අධ්‍යාපනය ටියුෂන් කඩකාරයන්ගෙන් මුදාගෙන මානව හිතවාදය දෙසට යොමු කිරීම

හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපනඥයෙකැයි ඇතැමෙක් කී හ. එහෙත්, අපි නම් දිගින් දිගට ම කීවේ ඔහු ටියුෂන්කාරයකු පමණක් බවයි. ටියුෂන් මුදලාලිලා දන්නා අධ්‍යාපනය වනාහි හැකි තරම් ළමයින් සංඛ්‍යාවක් පංතිවල ගාල් කර, දේශකයකුට නිෂ්ක්‍රීයව සවන් දීමට සලස්වා, කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක්, සාකච්ඡාවක්, සංවාදයක් නොමැතිව වනපොත් කරවා විභාග පාස් කිරීම පමණි.

බන්දුල ගුණවර්ධනට මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස තිබුණු දැක්මේ දිග පළල ඔහු විසින් බිහි කරන ලද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඇති ගැටලුවලින් හා ඔහුගේ පාසල් දහසක් පමණක් තෝරාගෙන සංවර්ධනය කිරී‍මේ වැඩපිළිවෙලින් පෙන්නුම් කෙරිණි.

උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම ඔහුගේ කාලයේදී ගත් වැදගත්, එඩිතර පියවරක් ලෙස අගය කළ යුතු ය.

පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලු ගැන රජයේ අවධානය වහා යොමු විය යුතු ය. අපි එවැනි මූලික ගැටලු කීපයක් කෙරෙහි නව අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරන්නෙමු. දින සීයෙන් මේ සියලු ගැටලු විසඳිය නො හැකි වුණත්, ඇතැම් වැදගත් පියවර ගත හැකි ය.

මේ දිනවල 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු වෙමින් තිබේ. සුපුරුදු පරිදි ම මුදල් එකතු කිරීමත් සිදු වේ. මෙය සිදු වන්නේ නිල වශයෙන් නොව, පාසල්වලට ඇතුළත් වන දරුවන්ගේ මව්පියන් කැමැත්තෙන් කරන පරිත්‍යාගයක් ලෙස පෙනෙන ආකාරයට ය. එහෙත්, මෙය පසුබිමේ ඇත්තේ ළමයින්ගෙන් පළි ගනු ඇති බවට බියක් ඇති කිරීමේ තර්ජනයකි. මේ නීති විරෝධී මුදල් එක්රැස් කිරීම් නවතා දැමිය යුතු ය. අය කළ මුදල් ආපසු ලබා දිය යුතු ය. ඒවා කරන්නට කටයුතු කළ විදුහල්පතිවරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු ය.

සාමාන්‍ය අධ්‍යාපනය යනු ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා විෂයකි. මධ්‍යම ආණ්ඩුව ජාතික පාසල් බිහි කිරීම නැවැත්විය යුතු ය. සියලු ජාතික පාසල් ද පළාත් සභාවලට භාර දිය යුතු ය. එය පාසල් අතර විෂමතා අඩු කිරීමට ඉවහල් වන පියවරකි. මධ්‍යම රජය කළ යුත්තේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කරමින්, එය නිසි ලෙස නියාමනය කරමින් සංවර්ධනය කිරීමයි.

ලංකාවේ අරුම පුදුම කොලීජිවල පළමු ශ්‍රේණියේ සිට 13 දක්වා ම පංති පැවැත්වේ. පසුගිය කාලයේ යෝජනා කරන ලද පාසල් ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අනුව පාසල් ප්‍රාථමික හා ද්විතීයක ලෙස වර්ගීකරණය කරනු ලැබේ. එය හොඳ දෙයකි. එහෙත්, හිටපු අධ්‍යාපන ඇමතිවරයාට හා ආණ්ඩුවට මෙය හුදෙක් ලෝක බැංකුවෙන් මුදල් ගැනීමේ ව්‍යාපෘතියක් පමණක් වූ අතර ඔවුන්ට එහි ඇති අධ්‍යාපන විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධයක් නො තිබිණි. එහෙයින්, මෙම ප්‍රතිව්‍යූහගතකරණයේදී පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වල සිටින අධ්‍යාපනය ගැන නො දත් ව්‍යාපාරිකයන් හා රස්තියාදුකාරයන් ආදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ඉඩ දෙන ලදී. ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ නොවූ පාසල්වලට කිසිදු සංවර්ධන ආධාරයක් පිරිනමන්නේ නැතිව පළි ගනිමින් පාසල් දහසක් පමණක් තෝරාගෙන සංවර්ධනය කරන ලදී.

ලංකාවේ සියලු පාසල් ප්‍රාථමික හා ද්විතීයක ලෙස ප්‍රතිව්‍යූහගත කළ යුතු ය. එය විෂමතා අවම කිරීමටත්, එමගින් ජනප්‍රිය පාසල් තරගය, පහේ ශිෂ්‍යත්ව පීඩනය වැනි ප්‍රශ්න විසඳීමටත් ඉවහල් වේ. පාසල් දහසක් පමණක් සංවර්ධනය කිරීම වෙනුවට සියලු පාසල්වලට එක සමාන ලෙස සංවර්ධන ආධාර ලබා දිය යුතු ය.

ලංකාවේ ගුරු අධ්‍යාපනය පවතින්නේ ඉතා ම දුර්වල මට්ටමක ය. ගුරු පුහුණුව විධිමත් කළ යුතු ය. සෑම ගුරුවරයකු ම වසර පහකට හෝ පසු නැවත පුහුණු කළ යුතු ය. එසේ ම, සේවය අතරතුරදි කරනු ලබන පුහුණුවීම් විධිමත් කළ යුතු ය.

විභාග බර අවම කිරීම සඳහා ගෙන එන ලද අඛන්ඩ ඇගයීම් ක්‍රමය ‍ගැන හිටපු ඇමතිවරුන්ට තිබුණු නො දැනුමේ තරම කෙතරම් ද යත්, මාසික පරීක්ෂණ, වාර තුනට ම විභාග හා අඛන්ඩ ඇගයීම් යනුවෙන් අධික විභාග බරක් දරුවන්ට හා ගුරුවරුන්ට පටවා තිබේ. මේවා සඳහා කාලය යොදවන විට ගුරුවරුන්ට ඉගැන්වීමට කාලය නැත. දැනට විකාරයක් වී තිබෙන අඛන්ඩ ඇගයීම් ක්‍රමය නවතා දමා නව ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගත යුතු ය.

විධිමත් ගුරු මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ දුෂ්කර පාසල්වලට ගුරුවරුන් යෙදවීමේ ප්‍රශ්නය විසඳා ගත හැකි ය. දුෂ්කර පාසල් නැවත වර්ගීකරණය කළ යුතු ය. ගුරුවරුන් යාමට අකැමැති පාසල්වල සේවය කරන ගුරුවරුන්ට දිරි දීමනාවක් ලබා දිය යුතු ය. එසේම, නිශ්චිත දුෂ්කර සේවා කාලයකින් පසුව ඔවුන් ඉල්ලා සිටින්නේ නම් පහසු පාසල්වලට අනිවාර්යයෙන් ම මාරු ලබා දිය යුතු ය. 


පාසල්වල විදුහල්පතිවරුන්ට මනා පුහුණුවක් ලබා නො දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නැති, අධ්‍යාපන විද්‍යාව නො හැදෑරූ පුද්ගලයන් විවෘත තරග විභාගයක් මගින් අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගෙන විදුහල්පතිවරුන් ලෙස පත් කිරීම, විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීම, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් කරනු ලබන ළමා අපචාර හා හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විනය හා නීතිමය ක්‍රියාමාර්ග නො ගැනීම වැනි හේතු නිසා පාසල දරුවාට වධකාගාරයක් බවට පත් වී තිබේ. 

පාසල මර්දනකාරී ආයතනයක් නොව ආදරය, කරුණාව පෙරදැරි කරගෙන දරුවන් ශික්ෂණය කරන ස්ථානයක් බවත් යළි පිළිගැනීමට ලක් කළ යුතු තරමට අධ්‍යාපනය විකෘති වී තිබේ. 

අධ්‍යාපනය සම්බන්ධව විද්වත් කතිකාවක් ආරම්භ වන්නේ නම් එය අලුත් රජයට ප්‍රයෝජනවත් විය හැකි ය.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. දැන් පැරා ටියුෂන් දෙන්නෙම නැද්ද?

      Delete
  2. පැරාට දිනමිණ දියව්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් පැරා බ්ලොග් ලියල ලියල අමාරුවෙන් ආණ්ඩුවක් පෙරළුවා. මහින්ද රාජපක්ෂ පවා ආණ්ඩුව පෙරළීමට හතරවන හේතුව හැටියට දැක්කේ පැරාගෙ බ්ලොග් එක. එහෙව් මනුස්සයෙක්ව තමයි දැන් ආණ්ඩුව අතපිස්නාවක් වගේ අහක දාලා තියෙන්නෙ. මාත් කියන්නෙ දිනමිණේ කර්තෘ කම බැරිනම් තේ හදන ජොබ් එකවත් පැරාට දිය යුතු බවයි.

      Delete
  3. කොළඹට කිරි ගමට සොරි.January 22, 2015 at 10:19 PM

    ඇමතිධුරයක් හෝ ආන්ඩුවේ තනතුරක් නැති රෝයල් OBA එකේ අය අත උස්සන්න...

    ReplyDelete
  4. නීති විද්යාලෙ විභාග කොපි කරලා අහු උන කෙනාටම අධ්යාපන ඇමතිකම දුන්නෙ අපිට කොකා පෙන්නන්නද?

    ReplyDelete
  5. "..මේවා සඳහා කාලය යොදවන විට ගුරුවරුන්ට ඉගැන්වීමට කාලය නැත. .."

    බ්ලොග් ලියන්නයි කොම්මෙන්ට් කොටන්නයි වෙලාව තියෙනවා!

    ReplyDelete
  6. දවසට දෙක බැගින් පොස්ට් දමා අපි ටියුෂන් මුදාලලි කෙනෙක් එළවුයෙමු ( ඔන්න ඉන්තින් උනේ එහෙමලු ඈ). ඉන්පසුව අපි අධ්‍යාපන වියාපරිකයෙක් පත් කරගත්තෙමු. ඉන්පසු අපි අධ්‍යාපනය නිදහෙසේ දෙන්නැයි වියාපාරිකයාට පින්සෙන්ඩු වෙමින් පොස්ට් දමන්නෙමු. මෙවැනි සිම්පල් ප්ලෑන් තියෙන අපි පුකේ වම්මු වෙමු.
    ලි-බැරල් ධවල පත්‍රිකා

    ReplyDelete
  7. //කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ආදී අමාත්‍යවරු 53 අතර සිටිනවා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 40 දෙනකු. පාර්ලිමේන්තුව තුළ සිටින මුළු එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු ගණන 49යි. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 81%කට කවර හෝ අමාත්‍ය ධුරයක් ලබාදී තිබෙනවා. අමාත්‍ය වරප‍්‍රසාද ලබාදී තිබෙනවා.//

    දවසට පොස්ට් දෙක ගානේ දාල ගෙන්නගත්තු යහ පාලනය පුක නැ නේද පැරා

    ReplyDelete
  8. //අධ්‍යාපනය සම්බන්ධව විද්වත් කතිකාවක් ආරම්භ වන්නේ නම් එය අලුත් රජයට ප්‍රයෝජනවත් විය හැකි ය. // ++++++++++

    ReplyDelete
  9. අලුත් ඇමතියා තාම එනවුන්ස් කරලා නැද්ද එයා ගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල?

    දින සීයට වුනත් එහෙම එකක් අනිවාර්යයි නේ!

    ReplyDelete
  10. අධ්‍යාපනය වනාහි හැකි තරම් ළමයින් සංඛ්‍යාවක් පංතිවල ගාල් කර, දේශකයකුට නිෂ්ක්‍රීයව සවන් දීමට සලස්වා, කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක්, සාකච්ඡාවක්, සංවාදයක් නොමැතිව වනපොත් කරවා විභාග පාස් කිරීම පමණි. //

    ඉතිං පැරා ඉස්කෝලෙ වලත් ඔය ටිකමනේ.... ටියුෂන් යන්නෙ ඉස්කොලෙ විභාගෙ පාස් වෙන්න මිසක් ටියුෂන් විභාග පාස් වෙන්න නෙවෙයිනෙ...

    එහෙත්, මෙය පසුබිමේ ඇත්තේ ළමයින්ගෙන් පළි ගනු ඇති බවට බියක් ඇති කිරීමේ තර්ජනයකි. //

    එහෙමම නෙවෙයි... ළමයව කීයක් හරි දීලා ඉස්කෝලෙට දාගන්න වෙන තරමට දෙමවුපියන්ගෙ හැදිලා තියෙන මානසිකත්වයයි මේකට හේතුව... එහෙම නැත්තං තව වැඩිපුර කීයක් හරි දාලා ඉන්ටනැෂනල් එකකට දාන්න වෙනව... පොඩ්ඩක් හොයලා බලන්න ළමයි කොච්චර ඉන්නවද කියල පදිංචිය ඔප්පු කරගන්න බැරැව, නැත්තං වෙන වෙන පොඩි පොඩි අවුල් නිසා තාමත් ඉස්කෝලයක් හම්බුවෙලා නැතුව.. ළමයි ඉස්කෝලෙ වලට ගන්න ක්‍රමේ වෙනස් කරන්නෙ නැතුව ඔය සල්ලි ගැරිල්ල නවත්තන්න බෑ...

    මධ්‍යම ආණ්ඩුව ජාතික පාසල් බිහි කිරීම නැවැත්විය යුතු ය. සියලු ජාතික පාසල් ද පළාත් සභාවලට භාර දිය යුතු ය. ///

    අපේ පැත්තෙ පාරවල් වලට වෙලා තියෙන දේම වෙයිද දන්නෑ.. වටේම පාරවල් කාපට් කරල.. එක පාරක් හැමදාම පැචි දානව විතරයි... බැලුවාම පළාත් සභා, ප්‍රාදේශීය සභා අවුලක්...

    පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වල සිටින අධ්‍යාපනය ගැන නො දත් ව්‍යාපාරිකයන් හා රස්තියාදුකාරයන් ආදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ඉඩ දෙන ලදී///

    ආදි ශිෂ්‍ය සංගම් වලට එකතු වෙන්න පුළුවන් ඒ පාසල් වල ඉගෙන ගත්ත අයට විතරනේ...?
    එතකොට ඉතිං ඒ පාසලේ ආදි ශිෂ්‍ය සංගමේ ඉන්නෙ රස්තියාදුකාරයො ( ව්‍යාපාරිකයො කියන්නෙ නරක මිනිස්සු නෙවෙයි නෙ...) නං ඉතිං ඒ ඉස්කෝලෙන් වැඩක් තියෙනවයැ...

    ගුරු පුහුණුව විධිමත් කළ යුතු ය. සෑම ගුරුවරයකු ම වසර පහකට හෝ පසු නැවත පුහුණු කළ යුතු ය.//

    ගුරුවරුන්ටත් උපාධියක් හෝ ඊටත් ඉහලට ඉගෙන ගන්න එක අනිවාර්‌ය කරන්න වෙනව... මොකද අපිට හිටපු වැඩිහරියක් ටීචර්ලා ( ගෑණු කට්ටිය විශේෂයෙන්..) රස්සාව හම්බුනාට පස්සෙ ජිවිතේට සිලබස් එකෙන් එහාට පොතක් පතක් බලලා නෑ... පොතේ ගුරුම තමයි... ( ආණ්ඩුවෙ රස්සාව, කසාදෙදි දෑවැද්ද වෙනුවට හිලවු කරන්නනෙ බලන්නෙ..)

    ඔය ඉතිං මට හිතිච්ච ටික...

    ReplyDelete
  11. මේ සියල්ල දින සීයක් තුල කරන්න බෑ. අජ්ජාපනේ කාළා විනාශ කරලා ඉවරයි. ඒකේ කිසිම දෙයක් නෑ. මුල ඉඳලා හදන්නයි අවශ්‍ය. ඒත් මේ ටියුෂන් කියන දේ වෙළඳ පොල ආර්ථිකයක් තුල නවත්වන්න පුළුවන් ප්‍රායෝගික යෝජනාවක්ද කියන එක විශාල ගැටළුවක්. මොකෝ ඔය මහා පරිමාණ ටියුෂන් කඩ නොතිබුනාට. ඒ කාළෙත් ප්‍රයිවට් ටියුෂන් ඕන තරම් තිබුනා. ඒ වගේ දෙයකට වියදම් කරන්න බැරි මිනිස්සුන්ට, මේ අධ්‍යාපන කඩ ළොකු උදව්වක් උනා.

    ReplyDelete
    Replies
    1. කට කට කට... පැරා ටියුෂන් වලට විරුද්ධ නැහැ. පැරා විරුද්ධ මහා පරිමාණයෙන් හා අඩු මුදලක් අය කරලා කරන ටියුෂන් වලට. මොකද ඒවායින් පැරාලාගෙ බඩට වදින නිසා. ඒවා නැත්නම් පැරාට ගෲප් ක්ලාස් ටිකක් දාලා කීයක් හරි හොයා ගත හැකි.

      Delete
  12. \\උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම ඔහුගේ කාලයේදී ගත් වැදගත්, එඩිතර පියවරක් ලෙස අගය කළ යුතු ය.//
    මේ විෂය ධාරාවම අමුම අමු කුණු ගොඩක් :(

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඔයාලා විතරක් දන්න දේවල් ඉස්කෝල වලත් ඉගැන්නුවාම ඔයාලට තියෙන තැන මොකද්ද නේද මෙයා?

      තාක්ෂණ විෂය වහාම අහෝසි කරනු!

      සිතුමිණි රතනමල්ල ආචාර්යවරයාගේ වැටුප රුපියල් සීයකින් වැඩි කරනු!

      Delete
    2. එහි අඩුපාඩු ඇති. එහෙත්, එවැනි විෂය ධාරාවක් හඳුන්වා දීම ආරම්භයක් ලෙස හොඳයි. එතනින් එහාට සංවරධනය කළ යුුතුයි.

      Delete
    3. ඕනෑම විෂයක වැරදි තියෙනවා නම් හදා ගන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් මෙයා මෙතැන මේ විෂය කුණු ගොඩක් කියන්නෙ අමු කුහක ටෝන් එකකින්. මේ ගොල්ලන්ට තියෙන්නේ තමන්ගේ බූදලයක් හැටියට තියා ගන්න පුළුවන් දෙයක් ජනගත වීම තුළින් තමන්ගේ බලය අහිමි වෙයි කියන බිය.

      Delete
  13. අපිටත් තම්බි අධ්‍යාපනය ලැබේවා!!

    ඇමතිවරු 51න් 8 දෙනෙක් තම්බි.
    8/51=.156
    15.6% ප්‍රතිශතයක් තම්බින්ට දුන් ආණ්ඩුවට ජයවේවා!!
    තම්බින්ට ජයවේවා!!
    තම්බින්ගේ බිස්නස් වැඩිවේවා!!!
    තම්බින්ගේ කොම්පැනිවල වැඩ කරන අපේ බෝනස් වැඩිවේවා!!!

    පැරාට දිනමිණ ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අමාත්‍ය මණ්ඩල සංයුතිය ජන අනුපාතය අනුව බලනවා නම් මෝඩ මූසලයෝ ඇමැති මණ්ඩයේ 50% වැඩිය කාන්තාවන් ඉන්න ඕනෑ නේද? තොට ඒ පොල් පරාළෙ පේන්නෙ නෑ, කෙන්ද නම් පේනවා.

      Delete
    2. හෙන අයියට කේන්ති ගිහිං.

      අපි නම් තම්බි කොම්පැනියකට වෙලා හොඳ බෝනස් එකක් ගන්න බලාගෙන ආතල් එකේ ඉන්නේ.

      Delete
  14. ඇත්තටම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පැහැදිලිවම වෙනස් විය යුතුය, ඉස්කෝලවලින් එලියට එන අයවලුන් විශ්වවිද්‍යාල කෙසේවෙතත්, සමාජ ගැටළු හා සමාජ අවශ්‍යතා හඳුනා ගැනීමට තරම්වත් දැනීමකින් සන්නද්ධ වියයුතුයි, වැඩිය ඕන නෑ බලන්නකෝ මේකේ 1 හා 2 කොමෙන්ටු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා