ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් සතිය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී උපායමාර්ග දෙකක් අනුගමනය කරමින් සිටියි. 

ඉන් එකක් වන්නේ උපරිම වශයෙන් සිංහල අවුළුවා සිංහල ජනතාවගෙන් 70%ක පමණ ඡන්ද ලබා ගැනීමයි. 

දෙවන උපායමාර්ගය වන්නේ දෙමළ, මුස්ලිම් ජනයා ඡන්දය දීම හැකි තරම් වැළැක්වීමයි. මේ සඳහා ඔහුට කොටි සංවිධානයේ ඉතිරි වී සිටින කොටස්වල සහයෝගය දිනා ගැනීමට හැකියාව ලැබී තිබේ. ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් කේ.පී. දැනට සිටින්නේ ඔහුගේ සෙවණෙහි ය. 

එසේම, කොටි හිතවාදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දෙන කණ්ඩායම, ආනන්දි ශශිදරන්, දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදී කණ්ඩායම් හා ටැමිල්නෙට් වෙබ් අඩවිය විසින් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ දෙමළ ජනතාව ඡන්දය වර්ජනය කළ යුතු බවයි. 

දේශපාලනික වශයෙන් සක්‍රිය නැති නාගරික ප්‍රජාව අතර, අන්ත සිංහල ජාතිවාදීන් අතර හා බුද්ධිමත්භාවයෙන් අඩු ගැමි ජන කොටස් අතර මහින්ද රාජපක්ෂට ශක්තිමත් පදනමක් තිබේ. එහෙත්, එම පදනම සිංහල ජනතාව වෙතින් 70%ක් ඡන්ද ලබා ගැනීමට ප්‍රමාණවත් වේ ද යන්න සැක සහිත ය. අපගේ අධ්‍යයන අනුව ඔහුට සිංහල ජනතාව අතර ලබා ගත හැකිව තිබෙන උපරිම ඡන්ද ප්‍රතිශතය 50%කි.

ඒ අතින් ගත් කල මෛත්‍රීපාල සිරිසේනට තිබෙන අභියෝගය එතරම් සුවිසල් එකක් නො වේ. ඔහුට සුළු ජන ඡන්දවලින් 80%ක්වත් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි ය. එය සමස්ත ඡන්දවලින් 20%කි. 50% කරා යාමට ඔහුට සිංහල ජනතාව වෙතින් අවශ්‍ය වන්නේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. සිංහල ජනතාව වෙතින් 45% -50% අතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් විට ඔහුගේ ජය තහවුරු වේ. 

ඡන්දය ප්‍රකාශ කරන දිනයට තිබෙන්නේ තව සතියක් පමණි. මෙම සතිය ඉතා වැදගත් ය. 

මෛත්‍රීපාල සිරිසේන වටා ඒකරාශී වී සිටින ඇතැම් මෝඩ පණ්ඩිතයෝ දැනටමත් තමන් දිනා අවසන් යයි සිතති. එහෙත්, මහින්ද රාජපක්ෂ සටන අතහැර නැති බව ඔවුන් වටහා ගත යුතු ය. සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, සරත් ෆොන්සේකා වැනි විපක්ෂ චරිතයක් අවසන් ‍මොහොතේ හෝ ආණ්ඩුවට විකිණෙන්නට පුළුවන. එසේ විකිණී දැවැන්ත හානියක් කරන්නට ද පුළුවන. 

මෙම තත්වය තුලනය කිරීම සඳහා ආණ්ඩුවේ මැති, ඇමතිවරුන් තවත් පිරිසක් විපක්ෂයට කඩා ගැනීම වැදගත් වේ. 

ජනතාවගෙන් අනුකම්පාව සිඟන තැනකට ද ඔහු තල්ලු වන්නට ඉඩ තිබේ. 

මෙම සතිය තුළ මෛත්‍රීපාල වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන පිරිස ඔහු වෙනුවෙන් පෞද්ගලිකව ඡන්ද හැරවීම වෙනුවෙන් වැඩ කළ යුතු ය. 

විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කිරීම වැදගත් ය. රටේ ජනගහණයෙන් අඩක් කාන්තාවෝ ය. ඔවුන්ගෙන් බහුතරය දේශපාලනික වශයෙන් සක්‍රිය නැත. එහෙත්, ජීවන බර වැඩියෙන් ම දැනෙන, දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වැඩියෙන් ම වගකීම් සහගත පිරිස මේ අයයි. ඔවුන්ට නිසි ‍ගරුත්වය, ආරක්ෂාව හා බලාපොරොත්තු ඉටු වන හෙට දිනක් වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදීම ඉතා වැදගත් ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Gambada sinhala chanda Mahindata vaasi venna puluwan. Namuth nagarabada sinhala chandawala vaasiya Maithrita.
    Demala saha Muslim chanda ithaa wedi kotasak Maithrita.
    Aluthgama siddiya loku venasak kalaa. Eya makeemata nohakiya.
    SB redi galawanna kiyapu katha kaantha chandawalata balapaanawa.
    Kumbukgate siddiya chandayata balapaan thawath siduweemak.
    Ihatha kaarana jaathika washaeyn chandayata balapaanawa.
    "Dhuushanaya" pilibanda mathawadaya thadin pathiruna. Okkoma chanda Maithrita ganna nohaki unath. Mahindata chandya dena minissu unath "Dhushanaya" sathya bawata ekanga wenawa.

    ReplyDelete
    Replies
    1. කොටියට ඕනා නැගිටින යුගයක්
      ඒකට ඕනා මෛත්‍රී යුගයක්

      තම්බිට ඕනා දේශෙන් කොටහක්
      ඒකට ඕනා මෛත්‍රී යුගයක්

      පැරාට ඕනා පත්තර කතු කමක්
      ඒකට ඕනා මෛත්‍රී යුගයක්

      නව මෛත්‍රී යුගයකට ආසිරි

      Delete
    2. පුකකට ඕනා මෛත්‍රි අමුඩයක්ද?

      Delete
    3. නෑ ඒකට අවශ්‍ය වෙන්නේ කකා මාක් වවුල් ජොකෙක්
      වවුල් ජොක්කු සහ ගොනා කානුවේ කතන්දරේ

      Delete
    4. ශාරුක් ඛාන්ට ජයවේවා , මෙය මෝගල් අධිරාජ්‍යයා විසින් අප රටේ බලය ඇල්ලීමට ගත් උත්සායක්. ශාරුක් ඛාන්ට ජයවේවා කියා ඉතා පහසුවෙන් එය පරාජය කිරීමට සිංහල කොල්ලෙකුට හැකිවිය.

      Delete
  2. මගේ ගනන් බැලීම අනුව මේ වනවිට සින්හල ඡන්ද 50-50 මට්ටමක තියෙන්නෙ. වඩාත් නිවැරදිව කිව්වොත් ජය-පරාජ අනුපාතය 48-52 වගේ කිට්ටු සීමාව ඉක්මවා යන්නෙ නෑ.
    සුලු ජාතික 25% ඡන්ද වලින් 75%ක් මෛත්‍රීට එනව. ප්‍රතිපලය මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    පැරා කියන දේ වෙන්න පුලුවන් දෙයක්. මහින්ද මේක වරක් අත් හදා බැලුව දැන් තියන තංගල්ල නගර සභා ඡන්දෙදි. එතනදි ආන්ඩුව දිනුවෙ වැඩි චන්ද 98කින්. එජාපයට වාසිදායක මුස්ලිම් වීදියට හමුදාව යොදවල නැති භීශනයක් මවල ඒ ඡන්ද ටික නොදාන තැනට ගෙනාව. මේක රට සම්බන්දයෙනුත් අත්හදා බලන්න සෑහෙන්න ඉඩක් තියනව.

    ReplyDelete
  3. / අපගේ අධ්‍යයන අනුව ඔහුට සිංහල ජනතාව අතර ලබා ගත හැකිව තිබෙන උපරිම ඡන්ද ප්‍රතිශතය 50%කි./

    මොකද්ද පැරා මේ අධ්‍යයනය? තව පොඩ්ඩක් විස්තර දෙන්න පුළුවන්ද? පැරා තනියමද කළේ කණ්ඩායමක් එක්කද? මොනවාද ක්‍රමවේදයන්? තව මොනවාද ප්‍රතිඵල හොයා ගත්තේ?

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව මිනිසුන් ඡන්දය දෙන හැටි අධ්‍ය්‍යනය කරන්න ඕනැ කෙනෙකුට පුළුවන්. එය විධිමත් සමීක්ෂණයක් ලෙස නො කළ නිසායි අපි එහෙම නො කිව්වේ.

      ඔබටත් පෞද්ගලිකව ඕනෑ ම අධ්‍යයනයක් කරන්න පුළුවන්.

      Delete
    2. ආ, ඒ කියන්නෙ පැරා නිකම් ගෙස් කරලා කිව්ව දෙයක්. අධ්‍යයනයක් කිව්වට ම්ං හිතුව ටිකක සීරියස් වැඩක් කියලා. සොරි. සොරි.

      Delete
    3. නානා කාදියවත්තේ අපිලගේ මුෂ්ලිම් චන්ද ඔක්කොම මෛත්‍රීට. 80% කිව්වට අපිල කෙමති නෑ. අපි 100%ම දෙනවා ෂරිද. ඉන්ෂා අල්ලාහ්!!

      Delete
    4. පැරාගේ පෞද්ගලික අධ්‍යයනය:

      හරි, අධ්‍යයනය පටන් ගනිමු. මම ඡන්දෙ දෙන්නෙ කාටද? මෛත්‍රිට. හරි. ඒක මාක් කර ගත්තා. මෛත්‍රිට ඡන්ද එකයි.

      (හයියෙන් භාර්යාවට ) ඕයි, තමුසෙ ඡන්දෙ දාන්න ඉන්නෙ කාටද?
      මක් කිව්වා? මහින්දට? තමුසෙට පිස්සුද ඕයි?
      ඒක වෙනස් කරන්නෙ නෑ කිව්වා? හරි. හරි. තමුසෙට ඕනැ නම් දී ගන්නවා. (හිමින් තමන්ටම ) මේ ගෑනි මොකට බැඳ ගත්තද මන්දා? කිසිම ප්‍රගතිශීලී ගතියක් නෑ.

      හරි. ඒකත් මාක් කර ගත්තා. සමීක්ෂණයේ දත්ත සම්පූර්ණයි.

      නිගමනය: අපගේ අධ්‍යයන අනුව මහින්ද රාජපක්ෂට සිංහල ජනතාව අතර ලබා ගත හැකිව තිබෙන උපරිම ඡන්ද ප්‍රතිශතය 50%කි.

      Delete
    5. සිරා කමෙන්ට් එක මචං.

      Delete
  4. /*මෙම තත්වය තුලනය කිරීම සඳහා ආණ්ඩුවේ මැති, ඇමතිවරුන් තවත් පිරිසක් විපක්ෂයට කඩා ගැනීම වැදගත් වේ. */
    ඒ පැත්තෙ ඉන්න හොරු ටික මේ පැත්තට ගත්තහම හරි යනවද පැරා ?..මෙහෙමද අපි යහ පාලනේට යන්න හදන්නේ ? හොරුයි ජාතිවාදියො ටිකයි ඔක්කම එකතු කරගෙන රාජපක්ෂලව පරද්දන්න පුලුවන් වෙයි. ඊට පස්සේ ?. පැරාම කිව්ව වගේ මේක 8 වෙනිදයින් ඉවරවන සටනක් නෙවෙයි. හැබැයි දැන් ඒ සටන දවස ගානේ දියාරු වෙනවා.

    රාජපක්ෂලව එලවලා මේක වඩාත් යහපත් තැනක් කරන්න සටන පටන් ගත්තේ මෛත්‍රීලවත්, රනිල්ලවත්, චන්ද්‍රිකාලවත් නෙවෙයි. මෙතන මුලින් හිටියේ විරොධය පාන ජනතාව, සෝභිත හාමුදුරුවෝ, නිර්මාල් වගේ අය. දැන් ඒ සටන චන්ද්‍රිකාල, රනිලා, මෛත්‍රීලා කොල්ල කාල. වෙන විදිහකට කියනවනම්...හොරුන්ට විරුද්ධ ජනතා සටන තව හොරු සෙට් එකක් විසින් කොල්ලකාලා.
    දැන් අර මුලින් සටන පටන් ගත්ත අයගේ සද්දේ හීන් කෙඳිරියකට හැරීගෙනෙ යනවා. 8 වෙනිදා වෙනකොට ඕක ඇහෙන්නෙම නැති වෙයි. සටන හරි පාරෙ ගෙනියන්න තරම් ශක්තියක් ඉතුරු වෙයි කියලා පැරා විශ්වාස කරනවද ?. මෛත්‍රී දින්නොත් ඊට පසුව එන ඉවරයක් නැති විවිධාකාර ව්‍යවස්ථාමය ගැටළු, විවිධ කණ්ඩායම් වල ඉල්ලීම් ආදී අභියෝග මැද්දේ අපිට වෙන්නේ දෙනදේ කාලා, වෙන දේ බලාගෙන ඉන්න විතරයි.
    මේ රටේ හොරා කාලා තියෙන්නේ රාජපක්ෂලා විතරද ?. එලියට ඇදිය යුත්තේ රාජපක්ෂලාගේ ෆයිල් විතරද ?. චන්ද්‍රිකාලගේ, රවී කරුණානයකලගේ, රාජිතලගේ ෆයිල් වලට මොකද කරන්නේ...ඒවත් එලියට ගන්න කියල බලපෑම් කරන්න තරම් තත්ත්වෙක අපි ඉන්නවද ?. මේ පැත්තට අපි ඇදගන්න හැම හොරෙක් ගානෙම අපි අපේ සටන දුර්වල කර ගන්නේ නැද්ද ?
    මටනම් මේක 94 ආපහු රිපීට් වීමක් වගේ. ජේ.ආර්ගේ - ප්‍රේමදාසගේ දුර්දාන්ත ආණඩුව එලවන්න අපි අවුරුදු කීයක් සටන් කලාද ?. ජීවිත වලින් ගෙවූ මිල කොච්චරක්ද ? සටන දිනන්න ඔන්න මෙන්න තියෙද්දි චන්ද්‍රිකා උඩින් බැහැලා..සටන සාරි පොටේ ඔතා ගත්තා. පොරොන්දු වෙච්ච විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරපු හැටි, මිනීමරුවන්ට දූෂිතයන් ගෝල් ෆේස් එකට ගෙනල්ලා දඬුවම් කරපු හැටි, මරණ්යේ දෙශයට ජීවිතය ගෙන ආපු හැටි..අපි අත් දෙක පස්ස පැත්තේ පිහිද පිහිද බලාගෙන හිටියා මතක්ද ? අවුරුදු 20 පස්සෙත් අපි ඒ සටන ආපහු සැරයක් කරනවා.

    පෙරමග ලකුණු වලින් මට නම් තදින්ම දැනෙන්නේ මේ සටනම අපිට 2024 කරන්න වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ඉන්න හොරු ටික එහා පැත්තට ගත්තාම හරි යනවාද කියා ඔබ අහනවා. ජනතාව අතර ඉන්නෙත් හොරු තමා. ප්‍රමාණයෙන් කුඩා හොරු. ඔවුන්ගේ ඡන්ද හැරවීම කියන්නෙත් එය ම තමයි.

      එහෙම නැතිව පිරිසිදු ජනතාවක් හදාගෙන මේ පාලනය වෙනස් කරන්න හිටියොත් 2024දිත් බැරි වෙයි.

      ආණ්ඩුවේ වගේ ම විපක්ෂයේත් ඉන්නේ හොරු බව ඔබගේ අලුත් සොයා ගැනීමක් නොවෙයි. එය කවුරුත් දන්නා දෙයක්. දැන් ඔබ කියන්නේ ඒ නිසා මහින්ද රාජපක්ෂ දිගට ම ජනාධිපති ධුරය හෙබවිය යුතුයි කියලා ද?

      මෙතන තියෙන්නේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාමූහික අභිලාෂයක්. සාමූහික අභිලාෂයක් කියන්නේ පුද්ගල අභිලාෂයන්ගේ එකතුවකට වඩා වැඩි දෙයක්. අපි පෙනී ඉන්නේ, අරගල කරන්නේ ඒ වෙනුවෙන්.

      සෙෘ්භිත හිමි, නිර්මාල් වැනි අය මේ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඈත් වුණ එකට ඔවුන් ද වගකිව යුතුයි. ඔවුන්ට දේශපාලනය තුළ චම්පික, රතන වැනි අය එක්ක හැරෙන්නවත් බැරි බව පෙනෙනවා. මේ දේශපාලනය කියන්නේ මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහයක් නෙමෙයි. බලු පොරයක්. නිර්මාල් වැනි අයට එහි සාර්ථක වෙන්න අමාරුයි.

      මහින්ද රාජපක්ෂ ක්‍රීඩා කරන්නේ නීතියට අනුව නෙමෙයි. ඒ නිසා ඔහු සමග ඍජුව සටනට බැස සිටින පිරිස අනුගමනය කරන උපායමාර්ග අපි අකැමැති වුණත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.

      Delete
    2. */දැන් ඔබ කියන්නේ ඒ නිසා මහින්ද රාජපක්ෂ දිගට ම ජනාධිපති ධුරය හෙබවිය යුතුයි කියලා ද? /*
      මා එසේ කියා නැත. මා කියන්නේ සැබෑවටම යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවදය සඳහා වූ ක්‍රියාකරිකයින්ගේ හඬ දුබල වීම ගැනයි

      /*ඒ නිසා ඔහු සමග ඍජුව සටනට බැස සිටින පිරිස අනුගමනය කරන උපායමාර්ග අපි අකැමැති වුණත් ප්‍රතික්ෂේප කරන්න බැහැ./*
      ප්‍රතික්ෂේප කල නොහැකිබව සැබෑය. නමුත් ඒවා ප්‍රමෝට් කිරීම තුලින් සිදුවනුයේ ඔබ අරගල කරන්නේයයි කියන යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ පොදු අභිලාෂය දුර්වල කිරීමක් නොවේ ද ?

      Delete
    3. ඔබ කියන දේට මම එකඟ වෙමි. එහෙත්, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා කරන්නේ නීති නැති පොළවක වීම තුළ යම් උපායමාර්ගික ක්‍රියාමාර්ගවලින් තොරව අරගලයේ මූලික කොන්දේසියක් වන මහින්ද රාජපක්ෂ පැරදවීම කළ නො හැක.

      Delete
    4. අසංග මල්ලි,

      අපි ඉස්සෙල්ලා මහින්ද පරද්දලා ඉමු. ඊට පස්සේ මම දිනමිණට යනවා. ඉතුරුටික පස්සේ බලාගන්න බැරියැ. මහින්ද තියාගෙන මට දිනමිණට යන්න බෑනේ. මල්ලි පොඩ්ඩක් උදැල්ල දාන්නේ නැතුව ඉන්නකෝ. මම දිනමිණට ගියාට පස්සේ මම යහපාලනය ගැන ලියන්නම්කො මල්ලිවත් මතක් කරලා.

      Delete
  5. සජිත් රවී කරූ ෆොනී ඔය කොයි කවුරුත් නොපනීවී කියල කැරැක්ටර් සටිෆිකේට් දෙන්න ඉතාම අමාරුයි.මොකද රනිල් ඇරුනම යු ඇම් පී එකේ දේශපාලන දර්ශනයක් සහ විනයක් ඇති නායකයෝ ඉන්නේ අඩුවෙන්.මුං එක්ක මෙච්චර හරියක් කරපු එකත් ලොකු දෙයක්.පැනල සටන අල කරන්න කලියෙන් ආණ්ඩුවෙන් ටිකක් බා ගෙන ලාස්ට් මිනිට් මොරාල් එක රඳවා ගැනීම උපාය මාර්ගිකව වැදගත්.කොහොමත් මේ සටනේ ඉන්න සිවිල් සංවිධාන වලට නියම ගේම තියෙන්නේ අට වෙනිදායින් පස්සේ ඇයි රවී සජිත් වගේ මීහරක් නායකයින්ව ආම්බාන් කරන් මේ සිස්ටම් එක වෙනස් කරන තැනකට මයිත්‍රීව අරං යන එක ඒකත් නියම යුද්දයක් වේවි.

    ReplyDelete
  6. Sajith- salliwalata thama deshapaalana anaagathaya bili denne nehe.
    Ravi- mole thiyena minihek. Kawuru janadhipathi unath eelanga aanduwa UNP bawa eya dannawa.
    Karu- mewara janadhipahi thumage deyath shakthimathkaranna anvashya bawa dannawa.
    Fonseka- Ohu aanduwata yanawata wada hondai thama kemeththenma newathath hireta yana eka. Eya thama birindata, daruwanta saha apata karana saadaranayak

    ReplyDelete
  7. මේ එන ක්‍රමය මත මෛත්‍රී දින්නොත් සජිත්ට ඇඩ්‍රස් නැතිවෙනවා වගේම, පැරදුනොත් ජාතික තලයේ වන චම්පිකගේ ඉදිරිපිම්මත්, එජාපයෙ රනිල්ගේ බලය යලි තහවුරුවීමත් සමග සජිත්ට චෑන්ස් නැවත නැතිවෙනවා ඇත.

    දැඩි මතධාරී ෆොන්සේකා හෝ (ෆොනී පනින්නේනම් ඔහු තානාපතිකමක් ගෙන රට පැනිම මිස තවත් මෙරට දේශපාලනය කිරීම ගැන නම් සිතිය යුතු නැත ) දේශපාලනයේ අවසන් කාලයේ සිටින කරු නොගියත් සජිත් ගොස් තිස්සට වඩා හොඳ ඇමතිකමක් ගෙන බැබලීමට බොහෝ සේ ඉඩ ඇත. අනෙක මහින්ද දැඩිලෙස විවෙචනය නොකරමින්, හම්බන්තොට කට්ටේ පොකට් මීටින් තනිව කිරීම ඒ පිම්මෙ කසකාරයන් විය හැක!

    ReplyDelete
    Replies
    1. ඔය මැති ඇමති වරු මේ දිනවල , එහාට මෙහාට පැන්නාට , චන්ද දායකයෝ වෙනස් වෙන්නේ නැහැ , හකීම් ආවා කියා මෛත්‍රීගේ චන්ද වලත් කිව යුතු වෙනසක් නැහැ , චන්ද දායකයන්ට ගැම්මක් ඇතිවෙනවා පමණයි . සජිත් මහින්ද පැත්තට පන්නා කියා ඔව්හු කිට්ටුවෙන්ම ඉන්න කීප දෙනෙක් වෙනස් වුනොත් හැරෙන්න වෙන වෙනසක් වෙන්නේ නැහැ , මොකද මහින්ද දින්නොත් සජිත් ජනාදිපති වෙන්නේ නැහැ ,

      එහෙමනම් මෛත්‍රී ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෙක් , මහා ලේකම් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව සහය දෙන්නෙත් ඔහුට , ඔහු දින්නොත් ජනාදිපති වෙන්නෙත් ඔහු , එම නිසා අඩුම ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද පදනමින් 35% වත් ඔහුට ලැබෙනවානේ ,

      Delete
    2. සජිත් නැතිවෙනවනම් මම බොහෝම කැමති මොකද අපෙ රටට තවත් මහින්ද කෙනෙක් ඕනෙ නැහැ. සජිත් කියන්නෙ අමු මැට්ටෙක් මිනිහ බැරිවෙලවත් රටේ ජනදිපති උනොත් මේ ඉන්න මැට්ටොන්ට වඩා ගොන්නු ටිකක් තමයි රට පලනය ක‍රන්නෙ. මෛත්‍රී එක්ක යන මේ වැඩපිලිවෙලට මම එකග වෙන්න එක හේතුවක් තමයි ඔය අස‍්රන වෙලා ඉන්න unp කාරයොන්ට සතක් සලසන්න කියන උන් නැතිවෙලා යන එක. මොකද මුන් ඇවිත් unp කාරයොන්ට සෙතක් සලසන්න ගියොත් මිනිස්සුන්ට වෙන්නෙ හිගාකන්න.

      Delete
  8. මෛත්‍රීපාල දිනනවා. ඒකේ දෙකක් නැහැ.

    ReplyDelete
  9. හෙට (ජනවාරි තුන් වැනිදා) චම්පික රණවක නැවත මහින්ද වෙත යාමට නියමිතයි. 13 වනි සංශෝධනය වෙනස් කරනවා නම් මහින්දට එකතු වෙන්න කැමැතියි කියා දැනටම ප්‍රකාශ කර තිබේ. ඔය පර බල්ලා විස්වාස කරන්න එපා කියලා අපි ඒ දවස්වලම කිව්වා.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ප්‍රචාර හරහා වාසියක් ගංටද.....?

      අනේ බොලං ඇනෝ මොකා ගියක් මොකා ආවත් මෙතන රිප්‍රසන්ට් කරන්නේ මතයක්...

      දූශිත පාලනයකට එරෙහිද? නැත්ද?

      Delete
    2. ගොන් කතා නොකිය ඉන්න බුවායියා. ඔය ගොල්ලන්ගේම පැත්තේ ඉන්න බල්ලන්ගෙන් පරෙස්සම් වෙන්න. චම්පික රණවක හරි සජිත් ප්‍රේමදාස හරි අනෙක් පැත්තට නොගියත් සති අන්තයේ මෛත්‍රිට අන්තිම හානිදායක ප්‍රකාශයක් කරන්න නියමිතයි. අද www.dailymirror.lk බලන්න චම්පිකගේ අලුත්ම ප්‍රකාශය.

      Delete
    3. අපි අනිවා මහින්දගේ දූෂිත පාලනයකට එරෙහියි.

      බුවායියා චන්ද්‍රිකා සහ රවී එක්ක කරන දූෂිත පාලනයට පක්ෂයිනේ.

      මහින්දට දීලා බලන්න දෙයක් නෑ කරන්නේ කොහොමද කියල දන්නවනේ.

      චන්ද්‍රිකාලා රවීලට දුන්නම වෙනදේත් අපි නම් දන්නවා.

      9 වෙනිදායින් පස්සේ පැරාට දිනමිණේ ජොබ් එක සෙට් වෙන එක ඇර වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ කියලා අපිට නම් ෂුවර්.

      බුවායියා අපිට කියනවා ගෙදර ගිනිගන්නවා නම් ඉස්සෙල්ලා එලියට පනින්න කියලා. දොරගාව කොටියෙක් ඉන්නවද බලන අපි මෝඩයෝලු.

      හැබැයි බුවායියේ අපි දන්නවා එළියේ කොටියෙක් ඉන්නවා සහ ඌ අපිව කනවා කියලා.

      චන්ද්‍රිකාලා රවීලා වෙනස් වෙනවා කියල හිතන උඹලයි මහින්ද හොඳ ළමයෙක් වෙනවා කියල හිතන මාරයයි අතර තියෙන එකම වෙනස උඹල ඌට මෝඩයා කියන එකත් ඌ උඹලට එහෙම නොකියන එකත් විතරයි.

      Delete
    4. හත් ඉලව්වේ මුං මේ පැන්ටසයිස් කරන කොටියා මොන ලෝකෙද බොලව් ඉන්නේ?

      අපි දන්න කොටි නායක කේ පී ගොයියා නම් මහින්ද ලොක්කා ගාව කුක්කු බිබී ඉන්නවා....

      චංද්‍රිකා බලයට ආවොත් එන්නේ මැතිවරණයකිනිනේ බොලව්....

      ඒක හත්වලාමේ එදාට බලා ගම්මු.... රවී නැවත පාර්ලිමෙන්තු යනවා ද නැද්ද කියන එකත් චන්දයකින් නොවැ තීරණය වෙන්නේ...

      Delete
    5. මේ ටික ගැන මොකද කියන්නේ ඇනෝ...
      AnonymousJanuary 2, 2015 at 10:17 AM

      However Ranawaka said that he was convinced that the present regime would not do it. He recalled that the present regime always had connections with the LTTE leadership and was reluctant to start up military operations to crush them, adding that it had also failed to take over the wealth of LTTE strongman Kumaran Pathmanathan, as promised. -

      See more at: http://www.dailymirror.lk/60201/we-will-support-president-if-they-reduce-powers-of-pcs-patali#sthash.Ep6iJlOt.dpuf

      Delete
    6. @AnonymousJanuary 2, 2015 at 10:27 AM
      මට තේරෙන විදියට මය්ත්‍රිට බැහැලා වැඩ කරන්නේ ප්‍රේමදාස , චන්ද්‍රිකා යුගවල දනගාන චු කොල්ලෝ වෙලා හිටපු සෙට් ..... උන් ට මුංගේ කාලේ ගැන අත්දැකීමක් නැහැ. යුනුස් ට පිහියෙන් ඇනපු කාලේ , ප්‍රේමදාසගේ ගෑණි තමන්ගේ පොටෝ ගත්ත කමැරාකාරයා මරපු හැටි , චන්ද්‍රිකාගේ කොමිසනා සීන් දන්නා අපි ත් මෝඩයෝ කියල හිතල.... සිංහලයට හැම දේම මතක සුමානයයි කියන තියරි එක ඇප්ලයි කරන්න හදන බුවා , රාජ් වගේ වෙන සෙට් එකකුත් තියෙනවා

      අනිවාර්යයෙන්ම වෙනසක් අවශ්‍යයි.මහින්ද ගෙදර යැවිය යුතුයි. මහින්දගේ රස්තියාදු පුත්තු ගෙදර යැවිය යුතුයි. හැබැයි එහෙම කරලා එයිට වඩා ගඳ ගහන ගූ බෙට්ටක් ඔලුවේ තියාගන්න නෙමෙයි. කලින් ඇනෝ කිව්වා වගේ අපි වගේ සැබෑ වෙනසක් වෙනුවෙන් බලන් ඉන්න ප්‍රගතිශීලි අයගේ අරගලය 1994 දී වගේ හයිජැක් වීමක් ඇරෙන්න වෙන කිසි දෙයක් මය්ත්‍රිගේ අශුද්ධ සංධානයෙන් වෙන්නේ නැහැ. දැනටමත් ඒක කරලා ඉවරයි.

      Delete
    7. බුවායියා,

      කොටියා කිව්වේ කකුල් 4 එකෙකුටය.

      බලයට එන්න මැතිවරණයක් ඕනමද? එහෙනම් සජින් වාස්ලා බැසිල්ලා හම්බකරගන්න ඇත්තේ 2010ට පස්සේ වෙන්න ඇති. කබ්රාල් කිසිම ඩීල් එකක් දාලා නැතුව ඇති. චන්ද්‍රිකාගේ කාලේ සනත් ගුණතිලකට මනෝ තිත්තවල්ලට මොකවත් කරගන්න බැරුව ඉන්න ඇති.

      ඊගාව මැතිවරණයෙන් රවී පරදියිද? හනේ බුවායියගේ මොලේ. පරෙස්සමෙන් වාඩිවෙන්න. නැත්නම් මොලේ තැලෙයි.

      අනිත් එක මහින්දගේ මොන නරක තිබ්බත් කේ පී ලා කරුණාලා හකීම්ලා කොයි කවුරු හිටියෙත් අනිත් ඇමතියෝ ඉන්නවා වගේ බලුවෙලා. අඩුමගානේ බොදු බලේ උන් පිස්සු කෙලිනකොටත් එළියේ හිටපු අසාද් සාලි ඇරෙන්න වෙන එකෙකුටවත් පලකට ඇති විදියට විරුද්ධ වෙන්න හයියක් තිබ්බේ නෑ.

      9වෙනිදායින් පස්සේ කොහොම වෙයිද බලන්නකෝ. මම ඉස්සර වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්.ඉහළකොත්මලේ හදන්න දුන්නේ නෑ තොන්ඩමන් චන්ද්‍රිකාට. අශ්රොෆ් හම්බන්තොට වෙනුවට ඔලුවිල් වල වරායක් හැදුවා. හකීම් ගියාම චන්ද්‍රිකාගේ ආන්ඩුව වැටුනා.

      හකීම්ලා කබීර් හෂීම් වගේ අන්තවාදී නොවෙන හැටි, TNA එක සංගරීලා වගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන හැටි බලන්න තව තියෙන්නේ සතියයිනේ.

      මහින්ද තමන් වපුරපු දේවල්වල අස්වැන්න අරගෙන පල්ලම් බහියි. ඒක නවත්තන ඕන නෑ. බුවායියලා කරන්නේ එතන ඉඳල වැඩේ කන්ටිනිව් කරන්න ඊටත් අන්ත සෙට් එකකට කන්ට්‍රැක්ට් එක දෙන එක. සෝභිතල නිර්මාල්ලව විසිකරලා සිරිකොතේදී විමල්ගේ ගෝලයන්ට ගහපු එක ප්‍රමෝට් කරලා අන්තිමේ සමනලී දාලා ෆිල්ම් එකකුත් කරලා මහින්ද කරපු මරිවැඩ එන්න කලින්ම මෛත්‍රීට සෙට් කරා.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. /පෞද්ගලිකව මිනිසුන් ඡන්දය දෙන හැටි අධ්ය්යනය කරන්න ඕනැ කෙනෙකුට පුළුවන්/
    .
    පැරා ගෙත්මොලේ:-P

    ReplyDelete
    Replies
    1. පැරාගේ පෞද්ගලික අධ්‍යයනය:

      හරි, අධ්‍යයනය පටන් ගනිමු. මම ඡන්දෙ දෙන්නෙ කාටද? මෛත්‍රිට. හරි. ඒක මාක් කර ගත්තා. මෛත්‍රිට ඡන්ද එකයි.

      (හයියෙන් භාර්යාවට ) ඕයි, තමුසෙ ඡන්දෙ දාන්න ඉන්නෙ කාටද?
      මක් කිව්වා? මහින්දට? තමුසෙට පිස්සුද ඕයි?
      ඒක වෙනස් කරන්නෙ නෑ කිව්වා? හරි. හරි. තමුසෙට ඕනැ නම් දී ගන්නවා. (හිමින් තමන්ටම ) මේ ගෑනි මොකට බැඳ ගත්තද මන්දා? කිසිම ප්‍රගතිශීලී ගතියක් නෑ.

      හරි. ඒකත් මාක් කර ගත්තා. සමීක්ෂණයේ දත්ත සම්පූර්ණයි.

      නිගමනය: අපගේ අධ්‍යයන අනුව මහින්ද රාජපක්ෂට සිංහල ජනතාව අතර ලබා ගත හැකිව තිබෙන උපරිම ඡන්ද ප්‍රතිශතය 50%කි.

      Delete
  13. බු වා විහිළු වගේ

    ReplyDelete
  14. http://lankacnews.com/sinhala/main-news/126817/

    Aluth (Puke) Parapura..

    ReplyDelete
    Replies
    1. මහින්ද පරද්දන්න ඔය වගේ දේවල් විතරක් නෙවි නාමල් සමනලීව දූෂණය කරන එකක් උනත් කරන්න අපි පසුබට වෙන්නේ නෑ.

      -අලුත් පරපුර

      Delete
  15. Replies
    1. හොඳ විග්‍රහයක් රාජ්....

      "මේක ඔය කියන විදියට නොවී වෙන විදියකටත් වෙන්න පුළුවන්"

      තක්කඩි විදියකට තමයි වුණොත් පමණක්.....

      Delete
    2. රාජ්January 2, 2015 at 10:34 AM
      /මගේ උපකල්පනය අනුව මිනිස්සු අතර තියන, 'මහින්ද පරාජය වේවි' කියන විශ්වාසය නිසා ඡන්ද පොලට නොයන සන්ධාන පාක්ෂිකයන් පිරිසකුත් මෙවර ඉන්නව. කලින් ඡන්දය නොදැමූ මේ ජාතියේම එජාප පාක්ෂිකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන බව අනිත් පැත්තට ගන්න පුළුවන්. /
      මේක තමයි වැදගත්ම කෑල්ල.
      තව දෙයක් ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නෙ මහින්ද ජිල්මාට් එකක් හරි දාල දිනයි කියල. එහෙම ජිල්මාට් දාන්න බෑ කියල මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්නෙ ඕනෙ.

      Delete
  16. [ 30 ] කොටියට ඕනා නැගිටින දවසක්. ඒකට ඕනා මෛත්‍රී යුගයක්.........

    http://beautyofclean.blogspot.com/2015/01/blog-post.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා