සරදියෙල් අයවැයත් අරන් ඇවිත්

දින සීයේ ආණ්ඩුවේ අතුරු අයවැය ඉතා පැහැදිලිව ම මැතිවරණ අයවැයකි. එය එක්තරා ආකාරයකට ධනවතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දෙන සරදියල් අයවැයකැයි කීවත් වරදක් නැත.

එය ඉතා පැහැදිලිව ම ජනප්‍රියත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයකි. මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ග්‍රාමීය පහළ මැද පංතිය ආකර්ශනය කර ගැනීම එහි ප්‍රධාන ඉලක්කය බව පෙනේ. අයවැයෙන් දී තිබෙන සහන ගැන හැම තැන ම පළ වන බැවින් අපි මෙහිදී ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත.

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කර තිබේ. එහෙත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කැපී පෙනෙන මැදිහත් වීමක් කර නැත. ලත්ෂ හැට පහකට අධික පෞද්ගලික අංශයේ සේවකයන් අතෘප්තිමත් කිරීම සඳහා මෙය ඉවහල් කර ගැනීමට විපක්ෂයට අවස්ථාව ලබා දී තිබෙන මුත්, රජයේ යෝජනාවකින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම ප්‍රායෝගික නො වන බව අමුතුවෙන් කිව යුතු නැත.

පෞද්ගලික අංශයේ සේවා විවිධත්වය අතරමැද වැටුප් වැඩි කර ගැනීම සඳහා සේව්‍යයන් සමග අරගල කිරීමට සේවකයන්ට සිදු වනු ඇත. කෑලි ගණනට, දවස් කුලියට, කොන්ත්‍රාත් පදනමින්, ස්වයං රැකියා ආදී වශයෙන් විවිධ ආකාරවලට සේවය කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් සිදු වේද යන්න කම්කරු අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කළ යුතුව තිබේ. රජය මෙම ප්‍රශ්නයේදී සමථකාර භූමිකාවක් හෝ කිරීම අවශ්‍ය ය.

මහින්ද ඉදිරිපත් කළ 2015 අයවැයෙහි හිඟය රුපියල් බිලියන 521 ක් වන අතර ඉන් රුපියල් බිලියන 251 ක් විදේශීය ණය මගින් හා ඉතිරි බිලියන 270 දේශිය මූලාශ්‍ර මගින් පියවිමට අපේක්ෂා කරන ලදී. නව රජයේ අයවැය හිඟය රු. බිලියන 499 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 4.4 කි. අයවැය පියවා ගැනීම සඳහා විදේශීය ණය ගැනීම් රුපියල් බිලියන 251ක මට්ටමේ ම ඇති අතර මුළු දේශීය ණය ගැනීම් රු. බිලියන 248 දක්වා පහත හෙළා තිබේ.

මේ වන විට රජයේ සමස්ත ණය රුපියල් ට්‍රිලියන 8.81කි. මේ අනුව සෑම පුරවැසියකු ම රු. 427,220ක ණය බරක උරුමකරුවෙකි.

රජයේ නාස්තිය අවම කිරීමෙන් අයවැය හිඟය අඩු කර ගන්නට හැකි බව පෙන්නුම් කර තිබේ. ඇමතිවරුන් සංඛ්‍යාව අඩු කිරීමෙන් පමණක් රු. බිලියන 2.5ක් ඉතිරි කරගෙන තිබේ. ජනාධිපතිවරයාගේ වියදම් කප්පාදුව ද කැපී පෙනෙන එකකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන්නට සිටි වියදම රු. මිලියන 95,930කි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එය රු. මිලියන 2560 දක්වා අඩු කර තිබේ. එහෙත් කලින් ජනාධිපතිවරයා යනු ඇමති තනතුරු රැසක් ද දැරූවකු බව ගණනය කිරීමේදී සැලකිය යුතු ය.

ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවන් ඒකාබද්ධ කිරීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ගත් කැපී පෙනෙන පියවරකි.

රාජ්‍ය ප්‍රතිපත්තිවල වැරදි නිසා අහිමි වූ ජී.එස්.පී. ප්ලස් බදු සහන හේතුවෙන් පසුගිය වසර හතක කාලය තුළ ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 5000ක හෙවත් රුපියල් බිලියන 650ක පමණ පාඩුවක් සිදු වී ඇති බව පෙන්වා දී ඇත්තේ නව රජය එම ප්‍රතිපත්ති යථා තත්වයට පත් කරන බව කියන්නට විය යුතු ය.

රජය ආදායම් ලබා ගන්නට යෝජනා කර ඇති ක්‍රියාමාර්ග සුපිරි ධනවතුන්ගේ ප්‍රීතියට හේතු නො වනු ඇත. එහෙත්, දූෂිත රාජපක්ෂ පාලනය තුළ අසීමිත වාසි ලැබූ ධනවතුන් ස්ථරයක් සිටිති. ඔවුන් මේ ජන සහනවලට උර දීම අසාධාරණ නැත.

  • රු. මිලියන 2000ට වඩා ලාභ ලබන සමාගම්වලට ලාභයෙන් 25%ක බද්දක්
  • කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්
  • මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්
  • චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්
  • විදුලි සංදේශ සේවා හා ජංගම දුරකථන සේවා සපයන්නන්ගෙන් එක් වරක් පමණක් අය කරන රු. මිලියන 250ක බද්දක්
  • සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්
  • වාහන එකලස් කරන සමාගම් විසින් නො ගෙවන ලද ආදායම් බදු අය කර ගැනීම
  • රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
  • වාන ආනයනකරුවන්ගෙන් රු. මිලියන 1.5ක බලපත් ගාස්තුවක්
  • රු. මිලියන 100කට වඩා වටිනා හෝ වර්ග අඩි 5000ට වැඩි මන්දිර හිමියන්ගෙන් වාර්ෂිකව රු. මිලියනයක බද්දක්

අවසානයට සඳහන් කරන ලද මන්දිර බද්ද තුළ අනවශ්‍ය සුඛෝභෝගී, සෝබනකාර ජීවන විලාසයන් වෙනුවට සරළ ජීවන විලාසයක් ප්‍රවර්ධනය කිරීමේ අදහසක් ඇති බව මට පෙනේ. අධි මිළ වාහන, ආභරණ, ජංගම දුරකථන වැනි දේවලට ද මෙය අදාළ කර ගත යුතු ය.

2015 අයවැයෙන් රජය උත්සාහ කරන්නේ ඊළඟ මැතිවරණයෙන් බලය තහවුරු කර ගන්නට බව ඉතා පැහැදිලි ය. රජයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්ති මෙවර අයවැයෙන් එළි දකින්නේ නැත. එය බලාපොරොත්තු විය හැක්කේ 2016 සඳහා වන අයවැයකිනි.

කෙසේ වෙතත්, තිස් වසරක යුද්ධයෙන් බැට කමින් සිටි ජනතාවට ලබා දී තිබෙන සහන සමග ආර්ථිකයේ මෙන්ම සමාජයේ ද නව පිබිදීමක් ඇති වීම අපේක්ෂා කළ හැකි ය. ජනතාවගේ පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂණය නැංවීම සඳහා ගෙන තිබෙන පියවර ප්‍රශස්ථ ය.

රජයේ සේවකයන්ට ලබා දී තිබෙන වැටුප් වැඩිවීම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා උපයෝගී කර ගත යුතු ය. නැතිනම් අධ්‍යාපනය, සෞඛ්‍යය හා වෙනත් සමාජ සුබසාධන අංශ වෙනුවෙන් කර තිබෙන වැඩි කිරීම්වලින් ඵලදායිතාවක් ලබා ගත නො හැකි ය.

විදේශ ශ්‍රමිකයන්ට මහින්ද රාජපක්ෂගේ අයවැයෙන් දුන් සහන ක්‍රියාත්මක වනු ඇතැයි බලා‍ෙපොරොත්තු තැබිය හැකි ය. විදේශ ශ්‍රමිකයන්ට හා ඇඟලුම් සේවකයන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් මහින්ද රාජපක්ෂගේ අයවැයෙන් යෝජනා කෙරිණි.

මෙය අතුරු අයවැයක් නිසා රාජපක්ෂ අයවැයේ යහපත් යෝජනා ද ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. 

තෘප්තිමත් ජනතාවක් සමග ඉදිරියට යන්නට උත්සාහ කිරීම හොඳ දෙයකි. එහෙත්, ආර්ථික විශේෂඥයකු නො වන මාධ්‍යකරුවකු ලෙස මට හිතෙන හැටියට නම්, ඉදිරි අභියෝග පහසු ඒවා නො වේ. ලංකාවේ ආර්ථිකය නැංවීමට, අප මුහුණ දී සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒමට හා අනාගතය සුරක්ෂා කර ගැනීමට නම් ආනයන සීමා කිරීම, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, ඍජු විදේශ ආයෝජන හා අපනයන වැඩි කිරීම මෙන් ම පාරිභෝජනවාදී, සෝබනකාර ජීවිතය වෙනුවට, ඉහළ රුචිකත්වයන් සහිත අල්පේච්ඡ ජීවිතයකට ජනතාව හුරු කිරීම ද අවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This interim budget is for 100 days only. Had MR won presidential election, he wouldn't have had the chance to win the general election. Victory of the UNP was crystal clear. The country is fortunate to have this change.As a result we will have a UNP-SLFP-JHU collision.Perhaps JVP as well. Let's be patient.

    ReplyDelete
    Replies
    1. Wrong idea. Budget is not for 100 days. It is proposed for the year 2015.

      On the other hand, your argument that MR would not have chance to win the general election, had he won the Presidential is not right. He would have won the general election by hook or by crook if he won the Presidential. He would definitely suppress the opposition before the general election.

      Your use of the word 'collision' is interesting. But such collision is not seen in this coalition for the moment at least.

      Delete
    2. ලංකාවේ නිර්ධන කකුලුවන්ව හැලිය නටන තෙක් ආතල් එකේ සිටීමට චෑන්ස් එකක් ලබා දුන් පුකේ වම්මුන්ට අපේ විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි උපහාරය .

      සකල දේශ වැසි නිර්ධනයෝ

      ප.ලි

      කටුටික අනිවාර්යෙන් එවන බව රනිල් සහෝදරයා දන්වන්න කීවා.
      විප්ලවය දිනේවා පුක නැති වේවා !

      Reply

      Delete
    3. මිසිස් පෙරේරාJanuary 30, 2015 at 3:24 PM

      පැරා ඉස්සර සමාජවාදි ක්‍රමය පිලිබද දැඩි මතයක හිටියා තමයි නමුත් දැන් ඔහු ලිබරල් ධනවාදී මොඩලයට ආකර්ශනයක් දක්වනවා ඒක ඔහුගේ මානව අයිතියක්.

      මෙම ආර්ථික ක්‍රමෝපායන් දෙක පිලිබදව යම්කිසි අවබෝධයකින් සංවාදයට නොඑලඹ පැරාගේ කුට්ටමේම එල්ලෙන බොහෝදෙනා අාසියාවේ ආස්චර්ය පහලවෙන තුරු එළුවා පස්සේ ගිය නියැන්ඩතාල්ලාය.

      දින100 ට පසු ලංකාව, මහින්දගේ ලංකාවට වඩා දශමයක් හෝ හොඳවනවාමය.










      Delete
    4. මිසිස් පෙරේරා කිව්ව හින්ද ඔන්න අපි ඉවසල ඉන්නවා .. නැත්නං ....

      Delete
  2. රනිල් 2001න් පාඩම ඉගෙනගෙන. එදා ආර්ථිකේ හදන්න කියල දින 100ක් දාලා පාක්ෂිකයන්ගේ අප්‍රසාදයට පත්වෙලා චන්දෙත් පැරදුන එක රනිල්ගෙ හිතේ හොඳට පැලපදියම් වෙලා තියෙන්න ඇති. ලංකාවේ මිනිස්සුන් ගෙන් බලය ගන්න අවශ්‍ය නම් ඔවුන්ගේ බඩට හෝ පපුවට කතාකරන්න ඕන. මහින්ද කතාකලේ පපුවට. දැන් ලංකාවේ මිනිස්සුන්ට පපුවට කතාකලාට ඇහෙන්නෙ නෑ. දැන් මිනිස්සු බඩෙන් කන්දෙන වෙලාව. ඔබ හරි. මෙය මැතිවරණ අයවැයක්. එත් මිනිස්සුන්ට එකත් ලොකු සහනයක්. කාපට් කොන්ක්‍රීට් දිහා බල බල ලුණුයි බතුයි කාපු මිනිස්සුන්ට මේක ලොකු අස්වැසිල්ලක්. නව රජයක් යටතේ අනාගතයේදී බුද්ධියෙන් කන්දෙන මිනිස්සු ටිකක් හැදුවොත් එක ලොකු දෙයක්. අසීමාන්තික දුෂණ නාස්ති මැදින් දියත් වුනු සංවර්ධනය , කාර්යක්ෂම සහ රටට ඔබින උචිත මාවතකට ගෙන ආ යුතුයි. චීනය හා සෙසු අවශේෂ රටවල් පමණක් මූලික කරගත් විදේශ සම්බන්ධතා අනෙකුත් ප්‍රබල රටවල් සම්බන්ධවත් පුළුල් කලයුතුයි. ණය මූලික කරගත් ආර්ථිකය සංවර්ධනය මූලික කොටගෙන ඉදිරියට ගෙනයා යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි .මේක මැතිවරණ අයවැයක් තමයි.මහින්ද පපුවට කතා කරන කොට රනිල් බඩට කතා කළා.මහින්ද පපුවට කතා කලෙත් අවංකවමද කියල සැකයක් එනව.රට එයාගෙ පවුලෙ දේපළක් කියල හිතුවෙ.බේබිලගෙ කාර් රේස් වලට බදු සහන දුන්නෙ ඒකනෙ.තව බේබි කෙනෙකුට සෙල්ලම් රොකට් අරින්න විශාල මුදලක් වෙන් කළා.මුන් යුද්දෙ දිනුවෙ නැත්නම් මුන් ගැන රටේ මිනිස්සු මාර විදියට වෛර කරනව
      බලුකෑම වල ට බදුසහන දුන්නෙ බල්ලො 46 ක් හදපු නිසා බව දන්නෙ දැන්
      මූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල ට ටැක්ස් ගහල බල්ලන්ට බදු සහන දීල.
      ඒ අස්සෙ බලුවංශ දේශප්‍රේමය ගැන කියකිය මාළිගා හදල
      රටේ මිනිස්සු දේශප්‍රේමය ගැන හිත හිත බඩගින්නෙ බුදියන්න ඕන
      මුන්ගෙ පවුලෙ එවුන් එකට එකතුවුනහම රටේ මිනිස්සුන්ට අම්බානක හිනාවෙන්ව ඇති මෙහෙම මෝඩයො කියල

      Delete
  3. ආණ්ඩුවෙ අමතර වියදම බිලියන 150යි. ඒත් කියනවා අය වැය පරතරය වැඩි වෙන්නෙ නෑලු. ඒකනම් බොහොම අපැහැදිලි කතාවක් මොකද ඔය අමතර බදු ටිකෙන් බිලියන 150ක් හොයාගන්න බෑ. අනික ජූලි මාසෙ තවත් රුපියල් 5000කින් පඩි වැඩි කරන්න තවත් බිලියන 100ක් විතර ඔනෙ. රනිල් මොනවා හරි කරලා බලය ගන්න හදනවද කියලා බයකුත් දැනෙනවා. මිනිහා ලිබරල්වාදියා නිසා ආර්ථිකය මනාව හසුරුවයි කියලා බලාපොරොත්තුවකුත් තියෙනවා.

    ReplyDelete
  4. අම්මටහුඩු පැරා. සමාජවාදය ගේ දොරකොඩටම ඇවිල්ලා. දැන් ඔක්කෝම සරල ජීවන රටාවකට පුරුදු වේවි නේද? කියලා වැඩක් නෑ පැරා යහපාලනේ දෝරෙ ගලනවා.

    ReplyDelete
  5. වාහන එකලස් කරන ආයතන කියලා මයික්‍රො ආයතනය වට්ටන්නද යන්නෙ? ඉතිහාසය මතක මිනිස්සු දන්නවා චන්ද්‍රිකා, රනිල් ආණ්ඩු දෙකම මයික්‍රො ආයතනයට කිසිම දිරිගැන්වීමක් දැක්කුවෙ නෑ. මුන් කැමති පිටරට සමාගම් පැමින මෙහෙ කර්මාන්තශාලා දැමීම මිසක් අපෙම කාර්මික ව්යාපාර පන්තියක් හැදෙනවා දකින්න නෙවෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි මයික්‍රො ආයතනය දිරි ගන්වන්න ඕනැ?

      Delete
    2. මයික්‍රො කියන්නෙ පිට රට වාහන එකලස් කරන සමාගමක් උනත් ඒක දෙශීය ආයතනයක්. පිටරට බහුජාතික වාහන සමාගමක් ඇවිත් වාහන එකලස් කරොත් රටෙ ඉතුරු වෙන්නෙ සෙවක පඩිය විතරයි. ලාබය ආයෙත් ජර්මනියට. ඒත් මයික්‍රො වගෙ සමාගමක් ලබන ලාබය අපෙ රටෙම ඉතුරු වෙනවා.

      ඊටත් වඩා වැඩගත් වෙන්නෙ මෙ වගෙ ආයතන දිරිගැන්නුවොත් ඔවුන් ඊලග පියවර ලෙස ඔවුන්ගෙම වාහනයක් නිපදවන්න පුලුවන්. හැබැයි බහුජාතික සමාගමක් අපෙ රටෙන් වැඩ ගත්තට පස්සෙ කර්මන්තශාලාව වහලා දාල අපිටත් වඩා අඩු පඩි තියෙන රටකට යනවා.

      Delete
    3. මයික්‍රෝ එක කරේ ගෝඨාභය රාජපක්ෂත් සමාගමේ ප්‍රධානියෙක් ලෙස පත් කරගෙන කෝටි ගානක් බදු මුදල් ගෙවීම පැහැරහැරපු එක.

      චීනෙන් අන්තිම බාල පපඩම් කොටස් මෙහෙට ගෙනල්ලා අටවලා විකුනනවා. සම්පුර්ණ වාහනේ ආනයනය කරනවට වඩා කොටස් වශයෙන් වාහනය ආනනයනය කෙරුවම අයවෙන බදු ප්‍රමාණය ඉතාම අඩුයි.

      අනික තමයි ඔය මයික්‍රෝ එකේ එකලස්‌ කරන වාහන වලට විදේශීය ඉල්ලුම ඉතාම අඩුයි. ඉතිං ඇත්තටම බැලුවොත් ඔය සමාගම නිසා වෙන්නේ අන්තිම බාල,අනාරක්ෂිත පපඩම් වාහන ලංකාවේ ගොඩ ගැසීම සහ ලංකාවේ මුදල් චීනෙට ඇදී යාම.

      ඔන්න යුරෝපිය වොක්ස්වැගන් වගේ කොම්පැනි එකක් මෙහෙ දාලා වාහන එකලස් කරනවා නං තත්වේ වෙනස්, ඒ වාහන වලට කොහොමත් ලෝකේ ඕනිම තැනකින් හොද ඉල්ලුමක් තියෙනවා.

      මයික්‍රෝ එක අදායම ඉපදුවේ එහෙම බදු වංචා කරලා.. බදු වලින් ගැලවෙන්න ඕනි නිසා රාජපක්ෂ ප්‍රබලයෝ සමාගමේ ප්‍රධානින් කරගෙන ඔවුන්ටත් ගානක් දුන්නා.

      ඉතිං දැන් හරි ඒ සමාගමෙන් අයවිය යුතු බදු ප්‍රමාණය ගත්තට කමක් නෑ. එව්වා රජයට අයවිය යුතු බදු.

      Delete
    4. කොහොමද දන්නෙ ලාභය ලංකාවෙම ඉතුරු වෙනවද නැද්ද, ඊළඟට ඔවුන්ගෙන්ම වාහනයක් හදයිද නැද්ද කියලා?

      Delete
    5. සාමාන්‍යයෙන් වාහනයක් මෙරටට ගෙන්වන කොට ලොකු බද්දක් ගහනවා. මයික්‍රො ආයතනයෙන් ඊට සාපේක්ෂව ගහන්නෙ කුඩා බද්දක්. මම හරියටම ගණන් දෙන්නෙ නැහැ. නමුත් දන්න තරමින් ඒ බදු ගැහීම සාධාරණයි. ඒක ඔවුන්ට දරා ගත හැකියි. ඒකත් නොගෙවනවා නම් වැරදියි.

      Delete
    6. ඝොටා මයික්‍රො සමාගමෙ හිටියා කියන්නෙ අපෙ සුපුරුදු බඩජාරී, ජාති විරොධී මන්ගල කට කතා බලකායෙ බොරුවක්. දැන් ආණ්ඩුවත් ගත්තු එකෙ වන්චා හා දූශණ නඩුවක් දාපල්ලකො.

      ඇත්ත කතාව බටහිරයො තමන්ගෙ ආර්ථික බලය තියාගෙන යන්නෙ ස්වදෙශික ව්යාපාර තලලා තමන්ගෙ සමාගම් දුප්පත් රට වල පවත්වාගෙන යාමෙන්. ඒකට අවශ්ය ජනමතය හදන්න තමයි දෙශීය ව්යාපාර වලට මඩ ගහන්නෙ. ඒකටම හැදුනු ටිප් ටොප් බඩුවක් තමයි මන්ගල කියන්නෙ. තොපිත් අන්තිමට ඔය බොරු වලට අහු වෙලා විනාශ කරගන්න දායක වෙන්නෙ තමන්ගෙම දරුවන්ගෙ අනාගතය.

      හොදම උදාහරනය උපාලි ෆියට් මොටර් රථය. එදා ඒ සමාගම නැති කරගන්න අපිම කට කතා ප්‍රචාරනය කරලා අද හූල්ලනවා උපාලි ෆියට් මොටර් රථයවත් තිබුනනම් කියලා.

      Delete
    7. @AnonymousJanuary 30, 2015 at 10:14 AM
      මේ ලංකාවේ ඉන්න හරක් එක්ක මොන ආර්ථික සංවර්ධනයක් , දේශීය ආයෝජන නගා සිටවිමක් ද බං. !!

      උන්ට ඕන බුරිය උල්වෙන්න ලාබෙට බත් ගිලින්නයි , රීල කක්කුස්සි පුරවන්නයි විතරයි. උඹ පවු නොදී මේ මඩ වලෙන් වෙන රටකට ගිහිල්ල දියුණුවෙන්න බලපන් හරක්ට ආර්ථික විද්‍යාව උගන්නන්නේ නැතුව.

      Delete
    8. මෙ රට එක්සෙසත් කරන්න ජීවිත පූජා කරපු, රට ජාතිය ගැන හිතන, අව්යාජ ගැමි සමාජයක් අපෙ රටෙ තාම තියෙනවා. ඒ මිනිස්සු වෙනුවෙන් අපිට යුතුකමක් වගකීමක් තියෙනවා. වහල්, දීන, බඩජාරී සමාජ ස්ථරයට මෙ රට බාරදීලා අපි නිකම් හිටියොත් අන්තිමට තැලෙන්නෙ අර බයියො කියලා හදුන්වන අව්යාජ ගැමි සමාජයයි. උන් අපිට රට බෙරලා දුන්නා උන්ට පුලුවන් යුද්දෙන්, මෙ අපෙ වාරයයි.

      Delete
    9. අන්තිමට ඔය "දේෂප්‍රේමී" ගොන් කතා ටිකෙන් කතාව ඉවර වෙන බව දන්නවා. ගමේ රදළයා පාගාගෙන හිටපු කාලයෙන් ඉස්සරහට ඇවිත් නිදහස් ආර්ථිකයක් ගැන හිතන්න ලංකාවෙ වැඩි දෙනෙකුට තාම පුළුවන්කමක් නැහැ. සූරා කෑවත් මොකද අපේ එකානෙ....

      ඊයෙ අයවැයෙන් පුන්නක්කු මිළ අඩු නොකළ එක නම් වැරදියි...

      Delete
    10. 'AnonymousJanuary 30, 2015 at 10:14 AM

      ඝොටා මයික්‍රො සමාගමෙ හිටියා කියන්නෙ අපෙ සුපුරුදු බඩජාරී, ජාති විරොධී මන්ගල කට කතා බලකායෙ බොරුවක්. දැන් ආණ්ඩුවත් ගත්තු එකෙ වන්චා හා දූශණ නඩුවක් දාපල්ලකො.'

      ඒක තමයි බං දැන් මේ ඔය සමාගම් පැහැර හැරපු බදු ආයේ අයකර ගන්න යන්නේ. ඕක විතරක් නෙමෙයි CSN, ඩයලොග් වගේ සමාගම් වලට පවා පැහැර හැරපු බදු ගෙවන්න වෙනවා.

      Delete
    11. ගෝටා හිටියත් එකයි, නැතත් එකයි. බදු නොගෙව්වා නම් පහුවෙලා හරි ගෙවන්න ඕනෑ.

      අනෙක ඒ බදු මේ ආණ්ඩුව පනවපු ඒවා නෙවෙයි, කලින් ආණ්ඩුව පනවපු ඒවා.

      මේ ගොල්ල කරන්න යන්නෙ කලින් ආණ්ඩුව යටතේ නොපියවෙච්චි බදු අය කර ගැනීම විතරයි. ඒකට ඇත්තටම මුදල් ඇමැතිගේ මැදිහත් වීමක් ඕනැත් නැහැ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට කළ හැකියි, ඉහළ බලපෑම් නැත්නම්.

      Delete
    12. දේශිය දේ වුනත් බාල දේවල් අපට වැඩක් නැහැනේ. මයික්‍රෝ එකේ කාර් එකක් පාවිච්චි කරලා තියෙනවානම් දන්නවා ඒවාගේ තත්වේ. අන්තිම බාලයි. ගාණ අඩු කරන්න කරලා තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් වලට පිටින් යන එක.

      Delete
    13. මෙන්න මයික්‍රො පැටිකිරිය
      http://sanwedi.blogspot.com/2013/12/blog-post_9.html

      Delete
  6. //එහෙත් කලින් ජනාධිපතිවරයා යනු ඇමති තනතුරු රැසක් ද දැරූවකු බව ගණනය කිරීමේදී සැලකිය යුතු ය.// මං හිතන්නෙ නෑ එයාගෙ වැය ශීර්ෂය ඇමති තනතුරු සංඛ්‍යාවට සමානුපාතික වුනා කියල.
    මේක මැතිවරණ අයවැයක් කියන එකටත් වඩා පොරොන්දු ඉටු කරන බව පෙන්වන්න කරපු අයවැයක් කිව්වොත් වඩා ගැලපෙනව වගේ. (ෆ්‍රී වයිෆයි දෙන්නෙ කවදද දන්නෙ නෑ.). හැබැයි සමහර අය කල්පනා කරනවා මේ විදිහට බඩු මිල අඩු කරල වැටුප් වැඩි කිරීමෙන් රජය බංකොළොත් වෙයි කියල. සංවර්ධන කටයුතු කරන්නත් ඕනැනෙ (වියදම 1/3ක් දක්වා පහළ යන බව ඇත්ත.). ආර්ථික විශ්ලේෂකයො ඒ ගැන කතා කරාවි.
    දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීම මදියි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  7. "...පාරිභෝජනවාදී, සෝබනකාර ජීවිතය වෙනුවට, ඉහළ රුචිකත්වයන් සහිත අල්පේච්ඡ ජීවිතයකට ජනතාව හුරු කිරීම ද අවශ්‍ය ය..."

    මරුටිය විකුණලා ඇල්ටෝ එකක් ගන්න එකද අල්පෙච්ච්තාවය?

    ReplyDelete
    Replies
    1. වර්තමාන රජයේ පාරිභෝජනවාදී, සෝබනකාර ජීවිතය වෙනුවට, ඉහළ රුචිකත්වයන් සහිත අල්පේච්ඡ ජීවිතයක් ගෙනයාමට ජනතාව දිරි ගැන්වීමේ වැඩ පිළිවෙළට සහයෝගය දක්වනු වස් මතුගම පාසල් ගුරුවරයකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා තම ඇල්ටෝ සුඛෝපභෝගී මෝටර් රථය විකුණා ස්කූටර් එකක් මිළට ගැනීමට නියමිතය. එයින් ලැබෙන අමතර මුදල මතුගම කුඩා දරුවන්ට ප්‍රයෝජනවත් වන පොදු පුස්තකාලයක් ගොඩ නැංවීමට වැයකෙරෙනු ඇත.

      මේ සත් කාර්යයට ආධාර ලබා දීමට කැමැති අය +94 775583470, ajithperakum(at)gmail.com අමතන්න.

      Delete
    2. මරුටිය විකුණලා ඇල්ටෝ එකක් ගන්න එකද අල්පෙච්ච්තාවය? - මරුටිය විකුණලා තව දහ අතේ ණයත් වෙලා Honda Vizel එකක් හරි Toyota Premio එකක් හරි නොගත්ත එකයි අල්පේච්ඡතාවය.

      Delete
  8. සංධාන ආණ්ඩුව දිගටම තිබුනානම් ඊලඟ අයවැයට පුන්නක්කු මිලත් අඩුකරනව ශුවර්.විජාතික කුමන්ත්‍රණ දේශප්‍රේමය කිය කියා මාලිගා හදපු අය ජනතාව කියන්නෙ මැටි මීහරක් කියල නොහිතුවොත් තමයි පුදුමෙ
    මාළිගා බද්දකුත් හදුන්වා දීල.ඒකනම් බලුවංශ ඉලක්ක කරල කරපු එකක් වෙන්න ඇති.
    මත්පැන් ජොනිය ඉලක්ක කරල .අපූරුයි
    කැසිනෝ කාරයටත් බද්දක් ගහල
    හෙළිදරවු කිරීම් ටික හරියට ගෙනිච්චොත් ආණ්ඩුවට වෙන දෙයක් ඕන නෑ.බලු කෑම අඩුකරල කිරිපිටි වලට බද්දක් ගහපු රාජපක්ෂල ජනතාවට සළකල තියෙන්නෙ බල්ලන්ටත් අන්ත විදියට බව දැනගත්තහම මිනිස්සු රාජපක්ෂලට සාප කරයි.
    රාජපක්ෂල හොරාකාපු හැම සතයක්ම ආපහු අයකරගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උබෙ මද්යස්ත මතයනම් මරු. කිරි පිටි වලට බදු ගහන්නෙ සල්ලි හොයන්න විතරක් නෙවෙ කිරි පිටි බාවිතය අඩු කරලා දියර කිරි පානයට මිනිස්සු යොමු කරන්න. ලන්කාවෙ ඇන්කර් සමාගම සමග මහාරාජ සමූහ ව්යාපාරය සම්බන්දයි කියලා දන්නවද? කිරි පිටි බද්ද අයින් කරාම වාසිය කාටද? මෙ සුපුරුදු පරිදි තමන්ගෙ හිතවත් ව්යාපාරිකයො පොශනය කරන එකයි කරන්නෙ. කිරි පිට පොඩ්ඩක් අඩු උනා කියලා කිරි පිට වලට පුරුදු උනොත් අපි ජාතියක් විදියට ලෙඩ්ඩු වෙනවා.

      Delete
    2. එතකොට බලු කෑම අඩුකරෙ ජාතික පෝෂණයට වෙන්න ඇති

      Delete
    3. @AnonymousJanuary 30, 2015 at 10:17 AM
      නෑ , ඒ උඹල වගේ එවුන්ට

      Delete
    4. බලු කෑම අඩු කරානම් අනවශ්යයි, වැරදියි. ඒ වැරදි වලට වෙන්න ඇති ආණ්ඩුව පැරදුනෙ.

      නවසීලන්තෙ මිනිස්සුන්ට බටර්, චීස් හදලා ඉතුරු වෙන රොඩ්ඩට සත්ව තෙල් දාලා අපෙ වෙන්ඩ පොශ් මද්යම පන්තියට පිටි කුඩු විකුනන ව්යාපාර වල බදු අඩු කිරීමත් වැරදියි. ජාතියක් වශයෙන් ගෙවන්න වෙන්නෙ ලෙඩ්ඩු වෙලා.

      Delete
    5. බලුකෑම මිළ අඩු කිරීම සාධාරණීකරණය කළා හිටපු අගමැතිතුමා මෙහෙම.

      ...ඔව්. ඉතින් ඒක හොඳයිනෙ. බල්ලා කියන්නෙ කීකරු සත්වයෙක්නෙ. දැන් ඔය හිටපු අගමැති සේනානායක මහත්තය අස්සයෙකුත් පයින් ගැහුවනෙ.... බල්ලා එහෙම පයින් ගහන්නෙ නැහැනෙ...

      Delete
    6. රාජපක්ෂල බලු කෑම අඩුකරෙ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩුකරලා අයවැය හිඟය අඩුකරන්න, මන්දිරයේම කකුල් හතරේ එවුන් හතලිස් ගානක් හිටියයි කියනවනේ.

      Delete
    7. යකෝ මේක මාර හුයන්නක්නෙ, මුන් 380ක් දීල බොන්නෙත් එම කිරිමයි ඒකම 320ට දුන්නම තමයි මතක් වෙන්නෙ ජාතිය ලෙඩ වීම. අනේ යකෝ ලෙඩ වෙන්න ඕනෙ නැති එකා දන්නව මොනවද බොන්න ඕනෙ කියල.
      320ට දුන්න කියල, ආ දැන් අපි දියර කිරි බීම නවත්තල කිරි පිටි බොමු. එහෙම වෙනවද බන්? මම දන්නව හුගක් දුක් මහන්සියෙන් කුලියක් කරල ජීවත් වෙන මිනිස්සු ඉන්නව උන්ට කිරි ටිකක් දාල තේ එකක් බොන්නම ඕනෙ. දියර කිරි හොය හොයා ඉන්නෙ නෑ බන් උන්. උන්ට සමහර වෙලාවට උයාගන්න එලවලුවක් නෑ හැබැයි කිරි තේ එකක් බොනනම ඕනෙ. ඉතින් උඹල කියන්නෙ ඒ වගේ මිනිස්සුන්ට කිරි පැකට් එක 60ක් අඩු කරල දෙන එක වැරදිද?
      ඒකෙන් වෙන්නෙ උන්ට තව මොනව හරි ගන්න 60ක් ඉතිරි වෙන එක නෙවෙයිද?
      තොපි කුහකයෝ යකෝ, මහින්දයට ගොට්ට අල්ලන උන් ඔක්කොම කුහක පෙරේතයෝ.

      Delete
  9. ඒත් කිරි පිටි මිල වැඩිවෙන්න ඕන ළදරු ආහාරවලට විකල්පයක් එක්කයි.

    ReplyDelete
  10. අජිත් පැරකුම්@ පින්තූරයේ ඉන්නේ සරදියෙල් නොවේ ඔහුගේ සහායක මම්මලේ මරික්කාර්.....

    ReplyDelete
    Replies
    1. නෑ ඔය ඉන්නේලෙනින්

      පැරා

      Delete
    2. ඒ කාලේ සරදියෙල්ලටත් සගයො මරික්කාර්ල තමයි. 

      ඉන්දරේ

      Delete
  11. ලංකාවේ නිර්ධන කකුලුවන්ව හැලිය නටන තෙක් ආතල් එකේ සිටීමට චෑන්ස් එකක් ලබා දුන් පුකේ වම්මුන්ට අපේ විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි උපහාරය .

    සකල දේශ වැසි නිර්ධනයෝ

    ප.ලි

    කටුටික අනිවාර්යෙන් එවන බව රනිල් සහෝදරයා දන්වන්න කීවා.
    විප්ලවය දිනේවා පුක නැති වේවා !

    ReplyDelete
  12. Paraaa, you miss the greatest point.. 6% for education !!!!!

    ReplyDelete
  13. මේක මැතිවරණ අයවැයක් බව පැහැදිලියි.පැරා කියලා තියෙනවා වගේ මේ රජය කොහොම ආර්ථික ප්‍රතිපත්තියක් දරනවාද කියලා බලාගන්න පුළුවන් වෙන්නේ පැහැදිළිවම ඊගාව අයවැයෙන්ම තමයි.

    ReplyDelete
  14. ඇවිත් ගියා
    අපි පොඩි ළමයි

    ReplyDelete
  15. ‘ගුණානන්ද හිමි මිගෙට්ටුවත්තේ‘ චිත්‍රපටයේ ගුණානන්ද හිමිගේ චරිතයට රොජර් වැන්ඩර්වෝල් (රොජර් සෙනෙවිරත්න) යොදා ගනී .කතෝලිකයෙකුද වන ඔහු අපරාද කරුවෙකු ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විසින් සිර දඩුවම් නියම කරපු වැරදිකරුවෙකි.මෙවැනි ජඩයන්ට අපේ ජාතික විරුවන් හැල්ලු කීරීමට ඉඩ නොදෙමු.
    ජැක්සන් ඇන්තනී නැමැති කතෝලිකයාද පසු ගිය කාලේ සුපර් ස්ටාර් වැඩසටහනක පැවසුවේ ,අප ගෞතම බුදුන් වහන්සේගේ ශාක්‍යවංශික පරපුරට මැදමුලනේ හොරුන්ටද ඥාතීත්වයක් ඇති බවය.

    ලංකාවේ බුදු දහම හා සිංහල ජාතිය බේරාගැනීමේ ස්වයං රැකියාලාභීන් තම්බින්ටම බඩු දෙන්නේ යුරෝපයෙන් ලැබෙන ස්වයංරැකියා ආධාර නිසාය.

    බුදු දහම හා සිංහල ජාතිය ඇත්තටම විනාශ කරන්නේ කවුද? තම්බි විතරද?

    රොජර් වැන්ඩර්වෝල්-
    http://sellamgedarasl.blogspot.com/2014/02/blog-post_24.html
    ජැක්සන් ඇන්තනී-
    https://www.youtube.com/watch?v=eLhuI0N5XaM

    ReplyDelete
    Replies
    1. රොජර් වැන්ඩර්වෝල්-
      http://gossipxlankablog.blogspot.com/2014/02/blog-post_24.html
      http://sinhala.lankanewsweb.net/news/6313-2012-11-05-10-07-05

      Delete
  16. lets target 50 comments guys

    ReplyDelete
  17. මගේ ආදරණීය පැරකුම් අයියා වෙත,

    අයියා මල්කාන්ති කියල කෙනෙක් එක්ක ඇඟෑලුම් කමක් තියෙනවා කියල කතාවක් යනවා. මම ඕවට කැමති නෑ.

    හිතාදර,
    කළු මැණිකා

    ReplyDelete
    Replies
    1. ඈ බොල වලත්ත පඳුරු බොන්ඩියේ තෝ මේ කාටද පද හදන්නේ ? තොගේ කටේ පනුවෝ දාන්න එපයි තෝ මේ අහිංසක අපිට හදන මේ කතා වලට හැබෑට! පැරකුම් අයිය විටට හුණු ඩිංගිත්තක් ඉල්ලගන්න කඩුල්ල පැන්න ටිකට තොපි මෙහෙම පද හදනවා නං ඌත් එක්ක බුදියන තොපිට කොහොම පද හදන්න ඕනෙද අපි ?

      තෝ දනගන් තොගේ කැරැට්ටුව අහල ගං හතක ප්‍රසිද්ධයි. තොගේ අම්ම ඊට හපන්. ඊයේ හවසත් බැට්ටිස් මලයට මුල්ලිච්චි වෙලා තියෙනවා තොගේ හොර වාහේ හෙමින වගේ තොගේ අහ රිංගන්න යනකොට. තෝ දැනගන් කොහොම වෙස්මුනු බැන්දත් නටන්නේ එළියේ කියල.

      තෝ වරෙන්කො කඩ මංඩියට හෙට. තොගේ කට චක් චක් ගාල තලලා දැම්මේ නැත්නං ඕං මං මල්කාන්ති නෙවෙයි දැනගන්! හුහ් !

      Delete
  18. රොජර් වැන්ඩර්වෝල්-
    http://gossipxlankablog.blogspot.com/2014/02/blog-post_24.html
    http://sinhala.lankanewsweb.net/news/6313-2012-11-05-10-07-05

    ReplyDelete
  19. මෙදා අය වැයෙන් පස්සේ මරක්කල ගෙදරකින් ඇහුණා මෙහෙම දෙබසක්!
    "හාමිනේ අපි ආයිමත් බබෙක් හදමු! අපට දොළොස් දෙනෙක් වැඩි නැහැනේ.
    අපේ හකිමයියා මෛත්රිත තුමාට කියලා අපිලා හදන බබෙක් වෙනුවෙන් විසි දාහක්
    දෙන්න කියලා.මගේ අනිත් ගෑණු හත් දෙනාත් කැමති උනා තවත් බබාලා හය
    දෙනෙක් ගානේ හදන්න.එතකොට අපිට බබා කාසි වලින් තවත් හයිබ්රිහට් එකක්
    ගන්න පු ලුවන්! අල්ලාහ් රැකදෙන්න ඕනෑ මගේ හකීමා"

    ReplyDelete
    Replies
    1. හිගුරක්ගොඩ ඉක්බල්January 30, 2015 at 11:14 PM

      ජනවාරි 10 පස්සේ මරක්කල ගෙදරක ඇහුණා මෙහෙම දෙබසක් !
      අපට කන්න නැතත් කමක් නෑ, ඉන්ෂාහ් අල්ලහා! හිතට බයක් නැතිව දරුවොත් එක්ක සතුටින් ජිවත්වෙන්න දැන් පුලුවන්. දෙවි පිහිටෙන් මෛත්‍රි යි රනිල් දෙන්නා මේ රට ගොඩ දානවා.

      Delete
  20. HALAL Sahathika Lath ekama Bloga.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා