බලය ඇති කාලේ මොළය උඩ වාඩි විය යුතු නැත

අපි මහින්දගේ ලේ ඉල්ලනවා යි කියන අය මේකත් කියවන්න.

පහත පළ වන්නේ ලංකා නිව්ස්  වෙබ්හි පළ වූ සටහනකි. සත්‍යාසත්‍යභාවය ගැන වගකිව නො හැකි මුත් මෙවැනි දේ සිදු විය හැකි ය ඒ නිසා කෝකටත් සූදානම නරක නැත. බලය තිබෙන කාලේ මොළය උඩ වාඩි විය යුතු නැත. 

අනෙක් පැත්තෙන් මේ වන විට විශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂට එරෙහිව බරපතල චෝදනා මතු වෙමින් තිබෙන නිසා බලාපොරොත්තු රහිත දේ වුව සිදු වන්නට පුළුවන. කුමන්ත්‍රණ පිළිබඳ අවදියෙන් සිටීම ආරක්ෂක අංශවල පමණක් නොව මහජනතාවගේ ද වගකීමකි. 

ඒකාධිපතියාට හා ඔහුගේ දූෂිත පවුලට යළි බලයට එන්නට තිබෙන ඉඩකඩ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අසුරා දැමිය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. 

රෝහිත අබේගුණවර්ධන වැනි මහින්දගේ දූෂිත ඇම්බැට්ටයෝ දැනටමත් කයිවාරු ගැසීම ආරම්භ කර තිබේ. එසේම, ජාතිවාදී ව්‍යාපෘතිය ද සමාජ වෙබ් අඩවිවල හිස ඔසවමින් තිබේ. 

‘ලොක්කා ගහපු ගැටේට ජනාධිපති අහුවුණා' - පිස්තෝල නගරාධිපති කියයි!

‘අපේ ලොක්කා ගහපු ගැටේට ජනාධිපති තුමා අහුවුනා. මේ වෙලාවෙ අපි ඇටෑක් කරන්න හොඳ නෑ. අත ඉඹලා තමයි පිහියෙන් අනින්න ඕනෙ. මෛත්‍රී අපේ ජනාධිපතිතුමාට දුන්න ගේමම අපි එයාටත් දෙනවා. මීටින් එක ඉවරවෙලා ලොක්කා දැන් මට කතා කරා. ඉවසල ඉන්න කිව්වා. එයා ලස්සනට ගේම හැන්ඩ්ල් කරයි' යනුවෙන් කුප්‍රකට පිස්තෝල නගරාධිපති හෙවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (14) රාත්‍රී කොළඹ ප්‍රසිද්ධ කැසිනෝ ශාලාවකදී ප්‍රසිද්ධියේම පවසා තිබේ. එරාජ් ප්‍රනාන්දු එසේ විස්තර කොට ඇත්තේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කථානායක නිල නිවසේ සිදුවූ හමුව පිළිබඳව සිය මිතුරන්ට විස්තර කරමිනි.

‘අපේ ලොක්කා වැඩිපුරම ඇපේ දාල තියෙන්නෙ නාමල් බබාලව බේරගන්න. ගාමිණී සෙනරත්ලට මොනව වුනත් ලොක්කා ඒවා ගණන් ගන්නෑ. බැසිල් ලොක්කා අපේ ලොක්කා ගැන දන්න නිසා තමයි විජහට මාරුවෙලා ගියේ. මොන සෙල්ලම දාල හරි ලොක්කා ආයිත් බලය අල්ලනව. එදාට එක තම්බියෙක් තියෙන එකක් නෑ. උනුයි දෙමළුයි තමයි ලොක්කට කෙලෙව්වෙ' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අන්තේවාසිකයා වන හම්බන්තොට නගරාධිපතිවරයා සිය ස්වාමියාගේ අනාගත ගමන්මග පිළිබඳව විස්තර කර දී ඇත්තේ අනාගතය පිළිබඳව ඉමහත් විශ්වාසයකිනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Ai monavada. Allah huakbar

    ReplyDelete
  2. හිතේ අමාරුවට කියන කතා. ලොක්කා පැරදුනේ මුන් වගේ උන් හින්දා කියලා තාම ටිකිරි මොලේට තේරිලා නෑ. තේරෙනකොට කාලෙ ගිහින්.

    ReplyDelete
  3. මේ "සමාජ වාදී ජිවිතේ" මිට දවස් දෙක තුනකට කලින් කිවූ කථාවයි,

    "මහින්ද රාජපක්ෂ පවුල ගැන අතිශයෝක්තියෙන් ඕපාදූප නිර්මානය කිරීම ඇතැම් ඕපාදූප වෙබ් අඩවි විසින් කරනු ලබන බරපතල වරදකි."

    මේ අපේ වමේ තුමා දැන් කියන කතාවයි,
    "සත්‍යාසත්‍යභාවය ගැන වගකිව නො හැකි මුත් මෙවැනි දේ සිදු විය හැකි ය ඒ නිසා කෝකටත් සූදානම නරක නැත."

    යහ පාලනය ගේන්න පට්ට ධනපති රැලකට සරම නැතුව කඩේගිය මෙතුමා ධනපතියෙක්ගේ මුර බල්ලෙක් අතරමගදී තමාගේ බිජ්ජ කඩා ගත හැකියැයි අපිට කියයි. ඒක තමයි මහත්තයෝ කඩේ යනකොට ඇදුමක් ඇදන් යන්න කියන්නේ,

    ලංකා නිව්ස් වෙබ්හි පලවූ මේ පුවත ගැන සමාජවාදී ජිවිතේ මොකද කියන්නේ,

    "භිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

    ඊයේ (10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique' නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි.

    එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ"

    ReplyDelete
    Replies
    1. // මේ පුවත ගැන සමාජවාදී ජිවිතේ මොකද කියන්නේ, //
      සමාජවාදී ජිවිතේ මල්
      ගෑනි ඉන්නකල්

      Delete
    2. සමාජවාදී ජීවිතයක් යනු සමාජ යහපත වෙනුවෙන් ගෙවන ජීවිතයකි. අපි මෛත්‍රීපාල සිරිසේන දිනවීම සඳහා සටන් කළෙමු. ඒකාධිපතියා පැරදවූයෙමු. පසුගිය කාලයේ ජනතාව දුකට පත් කළ අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාව ගැන අඩු තරමේ කතිකාවක්වත් ඇති කළෙමු. ඒකාධිපති මහින්ද රාජපක්ෂ පවුල පසුබැස්වූවෙමු. ඔවුන්ගේ ජාතිවාදී ව්‍යාපෘතිය පැරදවූයෙමු. ඔබ කියන අන්දමින් ඒවා වැරදි ය. ධනවාදියකුට කඩේ යාමකි.

      එසේ නම් නිවැරදි ක්‍රියාව වන්නේ මහින්ද රාජපක්ෂව බලයේ තබා ගැනීම විය යුතු ය.

      අපි මෙම ආණ්ඩුව විවේචනය කරන්නේ සාධනීය තැනකින් බව මතක තබා ගන්න. මහින්ද රාජපක්ෂ ඒකාධිපති, ජාතිවාදී දුර්දාන්ත පාලකයා පැරදවීමට අපි කොන්දේසි විරහිතව විපක්ෂ පොදු අපේක්ෂකයාට සහාය දුන්නෙමු. ඉදිරියටත්, ඒකාධිපතිවාදයට, ජාතිවාදයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙමු.

      සිදු කළ වෙනස රැක ගන්නෙමු. වෙනස ඉදිරියට ගෙන යන්නට දිරි දෙන්නෙමු. අපගේ විවේචනයෙන් ඔබට සතුටු වන්නට ලැබෙන්නේ නැත.

      Delete
    3. //සමාජවාදී ජීවිතයක් යනු සමාජ යහපත වෙනුවෙන් ගෙවන ජීවිතයකි//
      ලංකාවේ සමාජවාදී ජිවිත ගතකරන්නන්,

      අපේ ගමේ ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ, චුට්ටන් හාමුදුවෝ සෙට් එක,
      පල්ලියේ ෆාදර්
      රත්නපුරේ මැණික් බිස්නස් කරන අය
      සිද්ධාලේප මුදලාලි
      ලින්ක් නැචුරල් මුදලාලි
      හන්දියේ ක්ලිනික් එකේ දොස්තර,
      ටියුෂන් එකේ ගුරුතුමා,
      රනිල් වික්‍රමසිංහ,
      ඩඩ්ලි සිරිසේන,
      දම්මික පෙරේරා,
      අජිත් පැරකුම් ජයසිංහ.

      Delete
    4. ''අපි මෛත්‍රීපාල සිරිසේන දිනවීම සඳහා සටන් කළෙමු. ඒකාධිපතියා පැරදවූයෙමු.''

      ලැජ්ජාවට හෝ තක්කඩිකමට නොකියන ඉතුරුටික,

      හිටපු ඒකාධිපතියා වෙනුවට අපි විපක්ෂයේ හිටපු බටලන්දේ ඒකාධිපතියා ගෙනාවෙමු

      හිටපු ජාතිවාදීන් වෙනුවට ප්‍රා එකේ ජාතිවාදීන් ගෙනාවෙමු.

      හිටපු හොරුන් වෙනුවට චවුර රැජිනියන් ගෙනාවෙමු

      මොහාන් සමරනායක සෝමරත්න බාලසුරියගෙන් රී-ප්ලේස් කළෙමු

      මහින් දගේ පුතුන් වෙනුවට, චන්ද්‍රිකාගේ, සිරිසේනගේ රාජිතගේ පුතුන් හට දේශපාලනයට පාර කපා දුන්නෙමු

      දැන් ජෝලිද ??

      Delete
    5. තව නැගෙනහිර හා ඌව පළාත් සභා ප්‍රජාතන්ත්‍රවිරෝදිව මාරු කරමු

      ත්‍රස්තහිතවාදීන්ට බෙදුම්වාදය පතුරුවන්නට ඉඩදෙමු

      Delete
    6. ## රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි. ## එම පුවත නිර්මාණය කල තැනැත්තාට මේ කොටස ඇතුලත් කිරීමට අමතක වී ඇත . " ඒ සමගම ඔහු සමග ආ ආරක්ෂකයෝ එහි සිටි සියලුම අයගේ කැමරා සහිත දුරකථන පොහොර උරයකට එකතු කරගන්නා ලද අතර ඔවුන් සියලු පිටවී ගිය පසු එක අයෙකු විසින් එම පොහොර උරය ආරක්ෂක නිලදාරියෙකුට බාරදී ඇත . "

      Delete
  4. බුහාහා......හුකෑස්.......අතට ගත්තු දේ කටට දාගන බැරි වේදෝයි සිතා නිව්ස් කොටනා සිරිකොතේ නිවුස් බබාලා, බබාලාගේ කතා වලට සරමේ චු යන සමාජවාදී වම්මු!!.........බුහාහා......හුකෑස්.......!!

    ReplyDelete
    Replies
    1. මේ අපේ පැරා අයියට ඒවා මේවා කියන්න එන්න එපා හොඳේ
      දෑකැත්ත සහ කිණිහිර බලකාය

      Delete
  5. මේ වගේ කාලකන්නින්ව මුලින්ම අල්ලලා මරන්න ඕන. මේ වගේ එවුන් රටට බරක්.

    ReplyDelete
    Replies
    1. යහ පාලනේ අලුත්ම වර්ෂන් එකද ?

      Delete
    2. ඔව් ඇයි තොට අවුල්ද ?

      Delete
  6. මෙන් පැරා සීරියස් ගන්නවනම් සීරියස් අරන් ඔයාට බය වෙන්න තවහොද නිව්ස් එකක්,

    ශ‍්‍රීලනිපය ශක්තිමත් කෙරේ.. මෛත‍්‍රී-මහින්ද-චන්ද්‍රිකා එක වේදිකාවකට…

    වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එකම වේදිකාවට ගෙන ඒම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් විශේෂ මෙහෙයුමක් ආරම්ඛ කර ඇත.

    පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ මතභෝදාත්මක කරුණු කාරණා පිළිබදව සිදුකළ අඩපණවීමකින් පසුව පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    අනාගතයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයකට මුහුණදීමට යෑමේදී පක්ෂයේ ඉහළ පෙළ භේදභින්න වී පක්ෂය සීසීකඩ කැඞී යෑමේ අවදානමක් ඇති වී ඇති බැවින් නිදහස් පක්ෂයේ ප‍්‍රධානතම පුරුක් තුනක් වන වර්තමාන ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එකම වේදිකාවකට නැංවීමට මෙලෙස සැලසුම් ක‍්‍රියාත්මක කර ඇත.

    පසුගිය දින කීපයේදී ශ‍්‍රී ලංක නිදහස් පක්ෂයේ සභාපති ධූරය සම්බන්ධයෙන් ද ගැටලූ කීපයක් මතුවූ අතර එම නිසා පක්ෂය කැඞී බිදී යාමේ සලකුණු පෙනෙන්නට තිබූ බව ඔවුන්ගේ අදහසයි.

    මේ තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින පසුබෑමෙන් මුදා ගෙන නගා සිටුවීම සදහා ඉහත පුදගලයන් තිදෙනා එකම වේදිකාවක හමුවිය යුතු බවට නිදහස් පක්ෂ පසු පෙළ රැස්වීම්වලදී ද ග‍්‍රාමීය මට්ටමේ ජේ්‍යෂ්ඨයන්

    ReplyDelete
    Replies
    1. ඉහත ඇනොනිමස් කමෙන්ටු සියල්ලම පාහේ දමා තිබෙන්නේ එකම පුද්ගලයකු බව පෙනේ. ඒ කියන්නේ නිල් බලකායේ මුදලට ලයික් දමන, කමෙන්ට් දමන අනුඛන්ඩය තවම වැඩ ය.

      Delete
    2. මෛත‍්‍රී-මහින්ද-චන්ද්‍රිකා එක වේදිකාවකට එනකල් බලා ඉඳපියව්.

      ඕක බොලාගෙ මහින්ද මාමගෙ සුරංගනා හීනයක්.

      ඔයිට හොඳයි නරිය වගේ පලයව් එළුවෙක් පිටිපස්සෙ ඇට දෙක වැටෙනකල්.

      Delete
    3. 1.මොලේ තියනකොට බලේ නැත බලේ තියනකොට මොලේ නැත.

      2.බලය ඇති කාලේ මොළය උඩ වාඩි විය යුතු නැත.

      3.ඇටේ වැටෙන තුරු පොදු එළුවා පස්සේ ගිය රනිලටනම් ඇටේ ලැබී ඇත.

      4. යහ පාලන වම්මුන්ගේ සමජවාදේ රෙද්ද පල්ලෙන් බේරීම පටන් අරන් ඇත.

      5. පැරා කියන්නේ මේ ඇට දෙක ගැනද?

      Delete
    4. //Ajith Perakum JayasingheJanuary 18, 2015 at 3:27 PM//

      නෑ පැරා ඒ මම

      Delete
  7. යහපාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය කෙසේ වෙතත් ලිබරල් වූ ධනවාදයක් ඇති කිරීම සඳහා අපතයන් නැති කළ යුතුය. මේ අපතකම මේ තරම් බෝ වුනේද මහරජාගේ පාලන ක්‍රමය නිසාය. උන්ට හරියන්නේ “එහෙමයි දේවයන් වහන්ස“ කියන පාලන ක්‍රමයක් පමණකි.

    ReplyDelete
    Replies
    1. ලොක්කා අපි අපතයන්ට ටයර් දාමුද ??

      Delete
  8. ආන් අර ලේක් හවුස් එකේ මල් කුමාරයා, සෙවකයෝ එකතුවෙලා එලවලා දාල. මට පේන්නේ අනික් ආයත්නවල හොරුත් ඒ විදියට එලවන්න වෙයි. නැත්නම් ආන්ඩුවා නම් හොරු එලවන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා මාතේ, අනිවා!

      Delete
    2. යහ පාලනය තුං මුනිං බේරෙනවා

      Delete
  9. මහින්ද රාජපක්ෂට නැවත බලයට පත්වීමේ හැකියාව පවතිනවා. නමුත් ඔහු මේ උත්සහ කරන ආකාරයට නෙවෙයි. මහින්ද වැපුරුවේ මේ වගේ ගෝලයන් තමයි. එරාජ්,පුෂ්පකුමාර,මුතුහෙට්ටිගම වගේ ගෝලයන් නිසා මහින්ද ඇතිකරගත් හානිය සුළු පටු නොවේ. පැරා මම දකින් විදියට සමාජ ජාලයන් තුල හුවමාරුවන පුවත්වල යම්තාක් දුරට හෝ සත්‍යයක් තියනවා. මොකද කොලොන්නාවේ කුඩු රජා ගැන මුලින්ම මම දැනගත්තේ අන්තර්ජාලය හරහා. හැබැයි ඒ වෙනකොට කුඩු රජා සත්ගුණවත් දේශපාලුවෙක් විදියට රටම පිළිගන්න කාලෙකයි.

    ReplyDelete
    Replies
    1. ඔය එරාජ්,පුෂ්පකුමාර,මුතුහෙට්ටිගම වගේ ගෝලයන් වැඩි කාලයක් මහින්ද ගාව ඉන්නේ නෑ. මහින්දගේ ක්‍රමය තමයි එයාලා නියමිත කාලයේදී එලොව යන්න වැඩ කටයුතු සකස්කර දීම, එයාලව රෙප්ලේස් කරන්න අය පෝලිමේ ඉන්නේ, ඔය චන්ඩිමල්ලී කතන්දරය එහෙම හැමෝම දන්නවනේ.

      Delete
  10. මහින්දට නැවත බලයට එන්න පුළුවන්ය කියලනම් කොහොමවත්ම හිතන්න බැහැ.ඔහුට ශ්‍රීලනිපයේ නායකත්වය අහිමිවුනා කියන්නෙ බින්දුවටම වැටුන කියන එක.මම හිතන්නෙ නෑ ඔහුට අඩුම ගානෙ හම්බන්තොටවත් රැකගන්න පුළුවන්ය කියල.විමල් වීරවංශයි,ගම්මන්පිල්ලයි ඇර ඔහුට කිසිවෙක් ප්‍රසිද්ධියේ සහාය දෙන්නෙත් නැහැ.
    පිස්තෝල නගරාධිපති අරහෙම කිව්ව මෙහෙම කිව්වයි කියල කියන ළිද ලඟ සංගමේ කතා වගෙ දේවල් දේශපාලනයෙදි බැරෑරුම්ව සළකන්න බැහැ.මහින්ද යළි බලය ගන්නවනම් ගන්න විදියක් තියෙන්න එපායැ.

    ජාතිවාදී යැයි කියන ප්‍රචාරත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතටම වැටෙනවා.හරියටම අහවල් දේ ජාතිවාදීද කියල අපි දැනගන්නෙ කොහොමද.සිංහල කියන වචනෙ ඇහෙනකොටත් ජාතිවාදී කියල බෙරිහන් දුන්න යුගයක් තිබුන.ඒ බෙරිහන් දුන් අය නලලෙ පොට්ටු තියාගෙන මහවිරු සමරු වලට යමින් තමන් හොඳ මිනිසුන් බව කියා පෑවා.
    Hate speech කියල හදුන්වන දේ නිවැරදිව සාධාරණව හදුනාගෙන වාරණය කළාට කමක් නෑ.ඒක දැනටත් වෙනව.නමුත් හැම මතයකටම ඉඩ තිබිය යුතුයි.දහසක් මල් පිපෙන්න ඕන.

    මෙහෙම කීවෙ ජාතිවාදය මර්ධනය කරන්න ඕන කියල මතයක් දැන් හිස ඔසවන නිසයි.

    ReplyDelete
  11. තවද කියමි
    දැන් නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ පරදින්නේ ලක්ෂ 20 කිනි.දැන් ගම්වල මිනිස්සු ටී වී වල දකින දේවල් නිසා කම්මුලේ අත තබාගෙන සිටිති. කඩපිලේ ,තොටමුණේ ඇහෙන්නේ අම්මෝ අච්චර හොරා කාල නේද මෙච්චර හොරාකාල නේද වැනි කතාය.

    එසේම යෝජනාවක් කිරීමටද කැමැත්තෙමි.අන්තර්ජාලයේ ප්‍රතිවාදීන් හදුන්වාගැනීමට නරක වචන භාවිතා වේ.
    නරක වචන භාවිතයද හොඳ නැත.එන්ජීඕ කාරයන් යන යෙදුම අසභ්‍ය බැවින් එන්ජීඕ කාරයන්ට සිවිල් සමාජ බුද්ධිමතුන්යැයි කියමු.
    එසේම ජාතිවාදීන් යන වචනය අසභ්‍ය බැවින් ඔවුනට ජාතික මතය දරන්නන් යැයි කියමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් ට මිස්ටර් ප්‍රභාකරන් කියමු
      ත්‍රස්තයන්ට විමුක්ති කාමීන් කියමු
      ළමා අපචාරකයන්ට ළමා ශරීර ව්‍යවසායකයන් කියමු
      තව මොනවාද ??

      Delete
    2. //තව මොනවාද ??//
      බත්කන හරක් වරු කියමු

      Delete
  12. ඔය ලංකා නිවුස් වෙබ් එකේ යන දේවල් කවුද ඇත්ත කියලා ගනන් ගන්නේ? හැමෝම දන්නවා ඕක කරන කෙනාට තියෙන චෝදනා වලින් බේරෙන්න ඔනෝ නිසා රට පැනලා ඉන්න කෙනෙක් බව.

    අජිත් පැරකුම් සහෝදරයාත් මිට කලින් ලිපියකදී කියනවා මෙහෙම.

    'මහින්ද රාජපක්ෂ පවුල ගැන අතිශයෝක්තියෙන් ඕපාදූප නිර්මානය කිරීම ඇතැම් ඕපාදූප වෙබ් අඩවි විසින් කරනු ලබන බරපතල වරදකි.

    රාජපක්ෂ පවුල විසින් කරන ලද දූෂණවල ඇත්ත සොයා ගත යුතු ය. ඒ සම්බන්ධයෙන් බේගල් ගෙතිය යුතු නැත. එවැනි බේගල් ඇත්ත සොයා ගැනීමට බාධාවකි.

    මේ සඳහා නිදසුනක් ලෙස පසුගිය ‍දිනෙක ඕපාදූප වෙබ් අඩවියක් විසින් පතුරුවා හරින ලද පුවතක් සැලකිය හැකි ය. එයින් කියැවුණේ තජුඩීන් නම් රගර් ක්‍රීඩකයකුගේ මරණය යෝෂිත රාජපක්ෂ විසින් කරන ලද එකක් බවයි. මෙම කතාව ගෙතීමේදී ලේඛකයා ජනප්‍රවාද පවා යොදා ගත්තේ ය. වාර්තාවේ පැවසෙන පරිදි රග්බි ක්‍රීඩකයා යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියගේ සිරුරේ උපන් ලපයක් ගැන සඳහන් කර තිබේ. මේ ජනප්‍රවාදය දස්කොන් - ප්‍රමිලා කතාවේ ද තිබේ. මේ කතාව මෙම ගොසිප් ප්‍රබන්ධකරුවා තම ගමෙන් ගෙන ආ එකක් විය හැකි ය.

    කෙසේ වෙතත්, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් දරන යෝෂිතගේ හිටපු පෙම්වතිය වන යසාරා අබේනායක පවසා ඇත්තේ තමන් තජුඩීන් කිසි දිනෙක හමු වී නැති බවයි. එසේම මිය ගිය පුද්ගලයාගේ පවුලේ අය ද එම මරණය හදිසි අනතුරකින් සිදු වූවක් බවට සැකයක් නැති බව පවසති. '

    ඔය කියනා ලිපියත් පල උනේ ලංකා නිවුස් වෙබ් එකේම තමයි. එතක්ට දවස් දෙකකට කලින් ඒ වෙබ් අඩවියේ යන දේවල් බේගල් කියන අජිත් අද කියනවා වෙනම කතාවක්.

    අජිත් පැරකුම්ට කෙටි කාලින අතීතය අමතක වෙන ලෙඩක් තියෙනවා වගේ. එහෙම නැත්තන් පැරා ඔය ලංකා නිවුස් වෙබ් වගේ පල්හෑලි දාන වෙබ් සයිට් වල යන දේවල් උපුටා ගන්නේ නැතිව ඉන්න.

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ කන්න ඕනේකොට කබරයා තලගොයා කරනව කියල! මේක මේ දෙකයි පනහේ වම්මුන්ගේ මුලික උපායක්!

      Delete
  13. There is no truth in this news. Some websites love to fabricate stories. They know the " KUNU KARAWALA" taste of the readers.
    Some people might want MR to be jailed. But SF case taught us a lesson. New President & PM wise enough not to make the same mistake.
    Don't worry about Eraj or Mervin. They are walking towards their destination- Dustbin of the history.

    ReplyDelete
  14. COUP ATTEMPT- read www.ravaya.lk

    ReplyDelete
  15. Somarathnayawath elawanna wenne gahalamathamai,

    ReplyDelete
  16. Mr,Para, Muslim Anthawadeen kala, CHARLIE HEBDO Madya wedeen Gathanayan gena Madayawediyekwana oba thumage Mathaya mokakda? Ekata wirodathwak karannako.

    ReplyDelete
  17. මේ ඇනෝ කමෙන්ට් බොහොමයක් දමන ලද පුද්ගලයා හෝ කණ්ඩායම කියන දේ අධ්‍යයනය කරන්නේ නම් රාජපක්ෂලාගේ හා ඔහු රජෙකු යයි අදහමින් නැවත බලයට ගෙන එන්නට යත්න දරන අයගේ උපායන් තේරුම් ගන්නට පුළුවන.

    ReplyDelete
  18. අයියෝ පැරා. මේ මොකද වුණේ? ඇල්ටෝව ගැන කිව්ව දවසෙ වත් මේ වගේ නාගත්තෙ නෑ නේද?

    ReplyDelete
  19. ඔය හැමෝම හොඳට දැනගන්න ඕන දෙයක් තියෙනවා මෙතන... දෙමළුන්ට අවුරුදු තිහක්ම ගහන්න උනා සිංහලයට... නමුත් මුසල්මානුවට අළුත්ගමදී ගහලා මාස හයක් ඇතුලත ආන්ඩුව ගෙදර යවන්න පුලුවන් උනා..අන්න ඒ නිසා, මින් ඉදිරියටත් තම්බියෝ එක්ක හැප්පෙන එක කෝකටත් පරිස්සමින් ඕන්.

    ReplyDelete
  20. ( ANO 19at 6.10pm/para) EWAGEMA EMA MASA 6 ETHULATHADEEMA,Aluthgamadee musalmanu, prashne eka paththak witharak(ginigannawa)dekka eropiyan,ewele sinhalayanta wisala chodana kala(Para wage) owun Aluthgama sinhalayanta kala chodana gena kangatuwenawa.EGENATH Parissamin(Aluthgamata.Asanna Moreagalle upan nisa mata lebuna Athdekeemak,--Gehan-marcele-France)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා