පොලිසියට දී ඇති නිදහසේ මිනී මැරීමේ අවස්ථාව අහිමි කරනු!

මෙම ඡායාරූපයේ සිටින පිරිස උද්ඝෝෂණය කරන්නේ පුත්තලම පොලිසියේ නිලධාරියකු විසින් පුත්තලම රෝහල් භූමියේදී පුද්ගලයකුට වෙඩි තැබීමට එරෙහිවයි. 

සිද්ධියට මුල් වී තිබෙන්නේ පොලිසිය සමග ඇති වූ තර්ක කිරීමකි. වෙඩි වැදුණු පුද්ගලයා පොලිස් අණ නො තකා ධාවනය කළ බව පොලිසිය කියයි. තර්ක කිරීම සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. සිද්ධිය වී තිබෙන්නේ පසුගිය ජනවාරි 25දා ය.

පොලිසිය හෝ හමුදාව සමග තර්ක කිරීම ඉතා අනතුරුදායක බව මේ රටේ ජනතාව දනිති. හේතුව ඔවුන් අතට දී ඇති ගිනි අවි හා ඔවුන් සතු බලය වඳුරන් අත දැලි පිහි වැනි බව කවුරුත් දන්නා නිසා ය. එහෙත්, ඇතැම් එඩිතර මිනිස්සු තමන්ට අසාධාරණයක් වූ විට එයට එරෙහිව පොලිසිය සමග තර්ක කරති. පොලිසියට තර්ක කිරීම රුස්සන්නේ නැත. 

ලංකාවේ පොලිසිය කාලාන්තරයක් තිස්සේ හිතන්නට හුරු වී සිටින්නේ තමන් මහජනයා මර්දනය කරන්නට සිටින ආයතනයක් ය කියා මිස තමන් මහජන සේවාවක් ය කියා නො වේ.  මහමගදී පොලිස් නිලධාරියකුගෙන් පාරක් අසනවාටවත් ඇතැම් පොලිස් නිලධාරීන් කැමති නැත.

පොලිසිය ඉතා සුළු හේතු මත මිනිසුන් මරා දැමූ සිද්ධි ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය. පොලිස් නිලධාරීන්ට පහර දුන් හා ඝාතනය කළ ඇතැම් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට කළේ ඔවුන් පන්නාගෙන ගොස් ඉතා කෘර ලෙස මරා දැමීමයි. මරා දමන ලද එම සැකකරුවන්ගේ මළ සිරුරු පවුලේ අයට අවශ්‍ය අන්දමින් ආදාහනය කිරීමටවත් පොලිසිය ඉඩ දුන්නේ නැත. කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු මරා දැමූ බවට සැක කර පුද්ගලයන් කීපදෙනෙකු මරා දමන ලද අන්දම නිදසුන් ලෙස සැලකිය හැකි ය. 

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් කොළඹ මුහුදු වෙරළ ආසන්නයේදී මානසික රෝගියකුට පහර දී ඔහු දියේ ගිල්වා මරා දමන ලද ආකාරය දෙනෝදාහක් බලා සිටි අතර කැමරාවල සටහන් වී තිබිණි. 

බරපතල අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ‍ව්‍යාජ හේතු දක්වමින් ඝාතනය කිරීම පසුගිය සමයේ පොලිසියේ රැල්ලක් විය. නරක ම තත්වය වන්නේ මේ රටේ ජනතාව මේ අපරාධ අනුමත කරන තත්වයක් නිර්මානය වීමයි. නීතියට පිටින් අපරාධ සැකකරුවන්ට දඬුවම් කිරීමෙන් පොලිසිය ජනප්‍රිය වන්නට උත්සාහ කළේ ය. 

මේ සියල්ලට ම හේතුව පසුගිය සමයේ මේ රට පාලනය කළ උම්මත්තකයන් පිරිසට නීතිය, යුක්තිය ගැන තිබුණු නො දැනුමයි. පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔවුන්ගේ ක්‍රමයයි. 

පොලිසිය මර්දනීය ආයතනයක තත්වයෙන් වෙනස් කර මහජන සේවාවක් බවට පත් කිරීම අද දවසේ මේ රට හමුවේ ඇති බරපතල අභියෝගයකි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොලිසියට එක දවසේ ගහල බලය ගන්න හදපු පැරකුම් වගේ ලේ මාපිල්ලු උන්මත්තක නැද්ද ?? පැරකුම් වගේ උන්මත්තක අවස්ථාවාදී පුකේ වම්මු ජිවත් වෙලා ඉදිමම පොලිසියේ සාධාරණත්වය ගැන තක්සේරුවක් නෙමෙයිද ??

    //මරා දමන ලද එම සැකකරුවන්ගේ මළ සිරුරු පවුලේ අයට අවශ්‍ය අන්දමින් ආදාහනය කිරීමටවත් පොලිසිය ඉඩ දුන්නේ නැත. //
    පැරකුම් මරපු අහිංසක මුදලාලිලා , බාබර් ල ගේ මිණිය වලදාන්නවත් නොදීපු , වලදාන්න උදව්ව් වෙච්ච මිනිස්සුත් ඝාතනය කරපු එක මිලේච්ච නැද්ද ??

    ReplyDelete
    Replies
    1. The Good, the Bad and the Ugly!

      Delete
    2. /පැරකුම් මරපු අහිංසක මුදලාලිලා , බාබර් ල ගේ මිණිය වලදාන්නවත් නොදීපු , වලදාන්න උදව්ව් වෙච්ච මිනිස්සුත් ඝාතනය කරපු එක මිලේච්ච නැද්ද ??/

      එතන වුනේ මිනීමැරීමක් නොවේ. සමාජවාදයට අකුල්හෙලන බාධාවන් ඉවත් කිරීමක් පමණයි.

      /පැරකුම් වගේ උන්මත්තක අවස්ථාවාදී පුකේ වම්මු ජිවත් වෙලා ඉදිමම පොලිසියේ සාධාරණත්වය ගැන තක්සේරුවක් නෙමෙයිද ??/

      නැත. පැරකුම් උමතු වීමට හේතුව පොලිස්කාරයන් පෝලිමේ පුකේ ඇරීම නිසා ඇතිවුණු මානසික සන්කූලතාවයයි. අතුරු ආබාධ ලෙස ඉරිසියාව සහ කුහක කමත් පැරකුම්ට ලැබුනා.

      Delete
    3. පැරා මෙඩික්January 27, 2015 at 2:17 PM

      පැරාට වඩා මහින්ද අතිශයින් දූෂිතයි.
      පැරාට වඩා මහින්ද රට කාබාසීනියා කලා.

      මාරයි කියන්නේ ,සියල්ලන්ටම කෙලවා තමනුත් කෙලවා ගත් මහින්ද හොඳයි කියන පිරිසකුත් ඉන්නවා ,එයලට තියන ලෙඩේ නම නම් හරියට දන්නේ නැත . නමුත් පුල් සුවර් පැරාගේ ලෙඩේට වඩා ඒ ලෙඩේ නම් දරුනුයි. සමහර විට යහපාලන ෆෝබියා ද දන් නෑ.

      Delete
    4. මීට
      - රනිල්ගේ පඩෙත් සුවඳයි සංවිධානය

      Delete
  2. "...මේ සියල්ලට ම හේතුව පසුගිය සමයේ මේ රට පාලනය කළ උම්මත්තකයන් පිරිසට නීතිය, යුක්තිය ගැන තිබුණු නො දැනුමයි. පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔවුන්ගේ ක්‍රමයයි. .."

    ඔක්කොම කුණු බේරේ වැවට වගේ ඔක්කොම ලෙඩ මහරජාට!
    ජේආර්ගේ, ප්‍රේමේගේ, චන්ද්‍රිකාගේ හා රනිල්ගේ කාලේ පොලිසිය කුක්කු පටව්වගේ ඉන්න ඇතිනේද?

    ReplyDelete
    Replies
    1. ජේආර්ගේ, ප්‍රේමේගේ, චන්ද්‍රිකාගේ හා රනිල්ගේ කාලේ පොලිසිය පිරිහුණු බව ඇත්ත. නමුත් මහ රජාගේ කාලේ වගේ කැත විදිහට කවමදාවත් ලංකා ඉතිහාසයේ පොලිසිය පිරිහිලා නැහැ. මේ කාලෙදි පොලිසිය ගැන පොලිසියටම දුක හිතෙන තරමට පොලිසිය පිරිහුණා.

      Delete
    2. උඹේ ටයිම් ලයින් එකට අර 88,89 ඒකියන්නේප්‍රේම් සුදාගේ කාලේ උඩුගම්පොලල එහම අහුවෙන්නේ නැද්ද, අර කොල්ලන්ව පන පිටින් හමගහපු උන්, පන පිටින් ටයර් දාපු උන්, ඔලුව වෙන් කරලා ප්‍රදර්ශ පවත්වපු උන්, අනේ යකෝ

      එක්කෝ උඹට ෂෝර්ට් ටර්ම් මෙමරි ලොස් නැත්නම් උඹ අවුරුදු 16 විතර පොඩි බබෙක්. කුජීතයි ඔයි, චු කරලා නිදා ගනින් .

      Delete
    3. උඩුගම්පොළ තනි පුද්ගලයෙක් පමණයි. හෝල් සේල් පොලිසිය පිරිහුණේ මහරජාගෙ කාලෙ. දැන් යාන්තම් හැදෙන බව පේනවා. ඒත් කල් යයි හරි තැනට එන්න.

      Delete
    4. උඩුගම්පොල තනියෙන් වෙන්න ඇති නේද 60,000 මැරුවේ? උඹ තණකොළ කොලපාට නිසා ඒවත් කනවද ??

      Delete
    5. උඩුගම්පොලල ඒවා කරා. දේශප්‍රේමී මහරජා ගේ කාලේ ඒවට දඩුවම් දීලා පොලිසිය හරි පාරට නොගෙන තවතවත් වැරදි පාරේම යැවුවේ උඩුගම්පොලට බයේ හැංගිලා හිටපු පචවංශ ගේ උපදෙස් පිටද?

      Delete
    6. උඩුගම්පොල තනියම නෙමෙයි යකෝ කොලේ සිරිමතාගේ කාලේ මුළු පොලිසියම . සිද්දියේ ඉතුරු කෑල්ල උඹ වගේ බබ්බු නොදන්නවට ලොවම දන්නවා, උඩුගම්පොලගේ කෙස් අදින කොට බටලන්දේ රනිල්ගේ, තිස්ස අත්තනායකගේ, ප්‍රා රාජිතගේ වගේ නමුත් එලියට ආවනේ.එතකොට කට්ටිය කලේ ඩිල් දාගන්න එක. අනුර මැතිදුගෙන් තමයි අහන්න ඕන තොට උඩුගම්පොලගේ ෆයිල් මතක නැද්ද යකෝ කියල.

      Delete
  3. /මහමගදී පොලිස් නිලධාරියකුගෙන් පාරක් අසනවාටවත් ඇතැම් පොලිස් නිලධාරීන් කැමති නැත. /

    මේකට නම් එකඟ වෙන්න බෑ. මම නම් දුර පලාත්වල යනකොට පාරවල් අහන්නෙම පොලිස් කාරයෙක්(රාලහාමි)ගෙන්. මට නම් කවදාවත් අප්සට් ටෝක් එකක් දීලා නෑ.

    /මේ සියල්ලට ම හේතුව පසුගිය සමයේ මේ රට පාලනය කළ උම්මත්තකයන් පිරිසට නීතිය, යුක්තිය ගැන තිබුණු නො දැනුමයි./

    මට මතක විදියට 89 උපතිස්ස ගමනායක තමයි මුලින්ම ආයුධ පෙන්නන්න ගියේ. උපාධිධාරී නීතිඥයකු වන රනිල් වික්‍රමසිංහ තමයි එවකට පාර්ලිමේන්තුවේ සභානායක. තරුණ සේවා සභාවේ සභාපති විදියට හිටපු චරිත රත්වත්ත මහත්තයත් ඒ සමාන සුදුසුකම් තිබුණු රනිල් මහත්තයාගේ බැච් මෙට් කෙනෙක්.

    දැන් ඉතිං යහපාලනය යටතේ පරණ ආණ්ඩුවෙන් යට ගහපු මේ කේස් ටික ඇදල දඬුවම් දෙන්න පුළුවන්. මේ ගැන මේ ආණ්ඩුව බලයට ගේන්න දිවි නොතකා කැපවුණු බැරිවෙලා හරි මහින්ද දින්නානම් පාරක් අයිනේ මරා දැමීමට නියමිතව සිටි අපේ කාලයේ මහා මාධ්‍යවේදියා වන මතුගම අජිත් පැරකුම් ජයසිංහ ලිපි පවා පල කළා.

    1. බට්ටිට ගහපු තිසේරාගේ කේස් එක. තිසේරා දැන් ආයෙත් පොලිසියේ වැඩ.
    2. ත්‍රීවීල් එකක් නවත්තන්න කියපු සීන් එකකට අම්මා මතක් කිරීම. (http://www.w3lanka.com/2014/12/blog-post_7.html) අජිත් රෝහණ කිව්වේ නිලධාරියාට නිවට වීමට බැරි නිසා බැන්නා කියලා.

    ReplyDelete
    Replies
    1. එදා අජිත් රෝහණ = අද අජිත් පැරකුම්

      Delete
    2. අනුර දිසානායකටවත් අධො මාර්ගයෙ අමාරුවක් නැත්නම් තම පැරණි ගමන් සගයන් ගැන සධාරනත්වය ඉටු කරගැනීමට, ඊට වඩා ඔහුට වැදගත් ලැම්බොගිනී සෙවීමයි, සුදු කොඩි උස්සන් ආපු කොටි නායකයන්ට සාධාරනය ඉටු කිරීමනම් ඔබතුමාට ඇති අධො මාර්ගයෙ අමාරුව මොකක්ද?

      Delete
    3. අනුර කුමාරගේ ලිබරල් ජවිපෙ පෙරපාසල් ක්‍රියාකාරකම් ගැන කථා කිරීමම කාලය නාස්ති කිරීමකි. සිදූවන එකම දෙය ඇඟේ මාළු නැටීමට පටන් ගැනීම පමණි.

      Delete
  4. පසුගිය ආණ්ඩුව කාලේ පොලීසිය විතරක් නෙවෙයි හැම රාජ්‍ය ආයතනයකම සේවකයින් හිටියේ දැඩි පීඩනයකින්. ඔවුන් මහ ජනතාව මත පැටෙව්වේ ඒ පීඩනයයි. පොලීසිය මත ඇති පීඩනය අඩු වුණොත් ඔවුන්ට මීට වඩා හොඳින්, සහයෝගයෙන් මහ ජනතාව සමඟ වැඩ කරන්න පුළුවන්. නව රජයේ අවධානය මීට යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. Finally someone is down the earth. Thanks Bro.

      Delete
  5. අවනීතිය නිතිය වෙලා තිබ්බ නිසා තමයි පොලිසියේ මිනිමැරුම් මිනිස්සු සාධාරණය කෙරුවේ.නිතිය පොතේ නැතුව හරියට ක්‍රියාත්මක වෙනවා නම් කෑලැ නිතිය ඕනේ නැහැ නේ සමාජයට.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නීති ගරුකව ජීවත් වෙනවා නම් පොලිසිය අවශ්‍යත් නෑ.

      Delete
    2. /මිනිස්සු නීති ගරුකව ජීවත් වෙනවා නම් /

      ටහිකෙයි

      Delete
  6. පැරා මේ මාසයේ ලිපි 42 ක් ලියලා මේ වෙනකොට!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. දිනමිණට ලියන්න තිබිච්ච ඒවා.......

      පැරාට දිනමිණ දුන්නා නම් කොච්චර හොඳට පත්තරේ විකිනෙයිද?

      Delete
    2. කමෙන්ට් කොටලා වතුර තිබහයි.
      බොමුද සීතල වතුර වීදුරුවක්.

      Delete
  7. Lakehouse සභාපතිකම පැරාට නොදී සාගල රත්නායකගෙ අයියට දීම හෙලා දකිමු! මෙකද අපි බලාපොරොත්තු උන යහපාලනය?

    ReplyDelete
    Replies
    1. පික්සු හැදෙයි සඳ බොඳ වෙයි.

      "තිස්ස අත්තනායක එදා හොදින් රනිල් ව රැකබලාගත් නිසා අද රනිල් අගමැති වුනාලු."
      කිය කියා තිස්ස ඉබාගාතේ ඇවිදිනවා කියලා මව්බිම පත්තරේ තිබුනලු?

      කාටද පික්සු ...කියන්න....පැරා.

      Delete
    2. ලේක් හවුස් සභාපති රත්නායක කියන්නේ නම් පට්ට හොරෙක්, මචංස්ලා

      Delete
    3. වැඩේ කියන්නේ මචංස්ලා, මේ යකාගේ නියම නම කාවන්තිස්ස රත්නායක. මූ මිනිස්සුන්ව රවට්ටන්න තමයි ඔය බොරු නම 'කාවන්' පාවිච්චි කරන්නේ.

      Delete
  8. මේකෙ කමෙන්ට් දාන ගොඩක් උන් නහ විදල පාරෙ ගෙනියන්න ඕන හරක් වගෙයි.ලියල තියෙන දේට මුකුත් ලියන්නෙ නැතිව අයාලෙ යනව.

    ReplyDelete
    Replies
    1. තට්ටමා ඔයා???

      පැරාගේ ලේක්හවුස් කේස් එක ඇරුනම අනිත් ඒවා පොලිස් කේස් නේද?

      Delete
  9. අජිත් පැරකුම් ජයසිංහ නම්වූ තෙත් කලාපයෙන් බිහිවූ අපේ කාලයේ මහා මාධ්‍යවේදියාට සහ බ්ලොග් කතුවරයාට වියලි කලාපයෙන් බිහිවූ ජනාධිපතිවරයෙක් යටතේ දිනමිණ කතුකම නොලැබීම අභාග්‍යකි.

    ReplyDelete
  10. නෙද්දකින් විතරක්. මම විතරද යකෝ කමෙන්ට් දාන්නේ. පෝස්ට් 42 දාපු එකේ එක පොස්ට් එකකටවත් කමෙන්ට් 50 ඕන.

    දාපල්ලා දාපල්ලා

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා

      Delete
  11. Udugampala mini maruwek,eka mathakai,Udugampala mathawa Amanushika gaganaya Amathakai.A--ge.Mathakayakne,

    ReplyDelete
  12. Puththalamedi wedi wadunu miniha Muslim nam policiya hondatama Amanushikai,

    ReplyDelete
  13. Lanka C news eke puka dipu set eka mekath ala karanna avada

    ReplyDelete
  14. Den mehe, k----a denna awa,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා