සරදියෙල් අයවැයත් අරන් ඇවිත්
දින සීයේ ආණ්ඩුවේ අතුරු අයවැය ඉතා පැහැදිලිව ම මැතිවරණ අයවැයකි. එය එක්තරා ආකාරයකට ධනවතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දෙන සරදියල් අයවැයකැයි කීවත් වරදක් නැත. එය ඉතා පැහැදිලිව ම ජනප්‍රියත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයකි. මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ග්‍රාමීය පහළ මැද පංතිය ආකර්ශනය කර ගැනීම එහි ප්‍රධාන ඉලක්කය බව පෙනේ. අයවැයෙන් දී තිබෙන සහන ගැන හැම තැන ම පළ වන බැවින් අපි මෙහිදී ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කර තිබේ. එහෙත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කැපී පෙනෙන මැදිහත් වීමක් කර නැත. ලත්ෂ හැට පහකට අධික පෞද්ගලික අංශයේ සේවකයන් අතෘප්තිමත් කිරීම සඳහා මෙය ඉවහල් කර ගැනීමට විපක්ෂයට අවස්ථාව ලබා දී තිබෙන මුත්, රජයේ යෝජනාවකින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම ප්‍රායෝගික නො වන බව අමුතුවෙන් කිව යුතු නැත. පෞද්ගලික අංශයේ සේවා විවිධත්වය අතරමැද වැටුප් වැඩි කර ගැනීම සඳහා සේව්‍යයන් සමග අරගල කිරීමට සේවකයන්ට සිදු වනු ඇත. කෑලි ගණනට, දවස් කුලියට, කොන්ත්‍රාත් පදනමින්, ස්වයං රැකියා ආදී වශයෙන් විවිධ ආකාරවලට සේවය කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩ...