ජනතා ජයග්‍රහණයෙන් පසු ..............

මහින්ද පැරදුණේ ඇයි? කෙටියෙන් කීවොත්, මහින්ද පැරදුණේ උගත් සිංහල ජනයාගේ හා සුළුතර ජාතීන්ගේ හා ආගමිකයන්ගේ ඡන්ද ලබා ගන්නට අසමත් වූ නිසා ය. 

සිංහල උගත් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් හා දෙමළ, මුස්ලිම් අති බහුතරය මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන්නේ ඔහුගේ ජාතිවාදී පාලනය යටතේ ඔවුන් මුහුණ දී සිටි පීඩනයේ තරම නිසා ය. 

මේ දෙකොටසෙහි ඡන්ද නොමැතිව ඔහු බලයට පත් වුණා නම්, ඇත්තෙන් ම ඇති වන්නේ විනාශකාරී තත්වයකි. ඔහු බලයට පත් වන්නේ සිංහල බෞද්ධ අන්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස නිසා ඔහුගේ පාලනය තව තවත් ජාතිවාදී ස්වරූපයක් ගනු නිසැක ය. 

අනෙක් පැත්තෙන්, විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමා වූ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වැනි කාරණා ප්‍රතික්ෂේප වූවා සේ සලකා කටයුතු කරන්නට ඔහු පියවර ගනු ඇත. 

ඔහු දිනුවා නම්, අද ඔහුත්, ඔහුගේ සහෝදරයෝ හා පුත්තුත්, ඔහුගේ වෛරී ප්‍රචාරණ ව්‍යාපාරයේ නියමුවන් වූ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක, හඩ්සන් සමරසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය හැසිරෙන ආකාරය ගැන මොහොතකට පරිකල්පනය කරගෙන බලන්න. ඩලස් අලහප්පෙරුම අන්තිම දින කීපයේදී කතා කළේ විපක්ෂයේ නායකයන් සිරගත කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැනයි. ඔවුන් සරත් ෆොන්සේකාට කළේ ද එයයි. 

ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වෛරී ප්‍රකාශ ගැන වහා පරීක්ෂණ පැවැත්විය යුතු ය. වෛරී කතා පැවැත්වූවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු ය. මෙහිදී හඩ්සන් සමරසිංහ, විමල් වීරවංශ හා එස්. බී. දිසානායක ගැන විශේෂ අවධානයක් යොමු විය යුතු ය. 

එසේම, ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මහජන දේපල යොදා ගැනීම පිළිබඳ විමර්ශනය කර, නඩු පවරා වගකිව යුත්තන්ගෙන් එම වියදම් ආපසු අය කර ගත යුතු ය. 

මෙම දැවැන්ත ප්‍රචාරණය සඳහා ආණ්ඩුව මුදල් සපයා ගත්තේ කෙසේ ද යන්න ගැන විශේෂයෙන් සොයා බලා රට හෙළිදරව් කළ යුතු ය. 

තවත් වැදගත් පියවර කීපයක් තිබේ. පාලකයන් විසින් මහජනතාවගෙන් පැහැර ගත් මුදල් ගැන වහා විමර්ශනය කළ යුතු ය. ඒවා ආපසු ලබා ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ය. ඔවුන්ට ඒවා ආපසු නො දී රටින් පළා යාමට ඉඩ නො දිය යුතු ය. ඔවුන්ගේ විදේශ වත්කම් ගල් (freeze) කළ යුතු ය. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කිරීම වැනි දුෂ්ට ක්‍රියාමාර්ග ඉක්මණින් ආපසු හැරවිය යුතු ය. 

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගත යුතු ය. 

මේ ජනතා ජයග්‍රහණය ස්ථාවර කර ගැනීමට නම් ජනතාවට එරෙහි අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි. 

ඔවුන්ට විවේක ගෙන යළි සංවිධානය වී සුපුරුදු ජාතිවාදී අශ්වයා පිට නැගී ජනතාවට එරෙහිව සටනට එළඹෙන්නට ඉඩ දෙන්නේ නම්, මේ ආණ්ඩුවේ ආයුෂ ද 2001 වසරේ පිහිටුවන ලද රජයේ ආයුෂ මෙන් කෙටි වනු ඇත. 

එසේම, තවත් අතිශය වැදගත් අවශ්‍යතාවක් වන්නේ ජාතිවාදය පැරදවීමට ක්‍රියාමාර්ග ගැනීමයි. ජාතිවාදය පරාජය කිරීම සඳහා නීතිමය මෙන් ම ‍දේශපාලන ක්‍රියාමාර්ග ද අවශ්‍ය ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Yap. We should recover every penny they have stole.

    ReplyDelete
  2. ඔයත් මාර කතානේ කියන්නේ..ඔය ඔක්කොම හරි කියමු ඒත් ලසන්තව මරපු අයයි එක්නැලිගොඩ ව අතුරුදහන් කරපු අයයි අත් අඩංගුවට ගන්න ගියොත් මාර අමාරුවක තමයි අළුත් ජනාධිපති තුමා වැටෙන්නේ.ඔයාට තේරෙනවා නේද පැරා කොහොමෙයි ඉතිං ඒක කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සාධක නැතුව ඔහොම කියන එක වැරදියි. මට සාධක ඕනෙ. ඔබ වහාම සාධක ඉදිරිපත් කලයුතුයි.

      මම පුක කළුවා

      Delete
  3. දින සියයේ වැඩ පිලිවෙල අවධාරණය කිරීමත් කළ යුතු දෙයක්

    ReplyDelete
  4. http://maathalan.blogspot.com/2015/01/mahinda-we-love-you.html

    ReplyDelete
    Replies
    1. මම, මාමා සහ මාJanuary 9, 2015 at 2:42 PM

      ෆේස්බුක් නංගී..
      _____________________

      "Facebook තියෙන්නේ Fun ගන්න"
      "Social Media තියෙන්නේ Fun ගන්න"
      ඕව් නංගී..
      ඒ උඹ වගේ හරක්ට.
      මහා රෑත්..
      කොල්ලෝ හොයන උන්ට.
      උඹලගේ හැම මළ හෝන්තුවම,
      පොටෝ අල්ලලා දාන උන්ට.
      උදේ Good Morning කියලා,
      රෑට Good Night කියන උන්ට.
      උඹ වගේම ගොන් කොල්ලන්ට,
      මෝඩ චූන් දෙන තැනට.
      මේක මේකප් රූම් එක කර ගත්ත උන්ට.
      මේක කුස්සිය කර ගත්ත උන්ට.
      මේක කකුස්සිය කර ගත්ත උන්ට.
      හැබයි නගේ අපට නම්,
      මේක අරාබි වසන්තය කරපු තැන.
      ගඩාෆිලා මරපු තැන.
      බෙන් අලිලා එලවපු තැන.
      බුද්ධිය හොයන තැන.
      යුක්තිය හොයන තැන.
      විමුක්තිය හොයන තැන.
      ඒ වෙනුවෙන්...
      අපි කෑගහන තැන.

      © Maathalan - Priyantha Hewage

      Delete
  5. //එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත.//


    40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.... අයිතිකරු ඉක්මනින් විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් වැඩිම ඉල්ලුමට මෙම සති අන්තයේ විකිණේ...... අත්පිට මුදලට පමණයි.................

    ReplyDelete
  6. මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ... අද දිනය සිංහලයාගේ මෑත කාලීන ඉතිහාසයේ අඳුරුම දිනය ලෙසින් සටහන් තබා ගත්තාට වරදක් වන්නේ නැත... වැඩි කාලයක් නොගොසින් බෙදුම්වාදීන්ට මේ රට ගොදුරු වී රටේ සාමය නැතිව ගියහොත්... එදාට අද මේ වෙනස කරන්නට දත කෑ... සියළු දෙනාම වගකිව යුතුය... අද මහින්ද පරදවා සුළුජාතිකයින්ගේ කැමැත්ත මත තීරණය වූ නායකයකු ගෙන එන්නට දායක වූ ඔබ සියළු දෙනාගේ හිස මත ඒ තීරනයේ වගකීම වැටී ඇත... කිසි විටකත් අනාගතයේදී මොන ආකාරයෙන් ඔබලා වෙනස් වූවත්.. අද කල කාරියෙහි වගකීම ඔබගෙන් පහව යන්නේ නැත... මේ කාරණාව සිහියේ තබා ගැනීම වැදගත් බව කියමි. මෙම තිරණයේ විපාක ඔබට පමණක් නොව ඔබගේ දරු මුණුපුරන් පිටත් වැටෙන දවසක් එළඹියහොත් එදාට ඒ ගැන ඔබගේ සිත ඔබටම දෙස් දෙනු ඇත... අන් සියළුම දේට වඩා හෘදසාක්ෂිය බලවත්ය... මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි... තම තමාගේ සිත්වල 2015 ජනවාරි මස නව වැනිදා දවසක උදෑසන මෙහෙම දෙයක් මෙහෙම එකෙක් කිව්වාය කියා මතකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත්ය...

    (චතුෂ කුමාර කක්කාවල මනපහතයා විසින් අද උදෑසන ලියන සටහනකින් උපුටා ගත්තකි.)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කාලකන්නි ගල් ගහල මරන්න ඕන

      Delete
    2. \\දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි..//
      අනිවාර්යයෙන්ම එහෙම විය යුතුයි...... එය ඉතාමත් ප්‍රගතිශීලි තත්ත්වයක්

      Delete
    3. සුළු ජාතිය - මහ ජාතිය කියල දෙකක් නෑ.
      තියෙන්නෙ දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ කියල දෙකක්.
      -මහින්ද රාජපක්ෂ 2009 මැයි 21 පාර්ලිමේන්තුව අසළදී

      හෙනහුරා

      Delete
    4. මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි...

      Delete
  7. බොදු බල සේනා වගේ අන්තවාදී සංවිධාන හදල ජාතිවාදය අවුස්සපු එකේ ප්‍රතිඵල දැන් හොඳට පේනවනෙ

    ReplyDelete
  8. ද්‍රවිඩයන් දහස් ගණනින් සංහාරය කල මජර රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමට දායක වූ සහෝදර ද්‍රවිඩ සහ ඉස්ලාම් ස ජනතාව වෙත අපගේ ප්‍රණාමය. දැන් ඉතිං සැමට ගෞරවනීය ලෙස තම නිජබිමේ විසිය හැකි රටක් තනමු

    ReplyDelete
  9. ලිපියනම් හරිම හොදයි, නමුත් ඔය කියල තියෙන ඒවායින් වැඩි ප්‍රමාණයක් බල කරලවත් කර ගන්න බෑ කියල තමයි මම හිතන්නේ. අඩුම ගානේ අර දින සියයේ වැඩපිළිවෙල කරව ගන්න බලමු වැඩිය කන්ඩ ගිහිං පිඩියත් නැති කර නොගෙන...

    ReplyDelete
  10. ඔවුන්ට විවේක ගෙන යළි සංවිධානය වී සුපුරුදු ජාතිවාදී අශ්වයා පිට නැගී ජනතාවට එරෙහිව සටනට එළඹෙන්නට ඉඩ දෙන්නේ නම්, මේ ආණ්ඩුවේ ආයුෂ ද 2001 වසරේ පිහිටුවන ලද රජයේ ආයුෂ මෙන් කෙටි වනු ඇත.
    100% එකඟයි
    එය අවධාරණය කරමි.
    හෙනහුරා

    ReplyDelete
  11. "මේ ආණ්ඩුවේ ආයුෂ ද 2001 වසරේ පිහිටුවන ලද රජයේ ආයුෂ මෙන් කෙටි වනු ඇත" Esema wanu Atha.

    ReplyDelete
  12. Jaygrahanaya itha ihalai wenasak Aniwaryawa thibuna,Namuth kanassallata karuna Musslim anthawadaya newatha Beruwala, Dhargatown hisa osawaida yannai.Para megena awadiyen innai illami

    ReplyDelete
  13. හකීම්ගෙ, දෙමල සන්ධානයෙ චන්ද ගන්න හැටි මහින්ද උනත් හොදට දන්නවා. ඒ මිනිහා එච්චර ද්‍රොහියෙක් නොවී ගෙදර ගිය එක ගැන අපි ගෞරව කරනවා. ලන්කාව තවත් පලස්තීනයක් කරගන්න වලි කන සින්හලයන්ට ඊට අයිතියක් ඇති බවද අපි පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. Idiots. Did anyone wonder why he had karuna pilliyan, kp by his side

      Delete
  14. අපිට බහුතරයෙ බහුතරයක් අනවශ්ය බව මන්ගල දැන් අවුරුද්දකට උඩදි කිව්වා. එපා කියද්දී නැවීගෙන ගිහින් චන්දෙ දෙන්න තරම් නිවට නෑ සින්හල බහුතරයක්.

    ReplyDelete
  15. දෙමල ජාතිවාදී ඩයිනසොරයා නොපෙනෙන සින්හල ජාතිවාදී අශ්වයා පමනක් පෙනෙන පිස්සො රන්චුවද අපි බලයට ගෙනාවෙ?

    ReplyDelete
    Replies
    1. මහින්ද නගින්නේ අස්සයකු පිට නො වේ. ඔලු දෙකේ බූරුවකු පිටයි. එක පැත්තකට ඇති ඔලුව බොදු බල සේනා සිංහල ජාතිවාදයයි. අනෙක් පැත්ත කේ.පී., කරුණා, ඉතිරි වූ කොටි හා ඩයස්පෝරා ජාතිවාදීන්ගේ දෙමළ ජාතිවාදයයි.

      එක අතකට මේ ජාතිවාදයන් අශ්වයන් ‍හෝ ඩයිනසෝරයන් නොව බූරුවෝ ය.

      Delete
  16. සින්හල ජාතිවාදි අශ්වයා පන්නමු. හමුදා කදවුරු අයින් කරමු. උතුරු නැගෙනහිර දෙමල නිජ බිමෙ මානුශික සන්හාරයක් කල මහින්ද බටහිරට බාර දෙමු.

    ReplyDelete
  17. ඔන්න පැරා යහපාලන මල්ලෙන් මොකෙක්දො බළලෙක් පැන්නා. සින්හල විරොධී බළලා වගෙ මමනම් දැක්කෙ.

    ReplyDelete
  18. කරුණා අම්මාන්ලා පිල්ලේලා එකතු වී තමන්ගේ වාසියට විරුද්ධ පිලට පැන තමන්ගේ නායකයා(ප්‍රභාකරන්) මරණය දක්වාම පාවා දුන්හ.අද දින බහුතර සුළු ජාතිකයන් හා බෞද්ධයන් පිරිසක් වාසි අතට පනින මැති ඇමතිවරු කණ්ඩායමක් එක් වී අපගේ නායකයා පන්නා දැමුහ. කරුණා අම්මාන්ලගේත් එසේ වාසි අතට පිල්මාරු කල අමතිලගේත් ඇති වෙනස මොකක්ද? මහින්ද මැතිතුමන් මරා නොදමා ජීවිත දානය දුන් එකද ?

    ReplyDelete
    Replies
    1. Gon harako ubata Karuna / Kp nikan minister kenekuta samana karanawanam ube mole pukeda tiyenne kiyala ahanna kamathi dan ithin ubala wage harkge kale iwarai uba salman khan inna film ekak balala nidaganin

      Delete
  19. මේ ප්‍රතිඵලයෙන් තවත් එක් දෙ‍යක් හොදින් ම තහවුරු උනා. ඒ තමයි තමන් බුද්ධි මට්ටමෙන් ඉතා අඩු නිවටයන් රැළක් ලෙස සළකා කටට එන ඕනෑම අත‍ාර්කික කරුණක් ඉදිරිපත් කරන වංක දේශපාලකයන් විශිෂ්ටයින් සේ සළකා ඔවුන් වෙනුවෙන් ‍ගෙෘරව දක්වන බහුතරයක් වූ අමනයන් රැළක් 21 වන සියව‍සේ දීත් මේ උතුම් දිවයිනේ වෙසෙන වග.

    ReplyDelete
    Replies
    1. Salman Khan Gennala ubala wage gon harkta moda joke dana eka hondai danwath as arala balapan

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා