යූඇන්පී චන්ඩි නැවතත් අවදි වෙති

එක්සත් ජාතික පක්ෂයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා බුලත්සිංහල ආසන සංවිධායක පාලිත තෙවරප්පෙරුම අගලවත්ත නගරයේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ආකාරය හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දනගස්වන ආකාරය මෙම වීඩියෝවෙන් නිරූපණය වේ.

පාලිත තෙවරප්පෙරුම යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු නො හික්මුණු පුද්ගලයෙකි. මතුගම එක්සත් ජාතික පාක්ෂිකයෝ 2010 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත් කළේ නිති විරෝධී ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියදී ය. ඔහුට දුන් ඡන්ද එවකට පැවති මර්දනකාරී පාලනයට විරෝධය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැකි ය. එවකට ඔහු මහින්ද සමරසිංහ වැනි ආණ්ඩුවේ බලවතුන් සමග ගැටෙමින් සිටියේ ය.

ඒ කාලයේත් ඔහු නොහික්මුණු චන්ඩියෙකි. ගෙවුණු පස් වසර තුළ ද ඔහු වෙනස් වී නැති බව මෙම සිද්ධියෙන් පෙනේ.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ පවා රාජ්‍ය බලයට යට වී මීයකු සේ සිටි ඔහු තමන්ගේ පක්ෂයට ලැබුණු රාජ්‍ය බලයත් සමග උමතු වී ඇති බවක් පෙනේ.

ඔහු තරම් නො හික්මුණු වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කලුතර දිස්ත්‍රික්කයේ තවත් නැත.

ඔහු එඩිතර පුද්ගලයකු බව සැබෑ ය. ගිය අවුරුද්දේ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී කෝලාහලවලදී ඔහු නිර්භීත ලෙස පීඩාවට පත් මිනිසුන්ගේ රැකවරණය වෙනුවෙන්‍ අරගල කළේ ය. එහෙත්, ඔහුගේ නො හික්මුණුභාවය නිසා ඔහු හැසිරෙන්නේ ශිෂ්ට සමාජයකට ගැලපෙන ආකාරයෙන් නො වේ. ඔහු වැනි හිත හොඳ, මෝඩ චන්ඩි  යහපත් මහජන නියෝජිතයන් බවට පත් කළ හැකි නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට නැද්ද?

ඔහු එක්තරා ආකාරයකට එක්සත් ජාතික පක්ෂයේ ගතානුගතික ප්‍රවණතාවක් නියෝජනය කරන්නෙකි. ඒ වනාහි එක්සත් ජාතික පක්ෂයේ පැරණි උරුමයක් වූ මැරවරකමයි.

අපි 2015දී බලයට පත් කළේ වෙනස් එක්සත් ජාතික පක්ෂයක් ද? පාලිත තෙවරප්පෙරුම වැනි නො හික්මුණු පුද්ගලයන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නට එක්සත් ජාතික පක්ෂයට හැකි වේ ද?




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා අපි නම් විතරද මාරුකරේ.............

    ReplyDelete
    Replies
    1. බැසිල් වෙනුවට රවී
      මර්වින් වෙනුවට රන්ජන්
      රත්තරන් වෙනුවට පාලිත
      සජින් වස් වෙනුවට රුවන්
      ....

      Delete
    2. රාවයට ලිපි ලියන පුකේ වම්මු එකතු උනොත් පියවරක් පෙරට පියවර 1000 පස්සට.

      ඉන්දියන් කොලනියක ෆන් එකේ හිටපියවූ

      Delete
    3. "රාවයට ලිපි ලියන පුකේ වම්මු එකතු උනොත් පියවරක් පෙරට පියවර 1000 පස්සට."

      මේ සැරේ රාවයත් කියවන්න. අපි වගේ පුකේ වම්මුට ඔයාලා වගේ ......... වම්මු පෙනෙන විදිය ලියන්නම්.

      Delete
  2. //අපි 2015දී බලයට පත් කළේ වෙනස් එක්සත් ජාතික පක්ෂයක් ද//

    ප්‍රීති පැරා....!!, ප්‍රීති.....!!! සමාජවාදී ජිවිතෙන් අන්තිමට කැරකිලා යු.එන්.පී ය බලේට පත් කිරීම ගැනනම් අම්බ ප්‍රීති...!!!!. ( මං බැලුව මොකෝ අර පැරාගේ මුනත් තහඩුවත් එක්ක තිබුන සමාජවාදී ජිවිතේ සටන් පාටය හුටස්ගාල අතුරුදහන් උනේ ඇයි කියල.)

    ReplyDelete
    Replies
    1. ප්‍රීති කිව්වෙ අර කොන්ඩම් ජාතිය ද?

      Delete
    2. චී චී පැරා කොන්ඩම් වලට විරුද්දව කාල් මාක්ස් මුකුත් ලිව්වෙ නැද්ද? ඒවා ධනපති පන්තියෙ ආයුධයක් කියලා හිතෙන්නෙ නැද්ද?

      Delete
  3. මොහුට විරුද්ධව එජාපය විනය පරීක්‍ෂණයක් පවත්වයිද?
    මෙවැන්නන්ට ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා දේවිද?
    මහජනතාව ඡන්දය දේවිද?

    ReplyDelete
    Replies
    1. 1 හා 2 වෙන්නේ නැත. නමුත් ලබන පාර මහා චන්දෙන් පුතයා එකෙන්ම දියවන්නාවේය.

      Delete
    2. එක,දෙක කොහොම වෙතත් තුන නම් වෙන එකක් නැහැ.මිනිස්සු අපි හිතන තරම් මෝඩ නැහැ කියලා ගිය ජන්දෙන් පෙන්නුවානේ.

      Delete
  4. ඔලුව රෝයල් වුණාට ඇඟ? වැඩේ කියන්නෙ මාත් ගියෙ ඔය යකා ගිය ඉස්කෝලෙටමයි. උඩ බලාගෙන තුහ්.

    ReplyDelete
    Replies
    1. Meya marai kiyala oya liyapu post ekakata comment karala api kiwwa Para. Oyath giye Anandetada? Chandiwa nodanada eda ehema liwwe? Me yakata eda indan pissu. Eka therum ganna.

      Delete
    2. Mahindananda is a Royalist too.

      Delete
  5. මේ යකා පිස්සු කෙලියා කියලා පක්ෂයම ඒ කැටගරි එකට දාන්න එපා. අධිකරණ ක්‍රියා මාර්ග පවා අරගෙන ඉවරයි නේ. ඌ කියන කතාවකුත් තියෙනවනේ. කොහොමත් මේ දේවල් අනුමත කරන්න නම් බෑ. මොන යකා කලත්.

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිල්ල තියෙන්නේ බෝය් කොල්ල UNP රෙදි අප්පුල්ලන්න

      "..අධිකරණ ක්‍රියා මාර්ග පවා අරගෙන ඉවරයි නේ. ඌ කියන කතාවකුත් තියෙනවනේ. ."

      කොහෙද තියෙන්නේ අධිකරණ හෝ පොලිසිය ක්‍රියා කර කියල? ඔය හැලප තියරි දන්නා එන්නෙපා යකෝ!

      Delete
    2. //මේ යකා පිස්සු කෙලියා කියලා පක්ෂයම ඒ කැටගරි එකට දාන්න එපා//

      පිස්සුද මෙයා පක්ෂයම කොහොම ඒ කැටගරියට දාන්නද? එකේ ඉන්නේ ධර්මච්ක්රේ දාල, සිකරට් වලින් පුච්චලා, පුකට එස්ලෝන් බට දාල ඊටපස්සේ බටේ ඇතුලට කටු කම්බි දාට බටේ අහක් කරලා කටු කම්බිය කරකවපු උන්නේ!!

      බොරුනම් රනිලගෙන් අහපන් ඌ සේරම විස්තර දන්නවා.

      Delete
  6. ඇත්තෙන්ම, මෙවැනි පුද්ගලයනට මහජනයා කැමති ඇයි ? මහත්මා දේසපාලනය තවම අපට ආගන්තුක දෙයක්.
    මෙහි වරද ඇත්තේ සාමාන්‍ය සිංහල ජනයා දෙසපලන්නයන් මගින් බොහෝ දේ බලාපොරොත්තු වීමත්, මහජනයා ස්වාදීනව නැගීසිටීමට මාර්ගයක් දේශපාලනඥයන් ඇති නොකිරීමත් වීමයි

    ReplyDelete
    Replies
    1. මෙවැනි පුද්ගලයන්ට මහජනයා කැමති ඇයි කියන එක ගැනයි විමසා බලන්න ඕන.ආගම් වලින් ලැබුවාය කියන ශික්ෂනයෙන් හෝ ඉහළ යැයි කියන සාක්ෂරතාවයෙන් වැඩක් තියනවද මනාප ලැයිස්තුවෙ අංක එකට කසිප්පුකාරයො,මැරවරයො ,ජාවාරම්කාරයො පත් කරනවනම්.
      අපේ රටේ ජනතාවගෙ මානසිකත්වය මේක නම් අපි ජාතියක් හැටියට ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයන්.
      දියුණු රටවල මෙහෙම අය ප්‍රතික්ෂේප කරන්නෙ ඒ රටේ ජනතාව විසින්මයි

      Delete
    2. නීතිය හා නීතිය ක්‍රියාත්මක වීම ගැන මහජනයා තුළ විශ්වාසයක් නැති වීම...?

      ඒ වෙනුවට vigilante justice ආදේශ වීම...?

      Delete
    3. හි හි හි

      Delete
  7. මම නොවේ මරුවා,

    වත්මන් ජනාධිපති සිරිසේන බලය‍ට පැමිණ මාර පොරක් රට ස්වර්ග රාජ්‍යක් කොරයි අම්බාණක සාධාරණ යහපාලනයක් කොරාවි කියන නිදහසේ නාදය මියුරුතම ය කියන – කුමුදු කුසුම් කුමාර මාමා වැනි පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා ගොං තර්ක කීපයක් දැකිය හැකිය.
    ඒ මෙසේය:
    1 වෙනි මිථ්‍යාව : සිරිසේන ජනාධිපති ස්වකැමැත්තෙන් ඉදිරිපත් විය යන කරුණ
    මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. ජනාධිපති සිරිසේන පත්කරනු ලබන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ මුදල් හා දෙමළ බලහත්කාරය මගිනි. සිරිසේන මහජනයාට දුන් සියලුම පොරොන්දු ඉදිරිපත් කළේ ඉන්දීය මෝඩිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පිහිටාය. හූනන්ට මොනර පිහාටු එන්නේ නැත. යහපාලනය යනු මෝඩිගේ කතාවකි. නීතිය හා සාධාරණත්වයද ඉන්දීය ගොං තර්කයකි. ඉංදියන් පාලනයෙන් ලංකාව මුදාගත හැක්කේ අතිශය ශක්තිමත් පාලකයෙකුට පමණි.
    සිරිසේනට කලින් ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයා ලෙස එන්නට සිටියේ බැසිල් රාජපක්ශ මහතාය
    ඉන්දියාව ඔහු නොගත්තේ උතුරේ ප්‍රශ්නයට බියෙනි.
    ඉන්දියාවට දෙවැනියා ලෙස සිරිසේන යෝජනාකලේ චන්ද්‍රිකාය
    සිරිසේනට ඉන්දියාව කැමති නැත. කරන්න දෙයක් නැති කමට දැමූ අයෙක්.
    තම පක්ශනායකත්වය අහිමිවීමේ විපතට මුහුන දී සිටි රනිල්ට මේ යෝජනාව දිව ඔසුවක්විය.
    මෙහිදී සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියන් මෝඩිගේ කොපියකි.
    ඇඳුම ඉන්දියන් මෝඩිගේ කොපියකි.
    ජාතික ආණ්ඩුව ඉන්දියන් මෝඩිගේ කොපියකි.
    ජනාධිපති බලතල එපා කීම ඉන්දියන් මෝඩිගේ කොපියකි.
    මුදල් යෙදවූවේ ඉන්දියන් රෝ ඔත්තු සේවයේ තිදෙනෙකු මගිනි.
    ඉන්දියාවට මුදල් ආවේ කෙසේද යන්න අපි නොදනිමු.
    සිංගප්පුරුව කාර්‍යාලය කරගත්තේ සීඅයිඩීයට බියෙනි.
    සිරිසේනගේ ලංකාව තවමත් පාලනය කරන්නේ ඉන්දීය මිනිසුන්ය.
    දින සියය ඉන්දියන් මෝඩිගේ කොපියකි.
    සල්ලි ලැබුණේ චන්ද්‍රිකා අතටය. රනිල්ට මුදල් නුදුන්නේ නම නරක්වෙයි යන බයටය.
    ලංකාවෙන් පත්කළ ප්‍රධානයො රනිල් චන්ද්‍රිකාගෑනි මංගල හා චම්පිකය.
    චම්පික ලංකාවේ අගමැතිවරයකු වීමට සිහින මවනා පුද්ගලයෙකි.
    සජිත්, රතන, පොන්සේකා, දේශීය නියෝජිතයෝ වූවාට ඉන්දියාවට විශ්වාස නැත.
    චීනය මගින් කල සංවර්ධන ව්‍යාපෘති නවතිනු ඇත. එය එක් ප්‍රධාන කොන්දේසියකි.
    චීන හා ජපන් වාහන ගෙන්වීම සීමාකරනු ඇත. මින්පසු රජයට ඉන්දීය වාහන පමණි.
    සංවර්ධන ‍යෝජනා ඉන්දීය හෝ වෙනත් රටවල තිබෙන ඉන්දියන් කොම්පැණිවලට පවරනු ඇත.
    ඉන්දීය ගිවිසුම් හා සංචාරකයින් අධික වනු ඇත.
    ලංකාවේ ඉඩම් හා භූමිය ඉන්දියන් හා මුස්ලිම් රටවලට මිලදී ගතහැකිවනු ඇත.
    රාජ්‍ය සේවය හකුලනු ඇත.
    ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය නවතනු ඇත.
    පාප් සමග කොටි ජාලයේ 700ක් පමණ ලංකාවට පැමිණ ඇත.

    පළමු පොදු අපේක්ශකයා ලෙස ඉදිරිපත්වන්නට සිටියේ බැසිල් රාජපක්ශ මහතාය…

    කි.

    ReplyDelete
    Replies
    1. අපෙ එවුන් ලැම්බොගිනි හොයනවා ඉන්දියාව අරහෙ ගානට වැඩෙ දෙනවා. ඉන්දියාව තුන්වෙනි ලොකයෙ රටක්ව තියෙනකම් දකුනු ආසියාවෙ වෙන කිසිම රටකට දියුනු වෙන්නනම් දෙන්නෙ නෑ. කාලකන්නි දඹයො හැමදාම අපෙ රටෙ දෙවල් වලට ඇගිලි ගහනවට ඔකුන්ගෙන් කවදා හරි පලිය ගන්න ඔනෙ. පොන්ගල පන්නයෙ නායකයො ඉන්නකන්නම් ඉතින් ඒවා බොරු.

      Delete
    2. මගේ ගොන් ප්‍රස්න මාලා අංක 6January 19, 2015 at 10:49 PM

      LTTE යට සල්ලී දීලා රජ උනේ මමද ?
      චීන ගිනි පොලි ණයට කොමිස් ගහලා මගේ පවුලද සැපවින්දේ ?.
      මහ මුහුද චීන්නුන්ට දුන්නේ අපිද?
      චින ඔත්තුසේවා වල ඉන්නේ බබාලද?
      චීනයේ ලෝකබල ව්‍යාප්ත වැඩපිලිවෙල ක්‍රියාත්මක වන්නේ 2වසර පාසල් කාලසටහනකට අනුවද ?
      ඉන්දියාවේ අය සුදු මදිද?
      ඉන්දියාවේ බඩුවලට වඩා චීන බඩු හොඳද? (වාහන)
      මහින්දගෙ අන්ඩුවේ ඉන්නකොට චම්පික මීට වඩා උසද?
      බුදු දහමත් චීනෙන් ආවනම් ශෝක්ද?
      ඉන්දියාවේ විජය රජු වෙනුවට චිනයේ ශැං යෑං රජු ආවනම් මරුද?

      මෙවැනි ගැඹුරු ගොං ප්‍රස්න නිසා මට නින්ද යන් නැ පැරා.

      Delete
    3. ගොන් ප්‍රශ්න ඇති උන එකාට:

      චීනය සල්ලි හොලවලා මහින්දව 2005දී පත් කරගෙන රටෙ චීන ස්වයන් පාලන ඇති කරන්න හැදුවනම් ඔය කතා හරි. තොපි ඉන්දියාවෙ අත පෙවීම් වහන්න මහින්ද ගත්තු ණය පාවිච්චි කරනවා. පුදුම කාලකන්නි ද්‍රොහී.

      Delete
    4. මෙන් තොගේ ගොන් ප්‍රශ්නවලට උත්තර

      LTTE යට සල්ලී දීලා රජ උනේ මමද ? LTTE යට සල්ලී ආයුද්ධ දීලා වාෂ්ප උනේ ප්‍රේමේ
      චීන ගිනි පොලි ණයට කොමිස් ගහලා මගේ පවුලද සැපවින්දේ ?. උබේ පවුලේ සැප ගැන බ්ලොග් වල ලියන්නේ ඇයි. එක ඒකිගෙන් අහපන්
      මහ මුහුද චීන්නුන්ට දුන්නේ අපිද? මහමුහෙදේ හැමදාම හොරා කන්නේ ඉන්දියන් කාරයෝ
      චින ඔත්තුසේවා වල ඉන්නේ බබාලද? වැඩිහිටියෝ
      චීනයේ ලෝකබල ව්‍යාප්ත වැඩපිලිවෙල ක්‍රියාත්මක වන්නේ 2වසර පාසල් කාලසටහනකට අනුවද ? නෑ, එත් ඉන්දියාවේ කාල සටහනට විරුද්දව
      ඉන්දියාවේ අය සුදු මදිද? කළු වැඩි
      ඉන්දියාවේ බඩුවලට වඩා චීන බඩු හොඳද? ඉන්දියාව උඩින් දාපු පරිප්පු හොදයි
      මහින්දගෙ අන්ඩුවේ ඉන්නකොට චම්පික මීට වඩා උසද? නෑ කොල්ල දෙකට නැමිලා හිටපු නිසා මිටියි
      ඉන්දියාවේ විජය රජු වෙනුවට චිනයේ ශැං යෑං රජු ආවනම් මරුද? පිටුවහල් කරපු කිසිම හොරෙක් නාවනම් වඩා හොදයි

      දැන් හරිනේ දැන් ඉතිං චු කරලා නිදා ගනින්.





      Delete
    5. මම නොවේ මරුවා වෙතටයි.
      “ඉන්දියාව ඔහු නොගත්තේ උතුරේ ප්‍රශ්නයට බියෙනි.
      ඉන්දියාවට දෙවැනියා ලෙස සිරිසේන යෝජනාකලේ චන්ද්‍රිකාය
      සිරිසේනට ඉන්දියාව කැමති නැත. කරන්න දෙයක් නැති කමට දැමූ අයෙක්.
      තම පක්ශනායකත්වය අහිමිවීමේ විපතට මුහුන දී සිටි රනිල්ට මේ යෝජනාව දිව ඔසුවක්විය.
      මෙහිදී සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      ඇඳුම ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      ජාතික ආණ්ඩුව ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      ජනාධිපති බලතල එපා කීම ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      මුදල් යෙදවූවේ ඉන්දියන් රෝ ඔත්තු සේවයේ තිදෙනෙකු මගිනි.
      ඉන්දියාවට මුදල් ආවේ කෙසේද යන්න අපි නොදනිමු.
      සිංගප්පුරුව කාර්‍යාලය කරගත්තේ සීඅයිඩීයට බියෙනි.
      සිරිසේනගේ ලංකාව තවමත් පාලනය කරන්නේ ඉන්දීය මිනිසුන්ය.
      දින සියය ඉන්දියන් මෝඩිගේ කොපියකි.
      -------- එතකොට අවුරුදු දෙකකට කළින් ජනාධිපතිවරණය කැඳවීම කාගෙ කොපියක්ද?

      පාප් සමග කොටි ජාලයේ 700ක් පමණ ලංකාවට පැමිණ ඇත.
      ----------- පාප් තුමාට ආරාධනා කරද්දි ඔහොම වෙයි කියල හිතුවෙ නැද්ද?

      --ශනි--

      Delete
    6. //එතකොට අවුරුදු දෙකකට කළින් ජනාධිපතිවරණය කැඳවීම කාගෙ කොපියක්ද?//
      අවුරුදු දෙකකට කලින් තිබ්බේ රටට වඩා බඩ ගැන හිතන තොපි වගේ අම්බරුවන්ගේ ගහනය වැඩිවෙන හින්ද

      //පාප් තුමාට ආරාධනා කරද්දි ඔහොම වෙයි කියල හිතුවෙ නැද්ද?//
      එන්නේ මොක්කුද කියල හොයල බලන්න ආරක්ෂක අමත්‍යාන්ශයක් තිබුන හන්ද

      Delete
  8. මෙහිදී ජනතාවගෙත් ලොකු වරදක් තිබෙනවා.2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ දිස්ත්‍රික්කවල අංක එකට ආවෙ එම පළාත්වල ඉතා අවිනීත පුද්ගලයන්.
    පළාත් සභාවලත් තත්වය ඒකයි.

    අපේ ජනතාවගෙ දේශපාලන බුද්ධිය ගැන අපූරු කතාවක් තියනවා.
    පබාට ඡන්දය දුන්නෙ ඇයි කියා සමීක්ෂනයක් එක්තරා විශ්ව විද්‍යාලයකින් කලාය කියනව.එහිදී ආමන්ත තරහ වීම හා ගාමන්ට් එකේ ආදායම් අහිමිවීම නිසා පබාව පාර්ලිමේන්තුයැවිය යුතුයැයි ඇයට ඡන්දය දුන් අය කීවාලු.මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් වුනත් තෙවරක් නොව තුන් හතරවරක් පෙරිය යුතු මෙවැනි තෙවරප්පෙරුමලා පාර්ලිමේන්තු යැවීම තුලින් මේ රටේ ජනතාව තමන් සර්වජන ඡන්ද බලයට නුසුදුසු බව පේනවා තිබෙනවා.
    ඊලඟ ඡන්දයේදී කලුතරින් අංක එකට එන්නේ ඔහු

    කසිප්පුකාරයන්,කුඩුකාරයන් ලැයිස්තුවේ අංක එකට ඔසවා තබන ලංකාව වගෙ රටවල ජනයාට ගැලපෙන හැසිරීමක් තමයි මොහු පෙන්වා ඇත්තේ.ඔහුගේ අවිනීත මුග්ධ පාක්ෂිකයන් මේ සිද්ධියෙන් අමන්දානන්දයට පත්වෙන්නට ඇති.
    අනෙක් දිස්ත්‍රික්කවල අවිනීත මුග්ධ පාක්ෂිකයන් තම නායකයන්ට දොස් පවරනවාත් ඇති.අර බලපල්ලා තෙවරප්පෙරුමල වැඩ කරන හැටි.අපේ එවුන් තමයි නවගුණවැල ගනින්නෙ කියා කියනවාත් ඇති.

    පරපීඩක කාමුකත්වය ප්‍රියකරන ජනතාවට අවශ්‍ය රංගනයන් ඉදිරිපත් කරන නළුවෙක් පමනයි තෙවරප්පෙරුම.එවැනි රඟපෑම් තමයි මර්වින් කලෙත්.

    එක්කො මේ ජනතාව හැදෙන්න ඕන.නැත්නම් දේශපාලනය ගැන දන්න ශිෂ්ට මිනිසුන්ට පමනක් කෙටිකාලයකට හෝ ඡන්ද බලය සීමා කරන්න ඕන.

    තෙවරප්පෙරුම ආන්ඩුවේ යහපාලන සීතාම්බර පටය ගලවා විසිකර එජාපයේ පැරණි උරුමය වූ මැරවරකම නම් වූ නිරුවත ලොවටම පෙන්වා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. //මෙහිදී ජනතාවගෙත් ලොකු වරදක් තිබෙනවා.2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ දිස්ත්‍රික්කවල අංක එකට ආවෙ එම පළාත්වල ඉතා අවිනීත පුද්ගලයන්.
      පළාත් සභාවලත් තත්වය ඒකයි.// චෝදනාව වැරදියි, පාර්ලිමෙන්තුවේ හිටපු/ඉන්න අය සාමාන්‍යයෙන් කරන වැඩ ඊට වඩා දක්ෂ සහ ගැඹුරු විදිහට කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒ අය තෝරලා තියෙන්නේ, අනෙක රාජ්‍ය නායකයාට ගැලපෙන විදිහේ කෙනෙක් විපක්ෂයකින් හරි ආසනය නියෝජනය කරනවාය කියන්නේ රාජ්‍යනායකයාගේ හොඳහිත දිනාගත හැකි ක්‍රමයක්, ඉතින් එහෙව් රාජ්‍යනායකයෙක් පත්කරගෙන හිටි අපි මතුගම අයට දොස් කියන එක වැරදි නේද?

      Delete
    2. මෙම නොගැලපෙන පුද්ගලයින් දෙසපලනයට පත්වීම් නතර කිරීම සඳහා , පවතින මනාප ක්‍රමය අවලංගු කල යුතුයි ., නමුත් මේ මස 28 ට දින සීයේ යොදාගෙන තිබුණු එම කරනවා දැන් සිදු නොවන පාටයි ., කල් මදිලු පැරණි ක්‍රමේටලු මෙවරත් පාර්ලිමේන්තු මැතිවරණය., මනාප ක්‍රමය තිබෙන තුරු වන්නේ වැඩි දෙනෙක් මුදල් වියදම් කරනතරමටයි , චන්දෙට ආයෝජනය කරලා ඒ වගේ සිය දහස් ගුණයක් හම්බ කරන්න බලනවා , කොපමණ යහපත් අයෙක්ට වුනත් මුදල් නැතිනම් , චන්ඩි පාට් නැතිනම් මන්ත්‍රී වෙන්න බැහැ .,

      Delete
  9. He shouldn't be a candidate for the next general election. Even if he gets nominated, people shouldn't elect him. Regardless of what he has to say, he can't take the law into his hand. This should be considered similar to the incident of the school teacher forced to kneel down by a politician.

    ReplyDelete
  10. උසී........! උසී.........!! උසී........!!!
    අපි ආරක්ෂාවට බල්ලෙක් හැදුවත් උෟ හොරෙක් හතුරෙක් දැක්කම නගුට ....... ගහගෙන ගෙට එනවා. ඒකටත් එක්ක රනිල් ගේ අය! මුං උසී ගන්වන්න එච්චර අමාරු නැහැ.

    ReplyDelete
  11. Palitha- Manaapa kramaye thawath avajaathakayek.

    ReplyDelete
  12. තර්ක, සාත්තර කියනු ලැබේ.January 19, 2015 at 11:00 PM

    UNP = ?
    PA = ?
    UNP+PA = යහ පාලනය
    යහ පාලනය = ??

    ReplyDelete
  13. katin pukin dekenma indian RAW ekata kade giye me ara iisara hitapu a.p jayasinhemada?

    ReplyDelete
  14. යූ එන් පී කාරයෝ සාමන්‍යෙයන් අංක එකට තෝරන්නෙ සුපිරි මැරයෝ/මිනීමරුවො. තෙවරප්පෙරුම - රංගේබණ්ඩාර ඡන්ද වලින් ඉහළින්ම දිනන්නෙ උන් හොඳ නිසා නෙවෙයි; මිනීමරුවො නිසයි.

    රත්නපුරේ සර්පයා ජනාධිපතිවරණයට සති 2 කට කලින් මරණ දඬුවම ලැබී හිරේ ගිය නිසා මිසක් නැත්නම් මෛත්‍රීගෙ රෙද්දෙ පළවෙනි ලේ පැල්ලම උලන්නෙ ඌ.

    (පළාත් සභා මැතිවරණයේ දී රත්නපුරෙන් අංක 1ට ආවෙ සර්පයා)

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      තිරිසන් කමට සම්මාන දෙනවනම් මුලින්ම දෙන්න ඕන එකෙක් තමයි සර්පය කියන්නෙ.හිරේ ගිය වෙලේ ඌටත් කොමෙන්ට් වැටිල තිබුන අනේ හසිත අයියේ කිය කිය

      Delete
  15. කිරි කලේට ගොම බිංදුවක් නෙවෙයි 'කිරි බාල්දියට අලි බෙට්ටක්' පාලිත යනු අලියෙක් නෙවෙයි අලි බෙට්ටක්.මේ වගේ තක්කඩි එක්ක මොන යහ පාලනයක්ද.ඒ අතරම පැරා අහනවා මේ වගේ මෝඩ චන්ඩින්ව යහපත් කරගත හැකි නායකත්වයක් යු.ඇන්.පි යට නැද්ද කියලා.පාලිතගේ දේශපාලන උපත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කියලා පැරා මතුගම ඉඳලත් දන්නේ නැද්ද නැත්නම් දැනගෙන නොදැන වගේ ඉන්නවාද කියලා අපිට ප්‍රශ්ණයක්.නමුත මේ කතාව පක්ෂ බේදයෙන් තොරයි,පාලිත වැරදියි.

    ReplyDelete
  16. යූ ඇම්පිය යූ ඇම් පිය මය කියා සිතේ. 77දී නටපු නැටිල්ල මට තාමත් මතකය.
    තෙවරක්-පෙරුම වැනි මෝඩයන් එකෙක් දෙන්නෙක් හිටිය හැකි නමුත් දැන් යූ ඇම් පී එක වෙනස් වී ඇතැයි මට තවමත් සිතේ.
    කොහොම වුනත්, යූ ඇන් පී එක හොඳ නැති වූ පළියට හොරුන්ට ඡන්දෙ දෙන්නට නම් බැරිය.
    වහාම තුන්වැනි පාර්ශවයක් විකල්පයක් වශයෙන් සොයාගැනීමට සිදු වී තිබේ.
    -ශනී-

    ReplyDelete
    Replies
    1. අනේ පින්සිද්ද වෙයි අර කුණු කොදවල් වල තියෙන ෆයිල් උස්සන් ගිහින් නඩු දාන 'විප්ලව වාදී' ජෙප්පන්ටනම් දෙන්න කියන්න එපා.

      Delete
  17. ජනතා සටන් තුට්ටු දෙකට දේශපාලකයන්ට වික්කට පස්සේ ඔයිට වැඩිය වෙන මොනව බලාපොරොත්තු වෙන්නද පැරා...2024 වත් බලමු....එතකන් අපේ අරක්කු අපිට කෙලින හැටි බල බල හොටු පෙරමු..

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්නට ඉන්නා මිනිස්සු හැමදාම කුදලන් ගිහින් සෙක්කුවේ බදින්නේ පැරා වැනි බොරු පාඩෂෝ වම්මුන් වෙයි. අන්තිම මොහොතේ මොකක් හෝ කෙප්පක් කියා මොකෙක් හෝ හාල් පරුවෙක්ගේ ඇගේ එල්ලෙයි. 94 උනෙත් මේක, 2005 උනෙත් මේක 2015 උනෙත් මේක, හරි ඉතිං 2024 වත් බලමුකෝ නේ!

      Delete
    2. හරියටම හරි ඇනෝ.....මෙන්න ඌනපූර්ණයක්

      (ගොවිපොලේ පෙරැලිය නොහොත් සිරිලකේ දේශපාලන සටන්....)

      තනි තනි මිනිස්සුන්ගේ හඬවල් එකතුවෙලා හැදෙන විරෝධය, හැඩ ගස්වන්නේ සමාජ ක්‍රියාකරිකයෝ...ඒ හඬ රට පුරා ගෙනියන්නේ...මාධ්‍යකරුවෝ....බලයේ ඉන්න ආණ්ඩුවක් හොල්ලන්න තරම් මේ හඬ ශක්තිමත් වෙනකොට අවස්ථාවාදී දේශපාලකයෝ මේක වටේ එක් රැස් වෙන්න පටන් ගන්නවා. පෙරමුණේ ඉන්න ක්‍රියාකාරිකයෝ කියනවා..දැන් අපේ වගකීම ඉවරයි, මෙතනින් එහාට තියෙන්නේ දේශපාලන ක්‍රියාමාර්ග...මෙයාල සටන ඉදිරියට ගෙනියයි...අපි මේක හරි පාරේ යවන කොන්ට්‍රෝල් එක බාර ගන්නවා කියල. අනේ එහෙම කියල අර සටන සිල්ලරට විකුනනවා දේශපාලන පක්ෂෙකට....ඊට පස්සෙ උනේ මොකක්ද කියලා....ටිකක් වැඩිහිටි බබාලනම් දන්නවා ඇති...චූටි බබාලට ඉක්මනට බලා ගන්න පුලුවන් වෙයි.

      Delete
    3. අපට තිබෙන ප්‍රශ්නේ ගොවිපොළේ පෙරළියේ වගේ හොඳ නාඹර ඌරන් ටිකකට බලය දෙන්නට විධියක් නැතිකමයි. ප්‍රශ්නය ඌරෝ පොඩි පොඩි වෙනස්කම් පෙන්වමින් සීසීකඩ විසිර ගොසිනි. උන් අතර වෙනස්කම් වන්නේ නැට්ට කැරකී තිබීම හෝ නො තිබීම වැනි සුළු කාරණා ය.මේ හැම ඌරෙක් ම තමන් සුපිරි ඌරෙක් ය යන මානසිකත්වයේ සිටියි. ඔවුන්ට අනුව ඌරන් බලයට පත් කිරීම හැර ජනතාවට වෙන විසඳුමක් ඇත්තේ ම නැත.

      Delete
  18. Same person once manhandled his party leader at a parliamentary group meeting.

    ReplyDelete
  19. Who voted Palitha,2010?Most of muslims Of Dhargatown are voted him,anyone can check That from Kaluthara Dsc,who dont believe this.Thats why, he appeared for muslims of dhargatown at last year june,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා