රාජපක්ෂ රජවරුන්, කුමාරවරුන් හා බැලයන් පුනරුත්ථාපනය කිරීම

මහින්ද රාජපක්ෂ පවුල ගැන අතිශයෝක්තියෙන් ඕපාදූප නිර්මානය කිරීම ඇතැම් ඕපාදූප වෙබ් අඩවි විසින් කරනු ලබන බරපතල වරදකි.

රාජපක්ෂ පවුල විසින් කරන ලද දූෂණවල ඇත්ත සොයා ගත යුතු ය. ඒ සම්බන්ධයෙන් බේගල් ගෙතිය යුතු නැත. එවැනි බේගල් ඇත්ත සොයා ගැනීමට බාධාවකි.

මේ සඳහා නිදසුනක් ලෙස පසුගිය ‍දිනෙක ඕපාදූප වෙබ් අඩවියක් විසින් පතුරුවා හරින ලද පුවතක් සැලකිය හැකි ය. එයින් කියැවුණේ තජුඩීන් නම් රගර් ක්‍රීඩකයකුගේ මරණය යෝෂිත රාජපක්ෂ විසින් කරන ලද එකක් බවයි. මෙම කතාව ගෙතීමේදී ලේඛකයා ජනප්‍රවාද පවා යොදා ගත්තේ ය. වාර්තාවේ පැවසෙන පරිදි රග්බි ක්‍රීඩකයා යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියගේ සිරුරේ උපන් ලපයක් ගැන සඳහන් කර තිබේ. මේ ජනප්‍රවාදය දස්කොන් - ප්‍රමිලා කතාවේ ද තිබේ. මේ කතාව මෙම ගොසිප් ප්‍රබන්ධකරුවා තම ගමෙන් ගෙන ආ එකක් විය හැකි ය.

කෙසේ වෙතත්, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් දරන යෝෂිතගේ හිටපු පෙම්වතිය වන යසාරා අබේනායක පවසා ඇත්තේ තමන් තජුඩීන් කිසි දිනෙක හමු වී නැති බවයි. එසේම මිය ගිය පුද්ගලයාගේ පවුලේ අය ද එම මරණය හදිසි අනතුරකින් සිදු වූවක් බවට සැකයක් නැති බව පවසති.

යෝෂිත රාජපක්ෂ‍ගේ දූෂණ පිළිබඳ වෙනත් තොරතුරු ඕනෑ තරම් තිබේ. නිදසුනක් ලෙස, ඔහු නාවික හමුදා‍ සේවය අපහරණය කිරීම හා සී.එස්.එන්. රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය විමර්ශනය කළ හැකි ය.

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන බව පවසමින් ලෝකය ම රවටන්නට දැරූ උත්සාහය විමර්ශනය කළ යුතු ය.

වැඩි ම චෝදනා ඇත්තේ නාමල් රාජපක්ෂටයි. ඔහු සිය නිල් බලකාය නම් අර්ධ අතුරු හමුදාවට වරප්‍රසාද ලබා දුන් නීති විරෝධී ආකාරය හා එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සඳහා එය යෙදවූ ආකාරය විමර්ශනය කළ යුතු ය. එසේම, බලය අපහරණය කළ ආකාරය ගැන ද විමර්ශනය කළ යුතු ය.

මේ තරුණයන් තිදෙනා පුනරුත්ථාපනය කළ යුතු ය. මන්ද, ඔවුන් හැදුනේ, වැඩුනේ තමන් රාජ කුමාරයන් යයි සිතාගෙන ය. රටත්, මහජන දේපලත්, ඇතැම් විට මේ රටේ ගැහැනුත් තමන්ගේ කෙළි බඩු යයි සිතාගෙන ය.මොවුන් මේ රට ප්‍රජාතාන්ත්‍රික දේශයක් බව දන්නේ නැත. රටේ නීතියක් ඇති බව පවා දන්නේ නැත. මානව හිමිකම් පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්ම පිළිබඳ පවා ඔවුන්ට ගැටලු තිබේ. නැතිනම් වැඩිහිටි මිනිසුන් තමන්ට වඳින විට ඒවා වැළැක්වීමට ඔවුන් කටයුතු කළ යුතු ය. ඔවුන් පුනරුත්ථාපනය කළ යුත්තේ එබැවිනි.

රාජපක්ෂ පවුලේ වැඩිහිටි අපරාධකරුවන් විසින් මේ තරුණයන් තිදෙනාට කර තිබෙන හානිය අති මහත් ය. ශෂීන්ද්‍ර රාජපක්ෂ පවා ඔවුන්ගේ ‍ගොදුරකි.

මොවුන්ට නැවත ‍දේශපාලනයට පිවිසෙන්නට අවස්ථාව දිය යුත්තේ පූර්ණ පුනරුත්ථාපනයකින් පසුවයි.ඔවුන් ප්‍රජාතාන්ත්‍රික සමාජයට ගැලපෙන පුරවැසියන් බවට පත් කළ යුතු ය.

වැඩිහිටි සොරුන් පිරිස නම් දේශපාලනයෙන් මුළුමනින් ම විශ්‍රාම ගැන්විය යුතු ය. ඔවුන් විසින් මංකොල්ල කන ලද මහජන දේපල ආපසු ලබා ගත යුතු ය. ලෝකයේ කොහේ සඟවා තිබුණත්, ඒවා මේ රටේ ජනතාවට හිමි දේ ය.

ඔවුන් ළඟ සිටි සුමනදාස අබේගුණවර්ධන වැනි කට්ටඩින් හා ජැක්සන් ඇන්තනි, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, හඩ්සන් සමරසිංහ වැනි තක්කඩි මාධ්‍යකරුවන් ද පුනරුත්ථාපනය කළ යුතු ය. මන්ද, මහින්ද රාජපක්ෂ යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිවරයකු නොව වැඩවසම් රාජ්‍යයක රජකු ය යන මතය ප්‍රවර්ධනය කළ ප්‍රධාන පුද්ගලයෝ මොවුහු ය. මොවුන් ද පුනරුත්ථාපනය කර සමාජගත කළ යුත්තේ ඔවුන් සමාජයට කරන හානිය වැළැක්වීමටයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොල්ලන්ගේ කන්වලට පෑන් ගහන හැටි, පුකට එස්ලෝන් බට බස්සන හැටි බලල ෆන් ගත්ත රනිල්ව, BDSM sex කරන චම්පිකව, ප්‍රා එකේ මිනී මරපු එකේ රාජිතව පුනුරුත්ථාපනය කරන්න ඕන නැද්ද ??

    එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

    ReplyDelete
    Replies
    1. +++++++++++++++
      තව්තිසාවේ සිට එකවරම 2015 සුටුස් ගා ප්‍රාතිර්භූත වූ වමේ බබාලා, මොකෝ මේ නහයෙන් අඩන්නේ, නිකන් අවුල් වගේද?

      වමේ ළදරුවන්ගේ ෂෝර්ට් ටර්ම් මෙමරි ලොස් ලෙඩේ සුවපත් වේවා !! ජිවිතේ ඉතුරුටිකවත් ධනපති තක්කඩින්ට කඩේ නොයා සිටීමට ප්‍රඥාව පහල වේවා!!!

      Delete
    2. මෝඩ ඇනෝ,
      රනිල් හෝ චම්පක පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය නැත. කන් වලට පෑන් හෝ පුකට එස්ලෝන් බට බස්සන හැටි බලමින් ෆන් ගත්තේ රනිල් නොවේ. හැරත්, රනිල් පුනරුත්ථාපනය කළ යුතුව තිබුනි නම්, එය 1994දී පමණ ආරම්භ කළ හැකිව තිබිනි. මෙපමණ කලත් බලා සිටියේ ඇයි? උත්තර දෙන්න. ඇයි මෙපමණ කලක් බලා සිටියේ? ඇයි?

      චම්පික රණවකගේ පෞද්ගලික ලිංගික ජීවිතය සමාජයට අදාළ නැත. ඔහුගේ වර්තමාන ක්‍රියාකාරිත්වය විශිෂ්ටය.

      රාජිත දැනටමත් පුනරුත්ථාපනය වී ඇත. එසේ නොමැතිනම් 1994දී පුනරුත්ථාපනය නොකළේ මන්ද? උත්තර දෙන්න මෝඩ ඇනෝ.
      දෙවැනි කාරණාව නම්, පුනරුත්ථාපනය කළ යුතු තවත් පුද්ගලයන් ගණනාවක් සිටිය හැකිය. විමර්ශනය කරගෙන යාමේදී ඒ පිළිබඳව සොයාගැනීමට හැකිය.
      එහෙත්, ඒ කිසිවකින් නාමල්, යෝෂිත හා රෝහිත පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කළ යුතුය යන සත්‍යය වෙනස් නොවේ. පුනරුත්ථාපනය කළ නොහැකි නම් බන්ධනාගාර ගත කර සමාජයෙන් වෙන් කළ යුතුව පවතී.
      -හෙනහුරා

      Delete
    3. ගොන් හෙනහුරෝ,

      කන් වලට පෑන් හෝ පුකට එස්ලෝන් බට බස්සන හැටි බලමින් ෆන් ගත්තේ රනිල් නොවේ නම් උඹද, සිරිසේන කුරේද? සජිත් ප්‍රේමදාස???. ඔච්චර ෂුවර්එකට දන්නේ උඹත් රනිලගේ පුක් ගැන්සියේද ? රනිල්ගේ හැටි අකිලගෙන් අහපන් ඌ වෙන පුක් වලට යනකොට උබවගේ උන්ට කියල යන්නේ නෑ. 1994 රනිලත් 2015 මහින්ද වගේම තමයි දාපු ඩිල් ගැන මෙතන තප්පුලන්නේ නැතුව චන්ද්‍රිකාගෙනුයි, මහින්දගෙනුයි අහගනින්.

      චම්පිකගේ පෞද්ගලික ලිංගික ජීවිතය සමාජයට අදාළ නෑ කියල ෂුවර්ද, ඌ උඹ වගේ වෘෂඹ රජයොත් එක්ක BDSM කරන එකක් නෑ හැබැයි නිලන්ත ඉලංගමුවලගේ ඊ නිව්ස් ඒදවස්වල කිවුවේ චම්පිකගේ පෞද්ගලික ලිංගික ජීවිතයය නිසා එක්නැලිගොඩ අතුරුදහන් කියල.

      රාජිත පුනුරුතාපනය උනේ උඹට කියලද? රාජිත අදින් පස්සේ කොල්ල බාල්ක වල එල්ලලා වධ දෙනකොට කටට චු කරාම මරල දාන එකක් නැද්ද? අනේ තොපි වගේ ගොන් වහන්සේලා

      උඹට නාමල්, යෝෂිත හා රෝහිත පුනරුත්ථාපනය කරන්න බැරිනම් ඕන පුකක් කරගනින්, අපි කිව්වේ උන්ව පුනරුත්ථාපනය කරන්න කලින් ඇත්තටම පුනරුත්ථාපන කරන්න ඕන වුන් ආණ්ඩුවේ ඇමතිලා කියල. උඹ තණකොළ කෑවට අනික් තණකොළ කන්නේ නෑ බන්. යහ පාලන ගොන් වස්ස.

      Delete
    4. @ AnonymousJanuary 16, 2015 at 9:30 PM

      පුක කළුවො ඇයි උඹ ඇනෝ කමෙන්ට් ගහන්නේ. උඹ දැන් බයේද ඉන්නේ.

      Delete
    5. මෝඩ ඇනෝ,
      රනිල් කන් වලට පෑන් සහ පුකට ඇස්ලෝන් බට බැස්සවීමක් ගැන මා දන්නේ නැත. එය ඔබ විසින් නිරීක්ෂණය කළ දෙයක් නම් මට එය පිළිගන්නට සිදු වේ. රනිල් සහ තවත් දේශපාලනඥයන් සමලිංගිකයන් බව මා අසා ඇති නමුත් එය හෝ ඔවුනගේ අසම්මත ලිංගික ක්‍රියාකාරකම් මත යැපෙමින් දේශපාලන විශ්ලේෂණයන් කිරීම අමන කමකි.
      මා තේරුම් ගත්තේ 1989 කාලයේ දේශපාලන සිරකරුවන්ට වද දීමේ කොටසක් ගැන ඔබ කතා කරන බවයි. වෙනත් අවස්ථාවක කවුරු කොහේ මොනවා ගැසුවාද යන්න මා දන්නේ නැත.

      මා කථා කළේ දේශපාලනික වශයෙන් වැදගත් වන පුනරුත්ථාපනය කිරීම් ගැනයි. ඔබ කියන හැටියට එක එක්කෙනාගේ ඇති පුද්ගලික අඩුපාඩු නිවැරදි කිරීමට පුනරුත්ථාපනය කරන්නට මහන්සි වීමට පෙර මේ රටට වැදගත් දෙයක් කතා කළ යුතුය.

      ඔබගේ පටු කල්පනාව ගැන අනුකම්පා කරනව මම මෝඩ ඇනෝ.

      Delete
    6. /*රනිල් සහ තවත් දේශපාලනඥයන් සමලිංගිකයන් බව මා අසා ඇති නමුත් එය හෝ ඔවුනගේ අසම්මත ලිංගික ක්‍රියාකාරකම් මත යැපෙමින් දේශපාලන විශ්ලේෂණයන් කිරීම අමන කමකි. */

      රනිල් ගේ ලිංගික චර්යාව ඔහුගේ දේශපාලනයට බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කෙරෙන අගනා ලිපියක් ටැබූ විසින් කලකට පෙර ලියා පල කර තිබේ..හැකිනම් එය සොයාගෙන කියවන්න.
      චන්ද්‍රිකාගේ පුද්ගල ඇබ්බැහියන් රටේ දෙශපාලනයට බලපෑ අයුරු අතීතට අමතක නැති අයට පහසුවෙන් සොයා ගත හැක. නැතහොත් වික්ටර් අයිවන් ගේ චෞර රැජින කියවන්න..

      Delete
  2. ශ්‍රීලනිප සභාපති මෛත්‍රී
    හිටපු ජනපති එකඟවෙයි

    * මහින්ද දේශපාලනයෙන් සමුගැනීමේ තීරණයක්‌!
    * කථානායක නිල නිවසේදී දෙදෙනා හමුවී සාකච්ඡා
    * රජයේ දින 100 කාලය ඊට වඩා වැඩිවිය හැකියි

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ධුරය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟතාව පළ කර ඇත.

    ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී, විධායක සභාවේදී හා මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අනුමත කර ගැනීමට කටයුතු කරන බවද ප්‍රකාශවී තිබේ.

    කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී පෙරේදා (14දා) රාත්‍රියේ හිටපු ජනපති සහ නව ජනාධිපති අතර පැවති විශේෂ සාකච්ඡාවේදී අදාළ එකඟතාවට එළැඹ ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආරංචි මාර්ග කියා සිටී.



    //එහිදී ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ට මෙන්ම නව රජයෙන් රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ටද කිසිදු හිංසනයක්‌ නොවිය යුතු බවට එකඟතාවක්‌ ඇතිවී තිබේ.//

    නව රජය දින සියයක කාලයකට සීමා වන බවට කලින් ප්‍රකාශ වුවද එම කාලය දින සියයට වඩා වැඩි විය හැකි බවද නව ජනාධිපතිවරයා පවසා ඇත.
    ------------------------------------------------------

    එතකොට පැරා කාවද පුනරුත්ථාපනය කරන්න බලං ඉන්නේ ?? ??

    ReplyDelete
    Replies
    1. ඔක්තොබර් වගේ කාලෙ
      පැරා: පොදු අපේක්ශකයෙක් ඕන
      මසොපි: පිස්සුද ඕක හරියන්නෑ

      දෙසැ.
      පැරා: මෛත්‍රී දිනනව
      මසොපි: පිස්සුද මරා මේ සැරෙත් දිනනව. කීයක් ඔට්ටුද?

      ජන් 9න් දවසකට දෙකකට පස්සෙ
      පැරා: මහින්දට දඬුවම් දෙන්න ඕන
      මසොපි: අනේ ඒ මනුස්සයට බුලත් විටක් කාල ඉන්න දෙන්න

      දැන්
      පැරා: කුමාරවරු පුනරුත්ථාපනය කරන්න ඕන
      මසොපි: හරියන්නෑ පැරා ඕකුන් ඩීල් දාල…

      ;-)

      Delete
    2. //මසොපි: හරියන්නෑ පැරා ඕකුන් ඩීල් දාල…//
      http://www.divaina.com/2015/01/16/news01.html

      මම කියපු එකක් නෙමේ උන්නැහේ , ජාතික පත්තරේ ක තිබුන දෙයක් පෙන්නුවේ. කොහෙද සල්ලි වලට , උසස්වීමට , ස්ථාන මාරුවට තැන නොතැන බලන්නේ නැතුව සීනි කිරන්න ගියාම විචාර බුද්ධිය වලපල්ලට යනවනේ.

      :)

      Delete
  3. පැරකුම් මහතාණනි,

    දේශපාලනඥයන් සොරුන් බවට පත්කර ඇත්තේ මෙම ක්‍රමයයි (මේ ක්‍රමය ඇතිකරන ලද්දේ දේශපාලනඥයන් උවත් පවත් වාගෙන යන ලද්දේ මහජනතාව වන අප විසිනුයි ) දැන් සාදරනවා සිතන්න මන්ත්‍රී වරයකුවීමට ප්‍රචාරණ වියදම ලක්ෂ 900 වනවිට වසර 6 කදී ඔහුට ලැබෙන වේතන සහ සියලු පහසුකම් වල වටිනාකම එක්කෝටි හත්ලිස්හතර ලක්ෂයකි එනම් ලක්ෂ 144 නම් ඔවුන්ව සොරුන් කරන ලද්දේ කවුද ?

    සිංගප්පුරුවේ අමාත්‍ය මට්ටමේ පුද්ගලයකුට වසරකට $1,583,900 එනම් මසකට $ 131991 රුපියල් 17554891.66 පමණ අවම මුදලක් ගෙවනු ලැබේ, මතක තබා ගතයුත්තේ සිංගප්පුරුවේ ගෙවන මුදල මෙන් කීපගුනයක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු සොරකම් කිරීමයි.

    මට වැටහෙන ලෙස අප කලයුත්තේ ස්වාදීන කොමිසම් පත්කිරීම මගින් දුසනය අවම කිරීමයි, ස්වාදීන කොමිසම් දීර්ගකාලීන පැවැත්මට දේසපාලන ඇගිලි ගැසීම් අවම කලයුතු වන අතර (ඉහල වැටුපක් ලබන දේශපාලනඥයන් නීති විරෝදී ක්‍රියා කිරීමට නොපලබීමන් ) නිතියනුකුල ක්‍රමය පැවැත්වීමට හැක.
    සිංගප්පුරුවේ සිදුවෙන්නේ මෙයයි !

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි මහතාණනි, සිංගප්පූරුවේ ඇමතිවරයෙක් ඩොලර් එක් ලක්ෂ තිස් එක් දාස් නමසිය අනූ එකක් මාසයකට වැටුප් වශයෙන් ලබද්දී ලංකාවේ ඇමතිවරයෙක් ඊට බෙහෙවින් අඩු මුදලක් ලැබීම හොරකම් කිරීමට හේතු වෙනවා නම්, මාසයකට රුපියල් තුන්දාස් පන්සීයක් වැටුප් ලබන ලක්ෂ දහයක් පමණ මිනිස්සු සියළුම ව්‍යාපාරිකයන්ගේ මුදල් සොරකම් කළ යුතුය. ඒ සඳහා සමස්ත ලංකා මට්ටමේ සංගමයක් හදා ගත යුතුය. පොලිසිය හා රහස් පොලිසියත් අඩු වැටුප් ලබන නිසා ඔවුන්ටත් හොරකම් කරන මුදලින් පංගුවක් ලබා දීමෙන් කරදරයකින් තොරව දිගටම හොරකම් කළ හැකිය.
      අනේ මෙහෙමත් මෝඩ කතන්දර!
      -හෙනහුරා

      Delete

    2. ලාංකීය සිතුවිලි මහතානෙනි
      ඔබ කියන්නේ දේශපාලනඥයන්ට ඔවුන් හොරකම් කරන්නේයැයි උපකල්පනය කරන මුදල නීත්‍යානුකූලව ලබා දිය යුතුයි කියාද ?
      හරිම අගෙයි
      අඩු වැටුප් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයද ඔවුන් හොරකම් කරන්නේයැයි උපකල්පනය කර යම් මුදලක් මාසිකව දෙන්නට ක්‍රමයක් නැතිද
      එම දීමනාවට හොරකම් උපකල්පන දීමනාවයැයි නමක් තබමු.

      Delete
    3. හෙනහුරා මධ්‍යස්ථ මතධාරියා,

      මහත්වරුනි, සාමාන්‍ය රැකියා කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 900 ප්‍රචාරණ සදහා වියදම් නොකරන බව දන්නවා ඇති. කරුණාකර ප්‍රයෝගිකව සිතා පහත ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.

      01. ශ්‍රී ලංකික මන්ත්‍රී වරයකුට මසකට රුපියල් ලක්ෂ 30 පමණ වැටුපක් ලබා දුන්නොත් සහ ඉතාම දැඩි දඩුවම් අල්ලස් ගැනීමකදී ඇත්නම් පුද්ගලයකු මීට වැඩියෙන් සොරකම් කිරීමට පෙලබේද? එසේ නොපෙලබේ නම් ඉතිරිවන දනයේ ප්‍රතිලාබ ලැබෙන්නේ ජනතාවට නොවේද ?

      02. දැන් ඔබ මගෙන් අසන ප්‍රශ්නය, දැඩි දඩුවම් අල්ලස් ගැනීමකදී යෙදීමෙන් පමණක් මෙය කල නොහැකිද යන්නයි (කරුණාවෙන් සිතන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරු යනු විසේස පිරිසකි මන්ද අපට නැති බලයක් ඔවුන්ට නීති පැනවීමට ලැබී තිබිමයි ) මෙවැනි නීතියක් පනවා ඇත්නම් සහ මන්ත්‍රී වරුනට සාදාරන මුදලක් (ඔවුන් වියදම්කරන මුදලට සපෙක්සව ) නොලබෙනම් මෙම හිතකර නීති තමාට බලය ලැබෙන මුල්ම අවස්ථවේ ඉවත් කිරීමට පියවර ගන්නවා ඇත.

      එබැවින් දීර්ග කාලින ස්ථාවර බවට මෙවැනි කැපකිරීම් ජනතාවට කලයුතු වෙයි.

      ජනතාවගේ ආර්ථිකය සංවර්දනය කරන විදිය ඉදිරි ලිපියකින් පලකරමි.

      Delete
  4. නව ජනාධිපතිවරයා සමග රාජපක්ෂ කල සතරකන් මන්ත්‍රණය අනුව මෙය විසඳෙනු ඇත. සදාතනිකවීමට හෝ පීචං වීමට අවස්තාව නව ජනාධිපතිවරයාට විවර වී ඇත.

    ReplyDelete
  5. MR and his family- The executive power is no more. Therefore I would say the whole family is now self rehabilitated to some extent. For example MR compelled to give up the leadership of SLFP. Namal needs continue his career as a politician which is good as still lot of people like Rajapaksas. There are rumors that Mr Chamal Rajapaksa will continue as the Speaker of the house. If so, SLFP supporters will be happy to see some one from the Rajapaksa family still holds a key position after an unexpected defeat. Even the opposition did grateful to him in the past on his role.History has proved that it is not possible to eradicate Bandaranikes. So Rajapaksas.

    ReplyDelete
    Replies
    1. This is a democratic republic. No royal families can exist here unless people like you are still worshiping them. Of course Rajapakse tried to eradicate Bandaranaike name from politics. It is not necessary to maintain any family by the public.
      Even though it is debatable, MR may be good for leadership during a war but definitely for building the peace.

      - Henahura

      Delete
    2. Thanks for the reply. SL is a democratic republic since 1978. But from JR to MR were praised "Athigaru..... uthmanan"! Also they were all above the law!! So we have to admit that we had these fake kings and queens until the 8th..It is going to change now and thanks to media, specially to social media this change is going for ever. Two years of career of Maithri as a Communist is worth more than the rest of his career as a SLFP member.

      Delete
  6. යොශිත ඔය රගර් ක්‍රීඩකයාව මැරුවා කියන කතාව ප්‍රසිද්ද උනෙ බොහොම ඉස්සර. මයිත්‍රීට චන්දය දුන්නු 5ස් දෙනෙක් එක්ක මම ඔය කතාව ගැන කතා කරා. ඒකෙන් 4 දෙනෙක්ම ඔය කතාව පිලිගන්නවා. 1ක් විතරක් මූන ඇබුල් කරගත්තා. ඔන්න යහපාලන පට්ටියෙ විචාර ශක්තිය! 80% ඉන්නෙ ඕන බොරුවක් පිලිගන්න කට්ටිය.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එක් . එක් පුද්ගලයින් ගැන සාමාන්‍ය තක්සේරුවකින් ඉන්නේ , ඉතින් යෝෂිත , නාමල් ගැන වුනත් එහෙමයි ., කොටියෙක්, සිංහයෙක් වගේ සත්තු , මුවෙක් , මරුවා කීවාම පිලිගන්නවා , නමුත් මුවෙකු විසින් සිංහයෙක් මරුවා කීවම ඒ ගැන හොයා බලලා තමයි පිළිගන්නේ , ඕනෑම මැ ර වැඩක් මර්වින් සිල්වා කළා කීවොත් පිලිගන්නවා , නමුත් රාජපක්ෂලා ගේ සහෝදරයෙක් වන චමල් රාජපක්ෂ මැර වැඩක් කළා කීවොත් එලෙස පිළිගන්නේ නැහැ නේද ,

      Delete
  7. ප්‍රශ්නය වන්නේ පුනරුත්ථාපනය කරන්නේ කව්රුන් විසින්ද යන්නයි! සමස්ථ ලාංකික සමාජයටම එක් ආකාරයකින් හෝ පුනරුත්ථාපනයක් හෝ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වේ. දේශපාලනය රැකියාව වශයෙන් තෝරා ගන්නා අයවළුන් දැඩි තෝරා ගැනීමේ ක්‍රියාවළියකට භාජනය කර ස්වාධීන මණ්ඩළයක් හෝ කොමිසමක් මගින් ඔවුනගේ කාර්යයසාධනය අධීක්ෂණය කළහොත් ... මේ ගැන සිතන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. Laankika samaajaya boho kalak nihandawa sitiya. Eyata muulika hethuwa une 1977 JR balayata aavita kamkaru aragala mera balayen mardanaya karala, minisunta paharadeela vinisuruwanta gal gahala, adhikaranaya daduwam kapu ayata rajayen dada mudal gewala karapu samaaja vinaasaya. Inpasu minissu yali avadi une pasugiya maasaye! Avurudu 35kata pasuwa. Deshapalanaya yahapath wenakota deshapalakayath yahapath wenawa.Udaa: Mervin ganna kawuruwath kemathi ne.

      Delete
  8. කලින් කට්ටිය කාල නවත්වපු තැන ඉදන්, කාගෙන කාගෙන යන්න බලන් ඉන්න අය පුනුරුත්ථාපානයෙන් වැඩේ පටන්ගත්තොත් මොකෝ??

    ReplyDelete
  9. යහපාලනය යනු නවත්තපු තැන ඉඳන් කන එක හෝ අඩුවෙන් කන එක නොවේ. වර්තමාන ධනපති ක්‍රමයේ පැවැත්ම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අවශ්‍යය. එය සමාජවාදය නොවේ. ධනවාදය වූකලී වැඩවසම් ක්‍රමයට වඩා ප්‍රගතිශීලී වූවකි. එහෙත් එතුළ පවතින අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නිසා, ප්‍රජාතන්ත්‍රවාදය විටින් විට පිරිහීමට ලක් වේ. සංවිධානගත වූ කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහුණු ධනපති ක්‍රමය පෙරළාදමනු ඇත. ඒ අතින් ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම නිර්ධන පංති විප්ලවය ඉක්මන් කරයි. එහෙත් සමාජවාදය සඳහා සටන් කරන මානව හිතවාදියා පිරිහුණු ධනපති ක්‍රමය යටතේ නිර්ධනයා පෙළීමට ලක් වනවාට අකමැතිය. එසේ අකමැති වන එත් හේතුවක් ඔහුගේ මානව හිතවාදිත්වය වන අතර අනෙක් හේතුව වන්නේ එබඳු අවස්ථාවක ඇති වන නිර්ධන පංතියේ නැගිටීමක් තුළින් බිහිවන්නේ කුරුවළු වූ සමාජවාදයක් වීමයි.

    ReplyDelete
    Replies
    1. වැඩවසම් ක්‍රමය යනු ධනවාදයේම රූපන්තරනයක් වෙයි. රනිල් වික්‍රමසිංහට සර් කියන රෝයලිස්ට්ස්ල අධ්‍යාපන ඇමති වන්නේ කෙසේදැයි අද්‍යනය කිරීමෙන් ලිබරල් ධනවාදයේ වැඩවසම් ලක්ෂණ හදුනාගත හැක. ලංකාවේ පවතින්නේ ලිබරල් ධනවාදයි, එය පිළිගැනීමට ලජ්ජා, බංකොලොත් වූ බිස්නස් කාරයින් එයට වැඩවසම් ක්‍රමයයි කියයි.

      එකී බිස්නස් කාරයින්ට, කාල නවත්වපු තැන ඉදන් කාගෙන කාගෙන යන්න ඕන උනාම රතුපාට කමිස අදින, තොප්පි දාන, රැවුල් වවන අයට යහ පාලන කැරට් අල දෙයි. කැරට් අල බුදින උන්ට අපි වම්මුයයි කියයි. අම්මට සිරි වම්මුන්ට හිටපු ගමන් මානව දයාව පහල වෙයි. එක් ධනපතියෙක් යටතේ නිර්ධනයා පෙලීම වෙනුවට තවකෙක් ආදේශ කරයි. ආදේශ කල එකා යහ පාලනය දෙනකම් කට ඇරන් බලා හිදී, නොලැබුනොත් තව කාට හෝ කඩේ යයි. 1994, 2005, 2015!!

      Delete
    2. කරුණාකර කමෙන්ට් එක නැවත කියවන්න.
      වැඩවසම් ක්‍රමය යනු ධනවාදයේ රූපාන්තරණයක් වන්නේ කෙසේද? එසේ නොවේ.

      ලිබරල් ධනවාදයේ වැඩවසම් ලක්ෂණ තිබේද නැද්ද යන්න ගැන හෝ ලංකාවේ පවතින්නේ ලිබරල් ධනවාදයද වැඩවසම් ක්‍රමයද යන්න ගැන මා කතා කළේ නැත.

      වම්මු යන වචනය නිශ්චිත වූ තේරුමක් නැති වචනයකි.

      මා කියන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව ධනවාදී සමාජයක පැවැත්මක් නැති බවයි.

      Delete
  10. Welaa thiyena dewal balanakota pissek raja karalath yuddhayak dinapu ratak lankaawa.

    ReplyDelete
    Replies
    1. රජා කොහොමද යකෝ යුද්දේ දිනුවේ ?
      චන්ද්‍රිකා මඩම් 75% ඉවර කරලා තිබ්බ. ආයුධ ගෙනත් තිබ්බ. සරත් පොන්සේකා ඇවිල්ල ඉතුරු ටික ඉවර කරා.කාලකන්නි රජයි උගේ සහෝදර සෙට් එකයි සීත කාමර වල ඉඳං ක්‍රෙඩිට් ගන්නවා.

      Delete
  11. The brand new finance minister Hon Mr Ravi Karunanayaka has to appear before the criminal courts in colombo in order to respond to the courts about an illegal transaction done between the Hon minister and an LTTE tycoon now serving a lifelong prison sentence in a USA prison. He is going to present the provisional budget to the parliament on the 29th January where he has to appear before the courts! Is this a coincidence
    This transaction involves millions of $!
    The date 29 January was selected to present the provisional budget to the parliament! Is it a coincidence of Yahapalanaya or a pretext?

    ReplyDelete
  12. ඔවුන් ළඟ සිටි සුමනදාස අබේගුණවර්ධන වැනි කට්ටඩින් හා ජැක්සන් ඇන්තනි, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, හඩ්සන් සමරසිංහ වැනි තක්කඩි මාධ්‍යකරුවන් ද පුනරුත්ථාපනය කළ යුතු ය. මන්ද, මහින්ද රාජපක්ෂ යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිවරයකු නොව වැඩවසම් රාජ්‍යයක රජකු ය යන මතය ප්‍රවර්ධනය කළ ප්‍රධාන පුද්ගලයෝ මොවුහු ය. //
    ඇත්තෙන්ම වඩා භයානක මේ පුද්ගලයන්.ඔවුන් තමයි අපේ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් හෑල්ලුවට ලක් කළේ.මේ රිද්මය තව කලක් තිබුනානම් ජනතාව එයට ඇබ්බැහි වී ලොකු විපතක් වෙන්න ඉඩ තිබුනා.
    දැනටත් සමහරුන්ට සාංකාව වගෙ
    කේන්දරකරුවන්ට එරෙහිවත් ප්‍රබුද්ධ කතිකාවතක් ඕන.

    ReplyDelete
    Replies
    1. Sumanadaasa- Porondam saha nekath balanna pamanak seema vevi.
      Jakson- swayam punaruththapanayakata tharamata ugath, Somaratne wage.
      JRP- ohu gena kalabala venna epa. Dan hungak wayasai ne.
      Hudson- Eyaata uruma thenata yaavi. Ithihaasaye kunu bakkiyata.

      Delete
  13. මේක නම් හරියන වැඩක් නෙවෙයි. දැන් ඔහොම ගිහිල්ලා පැරා කියාවි අපේ මාරයා අයියා වත් පුනරුත්ථාපනය කළ යුතුයි කියලා. ඔය ජැක්සන් ඇන්තනිලා සූරියප්පෙරුමලා කරපු වැඩේ එයාත් කළානෙ. ඒ මදිවට සිංහල කම බෞද්ධකම ගැන දේශනා කරමින් නාකි දොස්තර කෙනෙක් එක්ක බඳින්නේ නැතුව ලිවින් ටුගෙදර් පාරක් පටන් ගත්තා. ඒක සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟද මන්දා. මහින්ද කියන්නෙ රජෙක් කියලා තමයි අපේ මාරයා අයියත් හිතාගෙන හිටියෙ. මාරයා අයියාට කුඩා කාලෙ සාත්තර කාරයෙක් කියලා තියෙනවාලු කවදා හරි රජෙක් ගෙන් වැඳුම් ලබනවා කියලා. ඉතින් මහින්ද රජෙක් කියලා හිතාගෙන මහින්දගෙන් වැඳුම් ගන්න පුළුවන් කියලා එයා හිතුවා. කවමදාවත් හරිගියේ නම් නෑ.

    ReplyDelete
  14. පුනරුත්ථාපනය පිලිබඳ ඔබේ අදහස හොඳයි , නමුත් ඊට නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍යයි .
    හොරකම , මංකොල්ලය , වංචාව උඩ සිට පහළට ක්‍රමයක් තරමට පවත්වා ගෙන ගිය බැවින් දේශපාලන ලෝකය , රාජ්‍ය ආයතන වගේම සමාජයත් දරුණු ලෙස පිරිහුණු තැනට ආව නිසා ; මහජන සත්‍ය නිරාවරණ අධිකරණයක් ( peoples’ tribunal for finding truth) නැත්නම් දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සංහිඳියා ( සමගි සන්ධාන ) කොමිසම ( Truth and reconciliation commission) වගේ දෙයක් අවශ්‍ය නැද්ද අපගේ සමාජයට පිරිසිදු වී සුවපත් වෙන්නට . මේ කොමිසම වගේ තැනකට ගිහින් ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කර , (හොරකම් කල දෙයක් භාරදී ආපසු ) මහජන කටයුතු වලට හෘදය සාක්ෂියට එකඟව බහින්නට , විවිධ හේතු නිසා මේ ක්‍රමය තුළට පැටලුණු අයට එවිට අවස්ථාව ලැබෙනවා; නියමුවන්ට නෙමෙයි පස්සෙන් ගිය අයට ඒ අවස්ථාව තියෙනවා නම් රට තුළ ක්‍රෝධ - වෛරී බලවේග වලට ඉඩ අඩුවෙනවා .

    ReplyDelete
  15. පැරා ,

    මර්වින් සිල්වා මහතා විසින් බැසිල් සහ ගෝටාභය යන රාජපක්‍ෂ සොහොයුරන් දෙදෙනා පසුගිය පාලන සමයේදී වංචා සහ දුෂණ කලා යයි අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත. දැන් පුනරුත්ථාපනය කල යුත්තේ කවුද ? රාජපක්ෂ සොහොයුරන් දෙපලද? මර්වින් සිල්වාද? නැත්නම් පුනරුත්තාපන කිරීම ගැන මත පල කරන මේ ඔබද?

    ReplyDelete
    Replies
    1. අපි මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී නො සිටින බව තේරුම් ගන්නට බැරි ඔබව.

      Delete
    2. හූ....හූ... ගොන් පාට් සරමේ !!!

      Delete
  16. රාජ කුමාරවරුන් පුනරුත්ථාපනය කිරීම පය බරවායට පිටිකර බෙහෙත් බැදීමකි. රජ කුමාරවරුන්ගේ අඩුව පිරවීමට සිටු කුමාරවරුන් නොපමාව එනු ඇත.

    ReplyDelete
    Replies
    1. Samaajaya avadiyen
      Raja kumararun
      Situ kumarun
      Nidi yahanata
      Yaa yuthu
      Yugaya elambila

      Delete
  17. Para,Oba Blog awakashaye inna aya athuren Puwthpwth kalawath sambanda,prakata Madyawediyek,Enisai oben Ahanne,France,wala CHARLIE HEBDO Madyawedeen gathanayata witodaya palakarana,Lankawe madya wedenge sangam monawa hari kalada?kohomada api denaganne,(Munta, uththara denna) ----Gehan.Macele-France.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා