බිය නිසා පළා ගිය ජනමාධ්‍යකරුවන් ආපසු පැමිණිය යුතු ය

Photo from Pakistan
බිය නිසා රටින් පළා ගිය ජනමාධ්‍යකරුවන්ට නැවත ලංකාවට පැමිණීමට ආරාධනා කරන බව රාජිත සේනාරත්න නිවේදනය කළේ ය. 

ඇත්තෙන් ම දේශපාලන හේතු මත රටින් පළා ගිය, ලංකාවේ මාධ්‍යකරණයේ යෙදෙන්නට කැමති මාධ්‍යකරුවන් මේ අවස්ථාව භාවිතා කරමින් නැවත සිය රට පැමිණිය යුතු ය. 

රාජිතගේ ප්‍රකාශය ආරක්ෂාව පිළිබඳ සියයට සියයක වගකීම් සහතිකයක් නො වන මුත් මේ අවස්ථාව අත් නො හළ යුතු ය. අාරක්ෂාව වෙනුවෙන් අපි එක් විය යුතු ය. 

අපි මේ රටින් පළා නො ගොස් මෙහි සිට ඔවුන්ට එරෙහිව සටන් කළෙමු. අපි ඒකාධිපතියා පළවා හැරියෙමු. දැන් ඔහු ආපසු ඒම වැළැක්වීම අවශ්‍ය ය. සිදු වූ වෙනස ඔස්සේ රට ප්‍රගතිශීලී දිශානතියකට තල්ලු කිරීමට අප උත්සාහ කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය ගොඩනැගීමට මේ අවස්ථාව භාවිතා කළ යුතු ය.

ඒ සඳහා වැඩ කළ යුතු ය. ඒ නිසා ඔබ ආපසු පැමිණිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Those who are doing good abroad won't return.They can still make their contribution for good governance if Rajitha and others are willing to listen

    ReplyDelete
  2. ටික දෙනෙක් එයි, අනෙක් අය සිය රට හැර දමා පියා යෑමේ සෝකය ගැන කවි ,සිංදු ,පොත්, බයිලා ගසමින් තව අවුරුදු 2ක් විතර අදියි.

    ReplyDelete
  3. ආරංචි විදියට මේ වනවිට බැසිල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,කේපී,පීබී ජයසුන්දර,සුදර්මන් රදලියගොඩ, රෝහිත අබේගුණවර්ධන,තොන්ඩමන්,ප්‍රියත් බී. වික්‍රම ඇතුළු බොහෝ දෙනෙක් රටින් පැනගොස් නැතිනම් පැන යාමට සුදානම්ව සිටින්නේ.

    ඔය ගැන මයිත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයේ පැහැදිලිකිරීම් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ දමා තිබෙන්නේ පහත පරිදියි. ඒක ඇත්ත තමයි බලං ගියාම.

    'පසුගිය කාල වකවානුව තුල සිදු වූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳව තවම පරීක්ෂණ අරඹා නැත. එසේ පරීක්ෂණ ඇරඹීමෙන් පසු, එම වංචා, දූෂණ වලට වැරදිකරුවන් වන ඕනෑම අයෙක්, ලෝකයේ කොහේ සිටියත්, මෙරටට ගෙන්වා, ඔවුනට හිමි දණ්ඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. මෛත්‍රි පාලනයේ වෙනස නම්, ඔවුන් කළාක් මෙන්, මුලින්ම සිරිගත කර පසුව වැරදි හොයනවා වෙනුවට, සියල්ල නියමිත ක්‍රමවේදයට අනුව සිදුකිරීමටයි'

    ReplyDelete
  4. පැරෝ,
    මාධ්‍යෙව්දියො එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ‍එවුන් ගියේ කිසිම ප්‍රශ්නයක් තිබිල නෙමෙයි. දැන් තියන ආතල් නැතිකරගෙන උන් එන්නෙ නෑ. මට අනුව ලංකාවට එන එකම එකා ශාන්ත විජේසූරිය විතරක් වෙයි.

    ReplyDelete
  5. පැරා ඊරිසියාවේ පැලි පැලි හිටියේ. මූ මෙහෙට වෙලා දහ අතට ණය වෙලා ඇල්ටෝ එකෙන් කොට කොට යන ගමන්. අරෙහෙ රට පැනලා සරුවට ජිවත් වෙන තමන්ගේම මාධ්‍ය සහෝදරයෝ දිහා බල බලා. දැන් ඒකයි මේ තකහනියේ උන්වත් මේකටම ගෙන්නලා දාගන්න හදන්නේ. උන් උන්ට කැමතිනං ආපුදෙන්. නැත්තං හිටපුදෙන්. උන් ආවා නාවා කියලා මොකක්ද පැරාට ඇති සුගතිය. අන් අයගේ සැපතේදී සතුටු වෙන්න හුරු වෙයං පැරෝ. ඉරිසියාව හොඳ ලෙඩක් නෙවෙයි.

    ReplyDelete
  6. පැරෝ, එක්නලිගෝඩත් එයිද?

    ReplyDelete
  7. අනේ හුකේ නන්නානේ.

    පැරා මේ "එක්ව වැඩ කරමු" කිව්වට යටින් හිතන්නෙ මෙච්චර කල් තොපි බොරු තර්ජන කිය කියා ෂපාන් එකේ හිටිය නේද, දැන් වරෙච් ලංකාවට කියලා.

    රාජිතය ඕක තමයි කන්න දීපු පතේ පහරනව කියන්නෙ. මෙච්චර උඩ දාගෙන ඌට කඩේ ගිය නිර්භය අවංක මර්ධනයත බියේ පලා ගිය ජනමාද්ය විරුවන්ගෙ ආතල් කඩන්න යන්නෙ පටන් ගත්තු ගමන්!!!

    හතර හිනා ඕය් මේවට. දැන් බලන් ඉමු එනකම් පෝලිමේ ජහපාලනේ නිදහස බුත්ති විදින්න හිටං.

    ReplyDelete
  8. පල පල ඩො යන්න. ඔක්කොටම එන්න කියපිය අයෙත් හැරෙන තැපෑලෙන් ටිකට් එක හදා ගෙන. උබ නිකන් ටෝක් දෙනකොට අපි හිතුවේ ප්‍රගතිශීලී පොරක් කියලනේ. දන්නේ උබගේත් පුල්ලි පෙන්න ගන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා