව එළියේ කාමර තියනවද ? නැතිනම් ඉතුරුවෙලා ඉන්න සැබෑම රජතුමාගේ මෝඩ පාක්ෂිකයෝද (මොකෝ අනිත් අය දාල ගිහිල්ලනේ) ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා